Mind Games

Mind Games

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

අද ලිපියනම් ටිකක් වෙනස් විදියේ එකක්.මේකෙන් කියන්න හදන්නේ ගේම්ස් ටිකක් ගැන.මේ හැම ගේම් එකකින්ම අවධානය, මතකය වගේ ප්‍රජානන හැකියා වර්ධනය වීමක් සිදුවෙන්වා වගේම දැනුමකුත් එකතු වෙනවා.අනික් දේ නම් ගේම්ස් කොහොමත් විනෝදජනකයි.

1/ ප්‍රෙහේළිකා

ප්‍රෙහේළිකා පිරවීම හුගක් විනෝදජනකයි වගේම මතකාවර්ජන හුගක් වෙනවා.ඒ වගේම අලුතින් දැනුමත් එකතු වෙනවා.තව වැදගත්ම දෙයක් තමා පවුලේ හැමෝටම කිසිම වෙහෙසක් නැතිව සහභාගී වෙලා කරන්න පුලුවන් දෙයක් තමා මේක.

2/ ජිග්සෝ ප්‍රෙහේළිකා නැත්තම් Jigsaw Puzzle

මේක හුගක් විනෝදජනකයි වගේම පොඩි භාවනාවක්.රූපය හදාගන්න එක එක තැන් වලට ගැළපෙන කොටස හොයාගන්න ටිකක් කල්පනා කරන්න වෙනවා.එතනදි මොලය හොදින් ක්‍රියා කරනවා.

3/ තේරවිලි

එක එක විදියේ තේරවිලි තියෙනවා.පවුලේ හැමෝම එකතු වෙලා පොඩි වෙලාවක් අරන් විනෝදයෙන් තේරවිලි තෝරන්න.එකක් පවුලේ බැදීමත් , ආතතිය නිදහස් වීමකුත් සහ මොලය හොදින් ක්‍රියා කරවීමකුත් සිදු වෙනවා.

4/ වචනයට වචනයක්

මේකෙදී එක කැමති විශයක් , ශානරයක් , කොටසක් තෝරගන්න.ඊට අදාළ වචනයක් කිව්වාම ඒ වචනය ඉවර වෙන අකුරින් අනික් වචනය කියන්න.උදාහරණයක් ගත්තොත් සත්තු විතරයි කියන්න පුලුවන් කියලා
Cat
Tiger
Rat
මේ විදියට වචන කියන්න.මේක ක්‍රීඩා කරන්න දෙන්නෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍යයි.මතකාවර්ජනයක් වගේම නොදන්නා වචනත් ඉගෙන ගන්න පුලුවන්.භාෂාවක් ප්‍රගුණ කරන්නත් මේක යොදා ගන්න පුලුවන්.

මේවගේ තව හුගක් ගේම්ස් තියෙනවා.මේ කිහිපයක් පමණයි.මේ කිහිපය ලෙහෙසියෙන් එදිනෙදා විනෝදයෙන් කරන්න.ලොකු පොඩි කාටත් විනෝදයට හොදයි.

🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
Mphil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling

Report Page