Negative feelings

Negative feelings

Study with CHILL

©️ඔයාට මහන්සිද ? දැන් හොඳටම ඇති වෙලාද?


කොච්චර කරත් මෙච්චර තමයි ද ? ඔයාට මේ කිසිදෙයක් මතක හිටින්නෙ නැද්ද?? තේරෙන්නේ නැද්ද??


මේ වගේ negative feelings ආවම මොකද කරන්නේ ??


මේ වගේ Negative feeling එකක් ආවම අපි කරන්නේ ඒ negative feeling එක දිගේ තවත් ඉස්සරහට දුවන එක..


අන්තිමට ඒ negative feelings ඔක්කොම එකතු වෙලා අපේ මොලේ ආක්‍රමණය කරන්න ගන්න්නවා...


එහෙම වුනාම ඔයාගේ මොලේ තේරුම් ගන්නේ ඔයාට මේ කොටස් අමාරුයි ඒ නිසා මේ කොටස වැඩකට නැති දෙයක් මේක අතහැර යුතු දෙයක්, මේක ඔයාට කරදරයක් කියලා ...


ඒ වගේ වෙලාවකට ඔයා කොච්චර උවමනාව තිබුනත් ඔයාගේ මොළේට එන්නේ "මට මේක බෑ" කියන හැගීමමයි..


ඔයාට මේ වගේ negative feeling එකක් එනකොට ඔයාට කරන්න පුළුවන් හොඳම දේවල් කීපයක් අද මම කියන්න හිතුවා..


1) ඔයාට බෑ කියල හිතෙන වෙලාවට ඔයා හිතන්න, මේක මට දැන් බැරි උනාට අනිවාර්යෙන් ඉස්සරහදි පුළුවන් වෙනවා කියලා.. මොකද හැම දේම අපිට එක පාර පහල වෙන්නෑ.. හැමෝගෙම මොලේ එල වගේ නෑ..


2) ඔයාට මහන්සි දැනුනම හිතන්න , ඔයාට වඩා මහන්සි වෙන කැපවෙන ගොඩක් අය ලංකාවේ මේ වෙනකොටත් ඔයා එක්ක තරග කරමින් ඉන්නවා කියලා .. ඇත්තටම ඉන්නවා..


3) ඔයාට හැම වෙලවෙලේම නිදිමතයි නම් ඔයා හිතන්න ඔයා නිදාගන්න වෙලාවෙදිත් ඇහැරගෙන පාඩම් කරන ළමයි ඕන තරම් මේ වෙද්දිත් ඉන්නවා කියලා ..


5) ඔයා නිදාගෙන ඉද්දි ඇහැරගෙන පාඩම් කරන , ඔයාට බෑ කියල ෆෝන් එක ඔබද්දි, පේපර් කරන්න, ඔයා games play කරද්දි පණ යනකං ගණන් හදන ළමයි එක්ක ඔයා විභාගයට මූණ දෙන්න ඕනේ ...


ඉතිං ඔයා මෙහෙම ගෙදරට වෙලා නිකන් කාලකන්නි වෙනකොටත් අර වගේ ළමයි ඔයාට වඩා ගොඩාක් ඉස්සරහට යනවා ..


උසස් පෙළ කියන්නේ කඩඉමක්. මේ කඩඉම ජය ගන්න නම් පොඩි කැපවීමක් තියෙන්න ඕනේ..!


උසස්පෙළ විතරක් නෙමෙයි මුළු ජීවිතය කියන්නම කඩඉමක් ..


අද දවසෙ මහන්සි වුනොත් හෙට දවසේ ඒ මහන්සියේ ප්‍රතිඵලය ලැබෙද්දී ඔයාටත් ඒ මහන්සිය ආශීර්වාදයක් වේවි !


කොච්චර අමාරු උනත්, ඔයා කොච්චර පරක්කු උනත්, කොච්චර අප්පිරිය උනත් අත අරින්න එපා..! දවසක මේ හැම කැප කිරීමකට ප්‍රතිඵල ලැබෙනකොට දැනෙන සතුට කිසි දේකින් ගන්න බැරි වේවි!


අර කතාවක් තියෙන්නෙ, දඩයම ඉස්සෙල්ලම කරගන්නෙ දක්ෂම කෙනා නෙමේ, බඩගින්න වැඩිම කෙනා..!


ඉතිං , හැමවෙලේම ධනාත්මක වෙන්න!! 

Yes! You can do it!

ඔව්! ඔබට එය කරන්න පුලුවන් !!


ජය!


#StudywithCHILL

#bemotivated

Report Page