Love You

Love You

Shashi 💕

10 කොටස



📲 ආවෙ නැත්තම් මං තමුසෙගෙ රූම් එකට පනිනව නේත්‍යාහ්.. තමුසෙ එනවද නැත්තම් මං එන්නද..


" මං එන්නම් "



මේ මොන හෙනයක්ද දන්නැ ඒපාර පහත් වෙන්න යන්නෙ කියල හිත හිත ෆෝන් ටෝච් එකත් ගහන් ශේප් එකෙ දොරත් ඇරන් පහලට ගියා..



සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න ඉස්සරහ දොරත් ඇරන් එලියට ගියපු මං සද්ද නැතුවම ගේට් එකත් ඇරන් එලියට යද්දි මේ මනුස්සය ඉන්නව බයික් එක උඩට වෙලා ඔලුවත් හැන්ඩ්ල් එකට ගහන්..



" අවී "


කතා කරාට කිසිම රෙස්පොන්ස් එකක් නැති නිසා මං අවිගෙ උරහිසෙන් අත තිබ්බ.. ගැස්සිල වගෙ නැගිටපු අවි බයික් එකෙන් බැස්සා..



" නේත්‍යාහ් "


අදුරෙ උනත් තිබුනු පොඩි ලයිට් එලියෙන් මට පෙනුන ඒ ඇස් වල දිලිසෙන කඳුළු..



" මොකද අවි මේ මහ රෑ "


" මට සමාවෙන්න නේත්‍යාහ් "



කියාගෙන එකපාරට අවි මාව බදාගත්ත වෙද්දි මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා..



ඒ උරහිස් ගැස්සෙනව.. මගෙ උරහිසට තෙතට දැනෙනව.. දෙයියනෙ අවි අඬනව..



" අ.. අවි මොකද මේ.. කියන්නකො "


" මට සමාවෙන්න නේත්‍යාහ්.. මං තමුසෙට රිද්දුව.. මං මං වැරදි නේත්‍යා.. මට වැරදුනා.. ඒකිත් මට බොරු කරා.. මං තමුසෙට සොරි නේත්‍යාහ්.. සමාව දෙනව නේද ප්ලීස් "



අවිව මගෙන් ඈත් කරන්න හැදුවත් එයාගෙ ශක්තියත් එක්ක මට හැප්පෙන්න බෑ..



" මං තමුසෙව රිද්දුව නේත්‍යාහ්.. හොඳටම රිද්දුව.. තමුසෙට රිදෙනව කියල දැන දැනත් මං ඒකම කරා.. "



මටත් දැන් හොඳටම ඇඬෙනව.. මගෙන් ඈත් උන අවි අල්ලගත්තෙ මගෙ අත් දෙකෙන්..



" ඒකි මාව රැවැට්ටුව නේත්‍යා.. ඒකි මට බොරු කරේ.. "



ඒ ඇස් දිහා බලන් ඉන්න අමාරුයි.. ඒ ඇස් වලින් වේගෙන් වේගෙන් කඳුලු පල්ලම් බහිනව..



" සමාව දෙනවද නේත්‍යාහ් "



අවිගෙ අත්වලින් ගස්සල ගත්තු මගෙ අත ගිහිම් නැවතුනෙ අවිගෙ කම්මුලක...


ඒ තරම් දෙයක් කොහොමද මං කරෙ කියල මටම හිතාගන්න බෑ..



" ඔය මදි නේත්‍යා.. තව ගහපම්.. ඉතිම් ගහපම් "


" යන්න අවි.. ගෙදර යන්න.. දැන්ම "


" මට බැ "


" මුරන්ඩු නොවි යනවා අවි "


" තමුසෙ දැන් අහස්ට විතරද ආදරෙ නේත්‍යා.. ඔය හිතෙ මං වෙනුවෙන් තිබ්බ ආදරෙ පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැද්ද.. "


" යනව අවි ගෙදර "


" කියන්න නේත්‍යා "


" නැ මං තමුසෙට ආදරෙ නැ අවි.. මං ආදරෙ අහස්ට විතරයි.. දැන් හරිද.. දැන්වත් යනවා.. "



මං දිහා එකපාරක් බලපු අවි බයික් එකට නැගල ගියා වෙද්දි කඳුලුත් පිහිදන් මං ආයෙ ගේ ඇතුලට ගියා..



මොනවද මේ වෙන්නෙ.. දැන්ද අවි ඔයාට මගෙ ආදරේ තේරුනේ..


අනික රිතූ ගියාට පස්සෙ තමයි ඔයාට මාව ඕනි උනේ.. පහුගිය කාලෙ යාලුවෙක් ගානටවත් මාව ගනන් ගත්තෙ නැ..


මං දරුනු වැඩි උනාද මන්දා..




එහෙම්ම නින්ද ගිහිම් තිබුන වෙද්දි අද නිවාඩු දවසක් උනා.. අහස් උදෙන්ම ආවෙ සර්ප්‍රයිස් එකක් දෙන්න තියෙනව කියල කියන ගමන්..



කාර් එක හැරෙව්වෙ එයාලගෙ හොටෙල් එහෙකට වෙද්දි කාර් එකෙන් බැහැල අපි ගියෙ බීච් සයිඩ් එකට..



අව්ව එච්චර සැර නැති උනත් මුහුද දැක්කම මොහොතකට මගෙ හිත නිවුන කිව්වොත් හරි..



ටේබල් එහෙකින් අපි වාඩි උනා..



" ඉතිම් නේත්‍යා කෝමද අපෙ හොටෙල් සයිඩ් එක "


" ම්ම් ලස්සනයි "


" ඔයා කැමතිද "


" ම්ම් ඔව් "


" මට මොනාහරි කියන්න තියෙද නේත්‍යා "



මොහොතකට ඊයෙ රැ සිදුවිම් පෙල මගෙ ඇස් ඉස්සරහ මැවෙද්දි ඒ ඔක්කොම අකුරක් නෑර මං අහස්ට කිව්ව..



මගෙ දිහාම බලන් ඉදපු අහස්ගෙ ඇස් යොමු උනෙ නිමක් නොපෙනෙන මුහුදට..



" ඔයාගෙ හිතෙ පොඩි හරි ඉඩක් තියෙද අවි ගැන "


" ම්.. මොකක් ? මොනාද අහස් ඔයා අහන්නෙ.. යාලුවෙක් කියලවත් එයා මාව ගනන් ගත්තෙ නැ.. මගෙ හිතෙ එයාට පොඩි තැනක්වත් නැ අහස්.. "


" ම්ම්.. එනම් එන්නකො මාත් එක්ක "



කියල අහස් මාවත් එක්කන් ගියෙ මුහුද පැත්තට.. මුහුදු රැල්ල කකුල් වල වදිද්දි හරි සනීපයි..



" මැඩම් ඔහොම්ම ඇස් පියාගන්නවද "


මං ඉතිම් ඇස් පියාගත්තා..



" මේ පැත්ත හැරෙන්න නේත්‍යාහ් "



අනිත් පැත්ත හැරුනු මං දැක්කෙ ලස්සන රෙඩ් රෝස් බොකේ එකක් අතෙ තියන් ඉන්න අහස්ව..



" වාව් අහස් තැන්ක් යූ "


" තව දෙයක් තියෙනව.. "



රෙඩ් රෝස් එකෙ සිහියෙන් ඉදපු මං බැලුවෙ තව මොනාද කියල..



එයා සාක්කුවෙන් ගත්තෙ පොඩි බොක්ස් එකක්.. දෙයියනේ රින්ග් එකක්..



" හැමදාටම මගෙ වෙනවද නේත්‍යා "



දෙපාරක් නොහිත ඔලුව වැනුවෙ අම්මා තාත්තගෙන් පස්සෙ මගෙ මුලු ලෝකෙම වෙලා ඉන්නෙ අහස් නිසා..



එයා ඒ රින්ග් එක මගෙ වෙදැගිල්ලෙ පටලැව්වෙ හරිම ආදරෙන්..ඒ ආදරේ ඇස් වලින් උතුරනව..



" අවිට පින නැ මැනික උබ වගෙ කෙල්ලෙක් ලබන්න "



______



අවිව කපලම දාමු නෙහ්



Shashi💕


Report Page