Love You

Love You

Shashi 💕

9 කොටස



" ඔයා කාටහරි ආදරෙ කරල තියෙද නේත්‍යාහ් "



ඒ අහපු දෙයින් ගැස්සුනත් මං කල්පනා කරෙ ඇත්තටම මං ආදරය කරල තියෙද කියල..


මොහොතකට ඔලුවෙ මැවුනෙ අවිගෙ රූපෙ..


ඒක මගෙ හිතෙ විතරක්ම තිබුණු ආදරයක්.. නැ එහෙමම කියන්න බැ.. මොකද ඒක අවිට නොදැනුන කියන්න බැ..


ඒත්.....


දැන් වැඩක් නෑ.. එයාගෙ හිතෙ මං යාලුවෙක් කියන තැනවත් අද නැ..



" නේත්‍යාහ් "


" ම්ම් "


" ඔච්චරටම කල්පනා කරන්නෙ මොනාද "



ඔලුව දෙපැත්තට වැනුවෙ මුකුත් නැ කියන්න..



" එනම් මං අහපු දේට උත්තරයක් "


" ඒක මගෙ හිතෙ විතරක් තිබුණු දෙයක් අහස්.. මංම හිතින් ආදරය කරල මංම හිතින් විඳවනව "


" ආදරය කියන්නෙ විඳවන්න ඕනි දෙයක් නෙවෙයි නේත්‍යාහ් විඳින්න ඕනි දෙයක් "


" ම්ම් "


" ඉතිම් ඒ ආදරේ විඳින්න කැමති නැද්ද "


" අහ් ? "


" මාත් එක්ක ජීවිත කාලෙම ඒ ආදරෙ විඳින්න කැමති නැද්ද නේත්‍යා "



මේ වෙලාවෙ මේ වගෙ දෙයක් අහස්ගෙන් මං කොහෙත්ම බලාපොරොත්තු උනෙ නැ..


ඒත් ඒ ඇස් වලින් මොකක්දෝ හැඟිමක් මට පෙනුන.. ඒ නපුරු ඇස් දිහා බලන සැරයක් ගානෙ මගෙ ඇග ඇතුලෙන් කරන්ට් එකක් යනව වගෙ දැනෙනව.



" මාත් එක්ක ජීවිතෙ බෙදාගන්න කැමති නැද්ද "



මට හුස්ම ගන්න එක පවා හිර වෙනව වගෙ දැනෙද්දි ඒ අතක් පැටලුනෙ නිදහසෙ තිබුනු මගෙ අතක් එක්ක..



" අ.. අහ..ස් ම.. මං "


" ශ්ශ්.. ඔයාගෙ හිතෙ තියෙන දේ ගැන තව ටිකක් හොඳට හිතල බලල මට කියන්න.. "


" ම්ම් "


" දැන් යමුද නැත්තම් පරක්කු වෙයි "



ගෙවල් ලග හංදියෙන් අහස් මාව බැස්සුව..



" මං ඔයාගෙන් positive උත්තරයක් ලැබෙයි කියල හිතනව නේත්‍යා.. මං බලන් ඉන්නව "


අහස්ට හිනාවක් විතරක් දුන්නු මං එන්න ආවත් මගෙ හිත ඇතුලෙ එකම යුද්ධයක්..



අහස් ඇත්තටම හොඳ කෙනෙක්.. ඒත් මං කොහොමද අනේ දෙවියනෙ මොකද මං දැන් කරන්නෙ..



ගෙදර ගිහිම් වොශ් දාන් කල බීල පාඩම් කරන්න ගත්තත් හිත එක තැනක නැ.. අහස් කිව්ව දේවල් ඔලුව ඇතුලෙ දෝංකාර දෙනව වගේ..



ඔක්කොම අමතක කරල නිදාගන්න ගියත් නින්ද යන්නෙත් නෑ.. වෙලාව රෑ 12.15 යි..


එහෙම්ම ඩේටා ඔන් කරල ගියෙ අහස්ගෙ චැට් එකට....



" මං කැමති ජීවිත කාලෙම හැමදේම ඔයත් එක්ක බෙදාගන්න "



ගියපු ගමන් සීන් උනා.. මගෙ හාට් එක එලියට පනින්න තරම් වේගෙන් ගැහෙනව..


සීන් උනත් විනාඩි ගානක් යනකම් රිප්ලයි එකක් නැ..



Typing...



📲 ඔය ඇත්තමද නේත්‍යා 🥹 මට මේක හිතාගන්නවත් බෑ..


" ම්ම් ඔව් "


📲 හැමදාම මාත් එක්ක ඉන්නව නේද


" ඔව් අනිවාර්යයෙන් "


📲 හෙට හම්බෙමු 🥹 ආදරෙයි නේත්‍යා මං 🥹



ඔන්න ආයෙම අර බඩත් එක්ක මොකක්දෝ වෙනව දැන්..



නින්ද යන්නෙත් නැ සැක්.. කොයිවෙලෙ නින්ද ගිහිම් ද දන්නැ ඇහැරුනෙ උදේ එලාම් එකෙ සද්දෙට..


ක්ලාස් යන්න ලෑස්ති වෙලා පාරට යද්දි අවි ඉන්නව වෙන්ද ඉන්න තැනම..


මං යද්දි එයත් මාත් එක්කම ආවා..



" නේත්‍යා "


" ම්ම් "


මුකුත් නෑ යං "



මොන පිස්සෙක්ද මන්දා..


ක්ලාස් එකට යද්දි අහස් ඉන්නව ඇහැල ගහ යට.. ආයෙමත් මගෙ හිත පිස්සු නටනව දැන්..


ඒත් එක්කම කොහෙදො ඉදන් ආපු රිතු එල්ලුනෙ අවිගෙ අතෙ..



" ඔයා මොකද අවි තාමත් මෙ නැට්ටිච්චි එක්ක එන්නෙ.."



අවි මොනාද කියන්න කට අරිනවත් එක්කම එයාලටත් ගස්සන් මං ආවෙ අහස් ලගට..



" ගුඩ්මෝනිම් නේත්‍යා "


" ගුඩ්මෝනිම් අහස් "


" මොනාද අරකි අර කිව්වෙ.. "


" පිස්සු ඒකිට "


කාලය ටික ටික ගෙවිල ගියෙ අහස්ගෙයි මගෙයි ආදරෙ තදින්ම ශක්තිමත් වෙද්දි...


පොඩි පොඩි බාධක ආවත් අපෙ බැඳිම කඩන්න කාටවත් පුලුවන් උනෙ නැ..



එක්සැම් ඉවර උනා..



අහස් එයාගෙ තාත්තගෙ බිස්නස් බාරගනිද්දි මං ඩිප්ලෝම එකක් කරන්න පටන්ගත්තා..



අවාසනාවක මහත කොයිතරම් නම් අවියි රිතුයිත් ඒ ඩිප්ලෝම එකම කරා..



මේ දෙන්නගෙන් නම් ගැලවිමක් ඇත්තෙම නැ වගේ..



අද අවි ඇවිත් නැ.. දැන් මට යාලුවෙක් ඉන්නව ඒ නීශා.. නීශාට වොශෲම් යන්න ඕනි කිව්ව නිසා අපි පහලට ආවා..



ඒත් මං දැක්කෙ කවුදො කොල්ලෙක්ගෙ අතකුත් අල්ලන් කතා කර කර ඉන්න රිතූව..



දැක්කත් නොදැක්ක ගානට අපි ගියා.. අනුන්ගෙ දේවල් අපිට වැඩක් නැනෙ ඉතිම්



හවස ගෙදර ගිහිම් නාල කාල ඇඳට වැටුනෙ අහස්ගෙන් හැමදාම එන කෝල් එකත් ආන්ස්වර් කරන ගමන්..


කොච්චර වැඩ තිබුනත් එයා මාව මිස් කරෙ නැ.. දවසෙ උන හැමදේම අකුරක් නෑර කියන මගෙ කියවිල්ල හරි ආසාවෙන් අහන් ඉන්නව..


පලවෙනි දවසෙ තිබුනු ආදරෙ අදටත් අඩුවක් නැතුව තියෙනව...



මට එහෙම්ම නින්ද ගිහිම් තිබුන වෙද්දි ඇහැරුනෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට..


වෙලාව රෑ 2.25 ... මේ මහ රැ කවුද කෝල් කරන්නෙ හිත හිත බලද්දි අවි..



" මොකද අවි මේ මහ රැ "


📲 පහළට එනවාහ්


" මොකක්.. මොන පහලටද "


📲 තමුසෙලයි ගේට් එක ලගට


" පිස්සු හැදිලද අවි


📲 ආවෙ නැත්තම් මං තමුසෙගෙ රූම් එකට පනිනව නේත්‍යාහ්.. තමුසෙ එනවද නැත්තම් මං එන්නද..


" මං එන්නම් "



______



ඒ නාඩගම මොකක්ද 😒



Shashi💕


Report Page