My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 07




විහන්ස එන්න එන්නම කිට්ටු වෙද්දි අහස්යා බය වෙලා වගේ එහෙම්ම හිටියා.


අහස්යාගේ මූණ පුරා වැටුනු කොන්ඩ කෑලි අතින් එහා මෙහා කරලා නිකටින් අල්ලලා මූණ ඉස්සුවා.


" මොකද මේ චූටි කෙල්ල ? "


" න්...නැ නැ ඩ්...ඩොක්ටර් "


" මම ගිලින්නැ ඔයාව. බය වෙන්නැතුව කතා කරන්න . අැයි පනාව අතේ තියන්. කොන්ඩේ පිර ගන්නද ? "


අහස්යා ඔව් කියන්න ඔලුව හෙල්ලුවා.


විහන්ස අහස්යාගේ පිටිපස්සෙන් ගිහින් හිටගෙන පරිස්සමට කොන්ඩේ පීරලා උඩට කරලා කට්ටක් ගැහුවා.


අහස්යා උස විහන්සගේ පපුව ලගට විතරයි නිසා වාඩි කරන්න ඕන නැ කොන්ඩේ පීරන්න.


" ඔලුව රිදෙනවද මෙහෙම පීරුවාම ? "


" නැ "


" හ්ම්. එහෙනම් යන්න අම්මා අැති කිචන් එකේ. "


" හා . තැන්ක් යු ඩොක්ටර්. ඔයාට හොදට කොන්ඩේ පීරන්න පුලුවන්. "


අහස්යා හිනා වෙලා කිව්වට එ්කට විහන්සට දුක හිතුනේ පරණ මතකයක් මතක් වෙලා.


විහන්ස හිනා වෙලා අහස්යාගේ කම්මුලක් අත ගාගෙන උඩට ගියා.


අහස්යා විහන්ස දිහා බැලුවාම තේරුනා මොකක් හරි අවුලක් කියලා.


අහස්යා පනාවත් අරන්ම අාවේ කිචන් එකට.


" අනේ මගේ කෙල්ල. බලන්නකෝ ලස්සන . "


අහස්යා හිනා වෙලා වට පිට බල බල හිටියා.


" මම උදව් කරන්නද ? "


" මොනවා කරන්නද දුව කැමති ? "


" ඔය ටික කපලා දෙන්නද ? "


" ඔලුව පහත් කරන් කරන්න තින දේවල් මේ ටිකේ කරන්න එපා. එ් නිසා අර බොංචි ටික සුද්ද කරන්නකෝ. "


" හරි "


අහස්යා මේසෙ ලගින් වාඩි වෙලා බෝංචි ටික උයන්න ලේස්ති කර කර ඉද්දි එක පාර කෑ ගහන් ගෙට අාවේ විහන්සගේ නංගි.


" ඔන්න අාවා ඔයාගේ අක්කා. "


අහස්යා හිටියේ බය වෙලා.


යෂෝදා හොයන් කෙලින්නම කුස්සියට අාව විහඟි අහස්යා එක්ක හිනා වෙලා වතුර එකක් බිව්වා.


" ඔයාගේ සද්දෙට වටේ පිටේ මිනිස්සුත් බය වෙනවා. මේ ඉන්නේ අහස්යා "


" හලෝ නංගි. මම විහඟි . "


" හලෝ විහඟි අක්කේ "


අහස්යා කිව්වේ බයෙන් බයෙන්.


" මට බය වෙන්න එපා පැටියෝ. මම ඔයාට නරකක් කරන්නැ. "


" මෙයා ටිකක් බයෙන් ඉන්නේ චූටි . තාම හුරු නැනේ. එ් නිසා. ඔයා වොෂ් එකක් දාන් අැවිත් කතා කර කර ඉන්නකෝ "


" හරි අම්මේ. කෝ අයියා ? "


" උඩ ඔෆිස් රූම් එකේ අැති මම හිතන්නේ. "


විහඟි හිනා වේගෙනම උඩට ගියහම යෂෝදා අහස්යා ලගින් වාඩි වුනා.


" දුවේ... ඔයා තාම මේවට හුරු නැති නිසා බයෙන් ඉන්නේ කියලා මට තේරටනවා. එ්ත් බයෙන් ඉන්න එපා දුවේ. "


" මට මේ දේවල් තාම....තාම දරාගන්න බැ . මටම කියලා පවුලක් තිබ්බ ලස්සනට හිටිය කෙල්ලෙක් මන්. සේරම නැති වෙලා "


අහස්යා අඩන්න ගත්තාම යෂෝදා අහස්යාව පපුවට තුරුල් කරන් පිට අත ගගා හිටියේ අඩලා ඉවර වෙනකම්.


" ශ්....දැං අැති දුවේ. දැං අැති. "


යෂෝදා අහස්යාව පපුවෙන් එහාට කරලා කදුලු පිහදාලා වතුර ටිකක් බොන්න දුන්නා.


" ඔයාගේ පවුල ඕපාර ඉදලා අපි කියලා හිතන්නකෝ "


අහස්යා වතුර ටික බිවිවාම යෂෝදා ෆ්‍රිජ් එකෙන් යෝගට් එකක් අරන් අාවා.


" මේක කාලා හොඳ දුව වගේ ගිහින් ටිකක් නිදාගන්න. "


" හරි "


යෝගට් එක කාලා පඩිපෙල නැගලා කාමරේට යන ගමන් විහන්සව බලන්න හිතුනත් එ්ක හොදද දන්නැ කියලා හිතලා කාමරේට ගිහින් අැදෙන් හාන්සි වුනා .


දැනුන සනිපෙට අහස්යාට හවස හයහමාර වෙනකම්ම නින්ද ගියා.


එ් අතරේ විහන්ස දෙපාරක්ම අැවිත් අහස්යාව බලලා ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


අහස්යා නැගිටලා මූණ කට සෝදන් පහලට යද්දි යෂෝදා පොතක් කියව කියව හිටියා.


අහස්යා ගිහින් යෂෝදා ලගින් වාඩි වුනා.


" දුවට බඩගිනිද ? මම ගිහින් බලද්දි හොඳටම නිදි "


" එච්චරම නැ . මම.....මම ගාඩ්න් එකට යන්නද ? "


" හා පරිස්සමට යන්නකෝ "


" ඩොක්ටර් කෝ "


" මං දැක්කා ගාඩ්න් එකට යනවා ලැප් එකත් අරන්. ඔයා ගිහින් බලන්නකෝ. පරිස්සමට යන්න දුවේ "


අහස්යා හිනා වෙලා වැරන්ඩා එකට අැවිත් ගාඩ්න් එකේ බෙන්ච් එකක හිටිය විහන්ස ලගට හිමිහිට ගියා.


අහස්යාගේ කකුල් වලට පොඩි වුන අඹ කොලවල සද්දෙට විහන්ස හැරිලා බැලුවා.


" පිණි බානවා . කොහේද මේ එන්නේ "


" ඩොක්ටර්ව බලන්න "


" අැත්තට. වාඩි වෙන්න එහෙනම් . "


විහන්ස බෙන්ච් එකේ කොනක තිබ්බ ශොට් ග්ලාස් එකයි ලිකර් බොට්ල් එකයි බිමින් තිබ්බේ අහස්යා එ් දිහා බලන් ඉද්දි.


" ඩොක්ටර් ඩ්‍රින්ක්ස් ගන්නවද ? "


" බේබද්දා වගේ බොන්නැ. හිටි ගමන් ශොට් එකක් දෙකක් ගන්නවා . "


" ඩොක්ටර් මම දෙයක් අහන්නද ? "


" අහන්න "


" ඉස්සෙල්ලා මම කිව්වානේ කොන්ඩේ පිරන්න හොදට දන්නවා කියලා. අැයි ඩොක්ටර්ට එ්කට දුක හිතුනේ. "


" හ්ම්.... එ්ක දුක හිතෙන කතාවක් අහස්යා. කැමතිද අහන් ඉන්න. "


" මම කැමති ඩොක්ටර්. ඩොක්ටර් මම වෙනුවෙන් මේ ටික කාලෙට කරපු දේවල් එක්න මට එ්ක අනිවාරෙන් කරන්න පුලුවන්. "


" මෝඩ චූටි කෙල්ල. අහන්න එහෙනම්. "


විහන්ස ග්ලාස් එකේ තිබ්බ අන්තිම ටිකත් බිව්වේ රෑ අහස දිහා බලලා ලොකු හුස්මක් පා කරලා යවන ගමන්.


" එයාගේ නම අාදිත්‍යා. මම මෙඩිකල් ෆැකල්ටියේ ඉද්දි තමයි අදුරගත්තේ. මට වඩා අවුරුදු දෙකක් බාලයි. අපි අවුරුද්දක් හරිම අාදරෙන් හිටියා. එ්ත්... එ්ත් මගේ යාලුවො මට කිවිවා එ්කි ගැන හොයලා බලන්න කියලා.


පස්සේ මම එයාගේ 23 වෙනි උපන්දිනේට තැග්ගක් ගන්න ගිහින් එද්දි එයා කොෆි ශොප් එකක ඉන්නවා දැක්කා. මම ටිකක් වෙලා බලන් හිටියා "


" අනේ ඩොක්ටර් දුකයි නම් කියන්න එපා "


" එහෙම නැ අහස්යා


ටිකකිං එතනට අාවේ මට වඩා සිනියර් බැජ් එකක මෙඩ් ස්ටුඩන්ට් කෙනෙක්. එ් දෙන්නා තුරුල් වෙලා ඉදලා යනකම් මම කාර් එකට වෙලා බලන් හිටියා. ටිකකිං මම කෝල් කරා අාදිත්‍යාට. "


අවුරුදු කිහිපයක අතීතයට..................


" අාදිත්‍යා කොහේද ඉන්නේ ? "


"මම...මම මේ බෝඩිමේ තමයි විහූ "


" හරි හරි. මම දැං එන්නද ටිකක් අැවිදින්න යන්න "


" එපා විහූ . මට මාර මහන්සි අද. "


" අැයි එ් ? කැම්පස් නැනේ අද ? "


" අද මේ...මේ මම කාමරේ අස් කරනේ. ටිකක් නිදාගන්න හැදුවේ. "

" හා හා හරි පැටියෝ. උවමනාවක් වුනොත් කතා කරන්න "


වර්තමානයට....................



" අැස් ඉස්සරහම බොරුව ඔප්පු වෙද්දි මට හරියට කලකිරුනා . එදා එහෙම්ම ගිහින් මම ක්ලබ් එකට වෙලා හොදටම බිව්වා. මගේ යාලුවෝ බලෙන් මාව බෝඩිමට අරන් ගියා.


පහුවදා බර්ත් ඩේ එකට වත් විෂ් කරන්න හිතුන්නැ.


මම හිත හදාගෙන පාර්ටියට ගියා.


මාව හග් කරලා කිස් කරලා පිලිගත්තා. මට ලොකු අප්පිරියාවක් දැනුනේ. එ් අතරේ අර කොල්ලත් හිටියා.


මම තිබ්බ කේන්තියයි දුකයි නිසා මම මයික් එක අතට ගත්තා.


හැමෝම ඉස්සරහා අාදිත්‍යාත් පුදුම වෙන්න මම එයාවයි එයාගේ අනිත් බෝයි ෆ්‍රෙන්ඩ්වයි හැමෝටම අදුන්වලා දිලා මම පැත්තකට වුනා.


තව මොහොතක් එතන නොයිද මම ක්ලබ් එකට අාවා.


එදා ඉදලා අාදිත්‍යා මම එක්ක කතා කරේ නැ. මමත් කිසිම කෙල්ලෙක් දිහා බැලුවේ නැ. අාදරේ ඉවර වුනා. මාව ගලක් කරලා. "


" අනේ "


අහස්යාගේ අැස්වලින් කදුලු බේරෙනවා දැකපු විහන්ස අහස්යාගේ කදුලු පිහදැම්මා.


" දැං එ් දේවල් වෙලා ඉවරයි. මම සතුටින් ඉන්නවා. දැං මොකෝ අඩන්නේ ? "


" දුකයි. "


" අඩන එක නවත්තනවා අහස්යා මැරුන් නොකා. අසනිපයක් හදාගන්න හදන්නේ ඔය. "


" හරි හරි ඩ්...ඩොක්ටර්. "


" යමු අැතුලට. පිණි බානවා "


අහස්යා විහන්ස එක්ක අැතුලට අාවා.


" නංගි එන්නකෝ මට කතා කරන්නත් බැරි වුනා. මම හෝදන් එන ටිකට ඔයා නිදිනේ "


විහන්ස කිචන් එකට ගිහින් ශොට් ග්ලාස් එක සෝදලා අාපහු එද්දි අහස්යා විහඟි අම්මයි එක්ක ටිකක් කතා කරනවා.


" මම ඔයාට අ...අම්මා කියන්නද ? "


අහස්යා අැහුවේ ඉකියක් පිට වෙද්දි මූණත් අත් දෙකෙන් වහන්.


විහන්සට කදුලු අාවා කෙල්ල බලාපොරොත්තු වෙන්නේ හිතට දැනෙන බැදිම් කියලා තේරෙද්දි .


" ඕක අහන්නත් දෙයක්ද චුට්ටි. ඕපාර ඉදලා ඔයා මගේ චුට්ටි. මම ඔයාගේ අම්මා. "


" එ්ක හොදයි අම්මේ. හැබැයි දැං ඔයා මට ඩොක්ටර් කියන්න එපා. අයියේ කියන්න .නැත්තං චූටි වගේ ලොකූ කියන්න. "


" අයියේ කියන්නම් "


විහන්ස හිනා වෙලා කාමරේට ගියේ නාගන්න.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


සතියක්ම ගෙවුනේ විහන්සගේ පවුලේ අයට අහස්යා තමන්ගෙම කෙනෙක් වෙද්දි.


අහස්යා නිතරම කල්පනා කර කර ඉන්න නිසා යෂෝදා මොකකටම හරි වැඩක් අහස්යාට පවරනවා.


විහඟි ගෙදර ඉන්නකොට අහස්යාට ඉතාලි බාෂාව උගන්නනවා.


විහන්ස කැමතිම අහස්යාව මිනිස්සු එක්ක කවලම් කරන්න . එ් නිසා විහන්ස පුලුවන් හැම වෙලාවෙම අහස්යා එක්ක තනියම හරි අම්මායි නංගියි අහස්යයි තුන් දෙනාම එක්ක හරි එක එක තැන් වලට යනවා.


දැන් නම් ඩිප්‍රෙෂන් තත්වේ ගොඩක් දුරට හොදයි.


එ්ත් පරණ දේවල් මතක් වෙද්දි පොඩි දුකක් දැනෙද්දිත් කෑ ගහලා අඩන්න ඕනිකම අහස්යට තිනවා.


අහස්යාට ඕනේ වුනා අාදරයක් !


අහස්යාගේ හිතේ විහන්ස ගැන අාදරයක් තිබුනත් අහස්යා එ්ක උපන්ගේම වලලා දැම්මේ තමන්ට කරපු උදව්වට එ්ක ලොකු අපහාසයක් වෙයි කියලා.


විහන්සව දැක්කාම අහස්යාට අාදරේ නොහිතෙන එක අරුමයක් නෙමෙයි.


ගානට මේන්ටේන් කරන අැඟයි , බෙල්ලේ ඉදලා පපුව මැදට වෙනකම් තින ටැටු එකයි , රැවුලයි , කොන්ඩෙයි එක්ක විහන්ස හරිම කඩවසම් . ඩොක්ටර් කෙනෙක් වුනාට හරිම කඩවසම් සෙල්ලක්කාර කොල්ලෙක් තමයි විහන්ස .


අහස්යාට දැං තුවාල සනිප නිසා විහන්සගේ නංගි අහස්යාව එක්ක ගියේ සැලුන් එකකට.


මොකද අහස්යා සල්ලිකාර පවුලක ලස්සනට හැඩට හිටිය කෙල්ලෙක් කියලා දන්න නිසා.


ඉන ලගටම තියෙන කොන්ඩේ අායිම කලර් කරලා , ත්‍රෙඩින් එකක් කරලා , අයිබ්‍රෝව්ස් හදලා , අත පයත් වැක්ස් කරලා


විහඟිත් ෆේෂල් එකකුයි වැක්ස් එකකුයි කරන් ගෙදර අාවා.


අහස්යා හුග කාලෙකට පස්සේ අායේ පරණ පෙනුමම ගත්තේ.


දැං වෙනදා වගේ වැහැරිලත් නැ.


අත පය පිරිලා.


හරිම පිං පාට නිමුනු ලස්සනක්.


විහන්ස ගල් හිත වුනත් මේ ලස්සන අහිංසකි ලග නොහෙල්ලුනානම් තමයි පුදුමේ.


එ්ත් හිටි ගමන් අඩන එක කල්පනා කරන එකනම් එහෙම්ම තිබ්බා.


විහන්ස හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර එද්දි අහස්යා හිටියේ සාලෙට වෙලා පූස් පැටියෙක්ගේ රුව තින ටෙඩියෙක් බදාගෙන පොතක් කියව කියව.


විහන්ස අහස්යාව දැකපු ගමන් ගල් ගැහිලා වගේ හිටියේ එ් ලස්සන දැකලා.


රත්තරන් කැල්ල වගේ වාඩි වෙලා ඉන්නවා පොත අැතුලේ ගිලිලා.


විහන්ස හිමිහිට ලගට අැවිත් පොඩ්ඩක් උගුර පෑදුවා.


"ක්...හ්...ම් "


අහස්යා ඉක්මන්ට වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටේ හිනා වෙවි.


" මම බැලුවා කවුද කියලා "


එහෙම කියාගෙන යෂෝදාත් සාලෙට අාවා.


" අද අපේ චුට්ටිගේ ලස්සන බලන්නකෝ අම්මේ "


" අැත්ත ලොකු. හරිම සිරියාවයි වෙනදටත් වඩා. "


අහස්යා ලැජ්ජාවට බිම බලන් හිනා වුනා.


" මම අම්මටයි අයියයටයි බොන්න මුකුත් අරන් එන්නම් "


" හරි චුට්ටි හදන්නකෝ "


යෂෝදා විහන්ස එක්ක ලිවින්ග් රූම් එකේ තනි වෙද්දි අහස්යා කිචන් එකට ගියා.


" දැන් නම් එ් දරුවා ඉන්න විදිහ සෑහෙන්න හොදයි. දැං එච්චර බයක් නැ . එ්ත් හිටි ගමන් කල්පනා කරනවා. "


" කල්පනා කරන්න ගියොත් අායේ අසනිප වෙයි. ඔය තත්වෙන් ගොඩ අාව එකත් හොදයි . ඔය පොඩි වයසට විදපු දේවල් එක්ක "


" එ්ක අැත්ත පුතේ. මම කියන්න හිටියේ ටික කාලයක් තව ඉන්න දිලා මෙයාව ක්ලාස් එකකට හරි මිනිස්සු එක්ක කවලම් වෙන්න යැව්වොත් හොදයි. තාමත් පිට කෙනෙක් දැක්කාම බයේ මම ලගට එනවා "


" එ්කත් අැත්ත. හිතලා හොද දෙයක් කරන්න ඕන. මම චේන්ජ් කරන් එන්නම්. "


" හරි "


විහන්ස නැගිටලා කාමරේට ගියේ අහස්යාගේ අනාගතේ ගැනත් ප්ලැන් කරන ගමන්.



Sp

Report Page