Love Rain
RashmiEpisode 01

නංගී........
( උදේ පාන්දරම මගේ ආදරණීය සුන්දර හැන්ඩ්සම් කටකාර දඟකාර හා හා වර්ණාවලී ඇති ඒ කතා කරන්නේ මගේ මෝඩ අයියා.)
නංගී......නැගිටිනවා..... අදත් තමුසෙට පරක්කු පෝලිමේ ඉන්න ඕන නම් නිදා ගන්න්වා.....
තව විනාඩි පහයි අනේ.....
තමුසෙ තනියම එනවා මන් යනවා පරක්කු උනොත්.... රෙද්ද තමුසේ නිසා මගේ බැජ් එකත් ගහල යනවා.....
ඉතින් අනේ ඕක ගලවල විසික් කරන්නකෝ.... බොරුවට ඇති වැඩකුත් නෑ හරියට නිකම් බල්ලෙක්ට අං තට්ටුවක් හම්බෙලා වගේ ඕක ගත්ත දවසෙ ඉදන් මට පාර්ට් එක දාන්නේ.....
මොකද්ද තමුසේ කියන්න අද මම.....
( මොකද අයියගේ සද්දයක් නැත්තේ කියල ඇහැක් ඇරලා හිමීට බලනකොටම තඩි වතුර පාරක් මගෙ ඔලුවෙ ඉදන් තෙමෙන විදියට අයිය ගැහුවා.)
අනේ ආච්චී අම්මේ බලන්නකෝ.....
(මන් එහෙම කියාගෙන අඬාගෙන වතුරත් පිහ පිහ පහලට ගියා.)
මොක්ද සුදු නෝනා මේ නාගෙන උදේම.....
නෑවේ නෑ අනේ අර ඔයාගෙ ගොන් මෝඩ පුතා මට වතුර ගැහුවා.....
අදත් පටන් ගත්තද දෙන්න.... දෙවියනේ මට එපා වෙනවනේ මේ මහ උන් දෙන්න්ගෙ රණ්ඩු බේරලා.... හැමදාම රණ්ඩු.....
ඉතින් අනේ එයානේ.....
අනේ අනේ මේ තමුසේ වෙලාවට නැගිටින්න පුරුදු වෙනවකෝ එතකොට වතුර නොගහා ඉන්නම්....
( එහෙම කියාගෙන කට කොනින් හිනා වෙවී අයිය පහලට ආවේ ටයි එක දාන ගමන්. මම අයියගේ ඇගේ හැප්පීගෙනම කාමරේට ගියේ තරහටමයි. මොනා උනත් පරක්කු වෙල නිසා මම ඉක්මනටම වොශ් එකක් දාගෙන යුනිෆෝම් එකත් ඇදගෙන කලින් දවසේ පාඩම් කරන්න කියල දිග ඇර ගත්තු පොතුත් දාගෙනම ඉකමන්ට පහලට ආව.)
හරිද යමුද.....
යන්....
ආ දෙනගේ කෑම.....
( ආච්චී අම්ම අපි දෙන්නගේ කෑම දෙක ගෙනත් දුන්නා. )
දෙන්නම පරිස්සමෙන් එහෙනම්....
හරි ආච්චි අම්මේ.....අපි එහෙනම් ගියා....
( ආච්චිටත් යනවා කියල අපි දෙන්න පිටත් උනා. )
නංගී තමුසේ දැන් පොඩි නෑ හරියට හැසිරෙනවා දැන් 12 නේ ඉන්නේ.....
අමුතුවෙන් හැසිරීම් හදාගන්න දෙයක් නෑ අයියන්ඩී මන් හැසිරෙන විදිය සුප්පා.....
ඔය ඔය කතා කරන විදිය බලනවා කොල්ලෙක් වගේ, අර අස්‍රේ කරන එකී හින්ද තමා තමුසෙත් ඔය නරක් වෙලා තියෙන්නේ.....
අනේ අනේ මේ අයියේ ඔයා විශූට නම් බැනන් එන්න එපා.....
ඇයි ඇයි මොකද ගහනවා දෙන්නටම.....
ඇත්තද එතකොට විශූට ගහන්න විශූත් ඔයාගේ නංගි කෙනෙක්ද.....
(මන් එහෙම අහපුවම අයියගේ මූන නිකම් කෝච්චියට අහු වෙච්ච කජු ලෙල්ල වගේ උනා.)
ඒකිගෙන් වැඩක් නෑ මට තමුසේ හැදෙනවා එච්චරයි.....
( එවෙලෙම වගේ බස් එක ආපු නිසා අපි දෙන්නම කතාව නවත්තල බස් එකට නැග්ගා. කොහොමහරි බෙල් එක ගහන්න කලින් ස්කෝලෙට ගියා. යනකොට ඉතින් මගේ අතිසාර හැඩකාර කටකාර පෑනේ මිතුරිය උදෙන්ම ඇවිත්.)
ගුඩ් මෝනින් බබා.....
තෝ තොට වේලාසන එන්නම බෑනේ බලපන් අදත් බෙල් ගහන්න ඔන්න මෙන්න.....
අනේ මේ උබ නිකම් මේ උදෙන්ම එන්න කියන්නේ පාඩම් වැඩක් කරන්න නම් කමක් නෑ මොකක් හරි කුණු ගොඩක් කියවන්නනේ....
එතකොට දැන උබට මන් කියන එව්ව අහන් ඉන්නත් බෑ නේද.....
බෑනේ මට උදේම එන්න බෑ....
ඇයි....අයියත් එක්ක වේලාසන වරෙන්කෝ.....
මේකනේ ප්‍රශ්නේ....
මොකද්ද.....
මේකයි විශූ මට උදේට එයාව දාල එන්න බෑ හරිම අමාරුයි හිතකින් නෙවේ එන්නේ....
කාවද බන්....
මේ වෙන කවුරුත් නෙවේ....
කියපන්කෝ රෙද්ද...
මගෙ ඇද බන්.....මන් හරි ආදරෙයි එයාට.....
තූ නෙදෙකින් මන් හිතුව අදවත් වැදගත් දෙයක් කියන්න යනෙ කියලා......
හී.....වැදගත් දේවල් කියන්න වැඩගත් මිනිස්සු කොට්ටාසයක් වෙන්න ඕන බන්.....
ඔව් ඔව් උබේ නම් ඇති වැදගත්කමක්ම නෑ ගොන් ගෑනි වරෙන් යන්න ආගම කියන්න.....
( උදේම හොදම යාලුවව අවුස්සල ගන්න ආතල් එක වෙන මොකකින් වත් ගන්න බෑ. ආගම කියල ඉවර වෙලා අපි පන්තියට ආව.
ඉන්ටවල් එකට කන්න මගෙ බත් එක තියලා විශූගේ බත් එක දැන් කන්න අපි දෙන්න තීරණය කරා. මේව සෑහෙන්න හිතල ගන්න ඕන තීරණ. මොකද මිස් කෙනෙක් ආවොත් එලියට යන්නත් බෑ කන එක නවත්තන්නත් බෑ ඉදුල් නිසා ආයුබෝවන් කියන්නත්බෑ.
අත ලෙව කාල ලන්ශීට් එකයි කොලෙයි ගිලින්න තමා වෙන්නේ.
කොහොමහරි උදේම තියෙන්නේ කෙමිස්ට්‍රි, වයසක ඩයල් එකක් උගන්නනේ තාම ඇවිත් නෑ මිනිහා තාම දත් මදිනවා වෙන්න ඇති. කමක් නෑ මිනිහා දත් මැදලා එනකම් අපි කනෝ.)
අත හෝඳන් එමු.....
හා යන්.....
( අත හෝදන්න කියලා මායි විශුයි ටැප් එක ළගට ගියා. විශූගේ යාලුවෙක් දැකලා ඒකි එක්ක කතාවට ආවෙට්ග් එවෙලෙමයි මුන්ටත් මගෙ එකීගෙ අස්සෙම රින්ගන්න ඕන. මොනා උනත් වෙන එකියක් මගෙ එකී එක්ක මුකුලු කරනකොට මට තරහයි. හා හා දැන් හිතන්න එපා මන් අරහෙමයි කියලා. මන් එහෙම නෑ මන් කැමති නෙලුම් කුලුනක් තියෙන ජීවීන්ට.
ඒකි එන පාටක් නැති නිසා මන් අත හෝදන්න කියක ටැප් එක අරිනකොටම ටැප් එක ගැලවිලා විසික් උනෙත් මාව තඩි වතුර පාරකින් නෑවුනෙත් එකම වෙලාවේ. වෙච්ව්හ දේ හිතා ගන්න බැරුව මම එහෙම්මම පස්සට උනා. )
ශික් උදේ පාන්දර මටමයි මගුල.....
( මන් එහෙම හිත හිත ඉන්නකොට එහා පැත්තෙන් හිනා වෙන සද්දයක් ඇහුන නිසා මන් බැලුවා.)
ආහ් නන්ගී නෑවද......
මේ අයියෝ ඉතින් බලන්නකෝ ඔයා ඇවිත් ඉල්ලන් කෑවනේ.....නේ බන් නිකී....
(එතන හිටියෙ වෙන කවුරුත් නෙවේ අපේ අයියගේ පරම හතුරා. එකම ස්කෝලෙ උනත් දෙන්න පට්ටම තරහයි. මොකද කියනවා නම් අපේ ස්කෝලෙ ක්‍රිකට් ටීම් දෙකක් තියෙනවා. එකක් අපේ අයියගේ අනික මෙයාගෙ.
නම නිකේත්, අත් දිග සුදු ශර්ට් එක ඇදලා බැජ් තුනක් විතර ගහන් ඉන්න මිනිහා ඉන්නේ මාරම අධි තක්සේරුවෙන්. කෙල්ලොත් මූ ගැන හීන මවන් ඉන්නේ ලෝකෙ ඉන්න අන්තිම පිරිමියා වගේ. අනේ ඉතින් ගොන් හැතිකරේ.
මොනා උනත් ටැප් එක අරින එකාව තෙමෙන්න ගානට සෙට් කරල තියෙන්නෙ මුන් කියල මට මීටර් උනාම මන් මගේ යස්ස වර්සන් එකට එන්ටර් උනා.)
මොකද්ද ඒ කරල තිබ්බ බලු වැඩේ ආහ්......
අම්මෝ අම්මෝ නිශාරගේ රැස් පෙන්නන්න ඇවිත් බලපන්කෝ නිකී....
(එකෙක් නිකේත්ට එකක් ගහල එහෙම කිව්වම මට තවත් යකා නැග්ග.)
බලනවා තමුසෙලා කරපු වැඩේ හින්.......
තමුසෙලා කියන්න එපා අපි නෙවේ නංගි මූ තමා.....
(එහෙම කියල උන් ටික නිකේත්ව පෙන්නුවා.)
මේ අහනවා තමුසෙට සෙට් කරපු වැඩක් නෙවේ, ඒ නිසා පාඩුවෙ කට වහන් යනවා......
ඒ උනාට තමුසෙට තිබ්බ මන් අත හෝදන්න යනකොට කියන්න.....ජරා මිනිහෝ බලු වැඩ කරන්න එපා.....
මොකද කටේ සද්දේ ආහ්.....චූටි නෝන මේ අපි බය නෑ ඔය කටට.....
මන් බය වෙන්න කිව්වෙත් නෑ..... තිරිසන් වැඩ කරල හොදට පුරුදුයිනේ කොහොමත්.....
ඔව් ඉතින් අර මෝඩ නිශාරයගේ නංගිට පාර්ට් එකක් දාන්න චාන්ස් එකක් හම්බුනාම මිස් කර ගන්න බෑනේ.....
තමුසෙව මන් ඉතුරු කරන් නෑ මේ කරපු වැඩේට හොද වැඩක් කරනවා.....
දැන් තමුසෙ මට මොනාද කරන්න කියන්නේ ආහ් ඇදුම් ටික ගලවලා වේලල දෙන්න කියනවද..... හැබැයි ඉතින් එතකන් නිකම් තමා ඉන්න වෙන්නේ.....
( මෙච්චර වෙලා සද්දෙට වැඩ කරපු මගේ කට ලොක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. එතන තව කොල්ලො කීපදෙනක්ම හිටියා. හැමෝම හිනා වෙන්න ගත්තා.
මොනා උනත් එවෙලෙ මට මන් ගැනම දුක හිතුනා. කවදාවත් මට එහෙම කතාවක් කවුරුත් කියලා නෑ. දැනුන අසරණකමටම ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා. මන් හැමෝටම රවලා පංතියට එන්න ආව. ඒත් වැඩි දුරක් එන්න උනේ නෑ කවුරුහරි මගේ අතින් අල්ල ගත්තා.)
………………………………………………………………
ඔන්න අලුත් කතාවක් අරන් ආව එහෙනම් මන් ආයෙත්......
මොකද හිතෙන්නෙ කතාව සෙට් වෙයිද....?
බලමු ඉතින් නේද ඉස්සරහට.....😇♥️
හමුවෙමු මීළඟ කොටසින්.......
මම Rashmi