My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 03


Bouns Chapter



විහන්ස අාපහු හවස අැවිත් බලද්දි දැක්කේ සනීපෙට හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න අහස්යාව.


හොඳට සෝදලා කරලා කොන්ඩෙත් පිරිසිදු පාට වෙලා හරිම පිං පාටයි දැන් නම්.


අහස්යාව අැහැරෙන්නේ නැති වෙන්න හිමිහිට චෙක් කරලා බලලා මූණට වැටුනු කොන්ඩ කැරැල්ල එහාට කරපු විහන්ස නලලේ අත තියාගත්තේ ගෙඩි ගැහිලා තින අහස්යාගේ නලල දැකලා.


" මට අමතක වුනානේ නාවන්න එපා කියන්න. හොදටම ඉදිමිලා. "


විහන්ස අායේ ඉක්මන්ට දොරත් ලොක් කරලා ගියේ ලොකු ඩොක්ටර් හම්බවෙන්න.


යන අතර මගදි විහන්සට මුණ ගැහුනේ අහස්යාව නාවන්න ගියපු නර්ස්ලා දෙන්නෙක්.


" එක්සියුස්මි නර්ස් "


" ඔව් ඩොක්ටර් ? "


" අර මම කියපු පේෂන්ට්ව නැව්වද ? "


" නැ ඩොක්ටර්. ඔලුව වද්දගෙන වගේ තිබ්බ නිසා නැව්වේ නැ. බේරෙන්නම බැරි නිසා වැවුනු කොන්ඩේ ටික විතරක් ෂැම්පු කරා. "


" වෙලාවට. මට එ්ක කියන්න අමතක වුනා. තැන්ක් යු. "


" හරි ඩොක්ටර්. "


ලොකු ඩොක්ටර්ව හම්බවෙන්න යන්නේ නැතුව විහන්ස නර්ස් කෙනෙක් එක්ක අායේ ගියේ අයිස් ටිකකුත් අරන් බාම් එකකුත් අරන් අහස්යාව බලන්න.


විහන්ස අහස්යාව අැදේ උඩුබැලි අතට හාන්සි කරලා නලලේ හිමිහිට අයිස් කැටයක් තියන්න ගත්තා.


අයිස් වලින් දැනුනු හීතලට අහස්යා කෑ ගහන් නැගිටලා විහන්සගේ අත හැපුවා.


" උෟයි "


" අ....අනේ.....මම අායේ....ඔයාට උෟවා කරා.... මම නරකයි.....මම ඔයා මරන්න හැදුවේ "


අහස්යා කැ ගහ ගහ අඩ අඩ විහන්සගෙන් අෑත් වෙලා ගිහින් අැදේ මුල්ලට ගුලි වුනා.


නර්ස්ට එහාට වෙන්න කියලා විහන්ස අහස්යාට කතා කරා.


" අහස්යා...කෝ මේ බලන්න. මට පොරොන්දු වුනානේ මම තියන දේ අහනවා කියලා ? "


අහස්යා හිමිහිට ඔලුව උස්සලා බැලුවා.


" එන්න ලගට "


" බැ "


" ඔන්න හැබැයි මම තරහා වෙනෝ "


" අනේ "


අහස්යා එකපාරටම අායේ අැවිත් විහන්ස ලගින් වාඩි වුනා.


" මේ අහන්න අහස්යා. ඔයාගේ නලල ගෙඩි ගැහිලා. මම එ්කට අයිස් ටිකක් තියන්න හැදුවේ. "


" ගෙඩි....? පොල් ද..? "


" නැ නැ මේං මෙතන අහුවෙනවද ? "


විහන්ස අහස්යාගේ අතක් අරන් නලලේ ගෙඩි ගැහුන තැනින් තිබ්බා .


" රිදෙනෝ "


" එ්කට බෙහෙත් දෙන්න මම අාවේ. බය වුනාද ? "


" ඕ "


" හරි මම අායේ බය කරන්නැ. හොඳ ලමයා වගේ අයිස් ටික තියන්න දෙන්නකෝ "


" හා "


පොඩි එකා වගේ ඔලුව දෙපැත්තට වනද්දි නර්ස් අැවිත් අයිස් ටිකත් අරන් අහස්යාට කිට්ටු වුනා.


එ්ත් අහස්යා එකපාර කෑ ගහගෙන පිටිපස්සට වුනේ නර්සවත් තල්ලු කරන්.


" අහස්යා "


" මෙයා එපා. ඔයා තියන්න. මෙයා මාව මරයි "


" කවුරුත් ඔයාව මරන්නැ දරුවෝ . හරි එන්නකෝ මම තියන්නම්. නර්ස් එහාට යන්නකෝ "


විහන්ස අහස්යාව ලගින් වාඩි කරන් නලලට අයිස් ටික තිබ්බා. අයිස් කප් එකෙන් අයිස් කැටයක් අරන් විහන්සට නොපෙනෙන්න කටේ දාගන්න අහස්යට පුලුවන් වුනා.


විහන්ස එ්ක යංතං දැක්කට මුකුත් කිව්වේ නැත්තේ අහස්යාගේ නලලට බාම් ටික ගාන්නත් මේ විදිහටම ශේප් වෙන්න ඕන නිසා.


" කෝ දැං මේක ගාමු. "


විහන්ස බාම් එක අරන් ටිකක් නලලේ ගාලා කටින් පිබින්න ගත්තා.


" එ්ක දනෝ.... රෝසි බබා ඔයාගේ පුංතිට සිදෙනෝ..... අනේ...."


" හරි හරි දැං හරි "


විහන්ස බාම් ටික හොඳට ගාලා කෙල්ලගේ අතට අයිස් කැටයක් දෙන ගමන් කිවිවේ අයිස් කැටේට අවදානේ ගිහින් අහස්යා කන්ට්‍රෝල් වෙද්දි.


" අහස්යා , කවුද රෝසි බබා කියන්නේ ? "


විහන්ස අැහුවේ අහස්යා ලගින් නැගිටලා ග්ලවුස් දෙක ගලවලා දාන ගමන්.


" එයා....එයා පුංතිගේ රෝසි. බිනූගේ රෝසි බබා. අර....අර නපුරු එකා....එයා තමයි මට රෝසිව නැති කරේ "


අහස්යා අඩන්න ගන්න හදන්නේ කියලා දැක්ක ගමන් විහන්ස කතා කරා.


" හරි හරි අහස්යා. දැං හොඳ ලමයා වගේ නිදාගන්න මේ බෙහෙත් ටික බීලා. එතකොට හෙට එලියට යන්න පුලුවන්නේ. "


" යේ......යේ.....මම ගුත් පුංති රෝසි බබා "


" එ්කනේ. ඔයා හොද ලමයනේ. "


විහන්ස අහස්යාට බෙහෙත් ටික බොන්න දීලා අැසෙන් හාන්සි කරවලා අැවිත් දොරත් වහලා නර්ස් එක්කම යන්න ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" කවුද පද්මිනි මෙතන පාර්සල් තියන්නේ ? "


" එ්කතමයි මමත් බැලුවේ . "


" කාමර අංක 21 ඉන්න ලෙඩාට."


පාර්සලේ තිබ්බ එකම වාක්‍ය කියවලා පාර්සල් එකත් අරන් පද්මිනියි කමලයි ගියේ ලොකු ඩොක්ටර් ලගට.


" ලොකු සර් "


" අා එන්න පද්මිනි. මොකෝ උදේම ? "


" අපි මේ පිටිපස්සේ කොරිඩෝ එක පිහිදාද්දි හම්බුනේ . පිටිපස්සේ ගේට්ටුවේ එල්ලලා තිබ්බා. "


ලොකු ඩොක්ටර් පාර්සලේ අරන් බලලා කමලා අතේ පනිවිඩේ යැව්වේ විහන්ස අාවද බලන්න.


" සර් තාම විහන්ස මහත්කයා අැවිත් නැ. "


" හරි ඔය දෙන්නා යන්නකෝ. "


ලොකු ඩොක්ටර්ට පුදුම හිතුනා. මේ මාස දෙකහමාරටම අහස්යා වෙනුවෙන් මේකට අාව පලවෙනි පාර්සලේ මේක. අඩුම කිසිම කෙනෙක් අහස්යාව බලන්නවත් අායේ නැති කොට මේක ලොකු පුදුමයක් වුනා.


විහන්ස හොස්පිට්ල් එකට අාව ගමන් රෂිත් කිව්වා ලොකු ඩොක්ටර් උදේම විහන්සව හොයපු බව.


එ් නිසා විහන්ස සේරටම කලිං ගියේ ලොකු ඩොක්ටර් ලගට.


" ගුඩ් මෝනින් සර්. මේ අයි කම් ඉන් ? "


" යෙස්. ගුඩ් මෝර්නින් පුතා. "


" සර් මට කතා කරේ ? "

ලොකු ඩොක්ටර් විහන්ස ඉස්සරහින් තිබ්බේ තාම පැකින් එකවත් නොකඩපු අහස්යාට අාව පාර්සලේ.


" අහස්යාට නේද සර් ? "


" එ්ක තමයි පුතා . මේ මාස දෙකහමාරටම මේ ලමයා බලන්නවත් කවුරුත් අැවිත් නැ. එ්ත් අද පිටිපස්සේ ගේට්ටුවේ එල්ලලා තිබිලා කමයි මේක හම්බෙලා තින්නේ. "


" හරි පුදුමයි. මේ ලමයා වටේ ලොකු කතාවක් තිනවා වගේ සර්. "


" අැත්ත. සහතික අැත්ත. "


" සර් මම මේක අන්පැක් කරන්නද ? "


" ඔව් කමක් නැ "


විහන්ස සෙලෝටේප් ගලවලා පාර්සල් එක අන්පැක් කරා.


අැතුලේ තිබ්බේ ලසස්නම ලස්සන ගවුම් , සෙරෙප්පු , වලලු.


මේ ටික දැක්කාම විහන්සටයි , ලොකු ඩොක්ටර්ටයි මූණට මූණ බැලුනා.


" අැදුම් පැලදුම් ? "


" සිසිටිවි වලත් හොයාගන්න බැ පුතේ. මාර ප්‍රශ්නයක්. කමක් නැ. එ් දරුවා ඊයේ නැවා කිව්වා නේ ද ? "


" ඔව් ඩොක්ටර් "


" අදත් එයා කැමති නම් එකක් තෝරලා අන්දන්න. කමක් නැ. "


" හරි ඩොක්ටර් . එ්ත් අද එයාව ටෙස්ට් වලට ගෙනියන්න තිනවනේ. "


" ඕකෙන් එකක් අන්දන් අරන් එන්නකෝ. කමන්නැ "


" හරි සර්. මට හිතාගන්න බැ. මම යන්නම්. "


විහන්ස පාර්සල් එකත් උස්සං අායේ අාවේ අහස්යා මේක කොහොම බාරගනිද හිත හිත.


නර්ස් ප්‍රියන්තිවයි තව ෆීමේල් අැටෙන්ඩන්ට්ලා දෙන්නෙකුයි , නලීනුයි එක්ක විහන්ස ගියේ අහස්යාගේ කාමරේ ලගට.


විහන්ස යද්දි අහස්යා බිම වාඩිවෙලා බිත්තියේ මොනාදෝ කුරුටු ගානවා හුණු කැල්ලකිං .


දොර අැරෙන සද්දෙට හැරිලා බලපු අහස්යා අායේ ඉස්සරහා බලන් තමන්ගේ වැඩේ කරා.


අහස්යා ලගට කිට්ටු වුන විහන්ස අහස්යාට කතා කරා.


" අහස්යා "


අහස්යා ඉක්මන්ට හැරිලා බලලා හිනා වෙවි නැගිට්ටේ පොඩි එකෙක් වගේ.


" ගුඩ් මෝනින් අහස්යා "


" ග්....ගුඩ් ම්....මෝ....මෝර්නින් "


" උදේම නැගිට්ටද ? "


" ඕ . ඔයා මාව අද....අද එක්ක යනෝනේ ? "


විහන්ස හිනා වෙලා ඔලුව වැනුවාම අහස්යා උඩ පැන පැන අප්පුඩි ගහන්න ගත්තා.


" යේ... රෝසි බබාගේ පුංති අද එලියට යනෝ "


" අහස්යා මෙහේ එන්නකෝ "


විහන්ස අහස්යා එක්ක අැදෙන් වාඩි වෙලා පාර්සල් එකේ තිබ්බ ලා දම් පාට මහත උරපටි තියෙන ෆ්ලෙයාඩ් ගවුමක් තෝරලා අතින් තිබ්බා. එ්කට ගැලපෙන කොන්ඩ බූල් එකකුයි , සෙරෙප්පු කූට්ටමකුයි අරන් අැද උඩින් තිබ්බා.


" ශා.... හලිම ලස්සනයි...... මේ කාටද ? "


" අහස්යා කැමතිද මේ ටික අදින්න ? "


" මම ? යේ..... මම අාසයි "


" එහෙනම් මගේ හොඳ කෙල්ල වගේ මේ අැදුම් ටික අදින්න ඕනි. "


අහස්යා ඔලුව වනලා අායේ බලන් හිටියේ විහන්ස දිහා.


අැස් පොඩි කරලා බලන් ඉන්න කෙල්ලව දැක්කාම විහන්සට හිනාත් ගියා.


" මොකද අහස්යා ? "


" මම මේවා අදින්න ඔයා එලියට යන්න. මත ලැජ්ජයි "


විහන්සට හිනා ගියේ අහස්යා අැදේ රෙද්දත් කොනිත්ත කොනිත්ත එ්ක කිව්ව විදිහට.


" හරි හරි . මම යන්නම්කෝ එලියට. මේ අහන්න අහස්යා . ඔයා මම කියන දේ අහනෝ නේද ? "


" ඕ. මම ගුඩ් "


" එහෙනම් ගුඩ් ගර්ල් වගේ අර ඉන්න නර්ස්ලා එක්ක ගිහින් මූණ සෝදන් , මේ අැදුම අැදගෙන කාමරෙන් ඉන්න බෙහෙත් ටික බීලා. මම ඉක්මන්ට එන්නම් ඔයා එක්ක යන්න. ප්‍රොමිස් වෙනවා නේ කිව්ව විදිහටම කරනවා කියලා ? "


" රෝසි බබාගේ පුංචි ගුඩ් "


" හොඳ කෙල්ල. "


විහන්ස ඉතුරු අැදුම් ටිකත් අරන් නර්ස්ලාට අහස්යාව බලන්න දීලා එලියට අැවිත් අත් වැටට බර වෙලා ගාඩ්න් එක බලන් හිටියා.


එක එක විදිහේ මිනිස්සු එක එක විදිහේ ප්‍රශ්න නිසා මානසිකව වැටිලා. එක එක අසනීප හැදිලා.


මේ ඉස්පිරිතාලෙ හැම ඩොක්ටර් කෙනෙක්ම මහන්සි වෙන්නේ එ් අයව ඉන්මන්ට සනීප කරන්න.


එ්ත් හැමෝටම එ් විදිහට සනීප වෙන්නැ කියලත් විහන්ස දැනන් හිටියා.


එ්ත් විහන්සට විස්වාස තිබ්බා අහස්යාව සනීප කරන්න පුලුවන් කියලා.


පැය දෙකකට පස්සේ නර්ස් ප්‍රියන්ති අැවිත් විහන්සට කතා කරේ විහන්ස රිපෝට් ගොඩක් අැතුලේ ගිලිලා ඉද්දි.


විහන්ස නර්ස් ප්‍රියන්ති එක්ක අහස්යාගේ කාමරේ ලගට ගියහම දැකපු දේට විහන්ස එහෙම්ම අැතුලට නොගිහින් නැවතුනා.



අදට අැති ලමයි 🌝🌝🌝



අායේ හෙට 😌😌😌


Sp


Report Page