MINE *LOVE*🍄 (4)

MINE *LOVE*🍄 (4)

Dumin park

මේ දවස් ටිකේම ජිමින් අනිත් අයටත් කලින් ම ගිය හේතුව හැමෝම දවසක් යනකොට දැනගත්තා.කවුරුත් මොකුත් නොකිව් වේ ...හුග කාලෙක ට පස්සේ කොල්ලා සතුටින් ඉන්න නිසා ...


ආ කොල්ලො...වැඩේ හරි නෙහ්...


අප්පටසිරි පොඩි එකා... උබට දැන් ද මාව මතක් උනේ..


යකෝ අපිට ද අමතක උනේ .උබනේ කෙල්ලෙක් පස්සේ දැං මාසයක් තිස්සේ රවුම් ගැහුවේ...


හරි හරි බං ඉතින්... සුට්ටක් මිස් උනා ... මේ මං අද එයාලගේ ගෙදර යනවා පාටි එකක්...


අඩෝ අඩෝ වාසි නේ ... හරි හරි හොදට එන්ජෝයි කරන්න ඈ ... මං ගියා ...


එල මචං...


__________________________________________________________


පුලුවන් තරම් ලස්සන වෙලා ජිමින් පාටියට ගියෙ සුසීට අද එයාගේ හිතේ තියෙන දේ කියනවා කියලා හිතාගෙන...මාසයක් තිස්සේ දුරින් ඉදන් කෙල්ල දිහා බලාගෙන ඉදලා එයාට ඇතිවෙලා තිබ්බේ...ඒක නිසාම වෙනදාටත් වඩා කොල්ලා අද හරි හරියට ලෑස්ති උනා ..මගේ දිගට කෙල්ලො හැරි හැරි බලන තරම් ලස්සනක් එයාට තිබ්බා...


පාටි එක පටන් ගන්න වෙලාව එනකොට ජිමින් එතනට ගියා ...


ඩ්‍රින්ක් එකක් ගන්න හිතුනත් නොගත්තේ සුසී අකමැති වෙයි කියලා හිතලා...


හායි ඔප්පා ... මං ඔයා එනකං බලාගෙන ඉදියේ...


ආහ් සුසී අපි ටිකක් නිදහසේ කතා කරමු ද. ?

මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...


ආ ... හරි ඔහොම ඉන්න.. මං එන්නං...


ඒත් එතනට ආපු තවත් කෙල්ලෙක් සුසී ව ඇදන් ගියේ දෙන්නටම තව වචනයක් වත් කතා කරන්න ඉඩක් තියන්නේ නැතුව..


ආයිශ් ගියා නේ ...


ළග තිබුණ මේසෙටත් ගහලා ජිමින් කාර් එකට ආවේ සුසීව කීය ට හරි මුණගැහෙනවා කියලා හිතාගෙන...


ශිට්...මේ කෙල්ල කොහෙට ගියාද ... දැං පැය දෙකකටත් වැඩි යි ...


බැරිම තැන ජිමින් සුසී ව හොයන්න ගියේ වෙලාව දොළහට ත් ළග නිසා ...


_____






බැරිම තැන ජිමින් සුසී ව හොයන්න ගියේ වෙලාව දොළහට ත් ළග නිසා ...


හැම තැනම බැලුවත් කෙල්ල පේන්න ඉදියේ නැති නිසා ජිමින් ගාර්ඩ්න් එක ට ගියේ තව විනාඩි පහකට වඩා එතන ඉන්නේ නෑ කියලා හිතාගෙන...අද එයාට ගොඩක් සතුටු දවසක් උනා ...ලොකූ දෙයක් හිතාගෙන ආවේ ... ඒත් ඒක මෙහෙම වෙයි කියලා එයා හිතුවේ නෑ ...


තමන්ගේ ආදරේ ඇයි මෙච්චර පරක්කු... අවුරුදු ගානක් තමන්ට හරියන ගෑණු ළමෙක් මුණගැහෙනක න්  ඉදලා අනිත්ම ට එයාව හම්බුණාට ත් පස්සේ එයාව ලං කරගන්න බැරි උනාම දැනෙන වේදනාව ට  ජිමින් ගේ හදවත රිදෙන්න ගත්තා ...


අදත් එයා අසමත් වෙයි කියන බයෙන් එයා ගොඩක් බය උනා ...


සුසී දකින්න නැති නිසා ගෙදර යනවා කියලා හිතාගෙන ජිමින් එතනින් නැගිට්ටා...


අනේ මට සමාවෙන්න...!


මං හිතලා නෙවෙයි කළේ....


හිතලා නෙවෙයි කළේ බලනවා මගේ ඇඳුමේ හැටි ..


තමුන්ගේ රස්සාව අදින් ඉවරයි ...


දැම්ම ම යනවා ඉතින්...


තමුන්ට මෙයා කියන දේ ඇහුනේ නැද්ද ආ... දැං ඉතිං යනවා අපිට වද නොදී ....


අනේ මැඩම් එහෙම කරන්න එපා ... අනේ මහත්තයා මගේ අතින් වැරැද්දක් උනේ ... අනේ මට සමාවෙන්න... මගේ අප්පා අසනීපෙන් ඉන්නේ... මං කොහොමද එයාව ජීවත් කරන්නේ... අනේ ආයි එහෙම දෙයක් වෙන්නෙ නෑ ....මට සමාවෙන්න...


තමුන්ගේ බයිලා අහන්න දැන් වෙලාවක් නෑ ... මං දෙයක් කිව්වොත් ආයි ඒක වෙනස් කරන්නේ නෑ ...ඒක නිසා ඔය යුනිෆෝම් එකත් බාර දීලා යනවා ...


ජිමින් එතනින් යන්න හදනකොට ම ඇහුණ දේවල් නිසා එයා අඩියක් පස්සට ගත්තා...එතන තිබුණ පඩිපෙළෙන් ටිකක් උඩට නැග ගත්තේ මේ පොඩි දේටත් ඒ ගෑණු ළමයට බනින්නේ කවුද කියලා බලන්න...


පිරිමි කටහඩ ත් එක්ක ඇහුණ ගෑණු කටහඩ එයාට මතක් උනත් ඒ එයා කියලා හිතන්න ජිමින්ට හයියය ක් තිබ්බේ නෑ...මොකද එයා ඒ දේවල් එයාගෙන් බලාපොරොත්තු උනේ නෑ ...


ඒත් කොල්ලා ගේ බලාපොරොත්තු ව එහෙම් පිටින්ම බොඳ වෙලා ගියේ එයා එතනින් දකින්න නොහිටපු කෙනා එතන ඉදිද් දී ...


සුසී...එයා කොහොමද ඒ ළමයට එහෙම කතා කළේ..ආයිශ් නෑ නෑ ඒක මං දැකපු හීනයක් වෙන්න ඇති ...


තමන්ට මුමුණ ගන්න ගමන් එයා ආයිත් සැරයක් එයාලා දිහා බැලුවේ මේක ඇත්තටම උනා ද කියල බලන්න...ඊළග මොහොතේ එයාගේ ඇස් තවත් පුදුම උනේ එයා මෙච්චර වෙලා ආදරේ කරපු කෙල්ල තවත් කොල්ලෙක් එක්ක හාදු තවරමින් ඉන්නවා දැකලා...


තමන්ගේ ඇස් වලින් කදුළු වැටෙනවා කියලා දැන ගත්ත ගමන් ජිමින් එතනින් යන්න ගියේ ආයි කවදාවත්ම ආදරේ කරන්නේ නෑ කියලා හිතාගෙන... ගෙදර යන්න හිතාගෙන හිටියත් කොල්ලා කාර් එක හැරෙව්වේ ක්ලබ් එකට...සුසී ට දෙන්න කියලා ගත්ත රෝස මල් පොකුර ත් ජනේලෙන් එහාට විසික් කළේ...තමන් ගැනම තරහක් දැනෙනකොට...


__________________________________________________________


හෙලෝ .!.!


ආ... ජන්ග්කූක් තමා කතා කරන්නේ....


ආවේ නෑ...


එහෙම වෙන්න නං බෑ ආන්ටි එයා පාටියක ට ගියේ... දැන්

ඒක ඉවර ත් ඇති ...


හරි.. මං බලන්න න් බය වෙන්න එපා...


මේ දැන් යනවා .. හරි ආන්ටි...


ජිමින් ගේ ඔම්මා ගෙන් කෝල් එකක් ආව නිසා ජන්ග්කූක් ජිමින් ට කෝල් කළා...පාටිය මේ වෙනකොට ඉවර නිසා එයා හිතුවේ ජිමින් ගෙදර ගිහින් ඇති කියලා ...

වෙලාව දෙකට ත් ළගයි කියල දැක්ක ජන්ග්කූක් තව සැරයක් කොල්ල ට කෝල් කළේ හිතට අමුතු හැගීමක් දැනෙද්දී...


තවත් වෙලාව නොයවා ජිමින් ගේ ලෝකේශ න් එක් බලමු ජන්ග්කූක් පුදුම උනේ එයා ඇයි එතන කියලා හිතාගන්න බැරුව...කාර් එක ගත්ත ජන්ග්කූක් ක්ලබ් එකට ගියේ ජිමින් මොන නාඩගමක් නටන්න හදනවද කියලා බලාගන්න...


එතන ට යනකොටත් ක්ලබ් එක වහන්න ඔන්න මෙන්න .ඇතුලේ හිටපු අය ගියා කිව්වම කොල්ල තවත් බය උනා ...ජිමින් ගේ කාර් එක තිබ්බ නිසා එයා අස්සේ ඇති කියලා ජන්ග්කූක් ට අනුමානෙ ට හිතුනා ...ඒ වෙනකොට ත් ජිමින්ට නැගිටින්න පණක් නෑ ...ශීට් එකත් බදාගෙන නිදි ...


ආයිශ්... දැං මොකද කරන්නේ...


හියුන්ග්....හියුන්ග්...ඇහෙනවද?..


කොච්චර කතා කළත් වැඩක් නැති නිසා ජිමින් ගේ කාර් එක එතන දාලා ජන්ග්කූක් එයාව ත් අරන් ජිමින් ගේ ගෙදර ගියේ ගෙදර මිනිස්සුන්ට මොනවා කියන්නද කියලා හිත හිතා...


එකපාරටම ඇහැරුණ ජිමින් වමනේ කරන්න ගත්තේ බීපු තරම ජන්ග්කූක් ට හොදට පෙන්නලා ...


කොහොම හරි සේරම දේවල් ඉවර වෙලා ජන්ග්කූක් ගෙදර යනකොට පහයි...හෙට උදේ ට ,වෙච්ච දේවල් අහගන්න හිතාගෙන එයා නින්දට වැටුණේ සුසී ජිමින් ට මොනවා හරි කිව්ව ද කියලා කල්පනා කර කර...


__________________________


ආදරය යනු කුමක්ද?


මොකක්ද ඔබේ පිලිතුර 👉👈😵











Report Page