Magical Black Eyes
Nuwee✨
🎭🎭🎭 Magical Black Eyes 🎭🎭🎭
"උබ මොක ද තනියම හිනාවෙන්නේ? "
"ආව්..." හිස් පීරියඩ් එකක මනෝලෝකේ සැරිසර සර හිටපු මම පියවි ලෝකෙට ආවේ අතිජාත මිතුරියගෙන් ඔළුවට ම වැදුන හොඳ ශොට් එක එක්ක.
"කවු ද මම?" මං කිව්වේ ඔළුවට අතකුත් තියාගෙන.
"නෑ මම.ඕක නම් ලෙඩක් බන්."
" ඒකනේ.උබට ලෙඩක්." හිනාවෙවී ම මං එහෙම කිව්වේ හොඳවයින් දෙකක් කියාගන්න බැරුව දඟලන මගේ යාළුවා දිහාත් බලලා.
......................................................................................................
ගෙදර ඇවිල්ලත් මතක් වුණේ උදේ ඉස්කෝලෙ දී වුණ කතාබහ.ලා හිනාවක් මූණේ ඇදුණේ නිරායාසයෙන්.
දෙයියනේ ඇස් දෙකකට පුළුවන්ද එච්චර දෙයක් කරන්න, මට හිතුණෙම එහෙම.
"ඔව් යකෝ පුළුවන්. ඔය කරලා තියෙන්නේ යසට." යටිහිත එහෙම කියලා මහ හයියෙන් කෑගහද්දි, 'ඔව් ඉතින් ඇස් කියන්නෙ වෙනම භාෂාවක්.' මං එහෙම හිතුවා.
දැන් දැන් මගේ හිතත් හොඳටම පිස්සු නටනවා. එකම එක තද කලු පාට ඇස් දෙකක් නිසා. විශ්වාස කරනවද? ඒ ඇස් මායාවක් කියලා.අපිට අපිව අමතක කරන මායාවක්. දවසක් ම වුනත් බලාගෙන ඉන්න හිතෙන ඒ ඇස්. 'දෙයියනේ. ඒවා නම් මායාවක්ම තමයි.' හිත කෑගහන්නෙම එහෙම.
ඉතින් 'තරගෙකට නේද ගියේ කියන එකත් මට අමතක වෙලා තිබුණා. පේපරේ ලිව්වට වඩා කලේ ඒ ඇස් දිහා බලන් හිටපු එකද මන්දා.' හරිම අහම්බයක්. ඒ ඇස් කියන්නේ මගේ ජීවිතයේ ලස්සන ම අහම්බයක්.
අර කතාවල තියෙන්නේ අහඹු හමුවීම් තමයි ලස්සනම කියලා.ඉතිං ඇත්ත අහඹු හමුවීම් තමයි ලස්සනම. නමක් ගමක් නොදන්න ජීවිතේටම එකම එක පාරක් හම්බුන කෙනෙක්ට ඒ තද කළු ඇස් නිසාම අදටත් මං පිස්සු වැටිලා. හිත කියනවා, "උඹ කොහොම හිටපු එකෙක්ද බන්"
හිත් එහෙමයි. නවතින්නේ අපි හිතන්නෙවත් නැති තැන්වල. හරියට මේ මන් වගේ. කාලය ඉගිල්ලිලා ගිහින්.හැබැයි තාම මේ හිත ඒ ඇස් ළඟ.
අතරමං වෙලාද? නෑ, ගැලවෙන්න බැරි තරමටම ඇලවිලා.ඒ මායාවට වශීවෙලා.නමක් ගමක්වත් නොදන්න ඒ මායාවේ අදටත් මං දන්නෙ මට මතක ඒ තද කලු ඇස් විතරමයි.
මනුස්ස හිත් හරි පුදුමයි නේද?
හිත් එක්ක කරන ගනුදෙනු හරි සංකීර්ණයි.
හැබැයි,
ඇස් එක්ක කරන ගනුදෙනු ඒවා මායාකාරීයි.
විශේෂයෙන්ම තද කළු ඇස්.
මගේම හිතත් එක්ක සංවාදෙක හිටපු මම අතට ගත්තේ මගේ ඩයරි එක. මේ අවුරුදු ගානටම ඒ ඇස් ආයෙ කවදාවත්ම මගේ ඉස්සරහට ආවේ නැතත්, ඒ මතක,ඒ කළු ඇස් මේ හිතේ හොල්මන් කරපු හැම දවසකට ම මේ ඩයරි එකේ පිටුවක් වෙන් වෙන්න ඇති.
ජීවිතේ කවදාකවත්ම ආය හමුවෙයිද කියලවත් නොදන්න දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු පොදි ගහන එක, ඒක ලේසි නෑ.
හැබැයි හිත් හරි ආසයි බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒ තමයි හිත්වල හැටි. ඉතින් ඇස්වලට ඇබ්බැහි වෙන්න හරි පරිස්සමෙන්.
දන්නවද,
මං ආසම තදම තද කළු පාට ඇස් දෙකකට
හරියට ඔයාගේ වගේ
ඒ ඇස් හරියට කළු කුහර වගේ.
ඇතුළේ පුංචිම ආලෝකයක්වත් නැති වුනත්
දේවල් ආකර්ෂණය කරගන්නේ හරි අපූරුවට
හරියට ඔය මායාකාර ඇස්
මගේ හිත ආකර්ෂණය කරගත්තා වගේ
ඉතින් අදටත්,
මං දන්නෙ නෑ ඔය කළු ඇස්වල නමක්
හැබැයි මං දන්නවා,
අදටත් මගේ හිත ඇබ්බැහි වුනේ,
ඔය මායාකාර කළු ඇස්වලට විතරයි කියලා
අදත් තව එක දවසක්,මගෙ නමින් ඔය ඇස්වලට පද ගැලපුණ.ජිවිතේ අපිට හම්බෙන හැමදේම හැම කෙනෙක්ම අපිට අයිති නෑ.ඔයා මට තේරුම් කරේ ඒක. හැබැයි මගෙ හිත තාම ඔය ඇස් ළඟ.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉතිං කොහොමද කට්ටිය.මාව මතකද? කාලෙකට කලින් ඔයාලා ළඟට ආපු ඒ හිතුවක්කාර රයිටර්ව.
මොන පිස්සුද මතක නෑ නේ.ඔව් ඉතිං දැන් හුඟ කාලයක් නේ.කාලෙකින් ආයෙ ම පුංචි කතාවක්.කොහොමත් ආයේ කාලෙකට එන්න වෙන්නේ නම් නෑ.
හිතුවක්කාරියයි නුඹ මගේ ඉතිං මතකද ඒ නුවීව.
ඔන්න මගෙන් පුංචි තෑග්ගක්.
ආයෙත් ඉක්මනටම එන්නම්.මාව මතක නම් කමෙන්ට් එකක් තියන්න .