NGL ANSWER 03

එදා එවපු NGL එකේ ජොබ්ස් ගැන කතා කලේ නෑනේ.. ඒ ටික තමා මේකෙ දැම්මේ..
ඔයාගේ ඩිග්රි එක මොකක් උනත් ඔයාගේ නොලේජ් එක , ඔයා ඉන්ටවිව් ෆේස් කරන විදිහ , ඔයාගේ එක්ස්පීරියන්ස්.. මේ දේවල් වලින් තමයි ඔයාට ජොබ් එකක් ලැබෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ.
ඔයා ඉගෙනගන්න ෆීල්ඩ් එකේදි ඔයා හොයන්න මම යන්නෙ මොනවගේ තැනකටද මොන පෝස්ට් එකකටද වගේ දේවල්..
ඒ ගැන බලලා කම්පනිස් තුනක් හතරක් හොදට ස්ටඩි කරන්න.
එයාලා ඉල්ලන එක්ස්පීරියන්ස් මොනවද එයාලා කොහොමද වැඩ කරන්නේ.. ඒ හැමදේම බලන්න. කම්පනි එකෙන් කම්පනි එකට අපි යවන්න ඕනි වෙනස්ම විදිහේ සීවී.
සීවී එක පර්ෆෙක්ට් හදාගන්න.
ඉන්ටවිව් එකට ගිහින් එයාලා ඔයාගේ සීවී එක ගැන මොකුත් අහන්නේ නෑ..
ජස්ට් නෝමල් සීවී එක බලනවා එයාලගේ කම්පනි එකට මැච්වෙන දේවල් තියනවද බලනවා. ඒ බලලා තමයි ඉන්ටවිව් එකේ ඉස්සරහ තීරණය වෙන්නේ.
ඉන්ටවිව් එකකට බය නැතුව ෆේස් කරන්න පුරුදුවෙන්න. හොදට ඉංග්රීසි කතාකරන්න පුරුදුවෙන්න.
ම්... අ.... වගේ සද්ද තියාගන්න එපා..
ඇදගෙන යන ඇදුම ඔයා කම්පනි එකට ගිහින් ඉන්ටවිව් ගන්නකන් ඉදගෙන ඉන්න විදිහ මේ හැමදේම ඔයාගේ ජොබ් එකට බලනවා..
2025 feb 14 තමයි මම මගේ ඉන්ටර්න්ශිප් එකට ඉන්ටවිව් ගියේ.. මගේ ෆස්ට් ඉන්ටවිව් එක.
මං සෑහෙන්න බයවෙලා හිටියේ හැබැයි ෆස්ට් ඉන්ටවිව් එක වෙලාවෙදි විතරයි..
මං සොෆ්ට්වෙයා ඉන්ජිනියර් පෝස්ට් එකට ඇප්ලයි කලේ. ඒකෙදි මට ඉන්ටවිව්ස් තුනක් තිබුනා..
1 බේසික් ඉන්ටවිව් එක.. මම ගැන මගේ ස්කිල්ස් ගැන මගේ කැපෑසිටි එක ගැන
2 රයිටින් පේපර් එකක්
3 පේපර් එකේ මාක්ස් 50 ට වැඩිනම් තමයි තුන්වෙනි එකට ගන්නේ.
එතනදි තමයි හොදටම ඕනි. එයාලා අහන්නේ කෙලින්ම අපිට කරන්න තියන වැඩ ගැන
මගෙන් ඇහුවේ මම කරපු ප්රොජෙක්ට් එකක් බලලා ඔෆිස් එකේ දැනට යන ප්රොජෙක්ට් එක ගැන කියලා මෙහෙම ආවොත් ඔයා මොකද කරන්නේ කොහොමද කෝඩ් කරන්නේ වගේ දේවල්..
ඩිග්රි තිබුනට බෑ ජොබ් හොයාගන්න. ජොබ් එකක් හොයාගන්න නම් ඔයාගේ හැම දෙයක්ම ඩිග්රි එකේ වැලිව් එකේ ගානටම තියෙන්න ඕනි..
පොඩි පොඩි කම්පනි වලට සීවී දාලා ඉන්ටවිව් යන්න. ජොබ් එකක් ගන්න නෙවේ ඔයාගේ ඉන්ටවිව් එකට තියන බය නැතිකරගන්න. මොකද ඒකතමා වැදගත්තම. ඉන්ටවිව් පැනල් එකේ හයක් වගේ ඉද්දි ෆේස් කරන්න හුරුවෙන්න..
ඔයවගේ දේවල් ටික හරියට හදාගත්තොත් ජොබ් තියනවා.
එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් ඒ කියන්නේ ඔයා ඒ වැඩේට කොයිතරම් දුරට දක්ශද කියලා..
ඔයා මැටි බදුන් අබන කෙනෙක් කියලා හිතන්න. ඔයා තියරි ටික විතරක් ඉගෙනගෙන අරහෙම ආවොත් මෙහෙම කරනවා මෙහෙ ආවොත් මෙහෙම කරනවා කියලා හිතින් හිතාගෙන හිටියට ඔයා මැටි ගුලිය අතට ගත්තට පස්සේ ඔයාට ඒක ඔයා හිතන විදිහට කරන්න බෑ.. ඔයාගේ ඇගිලිවල ප්රැක්ටිස් එක තමයි ඕනි.. ඒක ගන්න නම් ගෙදර ඉදලා මැටි ගුලියක් අරන් එක එක ඒවා හදන්නම වෙනවා..
අන්න ඒකට තමයි එක්ස්පීරියන්ස් කියන්නේ.
අනික මට ජොබ් නෑ ඩිග්රි තිබුනට ජොබ් නෑ කිව්වට කවුරුත් හොයලා දෙන්නේ නෑ.. ඕනිමයි කියන එක හිත ඇතුලට දාගත්තොත් මරාගෙන මැරෙන්න තරම් හිත හයිය කරගෙන කටු කාගෙන හොයලා බලන්න ඕනි රස්තියාදුවෙන්න ඕනි.. චාටර් වෙන්න ඕනි.. රිජෙක්ට්වෙන්න ඕනි.. එහෙම උනාම ඔයාව ඉබෙටම හුරුවෙලා ඔයාගේ බය නැති කරලා වේකන්සි එකක් දැකපු ගමන් ඒකට ඇප්ලයිකරලා ඒ වෙනුවෙන් හරියට වැඩේ කලොත් ගොඩ..
මං මේවට උත්තර හිමීට ගේන්නම්.. විකෙන්ඩ් එකේ තමා ගේන්නේ..