Love You
Shashi 💕
14 කොටස
" කවදමහරි දවසක තමුසෙත් මට ආදරෙයි කියයි නේත්‍යා.. ඒ දවස එනකම් මං බලන් ඉන්නව "
ඔයාට ආදරෙයි කියන්න මං ගොඩක් කල් බලන් ඉදිය අවි.. ඒත් ඒ හැමදේම මගැරුනා..
ආයෙත් ඒ ආදරෙ දළුලන්න ගනිද කියන්න මං දන්නැ..
අහස්ගෙ නමට මං මුලු ආදරෙම ලියල දීල ඉවරයි.. මං දන්නැ මං මොනා කරන්නද කියල..
කාලය තමයි හොඳම විසඳුම..
දවස් තුනකට පස්සෙ අපි ගියෙ අපේම ගෙදරකට.. අවිගෙයි මගෙයි ගෙදරට..
හවස් වෙලා අවිට හදිසියෙම ඔෆිස් එකෙ වැඩක් කියල එයා ඔෆිස් එකට ගියා..
අහේතුවකට මට අහස්ව හොයන් යන්න හිතුනා.. අතට අහුවුන සුදු පාට ගවුමත් ඇදන් මගින් ෆ්‍රෙශ් මල් පොකුරකුත් අරන් මං ගියෙ අහස් ළගට...
වාහනෙ පාක් කරල මං කෙලින්ම ගියෙ අහස්ගෙ cemetery එක ළගට..
හිත ගැහෙන වේගෙට දැන් ගලවන් වැටෙයිදො කියල හිතෙනව..
" ඔයාට මාව ඇහෙනව නේද අහස්.. මාව අහන් නේද ඉන්නෙ.. ඇයි අහස් එදා එහෙම කලෙ.. මාව තනිකරල ගියෙ ඇයි..
අවි මට ආදරෙයි අහස්.. ඒත් මං ආදරෙ ඔයාටනෙ.. මං.. මං කෝමද එයාට ආදරේ කරන්නෙ..
මං මේව දරාගන්නෙ කෝමද.. මට මේව දරාගන්න හරි අමාරුයි අහස්.. මගෙ හිතට මේව හරි බරයි..
ඔයාට දුන්නු පොරොන්දුව මං රැක්ක.. ඔයත් මට දුන්නු පොරොන්දුව ඉශ්ට කරන්න අහස්..
කවදහරි දවසක අපිට අපෙ වෙන්න පුලුවන් වෙයි.. "
හීනි පොදත් එක්කම ආපු හුලගින් එතන තිබුනු සුදු අරලිය ගහෙන් මලක් මගෙ උකුල උඩට වැටුනෙ හරියට අහස් මාව අහන් ඉදිය වගෙ..
අරලිය මල අතට ගත්තු මාව ඇදිල ගියෙ ඒ විනාසකාරි දවසට..
* අතීතයට *
ඩ්‍රයිව් කරන ගමන් අහස් මගෙ අතක් අරන් කිස් කරෙ හරිම ආදරෙන්..
" දන්නවද නේත්‍යා.. ලස්සන මල් පිපෙන්නෙම අල්ලන්න බැරි අතුවල.. ඒත් මං කෝමහරි ඒ උස අත්තකින් ඒ මල පරිස්සමට නෙලාගත්ත.. "
නොදැනිම හිනාවක් ආවෙ අහස්ගෙ ඒ වචන වලට..
" එහෙනම් ඒ මල පරිස්සමින් බලාගන්න වෙයි "
" මගෙ පණටත් වඩා මං ඒ මල පරිස්සම් කරනව "
කාර් එක වංගුවෙන් හරවනවත් එක්කම අතුරු පාරකින් ලොකු ට්‍රක් එකක් අපෙ පැත්තට ආවෙ ඒ ට්‍රක් එකෙ බ්‍රේක් නැ වගෙ පෙනෙද්දි..
ඒ ට්‍රක් එක කෙලින්ම ආවෙ මගෙ පැත්තට වෙද්දි හිතන්නවත් වෙලාවක් නොතිය අහස් කාර් එක අනිත් පැත්තට හැරෙව්වෙ කාර් එක එතන පහලට පෙරලිල යද්දි..
පියවි සිහිය ඈතට යනව දැනෙද්දි ආයෙ ඇහැරුනෙ සැර බෙහෙත් සුවදක් එක්ක..
සිහිය ආව පලවෙනි මොහොතෙම හැමදේම ඔලුව වටෙ කැරකෙද්දි මුලින්ම මතක් උනෙ අහස්ව..
" අ.. අහස් කොහෙ.. ද "
" එයා හොඳින් ඉන්නව දෝණි ඔයා දැන් රෙස්ට් කරන්නකො ඉන්න ඩොක්ටර්ට කතා කරන්නම් "
අම්මා මොනා කිව්වත් මට ඕනි උනෙ අහස්ව බලන්න..
" අවි කෝ මගෙ අහස්.. "
" කියනව අවි "
" එයා ඉන්නව නේත්‍යාහ්.. තමුසෙ.. "
කියන්න ගිය එක කියන්න වුනෙ නැ ඩොක්ටර් ආපු නිසා.. කවුරුත් අහස් ගැන කියන්නැ..
" ප්ලිස් අවි මාව අහස් ලගට එක්කන් යන්න "
මගෙන් බෙරුමක් නැති තැන අවි මාව එක්කන් ගියා.. එක්කන් ගියෙ ICU එක ලගට..
ඩොක්ටර් කෙනෙක් එනකම් පැයක් විතර බලන් ඉද්දි.. අවි එක්ක කතා කරපු ඩොක්ටර් ගියෙ අවිගෙ පිටට තට්ටුවකුත් දාගෙන..
මං ඉන්න වීල් චෙයා එකත් තල්ලු කරන් අවි ඇතුලට ගියා..
ඉන්න තැන පවා අමතක වුනෙ මැශින් ගොඩක් යට අමාරුවෙන් හුස්ම අල්ලන්න දඟලන මගෙ අහස්ව දැකල..
" අහස් "
" න් නේත්‍යාහ් "
" කතා කරන්නෙපා අහස්.. "
" අහන්න නේත්‍යාහ්.. මට තව වැඩි වෙලාවක් නෑ.. අවි ඉන්න ඔයත් මෙතන "
කියල අල්ලගත්තෙ මගෙ අතින්..
" මොනවද අහස් මේ කියන්නෙ "
" ම් මට යන්.න..හ් වෙනවාහ් නේත්‍යාහ්.. "
හාට් රේට් මැශින් එක වේගෙන් වේගෙන් වැඩ කරනවත් එක්කම අහස් හුස්ම ගන්න වේගෙත් වැඩි උනා..
" අවි ඩොක්ටරට කතා කරන්න "
" ශ් ශ් .. යන්න කලිම් මට පොරොන්දුවක් දෙන්න නේත්‍යාහ් "
" ඔයාට මාව දාල යන්න බැ අහස් මොනාද මේ කියන්නෙ "
" පොරොන්දු වෙන්න "
ඒ හිනාවෙන නපුරු ඇස්වල අද කඳුලු..
" මොකක්ද "
" ඔයා අවිව මැරි කරන්න ඕනි. "
" ම් මොක ක් "
" පො.. රොන්දුහ් වෙන්නහ්.. අවි මං දන්නවහ් උබ මං තරමටම නේත්‍යට ආදරෙයි කියල.. පරිස්සමින් බලාගනි..න්.. ඒකිගෙ ඇස් වලින් එක කඳුලක්වත් එන්න බෑහ්.. මේ ආත්මේ මගෙ මැනිකව මං උබට දෙනවාහ් අවිහ්.. "
" අහස් ඒත් "
" මං පොරොන්දු වෙනවාහ් නේත්‍යාහ්.. ඊලග ආත්මෙ මං ඔයා..ගෙ...ම වි....තර......යි.. "
ඒත් එක්කම අහස්ගෙ අත අතැරුනෙ මැශින් එකෙ ටීක් හඬ රූම් එක පුරා දෝංකාර දෙද්දි..
" අහාස් "
* වර්තමානයට "
අරලිය මලත් අතෙ තියාගෙනම ආයෙ ගෙදරට ආවෙ තාමත් අවි ඇවිත් නැ කියල තහවුරු වෙද්දි..
" අවිට හොඳ වයිෆ් කෙනෙක් වෙනව මං.. අහස් ඔයා වෙනුවෙන් මේ හැමදේම දරාගන්නව මං "
_____
කමෙන්ට් එකක් හලන් යං 😒
Shashi💕