Love is Toxic 💥🖤
D.U
කොටස් කීපයක කතාවකි.
(Not a long story)
(Warning-This is a love story.But this has no any connection with my real life...)
4 C.P
සෝ මං ඉක්කෝලේ ගියා ඕං...පන්තියට යන ගමන් ඉස්සරහට සනූ හම්බවුනා.
ඒකි ඉතිහාසය පොත දිහා බලන් කියෝනවා.මං ඉතින් කතා කොලා.
"ගුඩ් මෝර්නින්ග් බොක්ක"
"හා හා ගුඩ් නයිට්.."
හෑ??නයිට්?මේකිට තාම රෑද?ග්‍රේට්...මං පන්තියෙන් බෑක් එක තියලා ගියේ A පන්තියට සනුජයව හොයන්....ඌ නම් පන්තියෙ නෑ.කොහේ හරි අස්සක ඇති කියලා පන්තිය පුරාම හෙව්වත් නෑ.මුට කඩි කුලප්පුවනේ.ජිවිතේට උදේට පන්තියේ නෑ.කොහේ හරි දුවනවා.මේ පිටසක්වල ජිවීයාටත් පිස්සු උගේ ගෑල්ලමයටත් පිස්සු.ඒම හිතාගෙන අනේ දෙයියනේ කියල එකපාට්ටම අනිත් පැත්තට හැරුනේ යන්න කියලා.ඒත් එකපාට්ටම කොහෙන්දෝ ආපු කෙල්ලෙක් හැප්පුනා මගේ ඇගේ.ඈ..ඉන්න ඉන්න...අඩෝ මේ...රනුකි නේද?මේ පාරනම් ඒකිට බයින්න බැරි වෙන්න මං බනින්න පෙරමුණ ගත්තා.
"මොකෝ නංගී..තමුසෙටත් මගෙ ඇගේ හැප්පෙන්නේ නැතුව ඉන්නම බෑනේ.මොකෝ රීටර්න් ගන්නවද?ආ??මේ පාර නම් නෑ.තමුසෙ ගැන මං පස්සෙ බලාගන්නම්කෝ...අනික...."
මං කතාව නැවැත්තුවේ ඒකි එකපාට්ටම මට අතින් කිව්ව නවත්වන කියලා.
"අයෑම් වෙරි සොරි."
මෙන්න වැඩක්.ඒකි මට සොරි කියලා මූණත් එල්ලන් ගියා.ඒකටනම් දුක හිතුනා.හරි හරී ගායිස් ඔයාලට පුදුමද මට දුක හිතුන එක ගැන?මේකනේ මචංලා..මේකියි මේකිගේ කටයි ඉපදිලා තියෙන්නේ වෙන වෙනම නැකැත්වල.කට හැකර වුනාට රූපෙ නම් අනා කිවුට් චීස් කෑල්ලක්..දැන් ඒක නෙමේ මෙතන වැඩේ.මං ගියා කෙලින්ම පන්තියට.කෙලින්ම කිව්වට හැරෙන්න වංගුවකුත් තිබ්බා ඒක මං පිලිගන්නවා.ඒත් ඒක නෙමේ මෙතන කාරණේ.ආනේ මැනිකේ මෙතන කාරණේ තමා මං ගණන් වැඩ කලේ නෑ.ගණන් මිස් මාව කන්න කලින් වැඩ ටික කරන්න ඕනේ.නැත්නම් තත්වෙට් හරිනෑ.අර සනුජ කියන සොම්බියව පස්සෙ හොයාගමු..මොකෝ නැති වෙන්නේ නෑනේ.නැති වුනත් අර සනුවනම් නිකම් ඉන්නේ නෑනේ.ඒකිගේ බෝයිෆ්රෙඩානේ...සෝ දිස් ඉස් අවර් ෆ්ස්ට් පීරියඩ්.ඒත් පීරියඩ් එකටත් කලින් සනූ ඇතුලු පිරිස ගියා කැන්ටිමට.ඉතින් මේ බුද්දාගම පීරියඩ් එක .
"ලමායි..බුද්දාගම පොත් ගන්න..ඊට කලින් මං ඔයාලට ජාතක කතාවක් කියල දෙන්නද?ඒක හරිම ලස්සනයි...ඔයාලා හොදට අහගෙන ඉන්න හරිද.කතා බෑ.හැමෝම මේ පැත්තට හැරෙන්න..."
අම්මේ බුද්දාගම කරන අපේ සුබද්‍රා අක්කාහ්(අක්ක කිව්වට මේ මැඩම් වයස අවුරුදු 44ක්.විහිලුවට මේම කියන්නේ ඕකේ?) ඊයේ පෝයට සිල් අරගෙනද කොහෙද මේ ජාතක කතා කියවන්නේ.හොදා හොදා.මං ජාතක කතාව යස අගේට අහන් හිටියේ ඇවිදින බෝ පැලේ වගේ.ඒ මං මගේ කූට වැඩ නවත්වලා හොද ලමයෙක් වෙනවා ඒයි..
"ස්ස්..ස්ස්.."
මොකාද යකෝ ස්ස් ස්ස් ගාන්නේ..?අඩෝර්..මේ සනූ නේ...මං දැක්කේ නෑ වගේ හිටියා.ඇයි යකෝ..මං මේ ඊලග අවුරුද්දෙවත් බොදු දරුවෙක් වෙන හැටි මනෝ පාරක් ගහන ගමන් හිටියේ.
"ප්ස්ස්..ස්ස්ස්.."
මොන වදයක්ද මේක..විශාල කරදරයක් වුනානේ.
"ස්ස්ස්..."
මං කේන්තියටම එකපාට්ටම නැගිට්ටා.
"මොකෝ උඹේ තාත්තා නයෙක්ද?"
මං ඒක ඒ තරම් සද්දෙට කිව්වද.හැමෝම අන්දුම් කුන්දුම් වෙලාවගේ මං දිහා බලන් ඉන්නේ?ඉවරයි..
"මොකක්ද මේක්ශ?"
මැඩම් ඇහුවේ.බොරුවක් ගොතපන් පුතෝ..අහ්..ආවා..
"උඹේ තාත්තා නයෙක්ද කියලා විමලධර්මසූරිය රජතුමා පලවෙනි රාජසිංහ රජතුමාගෙන් ඇහුවලු."
පන්තියේ උන් හකු කඩාගෙන හිනා වෙනවා.
"එහෙම කිව්වේ මොන කාලෙදිද් මේක්ශ්?"
ආයෙත් මැඩම් ඇහුවා මාව චොර වෙන ප්‍රශ්නයක්..
"ඇයි මැඩම් අර මුල්ලේරිය සටනේදී.."
"ඇත්තට..මං හිතන් හිටියේ මුල්ලේරියා සටන ගියේ පෘතුගීසි එක්ක කියලා.අනිකමේක කෝමද කතාවට සම්බන්ද වෙන්නේ?"
"මැඩම් මේ..මේ.මෙක ජාතක කතාවක්..ආ...ම්.ජාතකේ නම ...ප්‍රේමදඩයම...ප්‍රේමදඩයම ජාතකය.."
"ආ එහෙමද?ඔය ජාතක කතාව ගියපු වර්ශෙ මොකක්ද?"
අඩෝ ජාතක කතවලට වර්ශත් තීද?
"ම්ම්.මේ..2014.."
හම්මට..ඔන්න කිව්වා..මගේ කටින් ඒක ඉබේටම පැන්නේ.මොකක්ද මං ඒ කියපු ගොං උත්තරේ.ඉවරායි..
"ආ..හොදයි මේක්ශ.හොදයි..හරිම හොදයි..දැන් ඔය ඔහොම්මම පන්තියෙන් එලියට ගිහින් මුල්ලේරියා සටනට විමලධර්මසූරිය රජතුමා සම්බන්ද වුන හැටියි..2014 දී හිටිය රජ්ජුරුවොයි..ගැන හිතන්න..කරුණා කරලා එලියට යන්න.."
"සොරි මැඩම්.."
මං හිමිහිට එලියට ගියා.එක්කෝ අර හොද ලමයෙක් වීමේ ප්‍රොජෙක්ට් එක තව අවුරුදු 5 ක් කල් දාමු නේ.එලියට ගිය වහාම මං ගියේ අර මට ස්ස් ස්ස් ගාලා මව පන්තිය මැද්දේ චොර කරපු මුකලන් බස්සිට කතාකරන්න.
"මොන හුත්තක්ද යකෝ ස්ස් ගාන්නෙ?බලපන් පන්තිය මැද චාටර්."
"සොරි බොසා.මං මේ මැඩම්ගේ මූඩ් එක මොන වගේද කියලා අහන්න හැදුවේ.කොහෙද උඹ මොකක්ද ජාතකයක් ගැන කියෙව්වනෙ පන්තිය ඉස්සරහ.."
"මුඩ් එක නයිස්..නයිස් කාල ඇවිත් ඇත්තෙ.ඉතින් නෝටි වුනත් නයිස්.."
"අන්න එච්චරයි මට ඕනේ.දැන් මං යනවා.චුප් චුප්..."
එකි මැඩම්ට exuse කරලා පන්තිය ඇතුලට ගියා.
..................................................
මතු සම්බන්ධයි...
(To be continue...)
Iam Dead User