My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 06




" අැති ඩොක්ටර් "


" එහෙනම් වතුර බොන්න. "


විහන්ස වතුර එක අතට දීලා ගිහින් අත සෝදන් අැවිත් වාඩි වුනා.


" අහස්යා දැං මොකද කරන්න හිතන් ඉන්නේ ? "


" දන්නැ ඩොක්ටර් රෂිත් "


" අනාගතේ ලස්සනට හදාගන්න පුලුවන් අහස්යා ඔයාට. ඔයා තාම පොඩියි. "


" මැරිලා යන්න තිබ්බ නම් හරි "


අහස්යා කිව්ව දේට විහන්ස වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා රවලා බලලා අැදටත් පයින් ගහලා එලියට ගියා.


විහන්ස මේ විදිහට හැසිරෙනවා කලිං දැකලා නොතිබ්බ අහස්යා හොඳටම බය වුනා.


" මොනවද අහස්යා කියවන්නේ ? ඩොක්ටර් විහන්ස කොච්චර මහන්සි වෙලාද ඔයාව සනිප කරේ. "


" එ...එයාටත් මා...මාව එපා වෙයිද ඩ්...ඩොක්ටර් ? "


ඉකි ගහ ගහ අහන අහස්යාගේ ඔලුව අත ගාලා නැ කියන්න ඔලුව වනලා රෂිත් ගියෛ විහන්සව හොයන්.


" බලහං අර කිව්ව කතාව. අම්මපා අසනිප නැත්තං මම ඕකිගේ හක්ක පොඩි වෙන්න අනින්නේ. "


" කේන්ති ගන්න එපා බන්. විහා මේ අහපන් "


" මොකද ? "


" උබේ හිතේ අහස්යා ගැන ? "


" ඔව් බන්. මම එ්කිට අාදරෙයි. කවදා කොහොම අැති වුනාද දන්නැ එ්කි ලගදි මට හරි සැනසිමයි. මම අාදරෙයි එ් බටු අැටේට "


" අාන්ටි කැමති වෙයිද ? "


" අම්මා අකමැති වෙන්නැ. එ්ක විස්වාසයි. එ්ත් මේ ගස්තරී කියන්නෙම මැරෙන කතා "


" තාම එ්කි හිත හදන් නැ බන්. "


" අැත්ත. ඔය වයසට ෆේස් කරපු දේවල් එක්ක ඔය තත්වෙන් බේරිච්ච එකත් හොදයි. "


" එ්කනේ. අාං උබේ ගස්තරි අඩනෝ. ගිහින් නලව ගනිං "


" අනේ අමම්පා . එ්පාර මොකද දන්නැ. "


" උබ රවපු නිසා. "


" මොන හු&# "


විහන්ස අඩියට දෙකට කාමරේට යද්දි අහස්යා කසුලු පිහද පිහද මූණත් රතු කරන් බලන් ඉන්නවා.


විහන්ස රවාගෙනම අහස්යා ලගට කිට්ටු වෙලා නිකටින් අල්ලලා මූණ ඉස්සුවා.


එ් අැස් වලට එබිලා බලන් හිටියේ අහස්යා අැස් දෙකත් බෝල කරන් බලන් ඉද්දි.


එහෙම්ම එ් නලලට තොල් තියලා කිස් කරලා විහන්ස පුටුවෙන් වාඩි වුනා.


" අැයි මේ ? "


" මම එක්ක තරහා වෙන්න එපා ඩොක්ටර්. මට...මට මේ තරමින් හරි අදුරන අයට ඉන්නේ ඔයාම විතරයි. "


" තමුසෙනේ මාව කේන්ති ගස්සන්නේ "


" ස්...සොරි "


" සොරි සොරි තමයි. මේ අහන්න අහස්යා. මම ඔයාට ට්‍රිට්මන්ට් කරලා සනිප කරගන්න හැදුවේ ඔයා මට වටින කෙල්ලෙක් නිසා. අනික ඔයා දුක් විදින්න ඕනි වයසක නොඉන්න නිසා. දැං ඔයාට එ් අසනිපේ හරි. එ්ත් ඔයා තනිවෙලා කියලා හිතන්න එපා. මම ඉන්නවා ඔයාට. ඔයා ඩිස්චාර්ජ් කරනවා හෙට. එතකොට තව හොදින් ඉතැකි. "


" ඩොක්ටර් ඩිස්චාර්ජ් කරත් මම යන්නේ ? "


" ඔයාට සනිප වෙනකම් මම අපේ ගෙදර එක්ක යනවා. අපේ අම්මා කැමති ඔයාව බලාගන්න. "


" එ්ක කරදරයි ඩොක්ටර් "


" අායේ පටන් ගන්න හදන්න එපා අහස්යා. "


විහන්ස රවලා කියද්දි අහස්යා බිම බලාගත්තා.


අහස්යාට බෙහෙත් සැරට නින්ද යන කම් ඔලුව අතගාපු විහන්ස අාපහු රෂිත් එක්ක හොස්පිට්ල් එකට ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" ඩොක්ටර් "


" අැයි නර්ස් "


" අර බිනරි අහස්යා . මෙන්ටල් හොස්පිට්ල් එකෙන් ගෙනාව පේෂන්ට් නින්දෙන් අඩනවා. "


" යමු "


ඩොක්ටර් මැදගෙදර රූම් එකට යනකොට අහස්යා නින්දෙන් හොදටම අඩනවා.


තමන් දන්න වෙෙද්‍ය ක්‍රමය ඉහලින්ම පාවිච්චි කරලා අැඩිල්ල නවත්තලා අහස්යාව නින්දෙන් නැගිට්ටුවා.


" අහස්යා දැං හරි නේද සේරම ? "


" ම්...හ්....ඔව් "


" ඔයාට දැං බය වෙන්න දුක් වෙන්න දෙයක් නැ දුව. දැං නිදාගන්න අායේ. "


" හරි "


මැදගෙදර අහස්යාට නින්ද යන්න බෙහෙතක් විදලා අාපහු ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


පහුවදා විහන්ස හොස්පිට්ල් එකට අාව ගමන් ගියේ ඩොක්ටර් මැද ගෙදරගේ පනිවිඩේට.


" ඩොක්ටර් මට එන්න කිව්වද ? "


" ඔව් ඩොක්ටර් විහන්ස. වාඩි වෙන්නකෝ "


" අැයි ඩොක්ටර් ? "


විහන්ස අැහුවේ බැරැරුම් විදිහට රිපෝට් වගයක් චෙක් කරන ඩොක්ටර් දිහා බලලා.


" ඊයේ රැ නින්දෙන් අහස්යා හොදටම අැඩුවා. එ්පාර එ්කට ට්‍රිට් කරලා නින්ද යන්න බෙහෙතක් දුන්නා. අද උදේම මම එයාව ටෙස්ට් එකකට ගත්තා. මේ එ්කේ රිපෝට්. "


" ඩොක්ටර් එයා හොදින් නේද ? "


විහන්ස අැහුවේ බයෙන් .


" අහස්යා ඉන්නේ ඩිප්‍රෙෂන් තත්වෙක. එ්කට හේතුව එයා හිතනවා පරන දේවල්. "


" මගේ දෙයියනේ. අපිට බැරිද ඩොක්ටර් මුකුත් කරන්න ? "


" ඔයත් ඩොක්ටර් කෙනෙක් නේ විහන්ස. ඔයාටත් තේරෙනවනේ මේ වගේ අයට ට්‍රිට් කරන්න ඕන ගොඩක් පරිස්සමෙන් කියලා. "


" යෙස් ඩොක්ටර් "


" එයාව කොයි වෙලාවකවත් තනි කරන්න එපා. එයා පොඩ්ඩ අැත්නම් කල්පනා කර කර අඩනවා. එ්ක අන්තිම කරකයි එයාගේ මයින්ඩ් එකට. අනික මෙන්ටල් ප්‍රොබ්ලම් එකන් තිබ්බ ලමයෙක්නේ. එයාට ගොඩක් කට්ටිය ඉන්නවා කියලා දැනෙන්න දෙන්න. "


" හරි ඩොක්ටර්. දැං නම් මට පිස්සු වගේ. මේ පොඩි වයසට මේ කෙල්ල විදවන හැටි. "


" එ්ක තමයි දරුවෝ. එහෙනම් දැං ඔයාට එයාව එක්ක යන්න පුලුවන්. අනිද්දට ඔලුවේ මැහුම් කපන්න එක්ක එන්න. දැම්ම නාවන්න එපා. ටිකක් වැඩිපුර අැවිද්දවන්න. "


" හරි ඩොක්ටර්. තැන්ක් යු සෝ මච්. "


" යු අා වෙල්කම් පුතා. "


විහන්ස ඩොක්ටර් මැදගෙදර මුණ ගැහිලා කල්පනා කර කරම ඉක්මන්ට අාවේ අහස්යාව බලන්න.


විහන්ස එද්දි අැදේ වාඩිවෙලා අහක බලන් කල්පනා කර කර ඉන්නවා. අැස් දිගේ කදුලු බේරෙනවා.


විහන්ස ලොකු හුස්මක් අරන් අහස්යා ලගට ගිහින් ඔලුවට අතක් තිබ්බා .


අහස්යා නිකමට වත් උඩ බලන්නැතුව විහන්සලේ අතකිං අල්ල ගත්තා.


" අහස්යා "


" ම් "


" අැයි මේ ? "


" කවුරුත් නැනේ මට "


" ඔන්න අායේ පටන් ගත්තා . මේ මෝඩ කෙල්ල තේරුම් ගන්න ඕනි දේවල් ගොඩක් තිනෝ. ඊට කලිං අපි අැදුමක් මාරු කරන් ඉමු. "


" අැයි එ් ? "


" අද ඔයාව මම අපේ ගෙදර උස්සං යනෝ. "


" ඔයාට ගෙදරින් බනිවි ඩොක්ටර් "


" පිස්සුද අහස්යා. අපේ අම්මා කැමති ඔයාව බලාගන්න. අනික මගේ මෝඩ නංගිත් ඉන්නවා . එයත් කැමති නංගි කෙනෙක්ට. "


" හ්ම් "


" දැං යමුකෝ නැගිටින්න. "


විහන්ස අහස්යාව අැදෙන් බස්සලා අතට අැදුම් ටික දිලා එලියට ගියා.


උදේම මූණ සෝදලා හොස්පිට්ල් එකෙන් දිපු අැදුම අැදන් හිටිය නිසා අහස්යා විහන්ස දිපු අැදුම් ටික අැදගත්තා.


අැදගෙන ගිහින් රූම් එකේ දොර අැරියේ විහන්සට එන්න කියන්න.


" ඩොක්ටර් විහන්ස "


" අා අහස්යා . "


විහන්ස අායේ රුම් එකට අැවිත් අහස්යා දිහා බලන් හිටියා.


" හරිම ලස්සනයිනේ අහස්යා. වාඩිවෙන්න මම කොන්ඩේ පිරන්නම්. නැත්තං ඔයා තුවාලේ වද්ද ගනිවි. "


විහන්ස අහස්යාව අැදේ වාඩි කරලා කොන්ඩේ පිරලා ක්ලිප් එකක් ගැහුවා.


" දැං හරි. අපි යමු. "


මහ ගොඩක් දේවල් නොතිබ්බ නිසා තිබ්බ දේවල් විහන්ස ලොකු බෑග් එකකට ඔබාගෙන අහස්යාත් අතින් අල්ලං වාහනේට ගියා.


කාර් එකේ දොර අැරලා ඉස්සරහින් අහස්යාව වාඩි කරලා පිටිපස්සට අැදුම් බැග් එකත් දාලා විහන්ස ඩ්‍රයිව්න් සිට් එකේ වාඩි වුනා.


" අහස්යා ඉස්කෝලේ ගියේ කොහේද ? "


" ලයිසියම් එකට . ඩොක්ටර් ගියේ මොහොකටද ? "


" මම ගියේ ට්‍රිනිටි එකට. එ් කාලේ හිටියේ නුවර. "


" මෙහේ අාවේ ජොබ් එකටද ? "


" එහෙමමත් නෙමේ. තාත්තට අලුත් කම්පැනියක් පටන් ගන්න. "


" ඩොක්ටර් මට තේරෙන්නැ මේ කිසි දෙයක්. තාත්තගේ මහන්සියෙන් හදපු කම්පැනිය මේ වෙද්දි විනාස වෙලා අැති "


" අහස්යා ඕවා දැං හිතන්න එපා. මම පොරොන්දු වෙනවා මාස දෙකක් යද්දි ඔයාට තියෙන සේරම ප්‍රශ්න මම විසදනවා කියලා. "


" ඩොක්ටර්ටත් කරදරයි මම නිසා "


" පටන් ගන්න හදන්න එපා අහස්යා "


විහන්ස රවලා බැලුවාම අහස්යා ශටර් එකෙන් එලිය බලන් ගියා.


විහන්ස ගේට් එක ලගදි හෝන් කරහම සුගත් අැවිත් ගේට් එක අැරියා.


" බහිමු බහිමු. බැහැලා හැඩ බලමු "


විහන්ස හිනා වෙවි කිව්වේ අැස් ලොකු කරන් ගාඩ්න් එක දිහා බලන් ඉන්න අහස්යාට.


විහන්ස වාහනෙන් බහිද්දිම වගේ විහන්සගේ අම්මා වැරන්ඩා එකට අාවා.


" කෝ පුතේ අර දරුවා ? "


" අර දරුවා අන්න වාහනේ තාම. "


විහන්ස එහෙම කිව්වාම යෂෝදා ගිහින් කාර් එකේ පැසේන්ජර් සීට් එක පැත්තේ දොර අැරලා අහස්යා එක්ක හිනා වුනා.


" බහින්න අදහසක් නැද්ද දුවට ? "


" හ්...හරි "


අහස්යා බයේ වෙව්ල වෙව්ල බැස්සේ විහන්සගේ අම්මා අහස්යාට අලුත් නිසා.


" අැයි දුවේ මේ ගැහෙන්නේ ? "


යෂෝදා අහපු දේ අැහුන විහන්ස ඉක්මනට අහස්යා ලගට ගියා.


නලලට අත තියලා බැලුවේ උනද කියලා.


" මොකද අහස්යා මේ ? උණ නම් නැ . ඔයා බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා. අම්මා නපුරු නැ "


" අනේ දරුවෝ මම ඔයාට බනින්නැ. කෝ අපි යමු කාමරේට. මම ඔයාට ලස්සනට කාමරේකුත් ලේස්ති කරා. "


" දැක්කනේ අහස්යා. යන්න අම්මා එක්ක. මම මෛ බැග් එක අරන් එන්නම්. "


විහන්ස කිව්ව දේට කැමති වෙලා අහස්යා යෂෝදා එක්ක සාලෙට අාවා.


" උඩට යන්න කලිං වාඩි වෙන්නකෝ දුවේ. මම බොන්න මුකුත් අරන් එන්නම්. "


අහස්යා හා කියන්න ඔලුව වනලා ගවුමේ කොනක් කුනිත්ත කුනිත්ත හිටියා.


විහන්ස බෑග් එක පුටුවකට දාලා අැවිත් අහස්යා ලගින් වාඩි වුනා .


" අහස්යා බය නැතුව මම දිහා බලන්න "


" ම් "


" ඔයා බොරුවට බය වෙලා තින්නේ. තේරුනානේ. ඔයා අපි එක්ක හැමදාම ඉන්නවා. බය වෙන්න කිසිම දෙයක් නැ. තේරුනානේද මේ චූටි මොලේට ? "


විහන්ස අැහුවේ අැගිල්ලකිං නලලට තට්ටු කරලා.


" ඔයා මාව දාලා යන්නැනේද ? "


" අහස්යා මේ මගේ ගෙදර . මම කොහේ යන්නද ? "


" එ්නම් කමන්නැ. මට බයයි. "


" බය වෙන්න දෙයක් නැ. ඔයා කලිං හිටියා වගේ හිනා වෙලා සතුටින් ඉන්න ඕන . ඔන්න අම්මා බීම ගේනවා. "


විහන්ස නැගිටලා අම්මගේ ට්‍රේ එකේ තිබ්බ මග් එක ගත්තා.


" දුව බොන්නකෝ. බීලා යමු උඩට. "


අහස්යා හිනා වෙලා ඔලුව වැනුවා.


" දුවගේ නම මොකද්ද ? "


" බිනරි අහස්යා ජයසිංහ. "


" ලස්සන නම. කෝ ඕක බීලා ඉවරද .එහෙනම් අපි යමුකෝ "


යෂෝදා අහස්යාගේ අතකින් අල්ලං පඩිපෙල නැගලා උඩට ගියා.


" ඔයාව සප්‍රයිස් කරන්න තමයි යන්නේ දුවේ. ඔයාම දොර අරින්නකෝ "


අහස්යාගේ අතට කී එක දුන්නාම අහස්යා යෂෝදා දිහායි විහන්ස දිහායි බලලා දොර දිහාත් බැලුවා.


" අහස්යා ඕපන් කරන්න ඕක "


අහස්යා දොර ඕපන් කරලා අැතුලට ගියහම දැක්කේ සුරංගනා ලෝකයක් වගේ හදපු කාමරයක්.


රෝස පාට ගාපු බිත්ති , රෝසපාට බෙඩ්ශීට් දාලා තිබුන අැද , අැද පුරාම තියලා තිබ්බ ටෙඩි බෙයාලා , සුදු පාට මිරර් ටේබල් එක , ලොකු රෙදි කබඩ් එක , බම්ප් කුෂන් තුනක් එක්ක සේරටම වඩා ලස්සන බිත්තියේ ගහපු අහස්යාගේ ෆොටෝ එක.


අහස්යා කදුලු පුරවන් බලන් හිටියේ මේ හැමදේම දිහා.


දෙපාරක් නොහිතා අහස්යා යෂෝදාට තුරුල් වුනේ යෂෝදා අාදරෙන් අහස්යාව පපුවට තුරුල් කරන් ඔලුව අතගාද්දි.


" අැයි දරුවෝ මේ ? සතුටු නැද්ද ? "


" ම...මට ගො...ගොඩක් සතුටුයි. මට මේක....ද..දරා ගන්න බැ "


" අනේ දුවේ.... මේ සේරම කරේ ඔයා වෙනුවෙන්. පාටවල් තෝරලා එ් වට උදව් කරේ විහන්සයි එයාගේ නංගි. තව ටිකකිං එයත් එයි. එයා තමයි ගොඩක් දේවල් තේරුවේ "


" දැං හඩ්ඩි වගේ ඉන්නැතුව යන්න යන්න අල්මාරියේ ලස්සන අැදුම් තිනවා. "


විහන්ස කිව්වාම අහස්යා හිනා වෙලා ගිහින් අල්මාරිය අැරලා බැලුවා.


දෙයියනේ අැදුම් පුරවලා


අහස්යා දුවන් අැවිත් විහන්සව බදාගත්තේ අඩ අඩමයි.


" ග්...ගොඩක් පින් ඩොක්ටර් "


" ශ්.....අැති අැති අහස්යා. අද දවසම තමුසගෙ වැඩේ අඩන එක. හදාගන්නවා මොකක් හරි. කෝ අැති දරුවෝ "


විහන්ස අහස්යාව පපුවෙන් අැත් කරලා අම්මට බාර දීලා එලියට ගියා.


කැමති අැදුමක් තෝරගන්න කියලා යෂෝදා අැදේ වාඩිවෙලා අහස්යා දිහා බලන් හිටියා .


අැත්තටම සිරියාවන්ත කෙලි පැටික්කි කියලා යෂෝසාට හිතුනා.


අැදුම් ටිකත් අරන් බාත්රුම් එකට යද්දි යෂෝදා කතා කරා.


" දුවේ ඔය ටික මෙතනිං තියලා ගිහින් අැදන් එන්න. මම දොර වහන් එලියට යන්නම් . "


අහස්යා හා කියලා ඔලුව හොලවලා ටවල් එක අරන් බාත්රූම් එකට ගියා.


ඔලුව තෙමාගන්නැතුව පරිස්සමට අැඟ සෝදන් ටවල් එක පිටින් කාමරේට අැවිත් තෝරලා තිබ්බ ඩෙනිම් නිල් ශෝට් එකයි , සුදු පාට ටී ෂර්ට් එකයි අැන්දා.


කොන්ඩේ පීර ගන්න බැරි නිසා අැදේ වාඩි වෙලා කල්පනා කරලා අන්තිමට යංතං ක්ලිප් එකක් ගහන් දොර අැරන් පඩිපෙල ලගට ගියා.


කිසිම දෙයක් තාම හුරු නැති නිසා වටපිට බලපු අහස්යා කුස්සිය පැත්තට යන්න තිරනේ කරා.


අහස්යා හිමිහිට පඩිපෙල බැහැලා ලිවින්ග් රූම් එකට එද්දි ම අැතුලට අාවේ විහන්ස.


අහස්යාව වෙනම විදිහකින් දැකපු නිසා කොල්ලා හිටියේ කන්ෆියුස් වෙලා.


අසනීප වෙලා හිටිය නිසා ටිකක් වැහැරිලා ගියාට අහස්යා හරිම හුරතල් ලස්සන කෙල්ලෙක්.


විහන්සව දැක්කාම බිම බලන් හිනා වෙලා එහෙම්ම හිටියේ කොහේටවත් නොගිහිං.


විහන්ස හිමින් සැරේ අහස්යාට කිට්ටු වුනේ අතේ තිබ්බ කී එක සෝෆා එකට විසි කරන ගමන්.



Like , reaction & comments වලට Thank you so much 💕💕💕💕💕



Sp

Report Page