Love is Toxic💥🖤

Love is Toxic💥🖤

D.U


Our love is toxic..


කොටස් කීපයක කතාවකි.

(Not a long story)

(Warning-This is a love story.But this has no any connection with my real life...)




3 C.P



සෝ එදා දානේ දවසත් ආවා.උදේ ඉදන් සනූලා අපේ ගෙදර.සනූනම් ෆෝන් එක ඔබ ඔබා එලියේ ගහල තිබ්බ හට් එකේ පුටුවක වාඩි වෙලා හිටියේ.හොදයි පුතෝ මේ වෙලාව තමා ඕකි එක්ක කතා කරන්න.මං සේපට ගිහින් වාඩි වුනා ඒකිගේ එහාපැත්තෙන්.


"එහ් බස්සි..."


නෝ රිඇක්ශන්..


"මැඩම්...මං කතාකරනවා ඇහෙන්නේ නැද්ද?"


"ඈ....අහ් ඇහුනා ඇහුනා..."



ඇති යන්ටම්.



"මොකෝ බං පුප්පන්නේ?"


"ඊට කලින් කියපන් උඹ මට මේක.."


"මොකක්ද?"


"උඹ......"


"නෑ මං නෙමේ උඹේ කේක් කෑල්ල කෑවේ.අම්ම ඒක උඹට ගෙනිහින් දෙන්න කියලා මට දුන්න වෙලේ ඒක මගේ අතින් වැටිලා බල්ල කෑවා."


"අනේ බොල පඹයෝ..මට කේක් කෑල්ලෙන් වැඩක් නෑ..මං අහන්නේ ඇයි උඹ...."



"හරි හරි මං එදා උඹේ දත් බුරුසුවෙන් බල්ලගේ දත් මැද්දා තමා..ඕක ට මේ තරම් ඩූං යන්න ඕනිද?"



"නෑ.බං ඒක නෙමේ..ඇයි උඹ....පොඩ්ඩක් ඉදාම්..බල්ලගේ දත් මැද්දා?මගේ බුරුසුවෙන්.."



"ඔව්.."


"වුත්තෝ..තු තු තු...තොගේ ආච්චිට හෙන ගහන්න.."



"ආච්චි මැරිලා දැන් මේ දානෙත් දෙනෝනේ බං.."


"පොලොස් හිපාටු ගල් මූසල ඇටි කෙහෙල් උගුඩු මැස්සෝ...තෝ එදා මගේ බ්‍රශ් එකෙන්ද බල්ලගේ දත් මැද්දේ...අම්මපා උඹට.."



අඩෝ ඒකි ගහගෙන ගහගෙන් ගියා කියාම්කෝ.


"ඒ..ගහන්න එපා..."


"උඹ රනුකිත් එක්ක රණ්ඩු වෙන එක නවත්තහම්..ඒකයි කියන්න ගියේ."


"අහ්..ඒකද..මං හිතුවා මං මේ එදා උඹට මඩේ වැටුන බිස්කට් එක චොකලට් බිස්කට් එකක් කියලා කවපු සීන් එක කියලා."



"ඈහ්????!!!ඊයා......"


ඒකි දිව්වා..අඩෝර්..ඒකි එදා රහයි කිය කිය කෑවත් එක්ක..කෝමහරි දානේ වෙලාවේ අයිස් ක්‍රීම් බෙදුවේ මායි ඕකියි..ඒකි ඉදන් කෑ ගහනවා,



"නෝනාවරුනී මහත්වරුනී..එන්න එන්න.ෆ්‍රී අයිස් ක්‍රීම්..අද විතරයි..අද විතරයි..නුඹට එකයි අපිට දෙකයි..."



"සුදු දෝණි ඕක නවත්තනවා.පිස්සු කියලා හිතයි.මේක දානයක්.."



එතනින් ගියපු සනූගේ අම්ම සනූට බැනලා ගියා.අයිස් ක්‍රීම් බෙදන වැඩේ සනූගේ නංගිටයි තව පොඩි එකෙක්ටයි දීල අපි දෙන්න ගියා උඩ තට්ටුවට.හැමෝම පහල තට්ටුවේ දානේ කටයුතු වල නිරත වෙද්දී මායි,සනූයි,අපේ අක්කයි,සනූගේ අක්කයි,මගේ නැන්දගේ පුතයි දුවයි වෙන අකීශයි,රවීණා නංගියි,අපේ පුංචිගේ නිවුන්නු දෙන්නා යුවීන්නුයි යුවීනයි එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් ගහනවා.වැඩි දෙයක් නෑ බියර් එකක්.



After the shot...



"කාරි නෑ සද..ඔබ දැක ගන්න නෑ අද..ඔබෙ ආදරේකට ....ඊයා බං ඒක ගතියක් නෑ..."



අක්කලා දෙන්න නම් ගියා.රවීණා කියෝනවා.මං එකපාට්ටම නැගිට්ටා.



"සභාවෙන් අවසරයි මාගේ සහෝදර සික්ක සික්කාවියනී...මා මේ අවස්තාවේ ඔබට කියන්නට කැමතියි..මට කියන්න මුකුත් නෑ කියලා.නමුත් මා ඔබලාගේ ශිත සුව පිම්නිස..යමක් කියන්න කැමතියි..මං කියන්නේ මේ අධ්‍යාපනික ක්‍රමය වෙනස් කරන්න ඕනේ.මේ ඒකාකාරී විදියට ගෙවෙන ආණ්ඩු ක්‍රමය වෙනස් කරලා ගින්දර වගේ බයිසිකල් හදන්න ඕනේ.ඒක හදන්න නම් අපිට අල ගෙඩි දෙකයි,කරපිංචා අත්තකුයි,සුදුලූනු බිකි දෙකකුයි,කහයි,තුනපහයි ඕන කරනවා.තව ඒකට නියගලා අලයකුයි,සිට්‍රික් අම්ලයයි,සල්ෆියුරික් බෝතලයකුයි නයි බිත්තරයි දැම්මම වස බෝතලයක් හදාගන්න පුලුවන්..මෙහෙම හදන සෝඩා බෝතලේට මෙන්ටොස් ටිකක් දැම්මම අපිට හදට යන්න පුලුවන්.ඒම ගිහිල්ලා හදේ දි කිරිබතකුයි පොල් මැල්ලුමකුයි කාලා ආපහු එමු.ඒත් මං කියන්නේ..අපේ මේ සම්බෝලෙට තව මලක් එකතු කලාම උත්තරේ එකයි..ඒ එක...ඒ එක තමා සහෝදරයනී අපිට තියෙන බලාපොරොත්තුව ජීවිතේ වෙනස් කරන...ඒ එක රජතුමාගේ නම පලවෙනි පත්තුදේව වුණේ නැත්නම් මගේ නම සුසන්ත නෙමේ යාලුවනී.අර අතන ඉන්න පුද්ගලයා තමා අපේ රට විනාස කෙරුවේ.(කැරපොත්තෙක් පෙන්නන්නේ..)

(Meanwhile කැරපොත්තා:-අනේ බුදු මාත්තයෝ මං ආවේ මේ බිම තිබ්බ බයිට් කෑල්ල ගන්න මයි දෙයියෝ.රටක් විනාස කරන්න තියා මං ඉගෙනගත්තෙත් 2 වසරට වෙනකල් විතරයි...)


මේ මාලිගාවේ රජතුමා හැටියට...මං අණ කරනවා තොපි සේරගේම බෙලි කපලා කේක් කවන්න කියලා.කේක් නැත්නම් අර කැරපොත්තව කවන්න.එය ජනාධිපති වන මාගේ අණකි.මෙසේ විදුහල්පතිගේ අණ නොසලකා හැරීම ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබිය හැකි වරදකි."


එහෙම්මම කතාව ඉවර කලා විතරයි නිකන් වටේ අදුරු වුනා.අනේ මං මැරුනා.දැන් මේ දිව්‍ය ලෝකෙටද යන්නේ?


"රුක්ශාන්න්...රුක්ශාන්..."


අනේ දේවතාවියක් මට කතා කරනවා..ඉන්න ඉන්න..මං ඇස් ඇරියා.


"හුටා....අම්මේ?"


අම්ම ඇද ලග..අනිත් වුන් අම්මගේ පිටිපස්සෙන් බිම බලන් ඉන්නවා.උදෙත් වෙලා.


" අම්මේ?අම්මේ නෙමේ.සුම්මේ..පොඩි වයසෙම බොන්න පටන් ගත්තද?ඒ මදිවට නටපු පිස්සුව..."


"ඇයි නංගි මොකෝ වුනේ?"



ඔන්න පුංචිත් මදි පාඩුවට ආවා.


"බලන්න අශිනි..මේ අපේ කොල්ල රුක්ශාන් ඊයේ බීලා වෙරි වෙලා අපේ බල්ලව උස්සන් ගිහින් පොකුණට දැම්ම මේ මාලුවා පොකුණෙන් එලියට පැනලා කියලා.අනේ බල්ල පව්.. ඒ මදිවට මුන් ටික හැමෝම බීලා මරු මරු වැඩ කරලා තියෙන්නේ."



අඩේ එච්චර දරුණුවටම බිව්වද?මං සේපට අරුන් දිහා බැලුවා.උන් ඔලු පහත් කරන් භාවනා කරනවද කොහෙද..



"ඇත්තමයි අභී ඔයාට..."


"ආව් ආව් අම්මේ ගහන්න එපා."



අඩෝ අම්ම කොස්ස අරන් ගැහුවා එකක් තරු විසි වෙන්නම.නැන්දා එතනට ඇවිත් තමා බේරගත්තේ.පිං අත්වේවා නැන්දේ.නිවන් සුව ලැබේවා..ආ නෑ සොරි නිවන් සුව නෙමේ ....



......................................


මතු සම්බන්ධයි...


(To be continue...)



Im Dead User.

Report Page