My mmiddlemist red camellia...🌸✨️🤍

My mmiddlemist red camellia...🌸✨️🤍

Mavis___🌸
දුර්ලභම මල් වේලාසනම මිලින වෙති...නමුදු සුවඳ සදාකල් හදවතේ රැඳෙනු ඇති...!




දන්නවද ලෝකෙ දුර්ලභම මල මොකද්ද කියලා....???

"මිඩ්ල්මිස්ට් රෙඩ් කැමීලියා"





ඉස්කෝලෙ......


සමහරුන්ට නම් ඉස්කෝලෙ කියන්නෙ "අනේ තව ටික කාලයයිනෙ ඉස්කෝලෙ යන්න තියෙන්නෙ" කියලා හිතෙන තරමට සුන්දර තැනක්ලු.....ඒත් මම නම් බලන් උන්නෙ කවදා මේ ඉස්කෝල ගමන ඉවර වෙයිද කියලා ඇඟිලි ගැන ගැන.....මොකද මට නම් අනිත් අයට වගේ ඉස්කෝලෙ සුන්දර තැනක් උනේ නෑ......


මට අනිත් අයට වගේ තොරතෝංචියක් නැතුව කියවන්න කියලා යාලුවෙක් උන්නෙත් නෑ......මට යාලුවෝ ඇති කරගන්න උවමනාවක් තිබුනෙත් නෑ......මොකද පුංචි කාලෙ ඉඳන්ම මං වාසියට විතරක් මාව ආශ්‍රය කරපු ෆේක් බොන්ඩ්ස් වලින් හෙම්බත් වෙලා උන්නා......


ඒ නිසා "හොඳම යාලුවෙක්" ඉන්නවා කියන එක මොන වගේ හැඟීමක් වෙන්න ඇතිද කියලවත් අඩුම තරමෙ මං දැනන් උන්නෙ නෑ.....


ඒ නිසාම ගොඩක් වෙලාවට මං උන්නෙ තනියම.....ස්කූල් යන්නෙත් බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා.....ෆ්‍රී පීරියඩ් වල උන්නෙ එක්කො ඩෙස් එකේ ඔලුව ගහගෙන.....එහෙමත් නැත්තම් වැඩිය කවුරුත් නොඑන ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ කෙළවර තියෙන මාර ගහ යට බෙන්ච් එකට වෙලා වැව දිහා බලාගෙන.....


එදා මැත්ස් ඩබල් පීරියඩ් දවසක්.....මිස් නැති නිසා පීරියඩ් දෙකම ෆ්‍රී වෙද්දි තද ඔලුවෙ කැක්කුම අස්සෙ පන්‍තියෙ බජව් සද්දෙ අහන් ඉන්න බැරි තැන මං ක්ලාස් එකෙන් එලියට ආවෙ ග්‍රවුන්ඩ් එකේ කෙළවර මාර ගහ යට බංකුව ලඟට ගිහින් ඔලුව පොඩ්ඩක් රිලෑක්ස් කරගන්න.....


අපේ ක්ලාසස් තිබ්බෙ ඉස්කෝලෙ මෙහා කෙළවරේ වෙද්දි ග්‍රවුන්ඩ් එක තිබ්බෙ එහා කෙළවරේ.....


ෆ්‍රී පීරියඩ් එකක් සෙට් උනොත් අනිත් හැමෝම ග්‍රවුන්ඩ් එකට හරි කැන්ටින් එකට හරි දුවද්දි.....බජව් දාන්න අන්තිම පෝලිමට සෙට් වෙද්දි.....ආඳෙක් වගේ පන්තියෙන් ලිස්සලා ලයිබ්‍රි එකට රිංගන කොල්ලෙක්ව දැකලා තියෙනවද.....


රතු පඩිපෙළ බැහැගෙන ඇවිත් එහා කෙළවරට යන බැක් කොරිඩෝර් එකට හැරෙන්න යද්දිම මං දැක්කෙ චූ බර හැදිලා වගේ ක්ලාස් එකෙන් එළියට ආඳෙක් වගේ දුවන් ආපු අන්න ඒ කොල්ලා ලයිබ්‍රි එකේ කොනේම බෙන්ච් එකට වෙලා පොතක් කියවනවා....


ඒ ලෙවල් ක්ලාස් වල ලමයින්ට ඕනෙම වෙලාවක ලයිබ්‍රි එකට එන්න පර්මිෂන් තිබුණත් එහෙමත් සිරිමතෙක් තමයි ලයිබ්‍රි එක පැත්තෙ පස් පාගන්නෙ.....පොඩි ඇච්චො බැච්චොන්ට ලයිබ්‍රි තියෙන්නෙ සතියටම එක පීරියඩ් එකක් වෙද්දි හය වසරේ හත වසරේ පොඩි උන්ට නම් බෙල් කරන පමාව විතරයි යන්නෙ ලයිබ්‍රි එකට දුවන් එන්න.....


ලයිබ්‍රි එකටම උන්නෙ ළමයි දෙතුන් දෙනෙක් වෙද්දි ග්‍රවුන්ඩ් එක කෙළවර බෙන්ච් එක ලඟට යන අදහස අතෑරලා මං එහෙම්ම ලයිබ්‍රි එකෙන් පොතකුත් අරන් ඇවිත් බෙන්ච් එකකින් වාඩිවෙලා කියවන්න ගත්තා.....පොත් කියවන එක කාලෙ ගෙවෙනවා දැනෙන්නැති තරමට ඇබ්බැහියක් වෙද්දි එදයින් පස්සෙ ඉඳන් ෆ්‍රී පීරියඩ් එකක් හම්බෙන හැම වෙලාවකම වගේ මං ලයිබ්‍රි එකට ගිහින් පොත් කියවන්නත් පුරුදු වෙලා උන්නා.....


අර චූ බර හැදිලා වගේ දුවන් එන සිරිමත් කොල්ලත් ගොඩක් වෙලාවට ෆ්‍රී පීරියඩ් වල උන්නෙ ලයිබ්‍රි එකට වෙලා.....


"මළවුන්ගේ අවුරුදු දා නේද...."


පුරුදු විදිහටම ලයිබ්‍රි එකට වෙලා පොතක් අස්සෙ ගිලිලා උන්න මං ගැස්සිලා ඔලුව ඉස්සුවේ ලඟින්ම ඇහුණු ගැඹුරු වෙයිස් එකට.....


අම්මෝ සිරිමත්.....

මිනි හාට් ඇටෑක් හදවන්න එපා මනුස්සයෝ.....


මං ලාවට ඔව් කියන්න ඔලුව හෙලෙව්වා.....ප්‍රයිමරි කාලෙ ඉඳන් එක පන්තියේ උන්නත් මං මේ මනුස්සයා එක්ක මතක ඇති කාලෙක ඉඳන් කතා කරලා තිබුනෙ නෑ.....


"ඔයා මළගිය ඇත්තො එක කියවලා තියෙනවද...."


මං නෑ කියන්න ඔලුව හෙලෙව්වා.....


"අහ් එහෙනම් මේක මුලින්ම කියවලා ඉන්න.....මේක තමයි ඕකෙ පළවෙනි කොටස....."


එයා එයා අතේ තිබ්බ පොත ඩෙස් එක උඩින් තියලා යන්න හැරුණා.....


"ප්....පොඩ්ඩක් ඉන්න.....එහෙනම් ඔයා මේක ගන්න.....මේකනෙ ඕකෙ දෙවෙනි කොටස....."


මං කියව කියව උන්න පොත එයා දිහාට දික් කරන ගමන් කියද්දි එයා ලාවට හිනාවෙලා පොතත් අරගෙන ගිහින් ආයෙමත් එයා උන්න තැන වාඩිවෙලා පොත කියවන්න ගත්තා.....


මුලදි කම්මැලි හිතුනත් පිටු දහයක් දොළහක් කියවන් යද්දි මං උන්නෙ දෙවොන්දරා සං එක්ක ජපානෙ අවන්හල්වල කරක් ගහන ගමන්.....


මිදෝරියේ කහ පාට කිමෝනාවකින් සරසිලා උන්න නොරිකො දිහා දෙවොන්දරා සංට එහා පැත්තෙ ඉඳන් බලන් උන්න මං ගැස්සිලා පියවි ලෝකෙට ආවෙ කවුරුහරි මගෙ උරහිසට පොතක කොණකින් තට්ටු කරනවා දැනුණ නිසා.....


"දැන් 7-B ළමයින්ගෙ ක්ලාස් එකලු...."


පොල් පැලේ වගේ හිටන් උන්න සිරිමත් කියද්දි මං දැක්කෙ ඈත ඉඳන් දුවන් එන පොඩි උන් රොත්තක්.....


පොඩි නසරාණියොන්ට තෙරපිලා මැරෙන්න බැරි කමට බුක් රැක් එකෙන් පොත තියලා රීඩර්ස් බුක් එකේ සයින් කරලා ලයිබ්‍රි එකෙන් එළියට ආපු මං හැරුනෙ ක්ලාස් එකට යන්න......


"බෙල් කරන සද්දෙවත් අහුන්නැති තරමට පොතේ ගිළිලද උන්නෙ...."


එහා පැත්තෙ තිබුණ බයෝ ලැබ් එකේ කණුවකට හේත්තු වෙලා උන්නෙ මං වගේම යන එන මං නැති උන සිරිමතයා.....


"පබ්ලික් ලයිබ්‍රි එකේදි ඔය පොත මං සෑහෙන්න දැකලා තියෙනවා.....ඒත් කවදාවත් අරගෙන නෑ.....පොතේ නමයි බුක් කවර් එකයි නිසා මට හිතුනෙම එච්චර ලස්සන පොතක් නෙවේ වෙන්න ඇති කියලා...."


"ඒකනෙ මිනිස්සුන්ට ලස්සනම පොත් සෑහෙන්න මඟහැරෙන්නෙ....."


හිනාවක් එක්කම කියපු එයා සුදු කලිසමේ පොකට් දෙකට අත් දෙකත් ඔබාගෙන මට සමාන්තරව ඇවිදන් යමින් උන්නා.....


කතාවෙන් කතාව අපි ඇවිත් උන්නෙ මාර ගහ යට බෙන්ච් එක ලඟට වෙද්දි අවුරුදු ගානක් එකම ක්ලාස් එකේ උන්නත් වචනයක්වත් කතා කරලා නොතිබුණ අපි දෙන්න අතර ඒ විනාඩි ගානට යාලුකමක් ඇති වෙලා තිබුණා.....


ඉස්කෝලෙන් මං වැඩියෙන්ම කැමති තැන මොකද්ද ඇහුවොත් මං කියන්නෙ මේ මාර ගහ යටට කියලා......මාර ගස් හෙවන යටදි දැනෙන නිස්කලංක ගතියට ඉස්සරහින් පේන රැළිගහන වැව දිගේ හමාගෙන එන සිහිල් හුලඟ මුහු උනාම එතන මැවෙන්නෙ හිතම නිවිලා යන වයිබ් එකක්.....


"ඔයාට මතකද ප්‍රයිමරියෙ කොන්සට් එකේදි ඔයාට කෙල්ලෙක් කිස් එකක් දුන්නා කියලා ඔයා ස්ටේජ් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා....."


මෙච්චර වෙලා අහස දිහා බලන් උන්න එයා හෙණයක් ගැහුවා වගේ මං දිහා කන් දෙකත් රතු කරන් බලන් ඉද්දි මං උන්නෙ නවත්ත ගන්න බැරි හිනාව අමාරුවෙන් නවත්තගන්න හදන ගමන්.....


පිටරට TV ප්‍රෝග්‍රෑම් එකක ප්‍රයිමරි කොන්සට් එකකදි කෙල්ල කොල්ලව කිස් කරාට පස්සෙ කවුදෝ ඇන්ටි කෙනෙක් තඩි චොක්ලට් එකක් දුන්න නිසා චොක්ලට් එකක් ලබාගන්න පරමාර්ථෙන් කොල්ලෙක්ව කිස් කරපු මට අන්තිමට උනේ බිම පෙරළිලා බෙරිහන් දෙන කොල්ලෙක් දිහා බිරාන්ත වෙලා බලන් ඉන්න.....


"එතකොට කවුද අර අහිංසකයෙක්ට ස්ට්‍රෝබෙරි මක්කෙ කෑවා කියලා මල් වාස් එකෙන් ඔලුවට කෙළියෙ.....ඇත්තමයි ඒ සිද්දියෙන් පස්සෙ මට කෙල්ලෙක් ලඟින් යන්නත් බයයි....."


"කොහොමහරි ඔයාට මොළේ පෑදුනේ ඒකෙන්නෙ...."


වෙනදට හුලඟට කොළ හෙලවෙන සද්දෙ විතරක් අරක්ගෙන තිබ්බ මාර ගහ යට නිස්කලංක ගතියට වැඩි වෙලාවක් යන්න කලින්ම අපි දෙන්නගෙ අතොරක් නැති කතා හඬයි හිනා හඬත් එකතු වෙලා තිබුණා.....


ටික වෙලාවකින් බෙල් කරද්දි එයා වගේම මාත් බෙන්ච් එකෙන් නැඟිට්ටා.....


"නිලඹර....."


වෙනදට ඔහේ ගෙවෙන ෆ්‍රී පීරියඩ් අතරෙ කවදාවත් නැතුව ඉක්මණටම ගෙවිලා ගිය ෆ්‍රී පීරියඩ් එක ඇතුළෙදි මඟෙ ඔලුව ඇතුළෙ කැරකි කැරකි තිබුණ ප්‍රශ්නෙ අහන්න හිතන් මං එයා දිහා බැලුවා.....


"නිලඹර.....Can we be friends....?"


කවදාවත් යාලුවෙක් ඕනෙ නෑ කියලා හිතන් උන්නු මට නිලඹර මගෙ යාලුවෙක් වෙනවනම් හිතුනෙ එයත් මං වගේම තනියම උන්නු කෙනෙක් නිසාද නැත්තම් එයා ඇත්තටම මෙච්චර කාලෙකට මට හම්බුණ අයට වඩා වෙනස් කියලා තේරුම් ගිය නිසාද කියන්න මං දන්නෙ නෑ......


"Okay....but ආයෙ අර වගේ මල් වාස් වලින් ඔලුවට ගහන්නෙ නැත්තම්....."


මෙච්චර වෙලා සීරියස් මූඩ් එකේ උන්න මගෙ කටින් බකස් ගාලා හිනාවක් පනිද්දි අපි දෙන්නම හිනා වෙවීම ක්ලාස් රූම් එකට ගියා.....


ස්කූල් ඇරිච්ච ගමන් ස්කූල් බස් එකට දුවන A/L කොල්ලෙක් දැකලා තියෙනවද......මං දැන් උන්නෙ ඒ වගෙ කොල්ලෙක්ට අත වනන ගමන්.....නිලඹරගෙ රූපෙ ක්ලාස් එකේ දොර ලඟින් නොපෙනී යද්දි පන්තියේ අන්තිමම ළමයත් එළියට යනකල් උන්න මම ඩෝ එක ලොක් කරලා යතුර කී රැක් එකේ රඳවලා කෙලින්ම ගියේ පබ්ලික් ලයිබ්‍රි එකට.....


රාක්කයක් ගානෙ පීර පීර හොයපු පොත් දෙක හම්බුනේ නැති තැන මං අහුවෙච්ච පොත් දෙකක් අතට අරන් ලයිබ්‍රි එකෙන් එළියට ආවා.....


ඊලඟ දවසෙ ක්ලාස් එකට යද්දිම මං දැක්කෙ පොතට එබිලා බරටම ගණන් හදන නිලඹරව.....එයාට ඩිස්ටර්බ් නොකරම ලයිබ්‍රි එකට ආපු මං රාක්කෙන් මළගිය ඇත්තො පොත අරන් ඊයෙ නවත්තපු තැන ඉඳන් කියවන්න ගත්තා.....


"ෂෝක් යාලුවෙක්නෙ මට ඉන්නෙ....."


එකපාරටම ඇහුණ උස් කටහඬට ගැස්සුන මං ඊලඟට දැක්කෙ වේගෙන් මගෙ පැත්තට ඇවිදන් එන නිලඹරව......එයාගෙ ඇස් දෙකත් එක්ක රතු වෙලා......අසනීපයක්වත්ද.....


"අහ් නිලඹර ගුඩ් මෝනින්...."


"ගුඩ් මෝනින්....??? අනිත් අය ඉස්සරහ මාත් එක්ක කතා කරන්න අකමැති මිනිස්සු ඇයි දැන් කතාකරන්නෙ......ඔයාට මං ඔයාගෙ යාලුවෙක් කියන එක පිට ලෝකෙ අය දැනගන්න එක ලැජ්ජාවක් නම් අපි අතර ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඕනෙත් නෑ......කොහොමත් මං ක්ලාස් එකේත් යාලුවෙක්වත් නැති කොන්වෙච්ච එකෙක්නෙ......ඔයාට ලැජ්ජා ඇතිනෙ එහෙම එකෙක් තමන්ගෙ යාලුවා කියන්න....."


"නිලඹර මොනාද ඔයා කියවන්නෙ....."


"කියවන්නෙද......කියවන්නෙ දැන් ටික්කට කලින් මං ක්ලාස් එකේ ඉන්නවා දැක දැකත් නොදැක්කා වගේ හැසිරුන මහලොකු යාළුවා ගැන....."


"ඔයා ගණන් හද හද උන්න නිසයි ඩිස්ටබ් නොකරේ.....නැතුව වෙන අය ඉස්සරහ ඔයාට කතාකරන්න අකමැතිකමකට නෙවෙයි.....අනික නිලඹර ඔයා කිව්වට ඔයා කොන් වෙලා කියලා මං දකින විදිහට නම් ඔයා කැමැත්තෙන්ම තනිකම තෝරගත්තු කෙනෙක්.....ඇත්තටම කොන් වෙනවා කියන්නෙ තනියම ඉන්නවා කියන එකට නෙවෙයි.....අපි තනි වෙලා කියලා දැනෙන්න අරින මිනිස්සු අතරේ ඉන්න වෙන එකට.....එහෙම බලනකොට මං තරම් නම් කවුරුවත් කොන් වෙලා නැතුව ඇති....."


තත්පර දහයක් විතර යනකල් අපි අතර තිබ්බෙ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමෙ නිහඬ බවක්


"ආයෙ එහෙම කරන්න එපා....."


නිවිච්ච කටහඬකින් එයා කියද්දි මං ඔලුව හෙලෙව්වා.....


"ආ කාපු ස්ට්‍රෝබෙරි මක්කෙ....."


ඊලඟට එයා මගෙ දිහාට ස්ට්‍රෝබෙරි හැඩේ චොක්ලට් එකක් පාස් කරලා එයත් චොක්ලට් එකක් කටේ දාගන්න ගමන් මෙතන මොකුත් නොවුන ගාණට මට ඉස්සරහින් වාඩි වෙලා ඔලුවත් පාත් කරන් ගණන් හදන්න පටන් ගත්තා.....


මාත් චොක්ලට් එක කටේ දාගන්න ගමන් ආපහු පොත කියවන්න පටන් ගත්තා.....


අපි උන්නෙ බෙල් කරපු නිසා ක්ලාස් එකට යමින් ගමන්.....


"ආරාධ්‍යා...."


"ම්ම්ම්...."


"මං දන්නෑ මීට කලින් මොනාද උනේ කියන්න.....හැබැයි මීට පස්සෙ ඔයා තනිවෙලා නෑ කියලා මතක තියාගන්න......ඔයාට ඕනෙ වෙලාවක ඔයා තනිවෙලා නෑ කියලා දැනෙන්න අරින කරදරකාර යාලුවෙක් දැනටමත් ඔයාට ඉන්නවා කියලා මතක තියාගන්න....."


වචන ටිකකින් පුලුවන්ද මනුස්සයෙක්ව මෙච්චර උණුහුම්ව වැළඳගන්න.....ඔව් ෆිසිකල් හග් එක්කට වඩා ඒක මාරම උණුසුම්.....


පීරියඩ් අටම එකදිගට ටීචර්ස්ලා ටික මායම් වෙලා වගේ උගන්නන්න ගත්ත නිසා ආයෙ දවසටම ෆ්‍රී වෙලාවක් නම් හම්බ උනේ නෑ.....


වෙනදට ස්කූල් බස් එක අල්ලන්න තකහනියක් දුවන නිලඹර මෙන්න අද අන්තිමයත් ක්ලාස් එකෙන් එළියට යනකල් හැලහොල්මනක් නැතුව ඉන්නවා.....


"පොඩි ගමනක් යන්න තියෙනවා....."


මං ඔලුවෙන්ම ඇයි අහද්දි ලා හිනාවක් එක්ක එහෙම කියපු එයා ඩෝ එක ලොක් කරලා කී එක එල්ලුවා


"ගමනක්....???"


"ඔව් කැමතිනම් ඔයත් යමු.....එයා කැමති වෙයි ඔයාව අඳුරගන්න....."


"කවුද එයා....???"


කවුද එයා අහද්දි එයාගෙ මූණට ආවෙ අහිංසක ලා හිනාවක් වෙද්දි දුඹුරු පාට ඇස් දෙකේ ඇඳුනෙ පුංචි දිස්නයක්.....


දෙපැත්තෙ ලිලී මල් පිපිච්ච වැලි පාරක් දිගේ ඇවිත් අපි නතර වෙලා උන්නෙ සෙමටරි එකක් ලඟ......කුරුසයක් ගහපු සොහොන් කොතක් ලඟට ඇවිදන් ගිය නිලඹර එතන දණගහගෙන මඟදි කඩාගත්ත ලිලී මල් මිට සොහොන උඩින් තිබ්බා......ඊලඟට බෑග් එකෙන් එළියට ගත්ත ඉටිපන්දම් ටික පත්තු කරලා ඇස් දෙක පියාගෙන ප්‍රේ කරන්න පටන් ගත්‍තා.....


සොහොන් කොතේ තිබ්බ ෆොටෝ එකේ උන්නෙ ලස්සන තරුණ ගැහැණු කෙනෙක් වෙද්දි නිලඹරටත් ඒ මූණෙ හැඩ රුව එහෙම්ම පිහිටලා තිබුණා......


කකුල් දෙක පණ නැති වෙන්න එනවා වගේ එද්දි මමත් ලඟ තිබ්බ ලිලී මල් පොකුරක් කඩලා සොහොන උඩින් තියලා නිලඹරට එහා පැත්තෙන් දණ ගහගෙන එයා කොහේ හරි හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරා.....


"එයා නැතුව ගෙවෙන අටවෙනි අවුරුද්ද....."


ෆොටෝ එක දිහාම බලන් නිලඹර කියද්දි මං වචනයක්වත් නොකියා අහන් උන්නා.....මං වැරදියි.....එයා කැමැත්තෙන්ම තනිකම තෝරගත්තු කෙනෙක් නෙවෙයි.....එයා ඉන්නෙ ඇතුළාන්තෙන්ම තනි වෙලා.....


කඳුළු බිංදු එක දෙක ඒ කම්මුල් දිගේ ගලන් යනවා මගෙ ඇස් කොණට පේද්දි ඊලඟ මොහොතෙ එයා ඉකි ගගහම අඬන්න පටන් ගත්තා.....


මනුස්සයෙක් අඬද්දි කියන්න හොඳ නැත්තෙම "අඬන්න එපා" කියලා.....ඉතිං මං නිලඹර අඬලා ඉවර වෙනකල්ම එහෙම්ම උන්නා.....


අන්තිමට පැය බාගයක් විතර එතන උන්න අපි වැලි පාර දිගේ එන්න ආවා.....


"එයා මොන වගේද....?"


"ලිලී මලක් වගේ"


වැලි පාර දිගේ එන ගමන් මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙද්දි ආයෙමත් අර ලා හිනාව ඒ මූණෙ ඇඳුනා


දින සති මාස අවුරුදු ගෙවිලා ගියේ අපිටවත් නොදැනිම වෙද්දි ලයිබ්‍රි එකටයි මාර ගහ යට බෙන්ච් එකටයි එක ෆ්‍රී පීරියඩ් එකකදිවත් නිලඹරගෙයි මගෙයි කරදරෙන් නම් බේරෙන්න බැරි උනා.....


පබ්ලික් ලයිබ්‍රි එක පීර පීර හොයපු පොත් දෙකත් අන්තිමට මට හම්බුණ නිසා දෙවොන්දරා සංට එහා පැත්තෙ ඉඳන් මිදෝරියේ කහ කිමෝනාව ඇඳන් ඉද්දි මුල් වතාවට දැක්ක නොරිකො එක්ක දෙවොන්දරා මළගම් ගියයින් පස්සෙ මළවුන්ගෙ අවුරුදු දා එනකම් සති මාස ගනන් බලන් ඉන්නත් සිද්ද උනා....


"දෙවොන්දරාට තිබුණා අර වෙස් මුහුණ ආපහු නොදී ඉන්න"


"නොරිකොටත් තිබුණා අන්තිම මොහොතේ දෙවොන්දරාව තනිකරලා නොයා ඉන්න.....කොහොම උනත් "එයාලාට එහෙම නොකර ඉන්න තිබුණා" කියන දේ හැම හිතේ රැඳිච්ච කතාවක් අවසානෙටම අපිට හිතෙන දෙයක් ආරාධ්‍යා......හැබැයි ඇත්තටම අපි හිතන විදිහට කතාව ඉවර උනා නම් එතන හිතේ රැඳෙන්න තරම් දෙයක් ඉතුරු වෙන එක්කුත් නෑ....."


සති ගානක් යනකල් නිලඹරගෙයි මගෙයි ප්‍රධාන මාතෘකාව උනෙත් දෙවොන්දරා සනුයි නොරිකොයි.....


ඒ ලෙවල් ක්ලාස් එකේ ගෙවෙන අන්තිම දවස් ටිකත් ටිකෙන් ටික ලං වෙලා තිබුණා.....මායි නිලඹරයි උන්නෙ මාර ගහ යට බෙන්ච් එකේ වෙද්දි එයා උන්නෙ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය රිසෝස් එකේ පිටු අස්සෙ......මට නම් ඒ යුනිට් එකේ නම දකිද්දිත් ඔලුව කුරුවල් වෙනවා වගේ....


මිග්‍රේන්......මේ ලෝකෙ මනුස්සයෙක්ට හැදෙන්න හොඳ නැතිම ලෙඩේ......දැනුන තද ඔලුවෙ කැක්කුමත් එක්ක බල බල උන්න ඉනෝගනික් රිඇක්ෂන්ස් ටික බෙන්ච් එකෙන් තිබ්බ මං එහෙම්ම මාර ගහට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......


ඊලඟට මට දැනුනෙ ඉයර්බඩ් එකක් මගෙ කණේ රැඳවෙනවා වෙද්දි ඇස් පියාගෙනම මං සිංදුවක් ප්ලේ වෙනකල් බලන් උන්නා.....


ඒ ලෙවල් ක්ලාස් වල අන්තිම දවස් නිසා ඒ ලෙවල් ළමයින්ට ෆෝන්ස් ගේන්න පමිෂන් තිබුණා වෙද්දි නිලඹරගෙ ෆෝන් එකෙන් අපි මෙතනට එන හැම දවසකම සිංදුවක් අහන්න පුරුදු වෙලා උන්නා



රෑ පහන් එලී නිවුනම

නුඹව සිහිවෙනවා

ඒ කනා මැදීයම් රැයේ නුඹ යනවා

මේ සකුරා මහේ මල් පෙත්තක් නුඹ හොයලා

රෑ කබුකි බලන්නට නුඹවත් එක්කන් එනවා

අසලියා මලක්

නුඹ මගෙම වෙලා

මගෙ නොරිකො නුඹයි

හෙව්වා

මං මිදෝරියේ

රෑ වීදි ගනන්

නුඹ හොයා ඇවිත්

තිබුනා



වෙනදට inspirational songs , motivational songs , English songs ප්ලේ වෙන ඉයර්බඩ් එකෙන් අද Calming මියුසික් එකක් එක්ක ප්ලේ උනේ මගේ ඩේලි ඩෝස් එකක් උන ජනනගෙ කබුකි කියන සිංදුව.....



After 2 yrs...



අවුරුදු දෙකකට කලින් අපි අන්තිමට හම්බුණ තැන ඉඳන් මං බලන් උන්නෙ වෙනසක් නැතුවම රැළි ගහන වැවට ඉහළින් තිබ්බ නිල් පාට අහස දිහා.....


නිලඹර.....


මෙතනට එන හැම තිස්සෙම උඹ අහස දිහා බලන් ඉද්දි මම උන්නෙ වැව දිහා බලාගෙන.....ඒත් මට අද වැව දිහා බලන්න උවමනාවක් නෑ.....මට ඕනෙ ඇස් රිදෙනකල්ම මේ නිල් අහස දිහා බලන් ඉන්න.....


නිවාඬු මාසෙ නිසා මාර ගහේ කොළ වලින් බිම වැහිලා ගිහින් තියෙද්දි වරු ගණන් ඉඳගෙන කියවපු බංකුවට වැටිලා තිබුණ කොළ කෑලි අතින් අයින් කරපු මං එතනින් වාඩි උනා.....


උඹ ඉස්කෝලෙ නොඑන දවසට මේ පැත්තට එන්න හිත දෙන්නැතිවෙද්දි වෙනදට මෙතන වාඩි වෙනවනම් ඒ උඹයි මමයි දෙන්නම වෙද්දි අද මම විතරක් මාර ගහ යට බංකුවේ තනිවෙලා උන්නා......


ඉයර්බඩ් දෙක කනේ ගහන් උඹ අන්තිමට ප්ලේ කරපු සිංදුව ප්ලේ වෙද්දි ඇස් අරින්නැතුවම මං සිංදුව ඉවර වෙනකල්ම අහන් උන්නා......වෙනදට ඇස් අරිද්දි උඹ මගෙ එහා පැත්තෙ ඉන්නවා උනත් අද එතන අරක්ගෙන තිබුණෙ මූසල තනිකමක් වෙද්දි තවදුරටත් එතන ඉන්න බැරි තැන මං ලයිබ්‍රි එක දිහාට ඇවිදන් ගියා....


දැන් එතන මකුළු දැල් පවා බැඳිලා තිබුණට ෆ්‍රී පීරියඩ් වල දුවන් එන කොල්ලෙක්ව කොනේම බෙන්ච් එකට තාමත් මතක ඇති බං.....


මතක කප්පරක් උරුම කරපු ඉස්කෝලෙන් එලියට ආපු මං නිලඹරත් එක්ක හැමවෙලේම ඇවිදන් ගිය පුරුදු වැලි පාර දිගේ ඇවිදන් යමින් උන්නා.....පාර දෙපැත්තේ ලිලී මල් පුරුදු විදිහටම තාමත් පිපිලා තියෙද්දි මල් පොකුරක් කඩාගත්ත මං ඒ ටික නිලඹරගෙ අම්මගෙ සොහොන ලඟින් තියලා ඉටිපන්දම් පත්තු කරන්න ගත්තා.....


"මං එදා ඔයාට උන පොරොන්දුව මතකද....? ඔයාගෙ පුංචි නිල් අහසට පාලුවක් දැනෙන්න දෙන්නෑ කියලා.....දන්නවද මං ඒක රැක්කා.....අදටත් රකිනවා එයා ඔයාට එහා පැත්තෙන් නිදන් ඉන්නෙ නැතුව මඟෙ එහා පැත්තෙන් ඉඳගෙන ඔයාට මල් මිටක් තියන්න මඟෙත් එක්ක උන්නනම්...."


නිලඹරගෙ අම්මගෙ සොහොන් කොත ලඟින් ඈත් උන මං ආවෙ ඊට එහා පැත්තෙන් තිබුණ සොහොන් කොත ලඟට.....


බෑග් එකෙන් ගත්ත කැමීලියා මල් මිට එයාගෙ සොහොනෙන් තියපු මං කැන්ඩ්ල්ස් එකින් එක පත්තු කරන්න ගත්තා.....


"නිලඹර.....දෙවොන්දරා සනුත් මුලින්ම මිදෝරියට ආවෙ හරියට හුළඟක් වගේලු.....උඹත් හුළඟක් වගේම ඇවිත් හුළඟක් වගේම යන්න ගියා.....හරියට දෙවොන්දරා සං වගේම......ඒත් සොභාදහමට තිබුණා හුළඟක් තරම් හිත නිවන උඹව මඟෙන් ඈත් නොකර ඉන්න....."

"නිලඹර මට පුළුවන් මළවුන්ගේ අවුරුදු දාවක් එනකල් නොරිකොත් එක්ක බලන් ඉන්න.....එදාට මතක ඇතුව එනවද මාව බලලා යන්න...."



නිමි.....🌸





මේක මගෙ දෙවෙනි Short story එක.....කතාව දැනුනා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි.....🙃

ඒක නෙවෙයි ඒ ලෙවල් අස්සෙ කතා ලියනවට හයේ හතරෙ පොල්ලකින් තඩිබාන එකද හොඳ....නැත්තම් මල් වාස් එක්කින් කෙළලා අරින එකද....😪

ඒ ලෙවල් ඉවර වෙනකල් ලියන්නෑ කියලා හිතන් හිටියට ලියන්නම හිතුනා....👻

මේක ලිව්වෙම මට මළගිය ඇත්තො පොත සම්බන්ධ කරලා කතාවක් ලියන්න සෑහෙන ආසාවක් තිබ්බා.....ඒකයි.....අදටත් මගෙ ආසම පොත....🥹🤍


Report Page