NGL ANSWER 03

NGL ANSWER 03


මේක ඕපදූප එකක් ඇකඩමික් වගේ දෙයක් නෙවේ...🤪


නෑ..!! මම අතිශයින්ම Introvert කෙනෙක්..


මම සෝශබල් කෙනෙක් නෙවේ..

කෙනෙක් මාත් එක්ක කතා කලොත් මං කතා කරනවා එහෙම නැත්තම් මං පාඩුවේ ඉන්නවා.. සාමාන්‍යයෙන් අලුතින් කනෙක්ශන් එකක් හදාගන්න කෙනෙක් කතා කලොත් මං ඒක වචන දෙක තුනකින් ඉවරකරනවා..


ඒ කියන්නේ මගේ කම්ෆටබල් සෝන් එක ඇතුලේ ඉන්නේ හරිම සීමිත පිරිසක්.. අතේ ඇගිලි දහයටත් වඩා අඩුවෙන්.. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් මං ආශ්‍රය කරන තවත් කණ්ඩායමක් ඉන්නවා.. නිතර මුණ ගැහෙන නිතර කතාකරන.. එයාලා එක්කත් මම නෝමල් ඕකේ සීන් එකේ ඉන්නවා..

එතනින් එහා ගත්තොත් සාමාන්‍යයෙන් අනිත් අයත් එක්ක කතාකරනවා.. අහන දේකට උත්තර දෙනවා ඇරෙන්න මං අහන්න යන්නේ නෑ.. නිකන් ඔය නිකන් ඔය මට පතබෑවෙන සමහර සිදුවීම් කියනවා ශනික උත්තරයක් බලාපොරොත්තුවෙන්.. එහෙම නැත්තම් මං ඔය ඔක්කොම Don't care... ඒකට sorry 😞...


ඔය කම්ෆටබල් සෝන් එකේ ඉන්න එක එක්කෙනාගෙන් මං ගැන ඇහුවොත් උන් දන්නේ මගේ එක පැත්තක් විතරයි.. එහෙම බැලුවොත් මං උන් එක්කත් සෝශල් නෑ..

හැබැයි ඉතින් උන් ඕනි මගුලක් මට කියනවා මං අහන් ඉන්නවා උන්ගේ හිත හැදෙන්න දෙයක් කියනවා එච්චරයි.. මගේ ප්‍රශ්නයක්වත් මං ඔය එකෙක් එක්ක කියලා නෑ.. මොකද මට හිතෙනවා මගේ ප්‍රශ්නයට මංම විසදුමක් හොයාගන්න එක හොදයි වෙන කෙනෙක්ට කියනවට වඩා කියලා....

මං ලේසියකට කෙනෙක්ව මගේ ලගම කෙනෙක් කරගන්නේ නෑ.. මං වැඩිපුරම කැමති පාඩුවේ ඉන්න.. සෙනසුරාදා ඉරිදා කියන දවස්දෙකේ මං ෆෝන් එකේ ඩේටා ඔන් කරන්නෙත් උපරිම පැයකට දෙකකට වගේ..

ඒ උනාට අනිත් දවස්වල ෆෝන් එක පැය විසි හතරම DO NOT DISTURB ON... ගෙදර මිනිස්සු හතරදෙනාව ඒකෙන් අයින් කරලා තියෙන්නේ..

හදිස්සියේ යාලුවෙක් මං මනුස්සයෙක් මරලා ඉන්නේ මාව ශනික බේරගන්න වරෙන් කිව්වත් මං ඕක දකින්නේ පෙරහැරත් ගියාට පස්සේ වෙන්න පුලුවන්... බට් මං ඒ කෙනා මනුස්සයා මරනවා කියලා කලින් ඉව වැටිලා මං පොඩි අනතුරු ඇගවීමක් කරනවා.. ඉතින් ඒක අහන්නෙ නැතුව මිනීමරුවෙක් උනත් බේරගන්න වෙන්නේ මං ෆෝන් එක බලන වෙලාවට...

මැසේජ් වලට රිප්ලයි කරන්න අදික ලෙස කම්මැලී.... ඒ නිසා කෝල් තමා... ඒකත් මට හිතුනාම තමා ගන්නේ..


මං වැරදී තමා.. ඒත් මට බෑ.. මං කැමති නෑ...

ඉස්සරට වඩා මං දැන් Introvert කෙනෙක් වෙලා අසාමාන්‍ය විදිහට...


කැම්පස් එකේ ලෙක් ටයිම් එකේ මොකෙක් හරි එකෙක් මං කර කර ඉන්න වැඩේට හොම්බ දැම්මොත් මට කුණුහරුප කියවෙනවා.. ඒතරමටම මට ආවේස වෙනවා ඉන්න තැන අදාල නෑ.. මං දන්නේ නෑ ඇයි කියන්න කට්ටිය පිරිසක් එක්ක ඉද්දි මට තද වෙනවා.. ඉන්නේ මොකාද අදාල නෑ මං කටට එන එක කියලා දානවා ගෑනුද පිරිමිද බේදයක් නැතුව.. සතුටට කාරනාව නම් බනිද්දි මට ඇඩෙන්නේ නෑ.. වචන එනවා බනින්න.. ඒ නිසා මං සතුටින්...


ඔෆිස් එකෙනම් ලොකු කේස් එකක් නෑ අපිට තනි තනි මේස තියෙන්නේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.. තේ බොන්න යද්දි කතාකරනවා කන්න යද්දි කතාකරනවා හිටපු ගමන් පොඩ්ඩක් විනාඩි දෙක තුනක් කියවනවා එච්චර තමා..

පැය ගනන් කියව කියව ඉන්න කැමති නෑ.. එක්කනෙක් හිටියත් බෑ... මට ඒ ඉන්න එකා එක්කත් මල පනිනවා... සමහර වෙලාවට ඔය තරහා පිටවෙන්නේ අදාල කෙනා එක්කත් නොවෙන්න පුලුවන්... අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්නත් ඇති වගේ තමා තරහා ගින් ඉන්න වෙලාවට හුලග වැඩු පුර හැමුවත් මට මල පනිනවා..


ඔය ඔක්කොම හේතූන් මත මට මල පනින්නේ නැත්තේ මගේ කාමරේට වෙලි පාඩුවේ ඉද්දි විතරයි.. මොකද අපේ ගෙදර එකෙක්වත් උන්නද මලාද බලන්න මගේ කාමරේට පස්පාගන්නේ නෑ.. මං මැරිලා හිටියොත් එයාලා ඒක දැනගන්න දවසක් දෙකක් යනවා..

මං කැමතිම දේ තමයි මිනිස්සු නැති ගෂ්කොලන් තියන පරිසරයක පොඩිම පොඩි ගෙදරකට වෙලා පාඩුවේ ඉන්න... ජීවිතකාලෙම එහෙම ඉන්න බෑනේ හැබැයි මගේ ජීවිතේ ඉස්සරහට මොන විදිහට වෙනස් උනත් මං මැරෙන්න කලින් පොත් ටිකක් එකතු කරගෙන මාසයකට මේ ලෝකෙන් හැංගිලා අංගසම්පූර්ණ නිදහස මං ගන්නවා.. මාසෙකට වඩා කරන්න අමාරුයි මොකද ජීවත් වෙන්න සල්ලි හම්බකරන්නත් එපැයි... අනික නිවාඩු තියෙන්නත් ඕනිනේ...


එතකොට හිතාගන්න මං කොයිතරම් දුරට සෝශල් කෙනෙක්ද කියලා...

හැබැයි මං සෝශල් මීඩියා පාවිච්චි කරනවා ඔක්කොම වගේ...

ඒත් ඇක්ටිව් නෑ...


විශ්වාස කරනවනම් විශ්වාස කරන්න මගේ ෆෝන් එකේ ස්ක්‍රීන්එක ඕන් ධෙලා ඒඉයන ටයිම් එක පැය දොලහකට වැඩී 😂😂 මං නිදාගන්න ටයිම් එක පැය හතක් අටක්... එතකොට හිතාගන්න...

මිනිස්සු එක්ක කතා නොකලට මං සිංදු අහනවා වට්ටියේ කතා කියවනවා ලියනවා...


ඔයාලනම් එහෙම වෙන්න එපා... සොශල් වෙන්න ලිමිට් එකක් තියාගෙන.. මං නම් අසාමාන්‍ය ලෙස Introvert කෙනෙක්...



හුහ්....!!!!!


https://ngl.link/d_03221



Report Page