My Study Plan.

My Study Plan.

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°


පාඩම් කරන්න චූටි ප්ලෑන් එකක් දෙන්නද දවස් අනූවක.(මේක මං කරන ප්ලෑන් එක නිසා අඩුපාඩු ඇති ඔයාලට ගැලපෙන්න හදාගන්න.🥲)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
දැන් අපි කරන සබ්ජෙක්ට් තුන තියෙනව නේද ඒ එක සබ්ජෙක්ට් එකකට දවස් තිහක් වෙන් කරන්න පුලුවන්.

එතකොට එක සබ්ජෙක්ට් එකකට දවස් තිහක් කියන්නෙ එක මාසෙකට එක සබ්ජෙක්ට් එකකට වැටෙන්නෙ දවස් දහයයි.


අපිට ඒම බැලුවම සතියකට දවස් දෙකක් එක සබ්ජෙක්ට් එකකට වෙන් කරන්න පුලුවන් නෙ. ඒම කරලත් සතියට දවසක් ඉතුරු වෙනවා ඒ දවස ගන්න ඔයාට අමාරුම විශයට.

පලවෙනි මාසෙ ඒ කියන්නෙ නොවැම්බර් වල ඔයා ඔයාගෙ නෝට්ස් පාඩං කරන්න.

ඒ කියන්නෙ ඔයාට එක සතියක එක විශයකට තියෙන දවස් දෙකේ තියරි නෝට් පාඩංකරන්න ඊලග සතියෙ රිවිශන් නෝට් ඊට පස්සෙ ඩතියෙ ශෝට් නෝට් වගේ බෙදාගෙන සබ්ජෙක්ට් වලට අදාල දවස් දෙකේ අනිවාර්‍යෙන්ම පාඩම් ඔක්කොම පාඩම් කරන්න.

මොකද එක සතියක පාඩම් කරාම ආයිත් ඊලග සතියෙ ඔයාට ආයිත් පාඩං කරන්න වෙන්නෙ ඒනිසා ඒ දවස් දෙකෙ අදාල සබ්ජෙක්ට් එකේ ඔක්කොම පාඩම් බලන්න කියවන්න.

ඊට පස්සෙ දෙවනි මාසෙදි ඒකියන්නෙ දෙසැම්බර් වලදි ඔයාටම තේරෙනවනෙ පාඩං තියෙන ඒව නැති ඒවා. ඉතිං පාඩං කරන්න ඕනි ඒව විතරක් ඒ මාසෙ බලන්න ඒත් එක්කම පේපර් කර කර උත්තර බලලා ලකුනු දාලා වේගෙ එහෙම හදාගන්න.

දෙවනි මාසෙදි ඒ විදියට පේපරුත් එක්ක යන ශෙඩූල් එකක් විදියට කරන්න.

තුන් වෙනි මාසෙ ඒ කියන්නෙ ජනවාරි වෙනකොට ඔයාටම හොදටම තේරෙනවනෙ තාමත් බැරි මොනාද වේගෙ මදිද කෝමද කියලා ඒ විදියට අඩුපාඩු හදනගමන් පාඩං කරන එකත් කරන්න.

හැබැයි අර දවස් දෙකේ මෙතඩ් එක කරන්න දිගටම ඒ දවස් දෙකේ තමා ඔය ඔක්කොම කරන්න ඕනි ඔයා.

දැන් එතකොට මාස තුන එවර වෙද්දි ඔයා පාඩනුත් කරලා වේගෙත් හදාගෙන ඉන්නෙ ඔය විදියට හරියටම කරොත්.

අඩුම දවසට පැය දාසයකට වඩා වැඩ කරන්න ඕනි අනිවාර්යයෙන්ම ඔයා.

ඊට පස්සෙ දැන් විභාගෙ ලං වෙනකොට (පෙබරවාරි වලදි වගේ) මේ ශෙඩූල් එක වෙනස් කරලා ටයිම් ටේබල් එකට අනුව කාලසටහනක් හදාගන්න ටයිම් ටේබල් එක බලලා.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
කම්මැලී කම චුට්ටක් පැත්තකින් තියලා මෙ මාස තුන හරියටම ඔයා හොදට මහන්සි වෙලා වැඩ කලොත් ඔයාට අනිවාර්යයෙන්ම😌♥ දිනන්න පුලුවන් කිසිම ගේමක් බයක් නැතිවම.

අනික් අයට පුලුවන් නම් ඔයාට බැරිවෙන්න කිසිම විදියක් නැනෙ🥲

ඔයාටත් පුලුවන් අනික් අයටත් වඩා හොදට😌

මේ මාස තුන හරියට මහන්සිවෙලා හිතට එකගව වැඩ කරොත් ඔයාට මේ ගේම් එක කිසිම ගේමක් නැතිවම දිනන්න පුලුවන්😌


ආ නැද්ද හා...


විභාගෙට කලින් පාඩං කරන්නැතිව මහන්සි වෙන්නෙ නැතිව ඉදලා විභාගෙන් පස්සෙ අඩල දොඩලා අපරාදෙ මංපාඩං කරානම් මීට වඩා රිසාල්ට් එකක් ගන්න තිබ්බනේ කියන එක හිතන්න කීයටවත් ඉඩ තියන්නෙපා🤘🙂

ඒ වෙනුවෙන් වැඩ කරන්න උබට පුලුවන් 😌 මට පුලුවන් කියලා හිතල වැඩ කරන්න😌


උඩ දීපු ප්ලෑන් එකේ අඩුපාඩු ඇති මොකද ඕක මං කරන ප්ලෑන් එක ඔයාලට කීවෙ🙂

ඔයාලගෙ ප්ලෑනුත් තියේනම් අපිට එවන්න නැතිනම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න අනික් අයටත් දැනගන්න ඒකත් පිනක්නෙ😇.
මගෙ ප්ලැන් එකේ අඩුපාඩුත් කියන්න මටත් හදාගන්න🥲.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
අනික කෝමත් අපිට මේපාර එක්සෑම් එකට ගොඩාක් ලොකු තරගයක් තියෙනවා.මොකද එක්සෑම් එක මාස හයක් විතර කල් ගියපු නිසා ගොඩක් අය තනියෙන් වැඩ කරලා ඉස්සරහට ඇවිල්ල ඉන්නෙ🥲 ඒවිතරක්ද 2022 ඒලෙවල් ලියන සමහර අයත් අපිත් එක්කම එක්සෑම් ලියන්න තීරනය කරලත් තියේ🥲 එතකොට හිතාගන්නකො ඇතිවෙල තරගය🥲 කොලඹ ඉන්න හොදම සර්ලා වර්චුවල් උගන්නන නිසා රට පුරාම ඉන්න ලමයින්ට හොදට ඉගෙනගන්න අවස්තා ලැබෙනකොට ඇතිවෙන තරගය නම් කලින් පාරට වඩා ගොඩක් වැඩී🥲 2021 නම් චුට්ටක් අඩුවෙන් දැනෙයි මැදින් පටන් ගත්තුනිසා සීන් එක🥲


ඒමයි කියලා ඔයා සැලෙන්නෙපා😜 අනික් අය ගැන හිතන්නැතිව තරගෙ ගැනවත් හිතන්නෙ නැතිව ඔයා වැඩකරන්න ඔයාට පුලුවන් උපරීමයෙන් එතකොට ඔයාට ඕනි හොදම රිසාල්ට් එක ඔයාට හම්බෙයි කොච්චර තරගයක් තිබ්බත් 😎
වැඩ කරොත් ඔයා අනිවාර්‍යෙන්ම දිනනව ඒක කාටවත් නවත්තන්න බෑ ඕන්😎
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මං

@ Hᗩᑎ's dιary°
#Han_s_diary
@littlesecret_nextlevel
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Flw us to see more article 👇

Littlesecret

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


Report Page