NOONE

NOONE

Isiru Chandrasekara

කෙටි කතාවක්ද... ආත්ම විවරණයක්ද... හිතා ගන්න බෑ. ඒකත් මම වගේමයි.... කතාවක් ඇත. නමක් නැත... නමක් තියෙන හැම තැනකම කතාවක් නැති හින්දම කතාවක් තිබ්බ හැම තැනටම නමකුත් නොතිබ්බ හින්දම මම පටන් ගන්නම්... නමක් නැති කතාවක්... මම ගැන... noone ගැන...

දන්නවද.....


හිතන එකත් වෙලාවකට මහම මහ වදයක්.... අමතක කරලා පැත්තකට දාපු ගොඩක් දේවල් ආයෙ ආයේ මතක් වෙන නිසා.....


මේ තමා අන්තිම පාර කියලා හිතා ගන්න ගොඩක් දේවල් වචනෙටම සීමා වෙද්දී එක තැන රවුමේ කැරකෙන මට හිතන්න මොන දේවල් ද කියලත් හිතෙනවා....


කිසිම දේකට වෛර නොකර don't care level එකේ ඉන්න මම වචන තුනකට නොසෑහෙන්න වෛර කරද්දී ඒ වචන තුන ගෑවුන තැන ඉන්න එකත් මට හුස්ම හිර කරවන දෙයක් උනා.... මම වෛර කරන තරමටම මම ආදරේ කරන වචන දෙකයි....


මේ හැම දෙයක්ම මැද්දේ මම මම වෙන්න හදන මගෙ fantasy එක... අහ් නෑ.... මගෙම imagination එක.... මං මාත් එක්ක අඬන, හිනාවෙන, කතා කරන, බනින, කෑ ගහන, රණ්ඩු කරන එකම තැන..... it's okay කියලා මංම කඩා ගත්ත මගෙ හිත මංම හදා ගන්න තැන....


පිස්සුනෙ මට.... අහ් මොන පිස්සුවක්ද?!... මම සම්මත ක්‍රමයෙන් අපගමනය උන මනුස්සයෙක් .... ඒකත් වැරදුනා ... " ගුප්ත මනුස්සයෙක් 'ලූ' " පැවැත්මක් ඇත්ද නැත්ද කියලා නොදන්න මගෙ කක්ෂයෙන් එහාට අඩිය තියන්න අකමැති හුස්ම වැටෙන කවුරුහරි කෙනෙක්....


වචන, ඉරි, පාට, logic, theory.... ඔය හැමදේකින්ම මොන සෙල්ලම් දැම්මත් "මම" කියන topic එකේදී clueless හින්දම speechless වෙන කෙනෙක්...


I am a nothing කියනවට වඩා noone කියන එකට මම කැමති ඒක වෙන්න ඇති.... මං ලඟ value එකක් තියෙනවා ... ඒක මම දන්නවා.... ඒත් මගෙ පැවැත්ම...  සමාජය අර්ථකථනය කරන පැවැත්ම නෙවෙයි .... "මම" කියන කෙනාගේ පැවැත්ම .... ඒක මට අනුව නම් unstable ... ඒ හින්දා මම noone .... අගයක් ඇත. පැවැත්මක් නැත.


ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි. ප්‍රශ්නේ තමන්ගේ නොවී තමන් වෙනකොට answer එකටත් ඉබේම question mark වැටෙනවා... ඒ තමයි මම....


Feel my freedom කියලා කවි ලිව්වට, චිත්‍ර ඇන්දට ඒක ඇතුලෙත් මම freedom එක හොයනවා... ඇත්තනේ, feeling එකක් නැති වචන ගොඩක් ඇතුලේ විනාඩි පහෙන් අඳින ඉරි ගොඩක් ඇතුලේ freedom එකක් කොහෙ හොයන්නද.... my freedom කියලා තියෙන හින්දා මම මාව හොයන්න හදනවා.... මං නැති වෙලා.... හුස්ම ගත්ත අවුරුදු 20 ඇතුලේ මට මාව නැති වෙලා... පිස්සුවක් වගේද ..... ඒත් අපි දෙන්නටම හිතෙන්නේ එහෙමනේ.... මටයි මං ඇතුලේ ඉන්න මටයි... එහෙනම් freedom එක මං ලඟත් නෑ කියලා මම පැත්තකට වෙනවා....


අහ් නෑ... පැත්තකට නොවී මම second option එකට යනවා..... හිත පිරෙන්න දේවල් තියෙද්දී නේ freedom එක නැති වෙන්නේ කියලා හිතාගෙන මම හිත හිස් කරන්න ගන්නවා..... ඒක එන්න එන්න කරන්න අමාරු වෙද්දී whatever කියලා හිතන් හැම දෙයක්ම පැත්තකට දාලා කිසිම දෙයක් උනේ නෑ වගේ don't care level එකටම බහිනවා..... දැක්කනේ..... ආයෙම මම පටන් ගත්ත තැනට එනවා.... එක තැන රවුමේ කැරකෙනවා මදිවට පණ යනකම්ම කල්පනා කරලා....


I was running far away 

Would I run off the wall someday

Nobody knows..... 


මේ හෑල්ල ලියපු මම noone

Report Page