My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 04



විහන්සට පුදුම හිතුනා....


මොකද මීට දවස් තුනකට කලිං දැකපු කෙල්ලගේ තිබ්බ වෙනසට.


රත්තරන් පාටට පාට කරපු කොන්ඩේ සේරම අල්ලලා බූල් එකක් දාලා. අහස්යා අසනීප වෙන්න කලිං හරිම ලස්සනට හිටිය වැදගත් පවුලක කෙල්ලෙක් කියලා විහන්සට තේරුනා.


චූටි බෝනික්කෙක් වගේ.


විහන්ස යද්දි අැදේ වාඩිවෙලා ගවුමේ කොනක් අල්ලං කොනිත්ත කොනිත්ත තනියම හිනා වෙවි කතා කර කර ඉන්නවා.


විහන්ස දොර අැරියහම කෙල්ල උඩ පැනලා නැගිටලා දුවන් ගියා .


" යමු "


" හරිම ලස්සනයි නේ අහස්යා "


" හී.... යමු "


" හා යමුකෝ. හැබැයි මගේ අත අතාරින්න තහනම්. අතැරියොත් මම තරහා වෙනවා. ප්‍රොමිස් වෙන්නකෝ "


" පොමිස් . රෝසි බබාගේ පුංති ගුඩ් "


" එ්කනේ. යමු "


යමු කියපු ගමන් අහස්යා විහන්ගේ අත් බාහුවේ එල්ලුනේ අනිත් අතින් විහන්සගේ අැගිලි ටිකත් අල්ලගෙන.


විහන්ස කෝකටත් කියලා නලීන්ටයි මනෝජ්ටයිත් ටිකක් අෑතින් එන්න කියලා විහන්සා එක්ක කොරිඩෝ එක දිගේ ගියා.


වට පිට බල බල හිනා වෙවි පොඩි එකෙක් වගේ යනවා.


" අර කවුද ? "


" එයා අැයි මෙහේ ? "


" එයා කැතයි "


" අර අතනට යමු "


" සෝයි මාලුවෝ "


අහන ප්‍රශ්නයි කියන එ්වටයි උත්තර දීලා විහන්සගේ කටේ කෙලත් හිදිලා වගේ.


එ්ත් විහන්ස හරිම කරුනාවෙන් හැමතැනම එක්ක ගිහින් අන්තිමට අාවේ ටෙස්ටින් රූම් එකට .


" අැයි මෙතන ? "


" ඔයාට තව කොච්චර බෙහෙත් බොන්න ඕනද බලන්න තමයි මෙතනට එක්ක අාවේ. "


" අනේ මට රිද්දාවි...... මට බෑ..... "


අහස්යා කෑ ගැහුවේ විහන්සගේ අතේ තව තව තදට එල්ලි එල්ලි.


" අහස්යා.....දරුවෝ කෝ.... අහන්නකෝ "


" මට යන්නෝන "


" මේ අහන්න අහස්යා.... ඔයාට රිද්දන්නැ කවුරුත්. මාව විස්වාසයි නේද ? "


අහස්යා පොඩි එකෙක් වගේ ඔලුව වනලා විහන්සගේ පිටිපස්සේ හැංගුනේ නර්ස්ලට පේනවට.


" ඔයාට රිද්දන්නැ. මම එ්කට ඉඩ තියන්නෙත් නැ. එ් නිසා හොඳ ලමයා වගේ මෙතනිං වාඩි වෙන්න. මම කොහේවත් යන්නැ.මෙතනම ඉන්නවා. "


" පොමිස් ? "


" ප්‍රොමිස්. "


" මට....මට ඔයාගේ අත අල්ලං ඉන්න දෙනෝද ? "


විහන්ස එක පාරට හිනා වෙලා හා කියන්න ඔලුව වැනුවා.


අහස්යා සීට් එකේ වාඩි වෙලා විහන්සගේ අත අල්ලං වට පිට බල බල හිටියා.


පැය දෙකක් යද්දි විහන්ස චාටුවෙන් අහස්යෙගේ පරික්ෂන සේරම කරගෙන අාපහු ටෙස්ටින් රූම් එකෙන් එලියට එක්ක අාවා.


" ගුඩ් ගර්ල් වගේ හිටියේ ඔය "


" රෝසි බබාගේ පුංචි ගුඩ්. "


" එ්කනේ. අපි අායේ දවසක යමු අැවිදින්න හොදද ? "


" හා. ඔයා....ඔයාගේ අත....කේක් කැල්ල වගේ. "


" මොකද්ද ? "


" කේක් ? අර පාට පාට මල් තියෙන කන ජාතිය "


" පිස්සු කෝලමක් මේකි. යමු දැං අායේ. "


" ඔයාගේ....න්....නම මොකද්ද ? "


විහන්ස ඉස්සරහට තියපු අඩිය අාපස්සට තියලා නැවතුනා.


" මගේ නම විහන්ස "


" ව්...වින් "


කෙල්ල කට උල් කර කර කතා කරද්දි විහන්සට හොදටම හිනා ගියා.


" වාඩිවෙන්නකෝ "


ලග තිබ්බ බෙන්ච් එකකිං අහස්යාව වඩා කරලා විහන්සත් වාඩිවුනා.


එ්ත් අහස්යා තාම අත අැතැරියේ නැ.


" වි හ න් ස "


" වි...හ් ස "


" හරි මම කිව්වාම කියන්නකෝ . වි "


" වි "


" හ "


"හ්..හ "


"න් "


"න් "


"ස "


"ස්..ස්...ස "


" විහන්ස "


" ව්...විහන්ත "


" අන්න හරි . විහන්ස "


" විහන්ත "


විහන්සට හිනා ගියා විහන්ත විහන්ත ගාද්දි.


එ්ත් ලොකු සතුටකුත් තිබ්බා. අලුතින් සෙයක් කතා කරන්න හරි මේ පොඩි මැන්ටලේ පුරුදු වුන නිසා.


" ඔයා ල්...ලොකුයි විහන්ත "


" ඔව් ඉතිං මට දැං 28 ක් නේ. "


" නාකී.... "


" අැත්තද අැත්තද බටු අැටේ "


විහන්ස හිනා වෙවි විහිලු කර කර ටිකක් වෙලා වාඩි වෙලා ඉදලා අායේ යන්න නැගිට්ටා.


විහන්සගේ අත අල්ලං නැගිටලා වටි පිට බල බල මූණට මුණගැහෙන හැමෝටම අත වන වන අාවේ කාමරේ ලගට.


නලීන් දොර අැරියාම විහන්ස අහස්යාව අැතුලට එක්ක ගිහින් මනෝජ් ගෙනාව වතුර එක දුන්නා.


එ්කෙන් උගුරක් දෙකක් බීලා කන්න ගෙනාව ටිකත් කන්න දීලා බෙහෙත් ටිකත් පොවලා විහන්ස යන්න නැගිට්ටා.


" දැං ටිකක් දොයියන්න අහස්යා "


" හා . මාව....මාව අායේ එක්ක යනෝනේ ? "


" අායේ යමුකෝ හොදද ? "


" හා . මම....මම රෝසි බබාටයි විහන්තටයි අා...අාදරෙයි. විහන්ත අරයා වගේ මරන්නැ කාරුත් "


විහන්ස අහස්යාගේ ඔලුව අතගාලා හිනා වෙලා එ් මූණ දිහා බැලුවා.


" මමත් රෝසි බබාගේ පුංචිට අාදරෙයි. එයා හොඳ දරුවෙක්නේ. දැං දොයියගන්නකෝ "


විහන්ස කිව්ව පමාවට අහස්යා අැදට වෙලා රෙද්දත් පොරවන් විහන්සට බායි කියලා අැස් වහ ගත්තා.


විහන්ස කාමරෙන් එලියට අාවාම නලීන් දොර වහලා දැම්මා.


" ඩොක්ටර්ට අද හොදටම මහන්සි පාටයි "


" එ් වුනාට මනෝජ් එ් අසරනී සතුටු වුන විදිහ දැක්කාම එ් සේරම මහන්සිය දිය වෙනවා. "


" එ්ක අැත්ත සර්. "


" නලීන් තා විනාඩි විස්සකිං යමු අර 65 රූම් එකේ පේෂන්ට්ව බලන්න. මම හිතන්නේ අද නැත්තං හෙට එයාව ඩිස්චාර්ජ් කරයි. "


" හරි ඩොක්ටර්. "


විහන්ස අාපහු රිපෝට් ලැබ් එක ලගට අාවේ අද දවස ගැන හිත හිත. එ්ත් විහන්සගේ හිතේ ලොකු දුකක් තිබ්බා.


විහන්ස රිපෝට් ලැබ් එකෙන් අහස්යාගේ රිපෝට් ටිකත් අරන් ස්ටාෆ් රුම් එකට ගිහින් වාඩි වෙලා එ් ටික චෙක් කරන්න ගත්තා.


රිපෝට් චෙක් කරද්දි තේරුන දේවල් නිසා විහන්ස රිපෝර්ට් ටිකත් අරන් ඉක්මන්ට ගියේ ලොකු ඩොක්ටර් හොයන්.


" වෙල්ඩන් පුතා. හිතුවට වඩා ලොකු ප්‍රගතියක් තියෙනවා "


" එ්ක තමයි ඩොක්ටර්. දවස් තුනකිං මෙච්චර හොඳ රිසාල්ට් එකක් මම බලාපොරොත්තු වුන්නැ. "


" එ්ත් ඔය ලැබුනේ ඔයාගේ මහන්සියට තමයි විහන්ස. මම හිතනවා අහස්යා සනීප කරන්න ඔයාට පුලුවන් වෙයි කියලා. "


" මමත් මාව විස්වාස කරනවා සර්. තැන්ක් යු. "


විහන්ස එදා දවසේ දුක සතුට කවලම් වෙවි හැගීම් වින්දා.


කොච්චර ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වුනත් විහන්ස කියන්නෙත් තරුන කොල්ලෙක්.


විහන්ස පොඩි දුකක් අාවත් ක්ලබ් එකට යන්න පුරුදු වෙලා හිටියා.


එදත් හොස්පිට්ල් එකෙන් හතරට ඕෆ් වුන විහන්ස කෙලින්ම ගියේ ක්වීන්ස් ක්ලබ් එකට.


මෙරුන් කලර් ශර්ට් එකේ උඩ බොත්තන් දෙක පන්නලා ශර්ට් එකත් උඩින් දාන් අැතුලට ගිහින් වාඩි වෙලා ඩ්‍රින්ක් එකක් ගත්තේ එතන හිටිය කෙල්ලෝ ගොඩක් විහන්ස දිහා බලන් ඉද්දි.


විහන්ස කඩවසම්. එ් කඩවසම් රූපෙට වශී නොවෙන කෙල්ලෙක් නැති තරම්. එ්ත් විහන්ස තාම තනිකඩයි.


ශොට් දෙක් දාපු විහන්ස අායේ ශොට් ග්ලාස් එක පිරෙනකම් ක්ලබ් එකේ ඩාන්සින් ෆ්ලෝ එක දිහා බලන් හිටියා.


එක එක විදිහේ බාගෙට අැදගත්තු කෙල්ලෝ නටනවා. විහන්ස අාපහු රවලා අහක බලන් ෆෝන් එක බලද්දි විහන්සට වෙරි මතේම මතක් වුනේ අහස්යාගේ.නම එෆ් බි එකේ සර්ච් කරන්න කියලා.


එ්ත් එ් වෙලාවේ එ්ක මග අැරලා තව ටිකක් ඩ්‍රින්ක් අරන් හිතේ දුක යනකම් හිටියේ අද අහස්යා සතුටු වුනත් එ් කෙල්ල පොඩි වයසට විදින දුක දැක්කාම එපා වෙන නිසා.


තමන්ගේ ලිමිට් එක පැන ගෙන එනවා කියලා තේරෙද්දිම විහන්ස ක්ලබ් එකෙන් ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


පහුවදා විහන්සට අැහැරෙනකොට වෙලාව උදේ අටයි.


වෙනදට හතයි හතලිස්පහට හොස්පිට්ල් එකේ ඉන්න මනුස්සයා අද තාම අැදේ.


විහන්ස ඉක්මන්ට ලේස්ති වෙලා අම්මටත් වැදලා අම්මව ඔෆිස් එක ලගින් දාලා හොස්පිට්ල් එද්දි උදේ නමයයි.


විහන්ස ඉක්මන්ට ස්ටාෆ්රූම් එකට ගිහින් නලීන් එක්ක අහස්යාව බලන්න යද්දි කාමරේ අැතුලෙන් අැහුන සද්දෙට විහන්ස කලබල වුනා.


විහන්ස දොර අරන්න කියලා ඉක්මන්ට අැතුලට ගියා.


අහස්යා අැද රෙදි සේරම බිම දාලා කොට්ටෙත් බිම දාලා බිම වාඩිවෙලා කැ ගහලා අඩනවා.


" වි....විහන්ත නැ....රෝසි බ....බබත් නැ..... මරලා හැමෝම "


විහන්ස ගිහින් අහස්යා ලගින් දනක් නැමිලා වාඩි වුනා.


" අහස්යා "


විහන්සගේ සද්දෙට අහස්යා ඔලුව උස්සලා බැලුවා.


" අැයි අහස්යා මේ ? මම අාවනේ. "


" ඔයා මැරුනේ නැනේ "


" නැ නැ අනේ. මට අද ටිකක් වැඩිපුර දොයිය ගන්න වුනා. "


" මං....මං හිතුවේ ඔයත් මරලා කියලා "


" එහෙම වුනේ නැ අහස්යා. කෝ නැගිටින්නකෝ. "


විහන්ස අහස්යාව අතින් අල්ලලා නැගිට්ටලා නලීන්ට එන්න කිව්වා.


" නලීන් මේ බෙඩ්ශීට් එකයි කොට්ටෙයි හදන්න "


නලීන් ඉක්මන්ට එ් ටික හදලා අායේ දොර ලගට ගිහින් කෑම ටිකයි බෙහෙත් ටිකයි අරන් අාවා.


" අහස්යා කදුලු පිහදාගන්න. "


අහස්යා ඉක්මනට තමන්ගේ අත් වලින් කදුලු පිහදාගත්තා .


" මම නැති නිසාද අැඩුවේ ? "


" ඕ "


" හයියෝ මේ ගුඩ් ගර්ල් අඩන බබෙක් වෙලානේ. ඔයාට අදත් මූණ සෝදන්න ඕනද ? "


" රෝසි බබාගේ පුංති අර ගෑනු අැන්ටි එක්ක ගිහින් බ්‍රෂ් කරා. "


" වාව්....ගුඩ් ගර්ල්. එහෙනම් මේ ටික කන්නකෝ. කාලා බෙහෙත් බොන්න. "


" හා "


විහන්ස අහස්යාට කන්න දිලා බෙහෙත් ටික පොවලා අහස්යා ලගින් අායේ වාඩි වුනා.


" මම දැං යනවා අහස්යා. හොද දරුවා වගේ නිදාගන්නකෝ. "


" හා "


අායේ ඉතිං විහන්ස මොකද්ද කියන්නේ කියන පමාවට අහස්යා එ්ක කරනවා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *



මේ විදිහට සති තුනක් ගෙවුනේ එන්න එන්නම අහස්යාගේ රිපෝට් වල තත්ත්වේ හොඳ අතට හරව හරව.


එ්ත් දැං අහස්යාට විහන්සව දවසක් දකින්න පරක්කු වුනත් හරිම ලොකු කලබලයන් කරනවා.


මේ සති තුනට විහන්ස දවස් පහලවක්ම ක්ලබ් එකට ගියෙත් හිතේ සතුටයි දුකයි දෙක කවලමට එන හැගිම් නවත්ත ගන්න.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


මාසයක් ගියේ අහස්යා විහන්සගේ වචනෙට පිටින් පොඩි වරදක්වත් නොකරද්දි.


එ් වගේම අහස්යාව දවසට සැරයක් කාමරෙන් එලියට එක්ක යන්නත් විහන්ස පුරුදු වුනා.


එ්ත් දවසක් රෑ සනීපෙට අැදේ නිදාගෙන හිටිය විහන්සට අාව කෝල් එක නිසා විහන්ස අැදේ වාඩි වුනේ එ්සී එක තිබ්බට දාඩියෙන් පෙගෙන ගමන්.


Sorry friends 😪😪😪

Good bye ahasya 🙂


Sp


Report Page