Mora IT
Study with CHILL
#Degree_details_part15
#Information_technology_UOM
පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා..
ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...
👩🎓තොරතුරු තාක්ෂණය ගෞරව උපාධි පාඨමාලාව - මොරටුව විශ්ව විද්‍යාලය.
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිළිබඳව ගෞරව උපාධි පාඨමාලාව සදහා ඇතුලත් වෙන්න පුළුවන් bio හරි maths හරි කරපු නංගිලා මල්ලිලාට විතරයි ..
ගොඩක් අය පටලවගෙන ඉන්න මේක පොදු විෂය විෂය ධාරාව යටතේ දී ඕනම කෙනෙක්ට යන්න පුළුවන් පාඨමාලාවක් කියලා . ඒත් මේකට යන්න පුළුවන් science හදාරපු අයට විතරයි.
මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයේ ම තියෙනවා information technology and management කියලා උපාධි පාඨමාලාවක්. අන්න ඒකට තමයි පොදු විෂයන් හදාරපු අයටත් වෙනත් විෂයන් හදාරපු අයටත් යන්න පුළුවන් වෙන්නේ..
ඒ වගේම මොරටුව IT සදහා සුදුසුකම් ලබන්න කිසිම appitute test එකකට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ
ඒ වගේම මොරටුව විශ්ව විද්යාලය තොරතුරු තාක්ෂණ උපාධියෙන් කෙලින්ම සිව් අවුරුදු ගෞරව උපාධියක් ලැබීමක් සිදු වෙනවා.. ඒක විශේෂිත වාසියක් වෙනවා විවිධ අවස්ථාවන් යටතේදී ..
සාමාන්‍යයෙන් ඔයාලට lecture පෝස්ට් එකකට යන්න ඕනේ නම්, මහාචාර්ය, කථිකාචාර්ය දක්වා යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අවුරුදු හතරක special degree එකක්, නැත්නම් ගෞරව උපාධියක් තියෙන්න ඕනේ ..
ඉතින් කවුරුහරි කෙනෙක් ඉන්නවනම් IT Side එකෙන් ඉහළට යන්න බලාගෙන එයාලට මොරටු IT කියන්නේ ගොඩක් හොද Degree එකක් කියලා කියන්න පුළුවන්.
ඒ වගේම ඔයාලට වෙන පිටරටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් IT සයිඩ් එකෙන් software engineer කෙනෙක් විදිහට එතැනදිත් සිව් අවුරුදු ගෞරව හෝ විශේෂ උපාධියක් තියෙන අයට තියෙන චාන්ස් එක වැඩියි .
ඒ වගේම සමහර රජයේ පත්වීම් සඳහාත් මෙය අවුරුදු 4ක විශේෂ හෝ ගෞරව උපාධියක් අපේක්ෂා කරනවා ..
ඒ වගේම අතලොස්සක් සමහර private company තියනවා එයාලspecial degree එකක් තියෙනවා නම් එයාලට දක්වන සැලකිල්ල වැඩියි ..
ඒ වගේම විවිධ pramotions වලට යන්නත් අවස්ථාව වැඩි අවුරුදු හතරක ගෞරව හෝ විශේෂ උපාධියක් තියෙන කට්ටියට .
මොරටුව විශ්ව විද්‍යාලයේ මෙම උපාධි පාඨමාලාව අවසානයේ දී B.Sc. (Hons) in Information Technology උපාධිය තමයි පිරිනැමෙන්නේ..
අවසානයේ දී සියළුම දෙනාම උපාධිය ඉවර වෙල මෘදුකාංග ඉංජිනේරුවන් විදිහට එළියට යැවීමක් සිදු කරනවා..
මෙ degree එක අවුරුදු හතරක සමාසික අටකින් යුක්ත වන්නාවූ ඩිග්‍රි එකක් ..
පස්වැනි සහ හය වන semester එක අතරතුරේ දී සති 24 ක indusrial training එකකට ඔයාලව යොමු කිරීමක් සිද්ධ වෙනවා.. එතනදි තවත් විවිධ දේවල් අත්හදා බලන්නත් , ඒ ආශ්‍රයෙන් ඔයාලාව රැකියා වෙළදපොලට ගැලපෙන කෙනෙක් බවට පත් කිරීමත් සිදුවෙනවා
ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මෘදුකාංග ඉංජිනේරුවෙක්ටකොච්චර Value එකක් ලංකාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් තියෙනවද කියලා ..
ගොඩක් අය කියන එකක් තමයි මේ කාලය පදුරකට පයින් ගැහුවත් software engineers ලා කියලා .. හැබැයි කියන්න ඕන තවත් විශේෂ දෙයක් තමයි කොච්චර software engineers ලා හිටියත් තමන්ට වැඩේ පුලුවන්නම් විතරයි හොඳ රස්සාවක් ලබා ගන්න පුළුවන් වන්නේ ..
ගොඩක් company වල software engineer කෙනෙක් තමන්ට හයර් කරගන්න කොට එයාලා දෙන ටෙස්ට් එකක් තියෙනවා ඒ ටෙස්ට් එකෙන් තමයි එයාලා තෝර ගන්නේ මෙයාව මෙතනට සුදුසුද කියලා..
ඔයාලා මොරටුව IT කරත් private campus එකක IT කලත් IT වලින් ඉස්සරහට යන්නනම් ඇත්තටම වැඩ්ඩෙක් වෙන්න ඕනේ ..
මොරටුව IT වල ප්‍රධානතම දෙය තමයි එකේ තියෙන පිළිගැනීම.
ඇත්තටම කිව්වොත් ඕනෙම තැනක පිළිගන්න උපාධියක් තමයි මොරටුවෙන් පිරිනමන්නේ..
ඒ වගේම මේක තෝරගන්න ඕන අයි ටී වලට කැමැත්තක් තියෙන අය විතරයි.. අනිවාර්යෙන්ම ඔයා IT වලට interst එක අඩු කෙනෙක් නම් මම හිතන්නේ නෑ මේ Degree එක ඔයාලට ගැළපේවි කියලා ..
මොකද IT කියන්නේ ගොඩක් සංකීර්ණය වගේම stressful සබ්ජෙක්ට් එකක් ..
සිලබස් එක ගැන කතා කරොත් basically හැම කැම්පස් එකම IT සම්බන්ධව තියෙන්නෙ එකම සබ්ජෙක්ට් සෙට් එකක් තමයි .. ඒ අතරින් languages තියෙනවා networking වගේ දේවල් තියෙනවා software engineeering මේ වගේ ගොඩක් සබ්ජෙක්ට් තියෙනවා ..
මොරටුව කැම්පස් එකේ තියෙන විශේෂත්වය තමයි පහසුකම් ..
IT කරන අයට ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් මේ විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න පුළුවන්..
ඔයාගේ ටැලන්ට් එක සුපිරිනම් අනිවාර්යෙන් හොඳ starting salary එකකට හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් හොඳ උපාධියක් තමයි මේක ..
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ පාර විශ්වවිද්‍යාලවලට වරම් ලබල තියෙන අයගෙන් IT වලට ආස කෙනෙක් ඉන්නවනම් මේක ඔයාට තෝරාගන්න පුළුවන් හොඳම හොඳ උපාධියක් කියලා ..
මේ පෝස්ට් එකෙන් යම් දෙයක් දැනුවත් උනා නම් page එකටත් like එකක් දාල අනිත් අයටත් බලන්න share කරන්න ...
ඊළඟට මේ වගේම තවත් විස්තරත් එක්ක හමුවෙමු !!
හැමෝටම ජය !!
#Study_with_CHILL
#Degreevaluation