Love You
Shashi 💕
15 කොටස ( අවසාන කොටස )
" අහස් ඔයා වෙනුවෙන් මේ හැමදේම දරාගන්නව මං "
මාස දෙකක කාලයක් ගෙවිල ගියේ අවි මට ලං වෙන්න හේතු හොයද්දි වගෙම බිරිඳක් විදියට මං එයාට මගෙ යුතුකම් වගකීම් අකුරටම ඉශ්ට කරද්දි..
" නේත්‍යා අද අපි එළියට යමුද "
" හ්ම් යං "
හවස ආපු ගමන් මං වොශ් දාන් ලේස්ති උනේ අවිටත් ශර්ට් එකක් අයන් කරල තියන ගමන්..
" තමුසෙ අද වෙනදටත් වඩා ලස්සනයිනෙ "
හීනියට හිනාවක් ගියෙ මේ කටින් ඔහොම දෙයක් ලේසියට කියවෙන්නෙ නැති නිසා..
ඒ අත් මගෙ වටා එතෙන්න ගියේ සුලු මොහොතයි..
" තමුසෙගෙ අයිතිය මට කවද්ද දෙන්නෙ නේත්‍යා.. තාමත් මං පිට එකෙක්ද "
ඒ නපුරු මූනෙ අද නම් තිබ්බෙ හරිම අහිංසක බවක් කියලයි මට හිතුනෙ..
" ඔයාට තව කොච්චර කල් ඕනෙද නේත්‍යා මේව අමතක කරල මගෙ වෙන්න "
ඒ කියනවත් එක්කම මං ඉස්සිල ඒ ලිප්ස් අල්ලගත්තෙ මටම මං මොකක්ද ඒ කලෙ කියල හිතාගන්න බැරි වෙද්දි..
ඈත් වෙන්න හදද්දිම අවි ආයෙමත් මගෙ ලිප්ස් අල්ලගත්තෙ හුස්ම ගන්න එක පවා අමාරු වෙද්දි..
දැන් කෝමද දෙයියනේ මූන බලන්නෙ..
" එහ් මෙහෙ බලනව ඉතිම් මොකද හැංගෙන්නෙ අහ් "
ඒ පපුව අස්සෙ මූන ගහගත්තෙ ඒ ඇස් දිහා බලන්න තිබ්බ ලැජ්ජාවට..
කොලෙකට විතරක් සීමා වෙලා තිබ්බ අපෙ බැඳිම ගතිනුත් අපේම වුනෙ හිත්වල උතුරල යන ආදරේ එක්කමයි..
" මට මොනාහරි කියන්න තියෙද නේත්‍යා "
" ම්ම්.. ආදරෙයි "
" මාත් තමුසෙට කියාගන්න බැරි තරම් ආදරෙයි නේත්‍යා.. මං කිව්වනෙ දවසක ඔයා මට ආදරෙයි කියයි කියල.. ආයෙ නම් උබව නැති කරගන්නැ නේත්‍යා "
කාලෙත් එක්ක අපි දෙන්නගෙ ආදරේ වැඩි උනා මිසක් අඩු උනෙ නම් නැ.. ඔය අතරෙ අවිගෙ නපුරුකම් වල අඩුවක් නම් උනෙ නැ..
ඒත් ඒ නපුරුකම් මං විඳින්නෙ ආසාවෙන්..
" අවි ගෙදර එන්නෙ කීයටද "
📲 තව පැයකින් වගෙ වෙනව ඇයි
" හරි හරි පරිස්සමින් එන්න
අවිට කියන්න ගොඩක් ස්පෙශල් දෙයක් තියෙනව.. අවි නිසා මට මේ ලෝකෙ තියෙන ලොකුම ගිෆ්ට් එක හම්බෙලා තියෙන්නෙ..
අවි ආවට පස්සෙ කෙලින්ම ගිහිම් එල්ලුනෙ අවිගෙ කරේ..
" මොකද ඕයි මේ.. එහාට වෙනව මහන්සි මට "
" බඩ්ඩක් කියන්න තියෙ "
" පස්සෙ කියනව මං වොශ් දාන් එන්නම් "
" අනෙ බැ දැන් කියන්න ඕනි "
" කියනව එනම් ඉක්මනට "
" ඇස් පියාගන්න "
" විකාර කර කර ඉන්න බැ ඕයි ඉක්මනට කියන මගුලක් කියනව "
" සැර කරන්නෙ නැතුව ඇස් පියාගන්නකො ඉතිම් "
අඬන්න වගෙ මූනත් හදාගත්තම ඒ පාර ඇස් පියාගත්තා.. ඒ අත් උඩින් මං තිබ්බෙ ප්‍රෙග්නන්සි රිපෝට් එක
" දැන් බලන්න "
" මෙ ඇත්තමද "
ඒ ඇස් දිලිසෙනව.. එච්චර සතුටක් මං ඒ මූනෙ දැක්කෙ පලවෙනි පාරට..
හැමදේම හොඳ විදියට සිද්ධ වුනා.. අවි මාව පොඩි එකෙක් බලාගන්නව හා සමානව බලාගත්තා..
මං කන්න ආස දේවල් මොන ලෝකෙන් හරි ගෙනත් දුන්න..
හැමදේම නැති උනා කියල හිතුවට හැමදේම දැන් සර්ව සම්පූර්ණයි කියල හිතෙනව..
ආදරණීය හස්බන්ඩ් කෙනෙක් එක්ක ලස්සන පවුලක්.. තව ටික දවසකින් චූටි පැටියෙකුත් එකතු වෙනව..
හැමදේම ලස්සනට වෙනව.. ඔයා බලාගෙනද ඉන්නෙ අහස්..
සතියකින් ඩිලිවරි එක..
" අවි "
" ම්ම් "
" හදිසියෙ හරි මං මැරුනොත් මොකද කරන්නෙ.. "
" වෙන එකියක් බැඳල ලමයව බලාගෙන ආතල් එකෙ ඉන්නව "
ඇස් වලට කඳුලු පිරුනෙ කිසි ගානක් නැතුව ඒක කියපු විදියට..
" අඩනවද ඕයි.. ගොබ්බ කතා අහල මෙතන හොටුත් පෙරනව.. මට වෙන උන් ඕනෙත් න් තමුසෙට මුකුත් වෙන්න දෙන්නෙත් නැ මං "
ඒ පපුවට තුරුල් උනෙ අවි මගෙ නලලට දෙතොල් තද කරද්දි..
හවස් වේගෙන එද්දි හිතාගන්න බැරි තරම් අමාරුවක් දැනුනෙ අවි මාවත් අරන් හොස්පිට්ල් එකට යද්දි..
ඩිලිවරි රූම් එක ළගදි අවිගෙ අත අතැරුනෙ හිත කඩන් වැටෙද්දි..
Avi ' s pov :
කෙල්ලට මුකුත් වෙන්නෙපා කියල දෙවියන් යැද යැද ඉදියත් හිතට දැනුනෙ මහා බයක්..
සැලකිය යුතු වෙලාවකට පස්සෙ ඩොක්ටර් කෙනෙක් එලියට ආවා..
" මිසිස් රණධීරගෙ හස්බන්ඩ් වෙන්න ඕනෙ මෙ "
" ඔව් ඩොක්ටර් "
" පුතා.. පුතාගෙ වයිෆ් ගොඩක් සීරියස් මට්ටමක ඉදියෙ.. අපිට එයාව බේරගන්න බැරි උනා.. සොරි පුතා.. "
ඒ වචන හීනෙන් වගෙ ඇහුනෙ මාව එතනම බිම ඉන්දවෙද්දි..
" නැ නැ නැ එහෙම වෙන්න බැ.. උබට මාව දාල යන්න බැ නේත්‍යා උබට බැ...
* After 5 years *
" අර ඉන්නෙ අම්මිද තාත්ති "
" ම්ම් ඔව්නෙ අම්මි හැමදාම අපි දිහා බලන් ඉන්නෙ "
අහසෙ ටියෙන තරුවක් දිහා බලන් අම්මව හොයන මගෙ පුංචි කෙල්ල.. මගෙ ඇස් තියෙන නේත්‍යගෙම කොපියක්..
" මං කොහොමද බං උබ නැතුව මේව දරාගන්නෙ..නුබ කොහොමද මාව දාල ගියේ.. උබට මෙච්චර මං ආදරෙ කරලත් උබට අහස් ලගටම යන්න ඕනෙ උනාද..
ඇයි බම් මාවයි අපෙ පැටියවයි තනිකරල ගියේ.. මේව දරාගෙන හරි මහන්සි නේත්‍යා මට "
" තාත්ති අඩනවද "
" නැ පැටියො මගෙ ඇහැ මොකක්ද උනා.. අපි යන් දෝගන්න හෙට නර්සරි යන්න තියෙනවනෙ.. අම්මිට බායි කියන්න "
" බායි අම්මි.. ගුඩ්නයිට් "
දැන් මගෙ ලෝකෙම මගෙ පුංචි කෙල්ල.. උබව රැක්ක වගෙම මං මගෙ කෙල්ලව බලාගන්නව නේත්‍යා.. මං පොරොන්දු වෙනව
_ සමාප්තයි_
____
ඉතිම් අන්තිම දවසෙ හිතෙන දේ කියන් යං..
නිකම් හිතිල ලිව්ව කතාවක් මේක.. සෑඩ් එන්ඩ් නම් තමා හෙහෙ.. කමක් නැනෙ.. හැමදාම කමෙන්ට් දාපු සෙට් එකක් ඉදිය ගොඩක් ස්තුති එයාලට..
අහස්ව ඉල්ලපු මගෙ යාලුව බැදගනින් දැන් ඌව 😒🤌
තව අලුත් කතාවකින් ඉක්මනින් හම්බෙමු..
Shashi💕