Love You

Love You

Shashi 💕

13 කොටස



" අහනව නේත්‍යා.. ඌව අමතක කරන්න බැරුවැති.. ඒත් දැන් ඒ හැමදේම වෙලා ඉවරයි.. අපි දෙන්නට දැන් අපෙ අනාගතෙ ගැන හිතන්න වෙනව.. තේරෙනවනෙ.. "



" ම්ම්ම් "



එයා මාව එයාගෙ පැත්තට හරවගත්තෙ මගෙ හිත එකසිය ගානට ගැහෙද්දි..



ඒ ඇඟිලි මගෙ මූණ පුරා දුවද්දි ඇග පුරාම හිරියක්‍ යනව වගෙයි දැනෙන්නෙ..



" හැමදේම අමතක කරල අද ඉඳන් ජීවිතෙ අලුතින් පටන්ගමු නේත්‍යා.. දැන් අහස් කියන්නෙ මතකයක් විතරයි.. "



ඒ මූන දිහා බලන් ඉන්නව ඇරෙන්න මට කියන්න දෙයක් නැ..



" තමුසෙ මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ.. "



" මට ඔයා එක්ක තරහක් නැ අවි.. අනික දැන් ඔයා මගෙ හස්බන්ඩ්.. ඉතිම් තරහක් තියන් මොනා කරන්නද "



ඒත් එක්කම ඒ දෙතොල් මගෙ නළල ස්පර්ශ කරෙ ඉබේම මගෙ ඇස් පිය වෙද්දි..



අවිගෙන් ඈත් වෙලා පිස්සුවෙන් වගෙ අහස්ට ආදරෙ කරා.. ඒත් අන්තිමට මට වුනෙ අවිවම බඳින්න..



කොහොම වුනත් මට අහස්ගෙ මතක වලින් එකපාරට ඈත් වෙන අමාරුයි..



ඒක අවි උනත් තේරුම් ගන්න ඕනි..



ඩිනර් එකත් අරන් අපි රූම් එකට ආවෙ දවසම තිබ්බ මහන්සියට ඇස් පියවෙද්දි..



මං ගිහිම් ඇඳෙන් හාන්සි වෙද්දි අවිත් ලයිට් ඕෆ් කරල ඇවිත් හාන්සි වුනෙ මගෙ හාට් එක ආයෙ එකසිය ගානට ගැහෙද්දි..



" බය වෙන්නෙපා තමුසෙගෙ කැමැත්ත නැතුව මං තමුසෙගෙ ඇඟට අතක් තියන්නැ "



කීයට ඇස් පියවුනාද දන්නැ උදෙ ඇහැරුනෙ පපුව හරියට බර ගතියක් දැනුන නිසා..



අවි මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් නිදි..



නිදාගත්තම නම් සෑහෙන්න අහිංසක පාටයි.. ඒකට ඇහැරිල ඉන්නකොට නම් කොයිවෙලෙත් නැට්ට ගිනි අරන් වගෙ ඉන්නෙ..



එහෙම්ම හිටියෙ අවිට ඇහැරෙයි කියල මොකක්දො හැඟිමක් දැනුන නිසා..



ඒත් මේ විදියට ඉන්න අමාරුයි.. හුස්ම ගන්න අමාරුයි..


අවිව එහාට කරන්න හැදුවත් මේ සරීර කූඩුව එක්ක මට හැප්පෙන එක ලේසි නැ..



එහාට කරන්න හදනකොට තව අස්සට එනව.. පුදුම කෝලමක් නෙ මේක..



" පොඩ්ඩක් ඔහොම ඉන්නවකො ඕයි කූඹි කාල වගෙ නලියන්නෙ නැතුව.. "



ඇහැරිල මටත් බැනල ආයෙ ඇස් පියාගත්ත.. මෙච්චර කල් ගිහිල්ලත් මේ නපුරුකම නම් අඩුවක් වෙලා නැ..



මාත් ඉතිම් ඕනෙ එකක් කියල මගෙ පාඩුවෙ ඉදියෙ ආයෙ බැනුම් අහන්න ඕනෙ නැති නිසා..



ඉබේම වගෙ මගෙ අතක් අවිගෙ ඔලුවට ගියේ ඒ සනීපෙට අවි තවත් අස්සට එද්දි...



මෙතන අවි වෙනුවට අහස් එක්ක ඉන්න නේද මං හීන මැව්වෙ කියල මතක් වෙද්දි හිත කඩන් වැටෙන්නෙ ඉබේටමයි.. ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි.. ආයෙ කවදාවත් මට මගෙ අහස්ව හම්බෙන්නැ..


අවි එක්ක ජීවත් වෙන්න මං පුරුදු වෙන්න ඕනි..



" නැගිටින්නැද්ද ඕයි.. කෙල්ලෙක් උනාම වේලාසන නැගිටින්න ඕනෙ.. තමුසෙ තාම නිදි.. "



ගැස්සිල ගියේ අවිගෙ සද්දෙට..



මාර වැඩක් උනානෙ මේක.. මෙයාමයි නැගිටින්න දුන්නෙ නැත්තෙ.. දෙන්න හිතෙනව..



එයාටත් ඔරවන් එයාට කලිම් වොශෲම් එකට දිව්වෙ අවිගෙ අර කට කොනෙ හිනාව ටිකෙන් ටික වැඩිවෙනව පෙනෙද්දි..



අවිත් වොශ් දාන් ආවට පස්සෙ අපි එළියට ආවෙ ඇවිදින්න..



" නේත්‍යා ඔහොමම ඉන්නවා "


කියල කියන පමාවට අවි අතුරුදහන් වෙලත් ඉවරයි.. කොහෙ ගියාද මන්දා.. මාව මෙත්න දාල ගියාද දන්නැ..


එක එකෙව ඔලුවට එනව...


විනාඩි 2 ක් යන්න වුනෙ නැ..



" නේත්‍යාහ් "



පිටිපස්ස හැරිල බලද්දි අවි ඉන්නව රෙඩ් රෝස් මල් පොකුරක් අතෙ තියන්...



" මං දන්නැ නේත්‍යා.. තමුසෙගෙ ආදරෙ මං මගැරගත්ත.. මං විහින් තමුසෙව නැතිකරගත්තෙ.. ඒත් මං දන්නෙ මෙච්චරයි.. ඇත්තටම මං තමුසෙට මාරම ආදරෙයි.. කියන්න බැරි තරම් ආදරෙයි "



මොනව කියන්නද කියල තෙරුමක් නැති වෙද්දි.. මල් ටික මගෙ අත් වලට හිර වෙද්දි මාව හිර වුනෙ අවිගෙ අත් වලට..



" කවදමහරි දවසක තමුසෙත් මට ආදරෙයි කියයි නේත්‍යා.. ඒ දවස එනකම් මං බලන් ඉන්නව "



____



හෙහෙ 🌝🤍



Shashi💕


Report Page