Narcissistic Personality Disorder
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
අපි හැමකෙනාටම අපි ගැන යම් ආඩම්බරයක් තිබෙනවා. ඒ වගේම අපි ඕනෑම කෙනෙක් තමන්ට ප්‍රශංසා ලැබෙනවාටත් කැමතියි. ඒක සාමාන්‍යය මිනිස් ස්වාභාවයක්.
නමුත් ඒ දේවල් යථාර්ථවාදී වෙන්න ඕන. නිතර නිතරම ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා නම්, තමන් ගැන මවාගත් ආඩම්බරයක් තිබෙනවා නම්, එහිදී ගැටලු ඇතිවෙනවා.
ඒ වගේ ලක්ෂණ තිබෙන Narcissistic Personality Disorder
එක ගැන තමයි අද ලිපියෙන් මම කතා කරන්නේ.
අපි දැන් එහි ලක්ෂණ බලමු. එතකොට පුලුවන් ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.
⁃ තමා පිළිබඳව නිතර අතිශෝක්තියකින් කටයුතු කිරීම
⁃ නිතර අන් අයගෙන් අගය කිරීම, අන් අයගේ අවධානය බලාපොරොත්තු වීම
⁃ අයිතිවාසිකම් පිළිබඳව නිතර කල්පනා කිරීම
⁃ බලය, පරිපූර්ණත්වය, සාර්ථකත්වය ගැන මවා ගැනීම්
⁃ සමාජයේ උසස් යැයි සැළකෙන අයව නිතර ඇසුරු කිරීමට යොමුවීම
⁃ සංවාද වලදී අන් අයව හෑල්ලුවට ලක්කිරීමට, පහත් කිරීමට යොමුවීම
⁃ තර්ක වලට හේතුවන අවස්ථාවන් වලදී කෙසේ හෝ ජයගැනීමට තැත් කිරීම
⁃ තමන්ගෙ අවශ්‍යතා වලට අන් අයව භාවිතා කිරීම
⁃ අන් අයගේ හැඟීම් හඳුනාගැනීමට නොහැකි වීම සහ ඒවාට එතරම් වටිනාකමක් නොදීම
⁃ අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාව
⁃ මවාපෑම් සිදුකිරීම
⁃ අහංකාර, උඬගු හැසිරීම්
⁃ තමන් උසස් යැයි ඒත්තු ගැන්වීමට නිතර යොමුවීම
⁃ වුළු විවේචනය වලදී පවා ඉක්මනින් කළබල වීම සහ තමන්ගෙ ආත්මාභිමානය පහත දා ගැනීම
එවැනි ලක්ෂණ තමයි මේ narcissistic personality disorder තත්ත්වයේදී දක්නට තිබෙන්නේ.
සාමාන්‍යයෙන් තරුණ අවදියේ සහ වැඩිහිටි මුල් කාලයේදී මෙහි ලක්ෂණ බොහෝ සෙයින් පෙන්නුම් කරනවා. ඒ වගේම යම් යම් ලක්ෂණ ඊට පෙර සිටම ඇතිවෙන්න පුලුවන්.
Narcissistic personality disorder තත්ත්වය නිසා එදිනෙදා ජීවිතය තුළ ගොඩක් ගැටලු ඇතිවෙනවා.
⁃ තමන් බලාපොරොත්තු වන අවධානය, පිළිගැනීම නොලැබෙන විට ඉක්මනින් කෝපවීම
⁃ බොහෝ සෙයින් අන්තර්පුද්ගල ගැටලු ඇතිවීම
⁃ වෙනස්වීම් වලට අනුවර්තනය වීමේ අපහසුව
⁃ තමන් පරිපූර්ණ බව අඩු ලෙස දැනුනු විට දැඩි මානසික පීඩනයට පත්වීම
⁃ අනාරක්ෂිත බව හැඟීම, ලැජ්ජාව, වැනි හැඟීම් ඇතිකරගැනීම
⁃ තමන්ගෙ හැඟීම් සහ චර්යාවන් පාලනය කරගැනීමට අපහසු වීම
⁃ අවධානය යොමුකිරීමේ සහ තීරණ ගැනීමේ දුර්වලතා ඇතිවීම.
⁃ ඒ වගේම මෙහිදී දැනෙන මානසික ආතතිය නිසා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම
⁃ Anxiety, depression වැනි තත්ත්වයන් ඇතිවීම
⁃ සියදිවි නසාගැනීම හෝ වෙනත් ස්වයං හානිකරගැනීම් ආශ්‍රිත සිතුවිලි ඇතිවීම
Narcissistic personality disorder ඇතිවීමට බොහෝ සෙයින්ම ළමාවිය ගතවූ ආකාරය, සමාජ පවුල් පරිසරය ආශ්‍රිත අත්දැකීම් බොහෝ සෙයින් බලපානු ලබනවා.
කුඩා කාලයේ සිදුවූ හිංසනයන්, දෙමව්පියන් විසින් දරුවන් ගැන ඇතිකරන අතිශෝක්තිය, අධික බලාපොරොත්තු, සහ වෙනත් ඍණාත්මක අත්දැකීම් වගේ දේවල් මීට බලපාන්න පුලුවන්.
ඒ වගේම Genetic සහ පුද්ගලයාගේ biological කරුණු කාරණාද narcissistic personality disorder කෙරෙහි හේතු වෙන්න පුලුවන්.
ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති narcissistic personality disorder නිසා අදාළ පුද්ගලයාට වගේම සෙසු සමීප අයටත් ගොඩක් අහිතකර දේවල් සිදුවෙනවා කියන එක.
ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම් නිහඬව ඉන්නේ නැතිව නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවීම අපි සිදුකරන්න ඕන.
ඒ අනුව ප්‍රධාන වශයෙන් psychotherapy, counselling ලබාගැනීම සිදුකරන්න පුලුවන්. ඒ වගේම ඖෂධ ලබාගන්න ඕන තත්ත්වයක් තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීමද ඉන් ලබාගන්න පුලුවන්.
Avishka Sathsara Piyumal
(Mental Health Advocate & Certified Life Coach)