Love You

Love You

Shashi 💕


12 කොටස



" එකම එක අවස්ථාවක් ලැබුනොත් මගේ වෙනවද "



ඒ වචන තාමත් මගෙ හිත ඇතුළෙ දෝංකාර දෙනව.. අවුරුදු හතක් ගෙවිල ගිහිම් හීයක වේගෙන්..



මේ අවුරුදු හත ආපස්සට හැරිල බලද්දි ජීවිතෙ වැඩියෙන්ම විඳල තියෙන්නෙ වේදනාව..



ආදරය.. වේදනාව මේ හැමදේම මැද්දෙන් මං අද මනමාලියෙක් වෙනව..



ආදරය කරන කෙනා එක්කම ජීවිත කාලෙම ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද..



ඒත්.............





ආර්ය සිංහල විදියට ඇඳල එයා වෙනදටත් වඩා හැන්ඩ්සම් අද.. ඒත් මට තෙරෙන්නැ මට මේ ගැන දැන් කිසිම හැඟිමක් නැ..



ෆොටොස් ගන්න තැනට ගියාම එතන එකම විකාරයයි.. අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න..



" දෙන්නගෙ ඇස් දිහා බලන් ඉන්න එකක් ගමු.. මෙහෙම අත අල්ලගන්න.. "



ඒ ඇස් දිහා බලන්නෙ කෝමද.. තාමත් මට ඒ ඇස් දිහා කෙලින් බලන්න බැ..



රෙජිස්ට්‍රේශන් එකෙන් පස්සෙ පෝරුව චාරිත්‍ර නැකතටම සිද්ධ වුනා..


හැමදේම ලස්සනට ගලාගෙන යනව.. ඒත් කෝ අද මගෙ සතුට..



ඒත් මං බලන් ඉදියෙ මේ දවස එනකම් නෙවෙයිද.. ?


මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරනව..



" දැන්මම උස්සන් යන්න හිතෙන තරම් ලස්සනයි අද "



එයාගෙ ඒ වචනවලට තමයි මං පියවි සිහියට ආවෙ..


කොච්චර මොන දේවල් කිව්වත් අද මගෙ සතුට මෙතන නැ.. මැව්ව හීන වෙනස් වෙලා..


ඇයි මටම මෙහෙම වෙන්නෙ..


මේ දේවල් මට තාමත් හීනයක් වගේ..



හැමදේම සාමාන්‍ය විදියට වුනා.. අපි පිටත් වුනෙ හොටෙල් එකට..


මගුල් ඇඳුම ඇදපු මලකඳක් වගෙ මං ..



" ඔයා වොශ් එකක් දාන් එන්න නේත්‍යා "


" හ්ම් "



පැයක් විතර ශවර් එක යටට වෙලා නාපු එකට වඩා මං කරෙ මතක අස්සෙ හිර වෙලා අඬපු එක..



ඒත් දැන් මට ආයෙ හැරෙන්න බෑ..



" නේත්‍යා.. මෙච්චර වෙලා මොනාද කරන්නෙ.. දියවෙන්න කලිම් එලියට එනවාහ් "



අරන් ආපු ඇදුමකුත් ඇගෙ පටලන් එලියට ගියෙ එක මොහොතකට හරි එයාගෙ ඇස් දිහා බලන්නෙ නැතුව ඉන්න වග බලාගෙන..


එයා වොශෲම් එකට යන සද්දෙ ඇහුන..


මං එහෙම්ම බැල්කනි එකට ගියේ සීතල හුලගක් ඇග හරහා වැදිගෙන යනව දැනෙද්දි..



පරණ මතක ෆිල්ම් එකක් හා සමානව ඔලුව ඇතුලෙ සක්මන් කරනව..



අවි.. අහස්.. දෙන්නගෙ ආදරෙ මැද්දෙ අතරමං උනත් අන්තිමෙ සිද්ධ වුනෙ හිතාගන්නවත් බැරි දෙයක්..



අවිගෙ නපුරු ආදරේ.. අහස්ගෙ අහිංසක ආදරේ තාමත් මට හිතාගන්න බැ මේ වෙන්නෙ ඇත්තක්ද නැත්තම් මං මේ හීනෙක හිර වෙලාද කියල..



" මොනාද මැඩම් ඔච්චර කල්පනා කරන්නෙ හනිමූන් එක ගැනද "



ගැස්සිල ගියේ එයාගෙ සද්දෙට..


ඒ මූන දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ හැඟිමක් තාමත් මගෙ හිත පුරා උඩුදුවනව..



" තාමත් මගෙ දිහා කෙලින් බලන්න බැරිද "



මට දෙන්න උත්තරයක් නැ..



" තාමත් අරු ගැන හිතනවද නේත්‍යාහ් "



නොදැනිම ඇස් වලට කඳුලු ආවෙ ආයෙමත් අතීතය මතක් වෙද්දි...



" අහනව නේත්‍යා.. ඌව අමතක කරන්න බැරුවැති.. ඒත් දැන් ඒ හැමදේම වෙලා ඉවරයි.. අපි දෙන්නට දැන් අපෙ අනාගතෙ ගැන හිතන්න වෙනව.. තේරෙනවනෙ.. "



" ම්ම්ම් "



______


ඒ මොකත ඒ 🌝


බැන්දෙ අවිද අහස්ද නැත්තම් තුන්වෙනි පාර්ශ්වයක්ද කියල කියන කෙනාට දොර තුනෙ පොල් ගාන මැශිමක් දෙනව 🌝



Shashi💕


Report Page