My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 02


උදේම නැගිටපු විහන්ස නලල අැගිලි තුඩු වලින් මසාජ් කර කර හිටියේ තාම ටිකක් වේදනා නිසා.


වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා අැහැරුන නිසා විහන්ස ඉක්මන්ට වොෂ් එකක් දාන් ලේස්ති වෙලා පහලට ගියේ අම්මා හොයන්.


" දැං කැක්කුම අඩුද ලොකූ ? "


" ටිකක් තිනවා අම්මේ. කාලා බෙහෙත් ටික බොන්න ඕන . "


" අනේ මංදා අයියේ ඔයාට තින්නේ ඕක අැතැරලා වෙන හොස්පිට්ල් එකකට යන්න. නැත්තං තාත්තගේ බිස්නස් ටික බලන්න. "


" එ්ත් මේ රස්සාවෙන් අන්තිමට මනුස්සයෙක් සනිප වුනාම හිතට දැනෙන සැනසිම කියාගන්න බැ චූටි. අනික අම්මේ මේ දේ කරපු පේෂන්ට් අවුරුදු 22 ක කෙල්ලෙක්. පව් අම්මේ "


" එච්චර අඩු වයසින් මුහුන දෙන දේවල් . මොනා කරන්නද දරුවෝ "


විහන්ස කෑම කාලා බෙහෙත් ටිකත් බීලා අම්මට වැදලා නංගිත් එක්ක අාවේ වැඩට යන්න.


නංගිව කැම්පස් එක ලගින් ඩ්‍රොප් කරලා විහන්ස හොස්පිට්ල් එකට ගියා.


එ්ත් හොස්පිට්ල් එකට යද්දිම නලීන් එක්ක මනෝජ් දුවන් අාවේ විහන්සගේ ඉස්සරහට.


" ඩොක්ටර් විහන්ස ඉක්මනට යමු. අර 21 කාමරේ ඉන්න ලෙඩා "


" අැයි මොකද ? "


විහන්ස වේගෙන් අඩි තිය තිය දුවන් ගියේ අහස්යා හිටිය කාමරේට.


කාමරේ ලගට කිට්ටු වෙද්දිම විහන්ස එහෙම්ම නතර වුනේ අහස්යාගේ සද්දෙට.


විහන්ස නලීන් දොරවල් අරින්න කියලා අහස්යා දිහා බලන් හිටියේ දුකින්.


" අනේ.....මම මිනිමරුවෙක්......මැරුවා.... නැ..... අතැරපන්.......මම එ....එයාට තුවාල කරා......මම නෝටි......මම නිසා.....එයා මැරිලා......මමත් මැරෙනෝ.... "


එකපාරටම ඔලුව බිත්තියේ ගහ ගෙන ගහ ගෙන ගියේ විහන්ස දොරවලුත් අැරන් අැතුලට ගිහින් අහස්යාව අල්ල ගනිද්දි.


" අහස්යා....දරුවෝ "


" මැරෙන්න දියන්.... මම එයාව මරලා.....අද එයා නැ... "


" අහස්යා මම හොදින් . මේ බලන්න . මම හොදින් "


" කෝ....අනේ....මැරිලා නැ.... රිදිලා....ලේ අාවද....මම නරකයි....මම මිනිමරුවෙක්.... "


" අහස්යා මම හොදින් . මට රිදුන්නැ. "


බිත්තියේ ඔලුව හප්පගෙන අහස්යාගේ නලල ගෙඩි ගැහිලා. විහන්ස අහස්යාව අල්ලගෙන අැදෙන් වාඩි කරන්න හැදුවත් අහස්යා එකපාරට විහන්සට තුරුල් වුනා.


හරියට පොඩි එකෙක් තාත්තට තුරුල් වෙනෝ වගේ.


හැබැයි නොහිතපු වෙලාවක සිද්ද වුන දේ නිසා විහන්ස හිටියේ පුදුම වෙලා.


විහන්ස හිමිහිට තමන්ගේ අත් දෙකෙන් අහස්යාව බදාගත්තා.


" හො...හොඳ දරුවා වගේ අඩන එක නවත්තලා වාඩිවෙන්නකෝ. අපිට බෙහෙත් බොන්නත් තිනවා. "


" හා "


විහන්සගෙන් අෑත් වෙලා අහක බලාගෙනම අැදේ වාඩි වෙලා අායේ බිත්තිය දිහා බලන් මුමුනන්න ගත්තා.


නලීන්ට කියලා කෑම එක ගෙන්න ගත්ත විහන්ස එ්ක අහස්යාට කන්න දීලා අහස්යා දිහා බලන් හිටියා.


විහන්සට හිතුනේ එකම දෙයයි.


මේ වගේ දෙයක් නොවුනනම් හරිම ලස්සන ජිවිතයක් ගෙවන්න තිබ්බ හුරුබුහුටි කෙල්ලෙක් කියලා.


" අැති "


" අැතිද ? තව කන්න ටිකක් "


" මට බැ. "


" හරි කමක් නැ. මේ අහන්නකෝ අහස්යා "


" මොකද්ද ? "


" ඔයා මම කියන දේ අහනවද ? "


" ඔ. මම අායේ....අායේ ඔයාට තුවාල කරන්නැ "


" එ්කට කමක් නැ. මම කියන දේ අහනවනම් මේ බෙහෙත් ටික බීලා හොඳට නිදා ගන්න. එහෙම කරොත් මම හෙට ඔයාව එක්ක යනවා මේ කාමරෙන් එලියට. "


" ඔයා මාව මරන්නද අරන් යන්නේ ? "


" නැ දෙයියනේ නැ. ඔයාට මේ එලිය පෙන්නන්න "


" මම ගුඩ් ගර්ල්. මගේ රෝසි බබාගේ ගුඩ් පුංචි. මම ඔයා කියන දේ අහනෝ. යේ.....මම එලියට යනවා "


අහස්යා අැදේ එරමිනියා ගොතන් වාඩි වෙලා අප්පුඩි ගහ ගහ හිනා වුනේ විහන්ස හිනා වෙලා ඔලුව අතගාලා බෙහෙත් ටික දෙනකොට.


" මට නාගන්න ඕන. මේම එලියට යන්න බැ. රෝසි බබා තරාවෙයි. "


විහන්සට පුදුමයි. පිස්සු හැදුන කෙල්ලෙක් නාන්න ඕන කිව්වම.


" අැත්තටමද ? "


" ඕ අනේ. රෝසි බබාගේ පුංති මම. එයා කැමති නැ බෑඩ් පුංතිලට. "


" හරි හරි. මම නර්ස් කෙනෙක් එවන්නම්. හැබැයි මුරන්ඩු නොවි ගුඩ් ගර්ල් වගේ සෝදගන්න ඕනි. සෝදගෙන අැවිත් මේ කාමරේට වෙලා සනීපෙට නිදාගන්න ඕනි. තේරුනාද ගුඩ් ගර්ල්ට ? "


" යේ....යේ.....මම ගුඩ්"


අහස්යාගේ මූණ පුරා ලස්සන හිනාවක් අැදිලා තිද්දි විහන්ස දොරවලුත් වහන් එලියට ගියා.


විහන්ස කියපු විදිහටම නර්ස්ලා හතර දෙනෙක් අැවිත් අහස්යාව නාවන්න එක්ක ගියා.


කිසිම කලබලයක් නැතුව හොඳට නාගෙන අහස්යා අලුත් අැදුමකුත් අැදගත්තේ නර්ස් කෙනෙක්ට කියලා කොන්ඩෙත් ලස්සන පීරන්න කියලා.


දැං නම් අහස්යාය පිස්සු කියලා හිතන්න බැ. එ් තරම් සිරියාවන්ත කෙල්ල.


විහන්සට පොරොන්දු වුන විදිහට කාමරේට අාවාම අැදට වෙලා හොඳට නිදාගත්තා.


විහන්ස අාපහු හවස එද්දි........



මේක සෝකාන්තයක් කරන්නමයි හිතෙන්නේ😪😪😪


අනේ මංදා ප්‍රෙන්ස්


Sp


Report Page