MLS ( Medical Laboratory Science )

MLS ( Medical Laboratory Science )

Study with CHILL
👩‍🎓 වෛද්‍ය රසායනාගාර විද්‍යාව(MLS)

👩‍🎓 වෛද්‍ය රසායනාගාර විද්‍යාව(MLS)


MLS නැත්තම් Medical Laboratory Science (වෛද්‍ය රසායනාගාර විද්‍යාව)




මේ උපාධි පාඨමාලාව ලංකාවේ,




පේරාදෙනිය විශ්ව විද්‍යාලය


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


රුහුණු විශ්ව විද්‍යාලය


යාපනය විශ්ව විද්‍යාලය




යන විශ්ව විද්‍යාල 4 මගින් පවත්වාගෙන යන ඉතා ඉහල ගුනාත්මකභාවයෙන් යුතු උපාධි පාඨමාලවක්.




මෙය උසස්පෙල ජීව විද්‍යාව විශය හැදෑරූ සිසුන්ට පමණක් පවත්වන ලබන ලබන උපාධි පාඨමාලාවක්..




මේ සඳහා අ.පො.ස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව ,රසායන විද්‍යාව,භෞතික විද්‍යාව යන විශයන් 3 ට අවම වශයෙන් සාමාන්‍යය සාමාර්ථ ( S pass) ලබා ගෙන තියෙන්න ඕන.




ඒ වගෙව සාමන්‍ය පෙල ඉංගිරීසි විශයට S සාමාර්තයක් ලබා තිබිම අනිවාර්‍යයි..




වෛද්‍ය රසායනගර ශිල්පියෙක් තමයි මේ උපාධිය අවසානයේ බිහිවෙන්නෙ..




මුත්‍රා පරීක්ශන ලේ පරික්ශන වගෙ අපි එදිනෙදා දකින සාමන්‍ය පරීක්ශන වලට එහා ගිය විවිධ පරීක්ශන මොවුන් යටතේ තමා සිද්දවෙන්නෙ..




උදාහරන විදියට මේ කාලෙ දරුණුවටම යන COVID19 වලට පරීක්ශන කරන්නෙත් මෙයාලම තමා..




මේ ඩිග්‍රී එක ඉවර උනාට පස්සෙ සෘජුවම රෝහල් වලට හැමෝවම බදාවගන්නෑ..


බදවාගැනීමෙ ගැටලු ටිකක් නිසා..


ඒකට හේතුව MLT ඩිප්ලෝමා එකෙන් ගත්තු අය තමා මේ තරම් කල් ලැබ් ටෙක්නීශයන්ස්ලා විදියට හොස්පිටල් ලැබ්ස් වල වැඩ කලේ..




ඒත් මේ MLS gazzate වෙන එක නතර වෙලා තියන නිසා ඉදිරියට සෘජුවම රෝහල් වලට ගනීවි..




කොහොම උනත් Mls degree holder කෙනෙක් කිසි විටක රැකියා විරහිතයෙක් වෙන්නෑ..




සමාජයේ වැරදි මතයක් පවතිනවා මේ ඩිග්‍රී එක කලාම ලැබ් ටෙක්නීශියන් කෙනෙක් බවට විතරයි පත්විය හැකි කියා .නමුත් මෙය සාවද්‍ය මතයක්. මය එක එක්කෙනාගෙ කැපවීම මත වෙන දෙයක්. විද්‍යාඥයන් පවා වෙන්න පුලුවන් රිසර්ච් හුගක් කරන්න පුලුවන් පැත්තක්.




🗞️ ලේ බැංකුව,


🗞️ රෝහල් විද්‍යාගාර ,


🗞️ පිලිකා රෝහල




වගෙ ගොඩක් තැන් වල සේවය කරන්න පුලුවන් .




එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්‍යාල ආදියෙහි තනතුරු සඳහා ඇතුලත් වෙන්න පුලුවන් ..




ඒ වගේම


- Laboratory manager


- Laboratory Administration Director


- General supervisor


- Production Supervisor


වගෙ profession වලට යන්නත් පුලුවන් ...




ලංකාවෙ වගෙම පිට රටවලත් ඉහල පිලිගැනීමක් තියනවා.. රැකියා අවස්තා තියන හොද රැකියාවක අවසානයේ ලබාගන්න පුලුවන්..




ඒ වගේම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්නත් පුලුවන්..





Report Page