Love You
Shashi 💕
5 කොටස
ඒත් එක්කම ෆෝන් එක වයිබ්‍රේට් උනෙ කාගෙන්හරි කෝල් එකක් එද්දි..
Avi 💗
ආන්ස්වර් කරනවද නැද්ද කියල හිත හිත ඉද්දිම ෆෝන් එක කට් උනා..
කෝමත් එක සැරයක් ගත්තෙ නැත්තම් ආයෙ කෝල් කරන්නැනෙ..
මාත් ගිහිම් වොශ් එකක් දාන් ඇවිත් පොතක් අතට ගත්තෙ විභාගෙ කිට්ටු නිසා.. පොත අතට ගත්තත් මතක් වෙන්නෙම අද දවසෙ සිද්ද උන දේවල්..
අහස් මාත් එක්ක ආව කියල මොකද අවීට ඔච්චර තරහ යන්නෙ.. එයා රිතූගෙනෙ..
ආයෙමත් කෝමහරි මගෙ ෆෝකස් එක පොතට දීල පැය දෙකක් විතර පාඩම් කරාට පස්සෙ මං පල්ලෙහාට ගියෙ බඩගින්නක් ආව නිසා..
කාල බීල ෆෝන් එක අතට ගනිද්දි unknown නම්බර් එකකින් මැසේජ් එකක්..
📲 Hy
" Kwd me "
📲 Manussayek
" nama ? "
📲 oya danna kenek
සීන් කරල නිකම් ඉදියෙ නම කියන්න බැරි අමාරුවක් තියෙන එකෙක් එක්ක මොන කතාද කියල
📲 ayyoh mn ahas
ඉබේම මගෙ මූනට හිනාවක් ආවෙ ඇයි කියල මමවත් දන්නැ..
ඒ චැට් එක විනාඩි 10කට සීමා උනේ හෙට ක්ලාස් එකෙ පේපර් ටික කරන්න තිබ්බ නිසා..
ඊළඟ දවසෙ උදේ ක්ලාස්.. අවි නම් කෝමත් මට කලිම් හරි මට පස්සෙ හරි බස් එකෙනෙ එන්නෙ.. මං ඉතිම් එහෙම හිත හිත ආව වෙද්දි මගෙ ඇස් පුදුම උනේ වෙනද වගෙම පාරෙ ඉන්න අවිව දැකල..
කිසිම කතාවක් නැතිව බස් හෝල්ට් එකට ගිහිම් ක්ලාස් එකට ගියා..
ක්ලාස් එකට යද්දි අවි එයාගෙ යාලුවො ලගට යද්දි ඈත තියාම මාත් එක්ක හිනාවීගෙන අහස් ආවා..
" ගුඩ්මෝනිම් "
" ගුඩ්මෝනිම් අහස් "
" අර ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එහෙම නෙවෙයිනෙ "
" අහ් මේ නැ "
අහේතුවකට අවි ඉන්න පැත්ත බලපු මං දැක්කෙ අපි දිහාම බලන් ඉන්න අවිව.. ඒ බැල්ම දරාගන්න අමාරුයි..
ඒත් එක්කම රිතූ ඇවිත් අවිගෙ අතේ එල්ලුනෙ මං අහක බලාගනිද්දි..
" හෙට ලයිබ්‍රි යනව නේද නේත්‍යා "
" ම්ම්..අහ් ඔයා කෝමද දන්නෙ "
" I know "
කියල මගෙ නහයට තට්ටුවක් දාගෙනම අහස් එතනින් ගියා වෙද්දි මාත් ක්ලාස් එකට ගියා..
ඊළඟ දවසෙ මං ලයිබ්‍රි යන්න ලෑස්ති උනා.. හිත ඇතුලෙන් මොකක්දෝ සතුටක් තියෙනව..
ඒ අහස් එන නිසාද නැත්තම් අවි ආයෙමත් මාත් එක්ක ක්ලාස් යන නිසාද කියල මට හිතාගන්න බැ..
ලයිබ්‍රි එකට ගිහිම් පාඩම් කර කර ඉන්නකොට මගෙ ඉස්සරහින් කවුරුහරි වාඩි උනා.. මං ඇස් උස්සල බලද්දි අර නපුරු ඇස් වලින් හිනාවෙන අහස්..
ඇස් වලින් පොත දිහා බලන්න කියපු එයත් පොතක් අරන් මොනවද කරන්න ගත්ත..
පැය එකහමාරකට විතර පස්සෙ මං යන්න ලෑස්ති උනා වෙද්දි අහසුත් මගෙ පස්සෙන් ආව..
" නේත්‍යා ඔයාට පරක්කු වෙනවද පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද "
ඒක අහපු විදියට මට බැ කියන්න හිතුනෙ නැ
එහා පැත්තෙ කොෆි ශොප් එකට ගිය අපි අතර ඒ වෙනකම් කිසිම කතාබහක් තිබ්බෙ නැ..
" නේත්‍යා මට ඔයාට දෙයක් කියන්න තියෙනව "
_______
අහස් මොනා කියයිද
Shashi💕