My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 1




" මනෝජ් "


" කියන්න ඩොක්ටර් "


" ඉක්මනට ගිහින් ලොකු ඩොක්ටර්ව එක්ක එන්න "


" හරි ඩොක්ටර් "


ඩොක්ටර් රෂිත්ගේ පණිවිඩේට මනෝජ් ඉක්මනට දිව්වේ ලොකු ඩොක්ටර්ව එක්ක එන්න.


විනාඩි තුනකිං විතර මනෝජ් එක්ක ලොකු ඩොක්ටර් අායේ අාවේ තව නර්ස්ලා හතර දෙනෙක් එක්ක.


" ඩොක්ටර් රෂිත් "


" සර් , මේ පේෂන්ට්ට දැන් මාසයක් තිස්සේ මම ට්‍රිට් කරත් කිසිම ප්‍රගතියක් නැ. මම හිතන්නේ මේපාර මම ෆේල් සර්. මට කවදාවත් මෙහෙම වෙලා නැ. "


" ඩොන්ට් වොරි රෂිත් . මේ පේෂන්ට් ට මේ මාස දෙකට ට්‍රිට් කරපු දෙවෙනි ඩොක්ටර් ඔයා. කලිං ඩොක්ටර් සුදර්ෂි. අන්තිමට එයා ට්‍රාන්සර් එකකුත් ගත්තා. මතකනේ "


" මතකයි සර්. මම කියන්නේ මට බැරි වෙයි මෙයාව සනිප කරන්න. "


" අන්තිම සොලූෂන් එක විදිහට අපි මේ පේෂන්ට්ව ඩොක්ටර් විහන්සට බාර දෙමු. එයාට මාස තුනක් අැතුලත බැරි වුනොත් මෙයාට නෝමල් ට්‍රිට්මන්ට් කර කර තියාගන්න වෙන්නේ. "


" හරි සර්. මම අද ඩොකියුමන්ට් සේරම ඩොක්ටර් විහන්සට දෙන්නම්. පව් මොනවා වුනත් තරුණ කෙල්ලෙක්. "


" අැත්ත රෂිත්. එ්ත් අපිට කරන්න පුලුවන් උපරිමේ අපි කරනවනේ. "


ලොකු ඩොක්ටර් ඩොක්ටර් රෂිත් එක්ක එහෙම්ම ගියේ ස්ටාෆ් රූම් එකට.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" විහන්ස "


" ඕ කියපන් "


" ලොකු ඩොක්ටර් එන්න කිව්වා යමු . අද ඉදලා මම බලපු පේෂන්ට් උබට දෙනවා . "


" මට පුදුමයි බන්. උබට හොඳ කරන්න බැරි වුනා කිව්වාම. සාමාන්‍යයෙන් උබ මිට කලිං හැම පේෂන්ට්ලවම හොඳ කරානේ. "


" අනේ මංදා විහා . මේ කෙල්ලට නම් අපලයක්ද කොහේද . නැත්තං මට අපලයක්ද කොහේද. යමු "


විහන්සයි රෂිතුයි දෙන්නම අාවේ ලොකු ඩොක්ටර්ගේ රූම් එකට .


විහන්සට පේෂන්ට්ගේ සිටුවේෂන් එක ගැන මෙච්චර කල් තියෙන හැම රිපෝට් එකක්ම දිපු ලොකු ඩොක්ටර් බැරැරුම් විදිහට බැලුවේ විහන්ස දිහා.


" දෙන්නෙක්ට බැරි වුන දේ තමයි ඔයාට මේ දුන්නේ විහන්ස පුතා. ඔයා මිට කලිං පේෂන්ට්ලා ගොඩක් සනිප කරා. රෂිත් වගේම. එ්ත් මේ පේෂන්ට්ව රෂිත්ටවත් ගොඩ ගන්න බැරි වුනා. එයා ගොඩක් කලහකාරි ලමයෙක්. ඔයාට මෙයා වෙනුවෙන් මාස තුනක් දෙන්නම්. ට්‍රයි කරන්න උපරිමේටම. "


" හරි සර්. මම උපරිමේ කරනවා. එයා ඉන්න රූම් එක ? "


" රූම් නම්බර් 21 "


" හරි සර්. තැන්ක් යු. "


" රෂිත් එක්ක ගිහින් ටිකක් පේෂන්ට්ව බලන්න. මොකද එයා ඔයාව දැකලම නැනේ. "


" ශුවර් සර්. "


" ගුඩ් ලක් පුතා. "


ලොකු ඩොක්ටර්ගේ රූම් එකෙන් එලියට අැවිත් රෂිත් විහන්සව එක්ක ගියේ රූම් නම්බර් 21 ලගට.


යකඩ දොරවල් තුනක් තියෙන ලා කහ පාට බිත්ති හතරකිං වට වුන කාමරේ මුල්ලේ අැද උඩට වෙලා දනිස් දෙක උඩ ඔලුව තියන් අතකිං බිත්තිය පහුරු ගාන අවුරුදු 22 කෙල්ල දිහා විහන්ස බලන් හිටියේ හිතට අාව දුකකුත් එක්ක.


" මේ තමයි බන් එ් කෙල්ල. පව් . අවුරුදු 22 ට මේම වුනාම පිට ඉන්න අපිටත් බලන්න බැ. හැබැයි පරිස්සමින් . සුදර්ෂිගේ අතත් කැඩුවා මේකි. "


" අනේ මංදා පව් බන්. මොකද්දෝ වෙනවා මේ වගේ දේවල් දකිද්දි. තැන්ක් යු බන්. මම හෙට ඉදලා බලන්නම් එහෙනම්. උවමනාවක් උනොත් මම කෝල් කරන්නම්. "


රෂිත් හිනා වෙලා විහන්සගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියේ විහන්ස තාමත් සාක්කු දෙකට අත් දෙක දාගෙන අැද උඩ හිටිය කෙල්ල දිහා බලන් ඉද්දි.


විහන්ස කල්පනා කර කරම අාවේ තමන්ගේ රූම් එකට.


මෙන්ටල් හොස්පිට්ල් එකේ වැඩ කරන එක ගැන සමහර වෙලාවට විහන්ස මුලු හදවතින්ම පසු තැවුනා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" නලීන් , දොර අරින්නකෝ "


" ඩොක්ටර් පරිස්සමින් "


නලීන් කාමරේ යකඩ දොරවල් තුන අැරියාම අැදේ මුල්ලේ හිටිය කෙල්ල හිමිහිට ඔලුව උස්සලා බැලුවා.


චූටි ලස්සන මූනක් එක්ක දිගම දිග කොන්ඩයක් තින කෙල්ලෙක්. හැබැයි විදපු වේදනා වලට අැස් වටේ කලු ගැහිලා . හම රැලි ගැහිලා .


වෙනදට එන ඩොක්ටර් නෙමෙයි නිසා අැදෙන් බිමට පැනපු කෙල්ල එක පාරට කෑ ගහන්න ගත්තා.


එ් වෙච්ද දේ එක්ක විහන්ස ගැස්සිලා ගියේ මේ වගේ රියැක්ෂන් එකක් මෙච්චර ඉක්මනට බලාපොරොත්තු නොවුන නිසා .


" තමුසේ....තමුසේ අාවේ....තමුසේ අාවෙත් මාව....මාව මරන්නද ? මරපන්..... අර දෙන්නා මැරුවා වගේ.... තොපි සත්තු "


" අහස්යා "


" අා....තමුසේ නමත් දන්නවද ? ඔව්....මම අහස්යා තමයි. හැබැයි මම එයාව මැරුවේ නැ..... උ තමයි අර අහිංසකයෝ මැරුවේ "


" අහස්යා මම අාවේ කරදර කරන්න නෙමේ. "


" එහෙනම් මගේ ලස්සන බලන්නද ? පලයං.....පලයං "


" හරි මම යන්නම්. දැං මගේ හොඳ දරුවා වගේ මේ කෑම ටික කන්නකෝ "


" මට බැ. වහ දාලා අැති. මම ඉතිං මිනිමරුවෙක්නේ තමුසෙලට "


" දැං කවුද අහස්යාට එහෙම කියන්නේ ? "


" උබලා.... උබලා තමයි. "


" මම කිව්වේ නැනේ දරුවෝ. වාඩිවෙලා මේක කන්නකෝ "


" මට මෙහෙන් යන්න දිපන්..... අර.... අර අහිංසකයන්ට කන්න දෙන්න "


එකපාරටම බිම වාඩි වෙලා හයියෙන් අඩන්න ගත්තේ කොන්ඩෙන් අැද ගමන්.


නලීන්ට අැතුලට එන්න කියලා කෑම එකයි බෙහෙත් ටිකයි නලීන්ට දීලා විහන්ස වාඩි වුනේ අහස්යා ඉස්සරහින්.


" අහස්යා , දැං ඔයා මම කියන දේ අැහුවොත් මම ඔයාට මෙහෙන් යන්න උදව් කරනෝ. "


කදුලු බේරෙන අැස් වලින් එක පාරටම කෙල්ල බැලුවේ ඩොක්ටර් දිහා.


" අැත්තටමද ? "


" ඔව්. මම බොරු කියන්නැනේ. "


" බොරු කරන්නේ හැමෝම. "


" මම එහෙම නැ. එන්න අපි කමු. "


විහන්ස අහස්යා ලගින් හිමිහිට නැගිටලා එහාට වුනා.


අහස්යා නැගිටලා අැවිත් අැදේ කොනකිං වාඩි වෙලා පිගානේ තිබ්බ කෑම එක කන්න ගත්තා.


හැබැයි එ් වෙලාවේ විහන්ස පුදුම වුනේ මානසික රෝගියෙක් වුනාට බොන්න තිබ්බ වතුර ටිකක් අරන් අහස්යා අත හෝදපු නිසා.


හොස්ස පුරාම කෑම ගාගෙන කෑම කාපු අහස්යා අායේ වුතර ටිකකිං අත හෝදලා අැදුමෙන්ම කට වටේ පිහිද ගත්තා.


" මාව එක්ක යනවද ? "


" අනිවාරෙන් යමු. මේ ටික බොන්නකෝ දැන්. "


විහන්ස චාටුවෙන් අතට බෙහෙත් ටික දීලා බොන කම් බලන් හිටියා.


එලියට යන්න තිබ්බ අාසාවටම කෙල්ල බෙහෙත් ටික එක හුස්මට බිව්වා.


නලීන් කෑම පිගානයි වතුර කෝප්පෙයි අරන් අායේ එලියට ගියහම විහන්ස නැගිට්ටා .


" මම එන්නැ. මට දොයිය ගන්නෝනි. "


" එහෙනම් හොඳ දරුවා වගේ දොයිය ගන්නකෝ. මම හෙට එක්ක යන්නම් "


" හරි. හැබැයි එක්ක යන්න හොදේ. "


" ප්‍රොමිස්. "


විහන්ස හිනා වෙලා එලියට අාවේ නලින් අායෙත් කාමරේ ලොක් කරද්දි.


විහන්සට සතුටු හිතුනා . මොකද ,


නොහිතපු විදිහට පේෂන්ට් තමන්ට පාලනය කරගන්න පුලුවන් වුන නිසා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" විහන්ස කොහොමද බන් අර ගර්ල්ගේ තත්වේ ? රූම් නම්බර් 21 "


" එ් පේෂන්ට් මට කන්ට්‍රෝල් වුනා බන් . ටිකක් අමාරු වුනා. අැඩුවත් එක්ක. මේ පේෂන්ට්ට නැදැයෝ නැද්ද ? "


" මෙච්චර කාලෙකට කවුරුත් අැවිත් නැ බලන්න. හොස්පිට්ල් එකට ගෙනාවෙත් පොලිසියෙන්. "


" සිරාවට ? බිනරි අහස්යා ජයසිංහ. අවුරුදු 22 යි. හැබැයි රෂිත් මොකක් හරි ලොකු දේකට මේ කෙල්ල ෆේස් කරලා තිනවා. මර්ඩර් එකකට සම්බන්දයි කියලා හිතෙනවා. "


" මටත් හිතනා. නිතරම කියන්නේ එ්කනේ. "


" එ්කතමයි. ඊයේ අැහුවා එලියට එක්ක යනෝද කියලා . මම කිව්වා හා කියලා. "


" යකෝ පිස්සුද බන්. දැං බලහන් හෙට ගියහම වෙන දේ "


" මොකද ? "


" මොකද තමයි. සුදර්ෂිත් ඔය පොරොන්දුව දිලා කමයි අතත් කඩා ගත්තේ එ්ක ඉස්ට කරේ නැ කියලා. උබනම් විහා...... "


" බලමුකෝ බන්. එ්කි චූටි ගොඩක් මට වඩා. "


" ඔව් ඉතිං උබ හයේ හතරේ පොරනේ. මේ මම යනවා. ගුඩ් ලක් "


" යු ටු. "


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


හවස අායේ විහන්ස ගියේ අහස්යාව බලන්න.


යද්දි හොඳටම නිදාගෙන හිටිය අහස්යව ඉක්මන්ට චෙක් කරලා කාමරේ බිත්ති දිහා බැලුවේ අැදලා තින බලි කුරුටු දිහා.


හැම තැනම ඉන්නේ ගැනු කෙනෙකුයි පොඩි අත දරුවෙකුයි විතරයි.


ලොකු අකුරින් ලියලා තින සමහර වචන හරිම දරුනුයි.


' මිනිමරුවා '

' පලිය '

' කපලා මරනවා '


මේ පොඩි වයසට ලොකු දේකට මුහුන දුන්නා කියන්න වෙන සාක්කි විහන්සට ඕන වුන්නැ.


විහන්ස කාමරේ දොරවල් තුනත් ලොක් කරලා අනිත් පේෂන්ට්ලා දෙන්නත් බලලා ගෙදර ගියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" අම්මෝ මෙන්න මූ "


" උබට ඉතිං විරාජ් මාව මතක් වෙන්නේ හාවා හද දකින්න වගේනේ "


" පිස්සුද බන්. මට මේ ටිකේම වැඩ. ගිය මාස ටිකේම නැහිලා නැහිලා කම්පැනිය ගොඩ ගත්තා. දැං නම් මාසෙකට නිවාඩු දාලා මේ අැවිද අැවිද ඉන්නේ. අනිද්දා පැරිස් යනවා. ටුවර් එකක් "


" මට ගෙනෙං අැ මොනවා හරි. හොඳ ලස්සන ප්‍රංශ කෙල්ලෙක් හරි කමන්නැ. උබත් එයින් එකක්වත් සෙට් කරගනිං. දැං 32 ක්නේ. "


" අනේ මම අර මගේ අවුරුදු දෙකක හුචස් ලව් එකම මැරි කරනවා බන්. මගේ අැමීලියා කෙල්ල. "


" වෙඩින් කේක් කැල්ලක් කන්න විදින වේදනාවක්. "


" එහෙනම් මම යන්නම් විහන්ස. පුංචි මම යනෝ "


" හරි පුතේ. "


විරාජ්ට කතා කරගෙනම විහන්සගේ අම්මා ඉස්සරහට අාවේ විහන්ස අම්මා එක්ක හිනා වේගෙන විරාජ්ටත් අත වනාගෙන කාමරේට යනකොට.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" ඩොක්ටර් විහන්ස "


" අා යමු නලින්. "


විහන්ස වෙනදා වගේම නලින් එක්ක ගියේ අහස්යාව බලන්න.


නලීන් දොරවල් තුනම අැරලා එලියේ ඉන්න කොට වෙනදා වගේම විහන්ස අැතුලට ගියේ අහ්සයාගේ බෙහෙක් ටික අරන්.


" කොහොමද කෙල්ලේ ? "


විහන්ස හරිම අාදරෙන් අැහුවේ අැදේ හාන්සි වෙලා තනියම කතා කර කර හිටිය අහස්යාගෙන්.


" තමුසේ.....මට බොරු කරා....පලයං.... උබත් අරු වගේමයි..."


එකපාරටම කෑ ගහගෙන විහස්නගේ අැගේ එල්ලුන කෙල්ල විහස්නගේ අතපය හූරලා දාලා විහස්නට තුවාල කරා.


විහස්න තමන්ගේ හැඩි දැඩි අත් වලින් පොඩි කෙල්ලව තදේට අල්ලං හිටියත් එකපාරට විහස්නගේ අත හැපුව නිසා කෙල්ලව විහස්නට අතැරුනා.


" සර් "


" නලීන් එපා "


මේ වෙච්ච දේ නිසා අැතුලට එන්න හදපු නලීන්ව නවත්තපු විහස්න අායේ ගිහින් අහස්යාගේ අත් දෙකෙන් අල්ල ගත්තා.


එකපාරට පුදුම වෙලා වගේ විහස්න දිහා බලන් ඉදලා විහස්නව අායේ හපලා තල්ලු කරලා දැම්මා.


නොහිතපු විදිහට තල්ලු කරපු නිසා විහන්ස ගිහින් බිත්තියේ දාරේ වැදුනේ නලල පැලිලා ලේ එද්දි.


" අාහ් "


" සර්. "


නලීන් දුවලා අැවිත් විහන්සව බලෙන්ම එලියට එක්ක ගියේ විහන්ස පැලුනු නලල ගැනවත් නොහිතා බෙහෙත් පොවන්න ගිය නිසා.


මේ සද්දෙට එතනින් ගිය වෙන අැටෙන්ඩන්ටලා දෙන්නෙක් අැවිත් ඉක්මන්ට කාමරේ ලොක් කරලා ගියා.


විහන්සගේ ඔලුව පැලුනු වෙලේ ඉදලා අහස්යා බිම වාඩිවෙලා දනිස් දෙකේ ඔලුව ඔබන් අතින් බිම පහුරු ගගා හිටියා.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


" විහා මොකද බන් වුනේ ? "


" අහස්යාට අායේ කන්ට්‍රෝල් එක නැති වුනා . මෙල්ල කරන්න අමාරුයි එ්කි. තල්ලු කර පාර ඔලුව වැදුනා. "


" බලපන් අත පයත් හූරලා. "


" එහෙමයි කියලා මම අතාරින්නැ. මම මේකිව හොඳ කරනවා. හොඳින් හරි නරකිං හරි. "


" උබට ශුවර්ද ? "


" 100% ශුවර් "


" උබ දැං අායේ යනවද එ්කි බලන්න ? "


" දැං බැ . දැන් ඔලුව රිදෙනෝ. ගෙදර ගිහින් හෙට උදේ එනවා. පොඩ්ඩක් අැලට් එකේ ඉදපන්කෝ අහස්යා ගැන. අවුලක් වුනොත් කතා කරන්න. "


" හරි මචන්. "


විහන්ස ඔලුවටයි අත් වලටයි බෙහෙත් දාගෙන ගෙදර ගියා.


ගෙදර ගිය ගමන් අම්මටයි නංගිටයි විස්තරේ කියලා අැදට වැටිලා නිදා ගත්තේ දැනුනු තද ඔලුවේ කැක්කුම නිසාමයි.



කතාව හිතනවට වඩා වෙනස් වෙයි ලමයි 🌝🌝🌝


Sp

Report Page