Murder - A short story

Murder - A short story

@Mrs. හෝම්ස්
..........The game of murder begins......

"එයා ලස්සන ගෑනු ළමයෙක්."

"එයා කටකාරයි.බය නැහැ කිසිම දේකට...අපි දෙන්නා යාලුවෝ. හොදම යාලුවෝ..අපි ප්‍රොමිස් උනා ඒ යාලුකම මැරෙනකම් තියාගන්නවා කියලා. අපි ට්‍රිප් ගියා. ජීවිතේ වින්දා. "


"අයිසේ පියල්ල්ල්...අර ගෑනිට කියපන් මම කිව්වෙ හොදම යාලුවා ගැන කතාවක් කරන්න නෙවෙයි. අර කෙල්ලව මැරුවෙ කොහොමද කියලා කියන්න කියපන්."

"ok සර්" 

එකපාරටම කාර්‍යාලයේ දොර ඇරුණි...

"සර්.. සර්..අර ගෙදරම තව මර්ඩර් එකක්. මේ දැන් වෙලා තියෙන්නෙ."

"මොනවද යකෝ මේ වෙන්නෙ. මිනීමරුවා මෙතන ඉද්දි කවුද යකෝ තවත් මිනීමරන්නෙ. අනිත් එක ඔතන මුරට දැම්මෙ මේකෙ ඉන්න සුපිර්ම ටීම් එකක් කිව්වා නේද. තව එකෙක් මරලා යනකම් උන් එතන පොල් ගාලද??? අහ් ගන්නවා ජිප් එක"

CID ප්‍රධානියා තම සහචර නිලධාරීන් සමග එම ගරාවැටුනු ගොඩගැනිල්ලට ඇතුල් වුණි. ගොඩනැගිල්ලේ මූසල නිහඬබව පරයා සුලු නිලධාරීන්ගේ සුසුම් හඩවල් ඇසේයි.

" මොකද යකුනේ මී හරක් රැලක් වගේ හති දාන්නෙ. ගන්ස් රෙඩි කරගන්න. දකින ඕනම කෙනෙක් ඕවර් යනව වගේ පේනවා නම් ශූට් ක‍රන්න."

"සර් අපි ආපහු යමුද. අයෙ උදේට එමු. මේ කට්ට කරුවලේ ගිහින් අපි ඔක්කෝටම එකම වලට තමයි යන්න වෙන්නෙ."

"ඔව් සර්"

"තොපි පිරිමිද යකුනේ. මෙහෙ වරෙන් යන්න. ටීම් එක දෙකට බෙදිලා තට්ටු දෙකට යන්න. සෝමසිරියි, පියදාසයි මාත් එක්ක උඩ තට්ටුව සර්ච් කරන්න යමු"

"ඕකෙ සර්"

"Wait. පියල්, සුනිල් මෙතන නම් අපේ පොට් එකේ අර ගෑනිව මුර කරන්නෙ කවුද යකෝහ්"

සුලු නිලධාරීන් සියල්ලෝම නිහඬ මූනෙන් මූණ බලයි....

"තොපි වගේ මෝඩ රැලක්" ප්‍රධානියා ගොඩනැගිල්ල දෙවනත් වන ලෙස කෑ ගසා. සුලු නිලදාරීන් පිරිස තනිකර දමා ජීප් රිය අධික වේගයෙන් තිප්පොල වෙත පදනන්නට විය.


රුව නෙතග ගැටුනු දා දැනුනු

හැගුම හද පුරා

ඔය නෙතබ දෙස බලා

සිහිය අතරමග තියා

දුර දුරක මම ගියා

නොදැනි ලොව නතර වෙලා

මුදු සිහිනයකි නුරා

හිදිමි නුබේ ලග මෙමා

නෑසුනා සේ ඉවත බලා ගියා

සුදූ නුඹටම තේරිලා

නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා............


CID ප්‍රධානියා තිප්පොල වෙත ලගාවනවාත් සමගම ඔහුගේ සවන් වැකුනේ පලාතම දෙදරා යන ලෙස තිප්පොලේ සිංදු දමා ඇති අකාරයයි. දැන් එය තවදුරටත් සැමටම වසන් වුනු රහස් තිප්පොලක් නොවේ.

"මූ නම් මහ සයිකොකාරයෙක්" ප්‍රධානියා තමන්ටම එලෙස මුමුනගතිමි. මේ ක්‍රියාවත් සමග ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වී ඇත.

ගබඩා කාමරේ බැද දමා තිබූ තරුණියටද හිසට වෙඩි තබා මරා දමා ඇත. මෙය දුටු ප්‍රධානියාටද මෙම යුවතිය පිලිබදව සිත උනු වුනි. නමුදු මෙම ගැටලුව තවත් සංකීර්ණ වී තිබේ.මේ පිලිබදව කල්පනා සයුරේ ගිලෙමින් විසදීමට මගක් සොයමින් සිටි නිලදාරියා මෙලොවට පැමිනියේ දුරකථනය නාද වීමත් සමගය.

ට්‍රීං .......ට්‍රීං......ට්‍රීං............

"ආහ්...හෙලෝ හෙලෝ මේ අපේ CID මහත්තයා නේද. කොහොමද මගෙ සප්‍රයිස් එක."

ඔහු බලාපොරොත්තු වූයේ ගාම්භීර පිරිමි කටහඩක් වුවත් ඇසුනේ ගෑනියකගේ හඩකි.මෙ‍යින් ප්‍රධානියා මවිත වුවත් ඒ බව නොපෙන්නා.

"කවුද ගෑනියෙ තමුන් ?"

"මෙහෙමයි ඉතින්. මම අහිංසක කෙල්ලෙක් හැබැයි තමුන්ට අනුව නම් සීරියල් කිලර් කෙනෙක්."

"ඔව් ඉතින්, තෝ වගේ එකියෙකුට සීරියල් කිලර් නැතුව පත්තිනි අම්මා කියන්නඩ ද, තමුන් ඇයි මෙහෙම කරන්නෙ? "

" කියන්නම් කියන්නම්..ඊට කලින් කියන්නකෝ මගෙ කටහඩින් ඔයාට මාව අදුරගන්න පුලුවන් ද කියලා"

" තෝ හිතුවද යකෝ කටහඩින් අදුරගන්න උබ නන්දා මාලනි කියලා"

" හා හා මේ මිස්ටර් ටිකක් හොදින් කතා කරහම එන්න එපා කරේ නගින්න. තොට මාව මෙච්චර ඉක්මනට අමතක වෙයි කියලා නම් මම හිතුවෙ නැහැ. ඒත් කමක් නැහැ. මම මතක් කරන්නම් "

"................................................."

"ඔච්චර හිතන්න එපා. ඔය තියෙන අබ ඇටයක් තරම් මොලේටත් සමනල ගැටේ වැටෙයි.ඔන්න එහෙනම් අහගන්නකො සුදූ..........මම තමයි ඔයාගෙ Ex. මාව මතකද දැන් ම්ම්ම්"

.................................................................................................................................

"මොන හු*$!?*$ ද යකොහ්. මේකද දැන් ඔය කියපු පට්ට ෆිල්ම් එක. මොකාද මේකෙ ඩිරෙක්ටර්. මොනා උනත් අංක එකේ පිස්සෙක්ද කොහෙද. තෝ කියපු දේ අහලා මගෙ නින්ද කැප කරලා මේ මගුල බලන්න ආවට මට ගහන්න ඕනෙ යකෝහ්. මං යනවා ඇදට. උබට ඕන්නම් බලපන් ඕකෙ ඉතුරු ටික ..රෙද්ද"

රෙද්ද නෙවෙයි හැට්ටෙ. අම්මපා මෙහෙමත් යාලුවො. ඒකිම හදපු ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කවුද කියලා මගෙන් අහනවා. Ex boyfriend එක්ක break-up වෙලා මාසයක් යන්න කලින් උගෙන් පලිගන්නව කියලා ෆිල්ම් එකකුත් හදලා ඒක රිලීස් වෙන්නත් කලින් ආයෙත් ඌ එක්කම යාලු උනා. මෙහෙම දේවලුත් වෙනවනෙ මේ ලෝකෙ. මේවා දැක්කහම තමයි හිතෙන්නෙ මැරෙනකම් තනිකඩව ඉන්න එක හොදයි කියලා.

..................................................................................................................................

කොහොමද ඉතින් ඔයාලට. ජොලියටත් එක්ක ලිව්වෙ.ගොඩක් අයනම් මාව "Mrs. හෝම්ස්" කිව්වට දන්නෙ නැතුව ඇති. මම කොලේජ් කතාවෙ writer. ඔයාල අදහස් කියාගෙන යන්න.



Report Page