My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 05




" කොයි වෙලාවෙද දැක්කේ ? "


"...................... "


" මම දැම්ම එන්නම් "


විහන්ස ඉක්මන්ට දුවලා බාත්රුම් එකට ගිහින් මූණට දාපු දාඩිය යන්න මූණ සෝදන් අැදුමක් දාන් පහලට ගියා.


රැ 1.14 යි.


අම්මයි නංගි නිදි නිසා හිමිහිට දොරත් අැරන් එලියට ගිහින් සුගත්ට ගේට් එක අරින්න කියලා වේගෙන් ගියා.


විහන්ස යනකම්ම ප්‍රාර්තනා කරේ නරකක් නම් වෙන්න එපා කියලා.


කොළඹ ජෙනරල් හොස්පිට්ල් එකට අැවිත් රිසෙප්ෂන් එකෙන් විස්තරත් අහන් දුවලා ගියේ අයිසියු එක ලගට.


" ඩොක්ටර් විහන්ස "


"සර් මොකද වුනේ ? "


" අනෝමා තමයි දැකලා තින්නේ. අැදෙන් වැටිලා ලේ පෙරාගෙන ඉන්නවා. මම අද නයිට් එක නිසා දැනගත්ත ගමන් අරන් අාවා. "


" අැදෙන්න වැටිලා මේ තරම් දෙයක් වෙයිද සර් ? "


" දැං මම නලීන්ට කියලා සිසිටිවි රෙකෝඩ් මට ගෙන්න ගත්තා. මේ බලන්නකෝ "


විහන්ස ලොකු ඩොක්ටර්ගේ ෆෝන් එකෙන් සිසිටිවි රෙකෝඩ් එක බලන්න ගත්තේ ලග තිබ්බ සීට් එකකට බර වෙලා.


අහස්යා !


අැදේ නිදාගෙන නින්දෙන් පෙරලිලා අැවිත් බිමට වැටෙනවා.


අායේ නැගිටින්න හැදුවත් එහෙම්ම වැටෙන්නේ ඔලුවෙන් ලේ ගලන නිසා කියලා විහන්සට තේරුනා.


" එ් පොඩි එකි සනිප වේගෙන අාවා විතරයි සර් . ශිට් "


විහන්ස අත මිට මොලවලා පුටු අැන්දට ඔලුව බිත්තියට හේත්තු කර ගත්තේ ලොකු වේදනාවකිං.


" බලමු පුතා. වරදක් වෙන එකක් නැ. "


පැය තුනක් ලොකු ඩොක්ටර්යි , විහන්සයි , අනෝමයි , මිහිරංගයි අයිසියු එක ඉස්සරහා වාඩි වෙලා බලන් හිටියා.


එ් පැය තුනට එක එක විදිහේ අදහස් විහන්සට අාවා.


විහන්ස අැස් තද කරලා පියාගෙන හිටියේ නරක වෙන්න එපා කියලා ප්‍රාර්තනා කර කර.


" එක්සියුස් මි ඩොක්ටර් සේනාධීර "


අහස්යාව චෙක් කරපු ඩොක්ටර් අයිසියු එකෙන් එලියට අැවිත් කතා කරද්දි ලොකු ඩොක්ටර්යි විහන්සයි ඉක්මනට ඩොක්ටර් ලගට ගියා.


" ඩොක්ටර් මැදගෙදර අහස්යාට කොහොමද ? "


" ඩොක්ටර් සේනාධීර පේෂන්ට්ගේ තත්වේ දැනට නෝමල්. එ්ත් අපිට කියන්න බැ තාම හරියට. ලේ ගොඩක් ගිහින්. අපි දැං ලේ දෙන ගමන්. අනික් වැදගත්ම දේ . මේ පේෂන්ට් මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තිබ්බ කෙනෙක් නිසා සමහර විට එ්කේ වෙනසක් වෙන්න පුලුවන්. "


" එ් කිවිවේ ඩොක්ටර් ? "


" ඩොක්ටර් විහන්ස සමහර විට එයාගේ මෙන්ටල් ප්‍රොබ්ලම් එක රිකවර් වෙන්න පුලුවන්. නැත්තං මේ සේරම අමතක වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්තං මේ තියෙන තත්වේ අඩු වෙලා සාමාන්‍ය ඩිප්‍රෙෂන් තත්වෙකට එන්නත් පුලුවන්. අැත්තටම එ්ක හරියටම කියන්න පේෂන්ට් ට සිහිය එන්න ඕන "


විහන්ස ඩොක්ටර්ට තැන්ක්ස් කරලා අයි සි යු ග්ලාස් එකෙන් අහස්යා දිහා බලන් හිටියා.


විහන්සට දැනුනු දුක මෙච්චරයි කියන්න බැ

" මොකද්ද අහස්යා මේ කරගත්තේ ? "


විහන්ස එහෙම මුමුනලා අායේ අැවිත් පුටුවකින් වාඩි වෙලා කල්පනා කර කර හිටියා.


" පුතේ , අපි තව ඉදලා වැඩක් නැ. සිහිය අාවාම ඩොක්ටර් මැදගෙදර අපිට ඉන්ෆෝර්ම් කරයි. අපි යමු. "


" හරි සර්. මම සර්ව ඩ්‍රොප් කරන්නද ? "


" එපා පුතා. මිහිරංගයි අනෝමයිත් යන්න එපැයි. මම එහෙම්ම යනවා. ඔයා මේ දරුවා ගැන බලන්න. මොකද මෙයාව බාරදීලා තිබ්බ ඩොක්ටර් ඔයානේ. අනික මෙයා ඔයාට විතරයි කන්ට්‍රෝල්. "


" එ්ක අැත්ත සර්. මම මෙයාව බලන්නම්. "


විහන්ස හොස්පිට්ල් එකේ ඉදලා ගෙදර අාවේ ටිකක් අවසිහියෙන් වගේ.


හිතේ ලොකු බයක් තිබ්බා සනිප වේගෙන අාව අහිංසකිට අායේ නපුරක් වෙයිද කියලා .


කාර් එක වැරන්ඩා එකේ පාර්ක් කරලා විහන්ස ගෙට යද්දිම අම්මා අාවා ඉස්සරහට.


" කොහේද පුතේ ගියේ ? "


" අර මට තුවාල කරපු ලමයා අහස්යා ! මතකයිනේ අම්මට . "


" ඔව් ඉතිං. "


" එ් ලමයා අැදෙන් වැටිලා ඔලුව පලාගෙන. මම නේ එ් ලමයගේ ඩොක්ටර් . කෝල් කර ගමන් ගියා. තාම අයිසියු අම්මේ. මට නම් බයයිත් එක්ක. හොඳ වේගෙන අාවේත් . "


" බය වෙන්න එපා පුතේ. වරදක් වෙන්නැ. "


" පිස්සු වගේ අම්මේ "


විහන්ස දෙපාරක් නොහිතා අම්මට තුරුල් වුනේ පොඩි කාලේ වගේ.


විහන්ස ටිකක් වෙලා එහෙම ඉදලා එහාට වෙලා කාමරේට යන්න හැරුනා.


" තේ එකක් ගේන්නද ? "


" එපා අම්මේ "


" වැඩට යනවද අද ? "


" අද ඉදලා මට අර ලමයව බලන්න විශේශ අවදානයක් දෙන්න කිව්වා. එ් නිසා දවල් වෙලා යනවා. මම බලපු අනිත් දෙන්නව හෙට ඩිස්චාර්ජ් කරනවා. "


" හරි පුතේ. "


විහන්ස කාමරේට අැවිත් අැදට වැටිලා කල්පනා කර කර හිටියා.


එ් වෙලාවේ විහන්සට ඕනි වුනා ඩ්‍රින්ක් එකක්.


විහන්ස නැගිටලා ගිහින් කබඩ් එකෙන් ලීකර් බොට්ල් එකක් අරන් ටිකක් බීලා අායේ නිදාගත්තා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


දවස් දෙකක් ගියේ අහස්යාට සිහිය එන්නැතුව.


එ් අතරේ ඩොක්ටර් මැදගෙදර පවා අහස්යා ගැන බලාපොරොත්තු හිතින් අයින් කරලා දාන්න හිතන් හිටියා.


මේ දවස් දෙකේම විහන්ස දවසට දෙසරයක් අැවිත් අහස්යාව බලලා ගියා.


විහන්සට තේරුනා අහස්යා ගැන තමන්ගේ හිතේ මොකද්දෝ ලොකු හැගීමක් තිනවා කියලා.


මේ දවස් දෙකම හිතට එන දුක නැති කරගන්න විහන්සට පිහිට වුනේ ක්වින්ස් ක්ලබ් එක.


වෙනදා වගේම එදත් විහන්ස අහස්යාව බලලා හොස්පිට්ල් එකට අැවිත් අනිත් පේෂ්න්ට්ලව බලන්න ගත්තා.


එ්ත් අහස්යාගේ රූම් එක දකිද්දි විහන්සට පුදුම දුකක් එක්ක පරණ දේවල් මතක් වෙන්න ගත්තා.


විහන්සට හිතුනා මේ දේවල් නිසා තමනුත් මානසික රෝගියෙක් වෙයි කියලා .


පේෂන්ට්ලා චෙක් කරලා ස්ටාෆ්රූම් එකට අාව විහන්ස අායේ කලබලෙන් ලොකු ඩොක්ටර්ව හම්බවෙන්න ගියේ ලොකු ඩොක්ටර් එන්න කිව්ව නිසා.


" විහන්ස පුතා , අහස්යාට සිහිය අැවිත්. ඔයා දැම්ම යන්න. "


"හරි සර් "


විහන්ස හිතේ තින සතුටට විනාඩි දහයේ ගමන විනාඩි පහකට කොට කරන් ජෙනරල් හොස්පිට්ල් එකට අාවා.


" ඩොක්ටර් විහන්ස ? "


" යෙස්. "


" ප්ලිස් කම් සර්. ඩොක්ටර් මැදගෙදර සර්ට එන්න කිව්වා. "


විහන්ස නර්ස් එක්ක ඩොක්ටර් මැදගෙදර මුණ ගැහෙන්න ගියේ අයිසියු එකේ දොර දිහා බලාගෙනමයි.


" වාඩිවෙන්න ඩොක්ටර් විහන්ස "


" තැන්ක් යු ඩොක්ටර් . "


" අද පේෂන්ට්ට සිහිය අාවා . අපි එයාගේ ටෙස්ට් දෙක තුනක් කරා. හැබැයි එයා තාම එක වචනයක් වත් කතා කරේ නැ. අපිට ටෙස්ට් රිපොට් තා ටිකකිං ලැබේවි. මම හිතන්නේ දැං වැදගත්ම දේ ඔයා පේෂන්ට් ලගට යන එක. "


" හරි ඩොක්ටර්. එ්ත් එයාගේ මතකේ එහෙම අවුලක් තිබ්බොත් එයා කලබල වෙයි නේද ? "


" වෙන්න පුලුවන්. එ්ත් එයා දන්න එකම කෙනා ඔයා නිසා "


ඉතුරු ටික සම්පුර්න කරන්න කලිං එතන අාව නර්ස් මැදගෙදරට කතා කරා.


" සර් , අර අයිසියු ඉන්න පේෂන්ට් රෝසි බබා කිය කිය අඩනවා. තව විහන්ස කියලා කෙනෙකුත් හොයනවා. "


" මතකේ අවුලක් නැ ඩොක්ටර් මැදගෙදර. මම අැතුලට යන්නද ? "


" යන්න විහන්ස "


විහන්ස ඉක්මනට දුවලා අැවිත් අයිසියු ක්ලොත් එකක් අැදගෙන අැතුලට ගියා.


යනකොට විහන්ස දැක්කේ අඩ අඩ කෑ ගහන කෙල්ලව.


" අනේ....රෝසි බබා..... ඔයාලා හැමෝම මාව දාලා ගිහින්..... මට කවුරුත් නැ..... විහන්ස ඩොක්ටර්වත් නැ "


විහන්ස ගිහින් අහස්යාගේ අතකිං අල්ලං මූණ දිහා බැලුවා.


" විහන්ස ඩොක්ටර් "


" මතකයිද මාව ? "


අහස්යා ඔව් කියන්න ඔලුව වනලා අායේ අඩන්න ගත්තා .


" අහස්යා හොඳ දරුවා වගේ අඩන එක නවත්තන්න . මම ඉන්නවනේ. "


" මට කවුරුත් නැ ඩොක්ටර් දැං. එයාලා රෝසිවයි මගේ මුලු පවුලමයි විනාස කරලා දැම්මා. මම ජිවත් වෙලා වැඩක්ද ? "


" අහස්යා ? "


විහන්සට තේරුනා අහස්යාගේ මානසික ප්‍රශ්නේ හොදයි කියලා. හැබැයි එ්ක 100% ක්මද කියන්න විහන්සට කල්පනාවක් වුන්නැ.


" අහස්යා ඔයා දැං අඩන එක නවත්තන්නකෝ. "


අහස්යාගේ අැස් වල තිබ්බ කදුලු විහන්ස ටිෂූ එකකිං පිහිදලා ලග තිබ්බ පුටුවේ වාඩි වුනා.


" අහස්යා ඔයාට මම ඉන්නවා. ඔයා ඕන දෙයක් මම එක්ක කියන්න. "


" අනේ.....ඩ්...ඩොක්ටර් විහන්ස.... මාව අහන් ඉන්නවද ? "


" මම මාස දෙකක් විතරම මේ මැන්ටලේ අහන් හිටිය එකේ ඕක මොකද්ද. කියන්න බලන්න හොඳ දරුවා වගේ හිතේ තින සේරම . අනික මම දන්නවා ඔයා J&K group එකේ ඕනර්ගේ පොඩි දුව කියලා . "


අහස්යා අැස් දෙක ලොකු කරලා විහන්ස දිහා බලන් හිටියා.


" ඔහොම බලන්න එපා . අපිත් සෝෂල් මිඩියා යූස් කරනවනේ. "


විහන්ස හිනා වෙලා කියද්දි අහස්යාට යංතං හිනා ගියා.


" මම ප්‍රසන්න ජයසිංහගේ පොඩි දුව. මට හිටියා අක්කා කෙනෙක්. අක්කා මැරි කරන්න හිටියේ තාත්තා යෝජනා කරපු කෙනෙක්. එ් අයියා හරිම හොදයි. එ්ත් අක්කාට එෆෙයාර් එකක් තිබ්බා. මම එ්ත දැනන් හිටියා. "


අහස්යා කතාව නවත්තලා ලොකු හුස්මක් අරන් අායේ කතා කරන්න ගත්තා.


" එ් මැරේජ් එකට අක්කා කැමති වුන්නැ. එ් නිසා අක්කා අක්කගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක පැනලා යන්න හැදුවා. එ්ත් තාත්තට අහුවුනා. දවස් දෙක තුනක් යද්දි අපි දැනගත්තා අක්කා ප්‍රගෙනන්ට් කියලා. තාත්තා අක්කව ගෙදරින් යැව්වා දුරකට. ඔය සිද්දියෙන් පස්සේ අම්මා අසනිප වුනා. අක්කා බදින්න හිටිය ප්‍රපෝසල් එකේ අයියත් අපි එක්ක තරහා වුනා.


අන්තිමට අම්මා නිසා අක්කා අායේ ගෙදර ගෙන්න ගත්තා.


අක්කට බබා හම්බවෙන්න තිද්දි අපි හරිම සතුටින් හිටියා පරන දේවල් මතක් නොකර.


අක්කට ලමයා හම්බවෙලා මාස පහකිං අම්මයි තාත්තයි නැතිවුනා .


අක්කට ලමයා හම්බවුන ගමන් තාත්තා අක්කාගේ බඩේ හිටිය දරුවගේ තාත්තට කතා කරලා මේ ගැන කිව්වා. එ්ත් එයා කැමති වුන්නැ අක්කවවත් දරුවවත් බාරගන්න.


තාත්තා තර්ජනේ කරා. කිසි වැඩක් වුන්නැ. එයාගේ බිස්නස් වැඩට මේවා බාදාවක් කිව්වා. "


අහස්යා කදුලු පිහදාන් අායේ කකා කරේ විහන්ස දිහා බලන්.


" අන්තිමට එ් රෝස බෝලයක් වගේ කෙලි පැටික්කියි මමයි අක්කයි තනි වුනා. කම්පැනි ටිකත් බලලා සේරම හැන්ඩ්ල් කරන්න මට සිද්ද වුනා. එතකොට මට 21 ලැබුවා විතරයි.


එ්ත්....එක දවසක් රෑ අක්කා රෝසි බබාගේ තාත්තට කතා කරලා රන්ඩු වුනා. දරුවගේ උප්පැන්නෙට නම දෙන්න කියලා. අක්කාට එහෙම නොකර ඉන්න තිබ්බා. "


" අහස්යා අැති . ඔයා අමාරුවෙන් කතා කරන්නේ "


" බැ ඩොක්ටර් මේක කියන්නම ඕනි.



එ්පාර මම කිව්වා අපි අපේ සර්නේම් එක දාමු කියලා. එ් දේවල් අපි කරගෙන අපි සැනසිමේ හිටියා. එ්ත් දවසක් මම නාගෙන එද්දි රෝසි බබා අඩනවා අැහිලා මම කාමරේට යද්දි.... "


අහස්යා අත් දෙකෙන්ම මූණ වහන් අඩන්න ගත්තේ පරණ මතක මතක් වෙලා.


" අහස්යා එපා දරුවෝ. දැං අැති. "


" බ්...බැ... තා ටිකයි.


එ....එවෙලේ අක්කා කාමරේ හිටියේ නැ....මම රෝසිව අතට අරන් පහලට අාවා . එද්දි..... අක්කව ර්...රේප් කරනවා මනුස්සයෙක්. මම කෑ ගහද්දි මාව තල්ලු කරලා තව එකෙක් මාව කනුවක ගැටගැහුවා. අක්කා.... මගේ මේ....මේ අැස් ඉස්සරහා අර මිනිහා අතින්... තමන්ගේ දරුවගේ තාත්තගේ අතින්ම රේප් වෙලා මැරුනා....දෙයියනේ.... අක්කාගේ කටත් ගැටගහලා නිසා අක්කට මුකුත් කරගන්න බැරි වුනා. එ්....එ්පාර එ් තිරිසනා.... තමන්ගේ අර මාස අටේ කිරි.දරුවටත් එ් දේම කරලා මරලා දැම්මේ මගේ මේ අැස් ඉස්සරහා...... මම කොහොමද දෙයියනේ දරාගන්නේ ? "


අහස්යා අායේ හොඳටම අඩන්න ගත්තා.


විහන්ස හිමිහිට ඔලුව අත ගැවේ එ් අහපු දේවල් වලට තමන්ගේ හිතත් හොඳටම රිදිලා තිද්දි.


" එ් දෙන්නවම මරලා....අරූ.....හිනාවෙලා මගේ ලිප්ස් කිස් කරලා ගියා. උගේ ගෝලයෝ මරන දෙක අරන් ගියා. මම කෑ ගැහුවා. කවුරුත් හිටියේ නැ.....කිසි කෙනෙක් නැ උදව්වට. අන්තිමට දගලලා දගලලා අත් දෙක ගලවන් මම දිව්වේ පොලිසියට. එ්ත් අර.....අර මූසලයා සල්ලි වලට එ් දේවල් යට ගැහුවා. මට මේලෝකේ කවුරුත් නැ.... මට එ් නිසා තමයි පිස්සු හැදුනේ. අනේ මාවත් මැරුනනම් හරි ඩොක්ටර්.... මට ඉදලා වැඩක් නැනේ. අැයි මාව සනීප කරේ..... "


අහස්යා අඩ අඩම බැලුවේ විහන්ස දිහා.


විහන්ස අහස්යාගේ අතක් කරන් සොෆ්ට් කිස් එකක් දිලා එ් මූණට එබුනා.


" හොඳ කරේ ඔයාව වටින නිසා. ඔයාට කවුරුත් නැත්තේ නැ අහස්යා . මම ඉන්නවා. අනික් දේ මම පොරොන්දු වෙනවා. ඔයාගේ අක්කට මම සාදාරනේ ඉෂ්ට කරනවා කියලා. "


" එ්ත් "


" ශ්...දැං මුකුත් කියන්ක එපා. අර කෑම එක කාලා බෙහෙත් බීලා නිදාගන්න. මම කියන දේ අහනවා නේද කෙල්ල ? "


" ම්...."


අහස්යා ඔව් කියන්න ඔලුව වැනුවාම විහන්ස අහස්යාව වාඩි කරලා කෑම එක කවලා එලියට ගියා.


විහන්ස ඩොක්ටර් මැදගෙදරත් මුණ ගැහිලා කෙලින්ම ගියේ ක්ලබ් එකට.


එ් පොඩි වයසට අහස්යෙ විදපු දේවල් කල්පනා කරලා රිදිලා තිබ්බ හිතට සහනයක් වෙනකම් බීපු විහන්ස අාපහු ගෙදර අාවා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


පහුවදා විහන්ස අහස්යාව බලන්න ගියේ.එදා හම්බවුන අැදුම් පාර්සල් එකයි අම්මාට කියලා හදවගත්ත කෑම එකයි අරන් රෂිත් එක්ක.


විහන්ස යද්දි අහස්යා කල්පනා කර කර ඉන්නවා කදුලු පුරවන්.


රෂිත් එක්ක විහන්සව දැක්කාම අහස්යා හිනා වෙලෙ කදුලු පිහදාගත්තා.


අහස්යා වෝඩ් රූම් එකකට මාරු කරලා තිබ්බ නිසාවගේම ඩොක්ටර් පාස් එක නිසා විහන්සට ඕනි වෙලාවක අහස්යාව බලන්න පුලුවන් වුනා.


රෂිත් අහස්යා එක්ක කතා කරන අතරේ විහන්ස කෑම එක අරන් කවන්න ගත්තා.


විහන්ස දැනටම තේරුම් අරන් තිබ්බා කැම්පස් එකේදි අාදිත්‍යාට විතරක් හොලවන්න පුලුවන් වුන හිත අාදිත්‍යම ගලක් කරාට එ් හිත හරි ලස්සනට අහස්යා අායේ අාදරෙන් තෙත් කරලා කියලා.


පිස්සු හැදිලා හිටිය කෙල්ලට අාදරේ කරපු එක වරදක්ද ? එ් කෙල්ලගේ හුරතලේට අාදරේ නිසා ගල් වුන හිත උනු වුන එක තමයි වුන හොදම දේ.



අහස්යයි විහන්සයි ලව් කර පලියට එකතු වෙන්න ඕන්නැ අනේ😌😌😌


Sp



Report Page