Mafia

Mafia

✍pen friend

26 කොටස

රිදී ඉරකින් සිත්තම් වූ අදුරු ප්‍රේමය🖤

පෙර කොටසට: https://telegra.ph/Mafia-10-30


මම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. ඒ තරම් ආදරයක් හිතේ තියන් මට එච්චර නපුරුකම් කලේ කොහොමද ගෞතම්............?




"පාර්ක් එකේ ඔයා අකිල් එක්ක කතා කර කර ඉන්නවා දැක්කා. මම ලගට එනකොට කෑගහලා හරි මට ගහලා හරි මාව ඈත් කරන මගේ කෙල්ල අකිල් ලං වෙනකොට මොකුත් නොකියා හිටපු විදිය දැක්කම මට මැරෙන්න හිතුනා. මට වඩා ටිකක් හරි ආසාවෙන් අකිල් ලග ඉන්නවා දැක්කම ආයෙ මගේ ලගට ගන්න හිතුනෙ නෑ.ඒත් එදා රෑ දෙවෙනි පාරටත් මම ඔයාව අරගෙන ආවෙ අකිල් කියන එකාගෙ හුස්මක්වත් ඔයාගෙ වැදෙනවට මම කැමති නැති නිසා."




"ඔයා මුල්ම වතාවට මාව දැක්ක දවසෙ මගේ පිට හරහා ගිය තුවාලෙ ඔයා දැක්කනෙ. ඒ තුවාලෙ තියාගෙනත් හිනා වෙලා හිටපු යක්ශයා ඔයා පින් එකක් ඇග ඇතුලට බස්සපු වෙලාවෙ වේදනාවෙන් කෑගැහුවෙ ඇයි කියලා නිකමටවත් හිතුවද අනගි"

ගෞතම් මගේ මූනට බර වෙලා ඇහුවා.



ඇත්ත තමයි. පිට හරහා ගිය ඒ කැපුම තියාගෙන හිනා වෙලා හිටපු ගෞතම්...., එදා මම පින් එකෙන් ඇනපු වෙලාවෙ කෑගහමින් පුදුම වේදනාවකින් හිටියෙ.




"මට ඒක ගානකටවත් ගන්න පුලුවන් තරමෙ තුවාලයක් නෙවෙයි අනගි. ඔයා මට මොනා හරි කරලා යන බව මම දැනගෙන හිටියා. බොරුවට කෑගහලා ඔයා ලගට ආවෙ ඔයා මට තුවාල කරලා හරි මාව මරලා හරි එතනින් පැනගන්න තිබුනු ඔයාගෙ හීනෙ හැබෑකරන්න. ගාර්ඩ්ස්ලාවත් බ්‍රේක් කරලා ඔයාට දෙවෙනි පාරටත් මම යන්න දුන්නා."

ගෞතම් කිව්වෙ ඇස්වල කදුලු පුරවගෙන.




"ඔයා දෙවෙනි පාරට මගෙන් ඈතට ගියාට පස්සෙ මම හිතාගත්තා ඔයාව ආයෙත් ලගට ගන්නෙ නෑ කියලා. ඒත් ඒ පාර ඔයා මාව හොයාගෙන ආවෙ මම ටිකක්වත් බලාපොරොත්තු නොවුන විදියට.ධනූට ඔයාව යවන්න ඕනෙ උනේ නෑ.ඊටත් වඩා මට ආයෙ ඔයාව යවන්න ඕනෙ උනේ නෑ අනගි. ඔයාට කෑගහපු හැම වාරෙම මම හොරෙන් ඇඩුවා පිස්සෙක් වගේ. මම මටම ගහගත්තා."




"ඔයා පොඩි කාලෙ ඉදලම හිටියෙ අපායක. ඒක ඔයාට එපා වෙලා තිබුනෙ. මම ඒක දැනගෙන හිටියා. ඊටත් වඩා මේක අපායක් අනගි...... මේ අපායට ඔයාව ගෙන්නගන්න මට කිසිම ඕනෙ කමක් තිබ්බෙ නෑ. ඒකයි මගේ හිත ඔයාවම ඕනෙ කියලා කෑගහද්දි මම බලෙන්ම ඔයාව මගෙන් ඈත් කරන්න හැදුවෙ."




"මම ඔයාව මගෙන් ඈත් කරන්න හදද්දිත්, මම ඈත් වෙන්න හදද්දිත් ඇයි අනගි ඔයා ආයෙ ආයෙ මගේ ලගටම එන්නෙ? ඇයි..............?"

ගෞතම් කෑගහලා අඩාගෙන තණ තිල්ලෙ දණ ගහගෙන අත් දෙක කලවා දෙකේ ඔබාගත්තා.




"ගෞතම්........."

මම හෙමීට මුමුනමින් අඩාගෙන දණගහගෙන හිටපු ගෞතම් ලගින් වාඩි උනා. ඒ තරම් එයා අඩනවා මම කලින් දැකලා තිබුනෙ නෑ. දෙයියනේ..........! මම නොදන්න කොච්චර දේවල් වෙලාද?



ගෞතම් එක පාරක් මගේ දිහා බැලුවෙ නැති උනාම මට කොච්චර දුක හිතුනද? මම නරුමයා, යක්ශයා කියලා බැනපු හැම වෙලාවෙම එයාට කොච්චර රිදෙන්න ඇත්ද?




මම ගෞතම්ගෙ මූන දෝතටම ගත්තා. කම්මුල් දිගේ ගලන කදුලු ලෑම්ප් එලියට දිලිසෙනවා. මටත් වඩා සුදු පාටට තිබුනු මූන රතු වෙලා. තොල් වෙවුලනවා. මම හෙමීට ඒ මූනට බර වෙලා මගේ දෙතොල් ඒ තොල්වලට ලං කලා. තියුනු ඇස් හෙමීට පියවෙන්න ගත්තා. මම හරි පරිස්සමට ඒ තොල් සිපගන්න පටන් ගත්තෙ ගෞතම්ගෙ හීනි ඇගිලි තුඩු මගේ අත් දෙක පුරා දුවද්දි.



විනාඩි ගානකට පස්සෙ මම ගෞතම්ගෙන් ඈත් උනේ ඒ ස්පර්ශය මට ආයෙ ආයෙ ඕනෙ කියලා හිත කෑගහද්දි. ඇස්වල කදුලු පුරවගෙන මගේ දිහා බලන් ඉන්න ගෞතම්ව මම තදින් වැලදගත්තා.




"ඇයි ගෞතම් ඒක මට කියන්න එච්චර කල් ගත්තෙ? මේ දවස එනකන් මම හරිම ආසාවෙන් හිටියෙ ගෞතම්......"

මම ගෞතම්ගෙ බ්ලෙසර් එක ගුලි කරගනිමින් කිව්වා.




"තෑන්ක්ස් අනගි නංගිව සනීප කරලා දුන්නට. මම අවුරුදු ගානක් දුක් වින්දා ඒ නිසා."

මම ගෞතම්ගෙන් ඈත් උනා. මගේ ඇගිලි තුඩුවලින් ඒ කම්මුල් දිගේ ගලන කදුලු හෙමීට පිහිදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ මම ආයෙත් ගෞතම්ට තුරුල් උනා.



මෙච්ච්ර වෙලා හැංගිලා හිටපු හද මාමත් ලස්සනට පායලා මගේ දිහා බලන් හිනාවක් දැම්මා.




📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌




මම උදේ ඇහැරෙනකොට හිටියෙ මගේ රූම් එකේ ඇදේ. කවදාටත් වඩා මම හරි ආසාවෙන් නැගිට්ටා. හැමදාම මූසල හැගීමකින් දවස පටන් ගත්තු මම දැන් පුදුම සතුටකින් දවස පටන් ගන්නෙ.



වොශ් එකකුත් දාගෙන මම සතුටින් උඩ පනිමින් පහලට යනකොට ගෞතම් ගාර්ඩ්ස්ලා දෙන්නෙක් එක්ක ලිවින්ග් රූම් එකේ කතා කර කර ඉන්නවා. මම ලගට යනකොටම ගාර්ඩ්ස්ලා දෙන්නා යන්න ගියා. මම ගිහින් ගෞතම්ව තදින් වැලදගත්තෙ කස්තුරි වගේම තවත් සර්වන්ට්ස්ලා කීප දෙනෙකුත් බලන් ඉදිද්දි. සීන් එක දැකලා ඒ අයගෙ ඇස් උඩ ගිහින්.😅



මම ඔයාගෙ සර්වත් අල්ල ගත්තා හොදේ......... කියලා මම කස්තුරිට ඉගි කලා. කස්තුරි කිචන් එක පැත්තට ගියේ කවදාවත් මම දැකලා නොතිබුනු කස්තුරිගෙ හිනාවත් එලියට දාන ගමන්.




"කෝ ධනූ?"

මම ගෞතම්ගෙ පපුවට නිකට තියලා එයාගෙ මූන බලමින් ඇහුවා.




"එයා නිදි ඇති. බෙහෙත් ගන්න නිසා නින්ද යනවානෙ."

මගේ ඔලුව අතගාන ගමන් ගෞතම් කිව්වෙ හරි ආදරෙන්.



"ගෞතම් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"



"මොනවද? කියන්න ඉතින්."



"මෙතන බෑ. ටික වෙලාවක් ඕනෙ මට."



"හරි, මට තව වැඩ වගයකට එලියට යන්න වෙලා. මම ඉක්මනට එන්නම්. ආවට පස්සෙ කතා කරමු."

අතේ බැදලා තිබුනු වොච් එක බලමින් ගෞතම් කලබලෙන් යන්න හැදුවෙ මාවත් අයින් කරන ගමන්.




"ගෞතම්"

මම එයාගෙ බ්ලෙසර් එකෙන් අල්ලලා නතර කලා.



"ප්ලීස්......... ඔය අහිංසක මිනිස්සුන්ට කරදර කරන එක නවත්තන්න ගෞතම්."

ගෞතම් මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා වාහනේ ලගට දුවන්න ගත්තා.




"මැඩම් ඒ ගැන අපිට කිව්වෙවත් නෑනෙ."

ගෞතම් යන දිහා බලාගෙන ඉන්න මගේ ලගට ඇවිත් කස්තුරි ඇහුවා.



"මම මොකටද ඒක ගැන ඔයාට කියන්නෙ?"

හිනා වෙන ගමන් කස්තුරිගෙ කම්මුලට තට්ටුවක් දාගෙන මම ධනූගෙ රූම් එකට ගියා.



ධනූ ඒ වෙනකොටත් නැගිටලා වොශ් එකක් දාගෙන වොශ් රූම් එකේ ඉදලා යන්තම් ඇවිදගෙන එන ගමන් හිටියා.




"පිස්සුද කෙල්ලෙ, තාම නැගිටගන්න පුලුවන් උනා විතරයි."

මම ධනූට ඇදෙන් වාඩි වෙන්න උදව් කලා.




"හරි හරි නෑනො. මම මෙච්චර දෙයක් කරගත්තා නම් මේ ටික යන්න බැරිද?"

කින්ඩියට හිනාවකුත් දාන ගමන් ධනූ කිව්වෙ මගේ දිහා ඇස් කොනින් බලමින්.



"මොකක්ද කිව්වෙ?"

මම ධනූගෙ මූනට එබෙමින් ඇහුවා.



"මම බලාගෙන හිටියෙ. මම තමුසෙට ආදරෙයි කියලා අයියා කෑගහන සද්දෙට මම එබිලා බැලුවා."

ධනූ උරහිස් අකුලගෙන හිනා වෙන විදියට මටත් හිනා යනවා.




"හරිම රොමෑන්ටික් ඒ හග් එකනම්"

මගේ කනට කරලා ධනූ කියනවත් එක්කම දෙන්නටම මහ හයියෙන් හිනා ගියා.



"අයියා කොහෙද ගියේ?"

හිනාව ඉවර උනු ගමන් මම ඇහුවා. අහනකොටම ධනූගෙ මූන වෙනස් උනා. මූනෙ තිබුනු හිනාව මැකිලා ගියා.



"අයියා මේ.......... මේ.........මොකක් හරි වැඩකට යන්න ඇති අනේ"

ධනූ යන්තම් ගොත ගහමින් කිව්වා.



මාෆියාකාරයොත් එක්ක ඉන්න එක හරිම අවධානම් වැඩක්. අයියාව වගේම ඩැඩීවත් ඒ උගුලෙන් ගලවගන්න මට බැරි උනත් ගෞතම්ව කොහොමහරි හොද මනුස්සයෙක් කරන්න ඕනෙ කියන එක මගේ හිතේ නිතරම වැඩ කලා.






-ඊලග එපියෙන්-


දෙන්නා දැන් සෙට් නිසා කතාව බෝරින්ග් ද දන්නෙ නෑ. කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ.... කමෙන්ට් අඩුයි වගේ කලින්ට වඩා.😒



ආදරෙයි හැමෝටම.


ස්තූතියි❤

මම,

✍pen friend









Report Page