Manananggal

Manananggal

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°

අද අරගෙන ආවේ පිලිපීනයේ ප්‍රසිද්ධ වගේම භයානක හොල්මන් ජනප්‍රවාදයක් ගැන. ඉතින් මේ ජනප්‍රවාදයේ එන රාක්ෂයාගෙ නම තමා මනනන්ගල් (Manananggal) කියලා කියන්නේ..

මනනන්ගල් කියන්නේ කාන්තා හෝ පිරිමි රාක්ෂයෙක්ද යන්න නිවැරදිව සඳහන් නොව්නත් බොහෝ අය විශ්වාස කරන්නෙ මැය කාන්තා යක්ෂණියක් බවයි..රාත්‍රී කාලය ළඟාවත්ම මෙම යක්ෂණියගේ ශරීරයේ ඉහළ කොටසේ වැම්පයර් වරයෙකුගේ මෙන් පියඹා යන හැකි පරිදි පියාපත් හටගන්නා බව කියැවෙනවා. ඒ වගේම තමා මෙම යක්ෂණියට තියන ඉතාමත් පිළිකුල් සහගත හැකියාව වන්නෙ රාත්‍රී කාලයේ ගොදුරු සොයා යෑමට අවශ්‍ය වූ විට ශරීරයේ යට කොටසින් ශරීරයේ ඉහළ කොටස ඉරීමෙන් වෙන් කර ගෙන ඉහළ කොටස පමණක් පියාපත් මගින් පියාඹා අවශ්‍ය තැනට යාමට හැකි වීමයි. මනනන්ගල් කියන වචනය, මේ යක්ෂණිය හට යෙදීමට හේතු වී ඇත්තේද " වෙන් කරන්නා " යන අර්ථය ලබා දීමට බව පැවසේ..

මෙම යක්ෂණිය එක්තරා ආකාරයක වැම්පයර් වරයෙක් ලෙසද හදුන්වා දීමට හැකියි. ඒ වගේම තමා මනනන්ගල් ගේ ප්‍රධාන ගොදුර ලෙස විශ්වාස කරන්නේ ගැබිනි කාන්තාවන්ගේ ඇති කලලයයි. ගැබ් ගත් කාන්තාවන් නිදා ගෙන සිටින විටදී මෙම යක්ෂණිය පැමිණ මැය සතුව ඇති දිගු දිව භාවිතා කරමින් ගැබ් කත් කාන්තාවන්ගේ කලලයේ හදවත විද රුධිරය පානය කරන බව පවසනවා.ඒ වගේම තමා අලුතෙන් විවාහ වී සිටින පවුල් වෙතද මෙම යකින්නියගේ බැල්ම වැටී තිබෙන බව පැවසෙන අතර වෙනත් කතා වල පවසන්නේ මේ යක්ෂණිය නිදා සිටින ඕනෑ ම අයකුගේ ලේ පානය කරන බවයි. තවත් කතා වල සඳහන් වන්නේ මේ යක්ෂණිය සිටින ස්තානය ඇගේ අත්තටු වල ශබ්දය මගින් හදුනා ගත හැකි බවයි. ඒ අනුව එරට ගැමියන් විශ්වාස කරන්නේ අත්තටු හඬ ළගින් ඇසෙනවානම් මේ යක්ෂණිය දුර සිටින බවත් අත් තටු වල හඬ ඇසෙන නෑසෙන තරම්නම් ඇය තමන් අසලම සිටින බවත් විශ්වාස කරනවා...


මෙම යක්ෂණියගෙන් ගැලවීම සඳහා යක්ෂණියගේ ඉන අසල වෙන් වූ ස්තානයේ ලුණු, සුදුලූනු ගැල්වීම මගින් මෙම යක්ෂණියට තමාගේ ඉහළ කොටස නැවත පහළ ශරීර කොටසට සම්බන්ධ කර නොහැකි වන බවත් එසේ දිගටම සිටියහොත් උදෑසන හිරු එලිය මගින් යක්ෂණිය විනාශ වී යන බවත් ජනප්‍රවාදයේ සදහන් වනවා...

ඒත් එක්කම තමා 1997 රිලීස් කරපු Manananggal in Manila කියන ෆිල්ම් එකත් කැමතිනම් බලන්න..මන් නම් බලලා නෑ හැබැයි 🤧

#ජැකා #ජනප්‍රවාද #හොල්මන්

© pyscho Jaka


Report Page