Love You

Love You

Shashi 💕


11 කොටස



ලන්ච් එකත් හොටෙල් එකෙන් අරන් අපි එන්න ආවෙ හදිසියෙම අහස්ට මීටින් එකක් වැටුනු නිසා..


අම්මයි තාත්තයිත් එයලගෙ වැඩ එක්ක බිසි.. කවුරුත් ගෙදර නැ..


අහස් එක්ක ඉද්දි කොච්චර සතුටින් ඉදියත් තනි වුන වෙලාවට මොහොතකට හරි මගෙ ඇස් ඉස්සරහ අවිගෙ කඳුලු මතක් වෙන්නෙ හිතාගන්න බැරි විදියට මගෙ හිත ගැහෙද්දි..



යාලුවෙක් විදියටවත් ඔයා මාව තියාගත්ත නම් අද අපිට ඒ යාලුකම හරි ඉතුරු වෙලා තියෙනව....



ඔයා එහෙමවත් මාව ගනන් ගත්තෙ නෑනෙ අවි.....



ඒව මේව හිත හිතම වොශ් දාන් ලයිබ්‍රි එකෙන් ගත්තු නවල් එක ගත්තෙ ඉතුරු ටික කියවන්න හිතාගෙන....



පොත් කියන්නෙම මායාවක්.... ඒ මායාව ඇතුලෙ මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුලුවන්... ඒකත් තනිකරම ඇබ්බැහියක්... ඒ ඇබ්බැහියෙන් මිදෙන්න නම් පොත් කියවන කෙනෙක් කවදාවත් පෙලෙඹෙන්නෙ නෑ... පොතක් කියවන්න ගන්නව කියන්නෙම රියැලිටි ලෝකෙ වෙන කිසිම දෙයක් ඇහෙන්නැ පේන්නැ.. ඒක දන්නෙ පොත් කියවන අය විතරයි..



" එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික්‍රියාවක

 සීමාකාරී ප්‍රතික්‍රියකය

 එක තැනකදි ඉවර වුණා

 එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා !


 ආදරේ කියන්නෙ

 සමතුලිතතාවයක් !

 එහෙම නැත්තං

 ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !


 මම කොයිතරම් කිව්වත්

 ඔයාට ආදරේ කියන්නෙ ,


 එක පැත්තකට සිද්ධවෙන

 ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා "


            - අබ්දුල් උමාර් සහන් නෙත්මිණ -



" මං විතරක් ආදරේ කර ලෝකෙ මන්ම විඳවපු එක සාධාරණයි.. දැන් වැඩක් නැ.. අහස්ගෙන් ලැබෙන මේ ආදරේ මට ඕනෙවටත් වඩා.. ඇත්තටම අහස් නොහිටින්න අද මං සෑහෙන්න කඩන් වැටිල.. "



පොත උඩම නින්ද ගිහිම් තිබුණ වෙද්දි ගැස්සිල ඇහැරුනෙ ෆොන් එක කන ළග රින්ග් වුන සද්දෙට...



    Avi 🌸



කියල නම වැටිල තියෙද්දි මොහොතකට බලන් ඉදියෙ මට සැනසිමෙ ඉන්න දෙන්නෙම නැද්ද කියල හිතින් අහන ගමන්...



" ඇයි "


📲 මොකද ඕයි ගහගන්න වගෙ


" එහෙම නැ "


📲 දොර අරිනව


"  ම්.. මොකක්.. මොන දොරද "


📲 මං තමුසෙලයි දොරකොඩ ඉන්නෙ ඇවිත් දොර අරිනව ඕයි



හොඳින් කතා කරා කියල හෙන ගහනවද දන්නැ.. නැතත් අද මොන එකකට ආවද දන්නැ කියල හිත හිතම මං ගිහිම් දොර ඇරිය..



මාවත් තල්ලු කරන් ගේ ඇතුලට ඇවිත් එයාගෙ ගෙදර වගෙ සෝෆා එකෙන් වාඩි උනා..



" මොකද ඕයි අමුතු සතෙක් දැකල වගෙ බලන් ඉන්නෙ "


" ඇයි ආවෙ "


" ඇයි එන්න එපාද "


ඒකට දෙන්න උත්තරයක් මං ළග නැ..



" කියනව ඉතිම් එන්න එපාද "


අවි නැගිටල ඇවිත් මගෙ මූනටම එබිල අහද්දි මට බය නොහිතුනාම නෙවෙයි.. යක්කු වගෙ මිනිස්සුනෙ මුන්..


" ඔ.. ඔයා ඉතිම් මාව අමතක කරලනෙ තිබ්බෙ.. එකපාරට මෙහෙම... "


" ඒ කතාව අමතක කරන්න බැරිද නේත්‍යා.. ඒක නරක හීනයක් කියල හිතන්න බැරිද "


ඔලුව දෙපැත්තට වැනුවෙ මැරුවත් ඕක මට අමතක වෙන්නෙ නැති නිසා...


අවි තව ටිකක් ළං උනෙ එයාගෙ උණුසුම් හුස්ම මගෙ මූනට වැටෙන තරමට..


ඒත් එක්කම මං පිටිපස්සෙන් පිටිපස්සට ගියේ අවිත් මගෙ දිහාවටම එද්දි.. අන්තිමෙ බිත්තියයි අවියි අතරට මැදි වෙන්න වුණෙ මගෙ හාට් එක ගැලවෙන්න තරම් වේගෙන් ගැහෙද්දි..


මගෙ කන ළගටම පහත් වුන අවි..



" දෙයක් නැති උනහම තමයි ඒකෙ වටිනාකම තේරෙන්නෙ.. හරියට මං තමුසෙව නැතිකරගෙන විඳවනව වගේ "



ඇඟ පුරාම හිරියක් ගියා වගෙ ඒ කන අස්සෙ කොඳුරපු විදියට..



" හරියටම ආදරේ තිබ්බෙ කොතනද කියල තේරෙන්නෙ හැමදේම නැති උනාට පස්සෙ... "



අවිගෙ මේ වචනවලට ඒ තත්පර කිහිපෙට මගෙ ඇස් වලට කඳුලු ඇවිත්..


නිකටෙන් මගෙ මූණ උස්සපු අවිගෙ ඒ දෙතොල් තද වුනෙ මගෙ ඇස් වලට...



මොකක්ද වුනෙ කියල හිතාගන්න බැරි වෙද්දි ක්ෂණයෙන් මං අවිව තල්ලු කරෙ මේක වැරදි කියල හිත නලියද්දි..



" අ..අවි ඔයා යන්න දැන් "


" යන්න කලිම් එක දෙයක් අහන්නද "



මං අවි දිහාම බලන් ඉදියෙ දැනට මේ සිද්ධ වුන දේවල් එක්ක ඊළගට මොකක් අහයිද කියල..



" එකම එක අවස්ථාවක් ලැබුනොත් මගේ වෙනවද "



___



අහස්ට බූට් එක තියමුද නැත්තම් අවිව කපල දාමුද 😌



Shashi💕

Report Page