Misinformation effect

Misinformation effect

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



Misinformation effect කියන්නේ වැරදි විදියට තොරතුරක් මතකයෙ තබා ගැනීම හෝ ඒ තොරතුර වැරදි ලෙස එළිදැක්වීම. බොහොම සරල උදාහරණයකින් මෙය පැහැදිලි කරනවනම්,

හිතන්න ඔබ අද දින පාරේ යන විට සුලු රිය අනතුරක් දුටු බව. කාර් එකකට ත්‍රීවීලයක් සුලු සීරීමක් කර ඇති වග. නමුත් ටික වේලාවකින් ඔබ තවත් කෙනෙක්ට එය ඊට වඩා ලොකු අනතුරක් ලෙස ප්‍රකාශ කිරීම, එනම් අතන හන්දියේ කාර් එකක් ත්‍රීවීල් එකක් හප්පලා ත්‍රීවිල් එකට ලොකු පාඩුවක් වෙලා.මෙන්න මෙවැනි ලෙස පුවත ගෙන යෑම misinformation effect ලෙස සරලව දැක්විය හැකි.

මේ පිළිඳව Elizabeth Loftus නමැති ප්‍රජානන මනෝවිද්‍යාඥය තුමිය විසින් පරීක්ෂණ සිදු කොට ඇත. ඒ පරීක්ෂණය නම්,

එක්තරා කණ්ඩායමකට කාර් අනතුරක වීඩියෝ පට පෙන්වා ඇත. ඉන්පසු එම කණ්ඩායම දෙපිරිසකට බෙදා ඒ අනතුර සබැදි ප්‍රශ්න අසා ඇත. මේ අතර එක් කණ්ඩායමකින් මෙසේ ප්‍රශ්නයක් නඟා ඇත.එම කණ්ඩායම අපගේ පහසුවට A යැයි නම් කරමු. ( මෙසේ නාමකරනයක් පරීක්ෂණය තුළ සඳහන්ව නොමැති අතර අවබෝධයේ පහසුවට පමණක් නම් කරමි).

- එම කාර් දෙක කොපමණ වේගයකින් පැමිණ එකිනෙකට වැදී ඇත්ද?

දෙවැනි කණ්ඩායමෙන් (එයට B යැයි කියමු)එම ප්‍රශ්නයම "එකිනෙකට වැදී ඇත්ද" යන යෙදුම වෙනුවට ,

- එම කාර් දෙක කොපමණ වේගයකින් පැමිණ එකිනෙක විනාශයට පත්වී ඇත්ද?

එහි සොයා ගැනීම වූයේ A කණ්ඩායමට වඩා වැඩි වේගයක අගයක් B කණ්ඩායම සඳහන් කොට ඇත.

ඉන් අනතුරුව එම කණ්ඩායම් සතියකට පමණ පසු කැදවා එම අනතුරින් වීදුරු විනාශ වී තිබුණෙද යන්න ප්‍රශ්න කළේය.

එවිට B කණ්ඩායම වීදුරු විනාශ වී තිබුණේය යන වැරදි පිළිතුර ලබා දී ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ එක් වචනයක් හේතුවෙන් වැරදි ලෙස තොරතුරක් මතකයේ සටහන්ව ඇත.

මෙය එසේ සිදුවීමට එක් එක් ආකාරයේ මතවාද ඉදිරිපත්ව ඇත. කෙසේ නුමුදු සිදු වීම දුටු දින සිට කාලයක් ගත වත්ම එම මතක මතකයෙන් කෙමෙන් මැකී ගෙන යද්දි මතකයේ ඡායාවන් ඔස්සේ එම තොරතුර විග්‍රහ කිරීමට යාමේදි වැරදි පුවත් නිර්මාණය විය හැක. එසේම යම් සිදුවීමක් දුටු සහ ප්‍රකාශ කරන තැනැත්තාගේ වයසද මෙයට බලපාන බව ප්‍රකාශ කරයි. එසේම යම් කතන්දරයක් කාලයක් යන විට මතකයෙන් ගිලිහෙද්දි හිස් තැන් ඉතිරි වේ. ඒ හිස් තැන් සම්පූර්ණ කිරීමට පුද්ගලයින් කතාව ප්‍රතිනිර්මාණය කරමින් තවත් අයෙකුට ප්‍රකාශ කිරීමද මේ වැරදි පුවත් වලට හේතු විය හැක.

මෙයාකාරයට මොනමයම් හේතුවක් හේතුවෙන් හෝ වැරදි පුවත් සමාජ ගත වීම ඇතැම් විට විශාල විනාශකට මුල පිරීමක් වුවද විය හැකි වේ. වර්ථමානය තුළදි සමාජ මාධ්‍ය තුළින් ඕනෑම පුවතක් වීඩියෝවක් විනාඩි කිහිපයක් තුළ විශාල ජන කොටසක් අතර ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යෑ හැකිය.

කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ වර්ථමාන තත්ත්වය සළකා බලන විට මෙවැනි අසත්‍ය පුවත් ඕනෑම විටක ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමත් එයින් අයහපත් ප්‍රතිඵලත් ඇහි විය හැක. මේ අසත්‍ය පුවත් තුළින් වැළකීමට ගත හැකි යම් ක්‍රියාමාර්ග කිහිපයක් නම්,

1. යම් පුවතක් දුටු විට ඉතා අවබෝධයෙන් කියවීම / නැරඹීම.
2. ඒ පුවතේ සත්‍ය අසත්‍ය බාවය තහවුරු නොකර බෙදා නොහැරීම.
3. බුද්ධියෙන් සිතා යම් පුවතක් බෙදා හැරීම.

වැනි සුලු ක්‍රියාකාරකම් තුළින් අසත්‍ය පුවත් පැතිර යෑම අවම කරගත හැකි වේ.

ප.ලි :- Misinformation effect හැර අසත්‍ය පුවත් පිළිබඳ තවත් හේතූන් සහ මතවාද ඇත.

🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling

Report Page