Love You

Love You

Shashi 💕

8 කොටස



ගේට් එක ලග අවි හිටියා... ඔන්න දැන් මගෙ හාට් රේට් එක ආයෙ ගැස්සෙනව හොඳම එකෙන්..


අවි එක එල්ලෙම බැලුවෙ මගෙ ඇස් දිහා.. ඒත් මට ඒ ඇස් දිහා බලන්න බැරි මොකක්දෝ දෙයක් දැනුනා..



" එනවා "


කියල අවි කියනවත් එක්කම මං හැරුනෙ අහස්ගෙ දිහාවට.. අහස්ගෙ මූනෙ තිබ්බ හැඟිම මට තේරුම් ගන්න හරි අමාරුයි කියලමයි හිතුනෙ.. ඒ හැඟිම් ඒ තරමට සංකීර්ණයි..



" පරිස්සමට යන්න නේත්‍යා.. ගිහිම් මැසේජ් එකක් දාන්න.. "


" ඔයත් "



අවි අහස් දිහා බලන් ඉදියෙ මෙතනම මරන් කන්න පුලුවන් වගෙ සයිස් එකෙන්.. ඒත් ඇයි මේ..



බස් හෝල්ට් එකට යනකොටම බස් එකක් ආව නිසා අපි ගිහිම් බස් එකට නැග්ග.. ඒත් අද අහස් බස් එකෙ යන්න ආවෙ නැ.. ඔන්න ඉතිම් මගෙ හිතට මොකක්දෝ දුකක් දැනෙනව දැන්..



කලෙකට පස්සෙ මගෙ ලගින් අවි හිටගෙන ඉන්නව.. ඒත් මට දැන් ඉස්සර වගෙ මහ ලොකු හැඟිමක් දැනෙන්නැ..



අනුන්ගෙ දේවල්වලට ආසා කරල දුක විතරයිනෙ..


අපෙ පාර ළගින් බැහැල අපි ඇවිදන් ගියා..



" නේත්‍යා ඔහොම ඉන්නව.. අරුයි තමුසෙයි අතර තියෙන්නෙ මොකක්ද "


" කවුද "


" මං කවුරු ගැනද අහන්නෙ කියල තමුසෙ හොඳටම දන්නවනෙ.. අර අහස් කියන එකා.. "


" ඉතිම් "


" ඌයි තමුසෙය් අතර තියෙන සම්බන්ධෙ මොකක්ද "


" එයා මගෙ යාලුවෙක් "


" යාලුවෙක් විතරමද "


" කවුරු උනත් ඔයාට මොකද අවි.. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ "


" මොකද තමුසෙගෙ සද්දෙ අහ්.. "



ඇස් වලට කඳුලු උනනව කියල දැනෙද්දි අවිටත් ගස්සන් මං එන්න ආවෙ මට දැන් මේ විකාරෙ ඇති වෙල නිසා..



ගෙදර ඇවිත් අහස්ටත් මැසේජ් එකක් දාල වොශ් එකක් දාන් ඇඳට වැටුනෙ ගතට වඩා හිතට දැනුනු මහන්සියට..



" ඇයි අවි ඔයා මෙහෙම "




නොදැනිම නින්ද ගිහිම් තිබුන වෙද්දි ඇහැරුනෙ අම්ම කතා කරද්දි..


රෑටත් කාල ආයෙම පැය දෙකක් විතර පාඩම් කරල ෆෝන් එක අතට ගත්තෙ ඕෆ් කරපු ඩේටත් ඔන් කරන ගමන්..


ඇත්තටම මං බලාපොරොත්තු උන මැසේජ් එක ඇවිත් තිබුන..



📲 පරිස්සමට ගියා නේද



නොදැනිම හිනාවක් එද්දි.. මං කීබොඩ් එක ඔන් කරෙ රිප්ලයි යවන්න..



" ඔව් "


යවපු ගමන් සීන් උනා..



📲 හෙට ලයිබ්‍රි එනවද


" ඔව් "


📲 ලයිබ්‍රි එකෙන් පස්සෙ මාව පොඩ්ඩක් මීට් වෙලා යන්න පුලුවන්ද



ඔන්න දැන් මගෙ හිත ඇතුලෙ අමුතුම ෆීලින් එකක් උඩට එන්න දගලනව..



" ම්ම් හා "


.

.

.


ඊළග දවසෙ උදෙන් නැගිටල ලයිබ්‍රි එකට ගියේ මං හරිම සතුටින්.. ඒ සතුටට හේතුව අහස් කියල මගෙ යටි හිත කිව්වත් උඩු හිත ඒක පිළිගන්න කැමති නැ..



මේක නිකම් attractive එකක් විතරයි කියල තමයි මගෙ උඩු හිත මොළේට කියන්නෙ..



මං යද්දි අහස් මං වෙනදා වාඩි වෙන ටේබ්ල් එකෙ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙල ඉන්නව..


මාත් ඉතිම් පොත් ටිකත් අරන් සුපුරුදු තැනින් වාඩි උනා..



ඒ නපුරු ඇස් වලින් හිනා වෙලා තොල් වලින් විතරක් ගුඩ්මෝනිම් කිව්ව එයාගෙ හිනාවෙන් එලියට පැනපු නල දත මං හරියටම දැක්කෙ අද..


ඇත්තටම එයා හරි ලස්සනයි කියලමයි මට හිතුනෙ..



" Oh god නේත්‍යා ඔයා තාම එයා දිහා බලන් ඉන්නෙ "


මොලෙන් එහෙම පනිවිඩයක් එද්දි මං සනිකව පොත දිහා බලාගත්තා..



පේපර්ස් ටික කරල ඉවර වෙලා මං ඇස් උස්සල අහස් දිහා බලද්දිත් එයා මං දිහාම බලන් ඉන්නව..



ඔන්න ආයෙම මගෙ හිත ඇතුලෙන් බඩත් එක්කම මොකක්දෝ එකක් වෙනව වගෙ දැනෙනව..



මං පොත් ටික බෑග් එකට දාගනිද්දි අහසුත් යන්න නැගිට්ට.. මගෙ පිටිපස්සෙන්ම එයත් එලියට ආවා..



" කතා කරන්න ඕනි කිව්ව නේද "


" ම්ම් පුලුවන්ද "


මං ඉතිම් ඔලුව හෙල්ලුවෙ ඊයෙත් මං හා කිව්ව නිසා..අනික මට බැ කියන්න හේතුවක් නැ..



" එනම් යමු නගින්න "



කියල මගෙ අතට දුන්නෙ හෙල්මට් එකක්.. හිතට මොකක්දෝ තිගැස්මක් ආවත් මං ඒක දාගත්තා..



" බය වෙන්නෙපා නේත්‍යා "



මාත් ඉතිම් නැග්ග.. ටික වෙලාවකින් ගිහිම් නැවැත්තුවෙ හරිම ලස්සන වැවක් ලග.. එතන තිබුනු බෙන්ච් එහෙකින් අපි වාඩි උනා..



" ඔයා කාටහරි ආදරෙ කරල තියෙද නේත්‍යාහ් "



______



අවිද අහස්ද


හරියන කෙනා සඳහන් කර වටිනා දොර එකහමාරෙ පොල් ගාන මැශිමක් දිනාගන්න..



Shashi💕


Report Page