Love Alarm (2019) S01
CineSubz.comහායි යාළුවනේ ඔන්න එහෙනම් ආයෙත් ආවා, ආපු සීරීස් එකක සම්පූර්න උපසිරැසිත් අරගෙන. ඒ තමයි “Love Alarm” 2019 කොරියානු කථා මාලාව.මේ දවස් වල කවුරුත් මේකේ සීසන් 2 එනකම් තමයි ඇගිලි ගැන ගැන ඉන්නෙ.. ඒකත් ඉතිං හෙට එනවා. සීසන් 2 හෙට එන නිසා තමයි අපි අද සීසන් 01 අරන් ආවේ. මොකද සීසන් 2 උපසිරැසි දෙන්න ඕනි නිසා.. සීසන් 1 දෙන්නෙ නැතුව, ඕපපාතික විදියට අපිට සීසන් 2 දෙන්න බැහැ නොවෑ.. කලින් අපි මේ විදියටම බ්‍රීත් හින්දි සීරීස් එකත් දුන්නා. සීසන් 2 එන නිසා සීසන් 1 එකත් එක්කම.
ගොඩක් අය ඉතිං සූම් අපි මුල සීසන් නොදීපු සීරීස් ඉන්බොක්ස් ඉල්ලනවා ඒවගෙම අලුත් සීසන් වල. ඉතිං ඒවා අපිට දෙන්න බැහැනේ. මොකද මුල සීසන් අපි නොදීපු නිසා. ලව් එලාම් නම් ඉතිං ඔන්න ඔයාලා සීසන් 2 ඉල්ලපු නිසාම, සීසන් 2 දෙන්න හිතාන සීසන් 01 ගෙනාවා. ඇඩ්මින් තුමා තමා මේ හොද ගුණ ධර්මෙත් ඉගැන්නුවේ. සීසන් 2 විතරක් දුන්න නම් දාන්නෙත් නෑ එයැයි. මොකෝ අවසානේ කවුරුත් හිනාවෙන්නෙ එයාටනේ..
හුඟක් අයනම් බලලා ඇති. නොබලපු අයත් ඇතිනේ. ඒ අයත් බලනවා කියලා දන්නවා S02 පත්තු උනහම. කථාව යන්නෙ එක්තරා “යෙදුමක්” ගැනයි. අපේ භාශාවෙන් කියනවනම් APP එකක් ගැන. ඒ ඇප් එක ටිකක් සුවිශේෂයි. මේ ඇප් එකේ විශේෂත්වෙ තමයි ඇප් එක ඔන් කරාම, ෆෝන් එක කේන්ද්‍රය කර ගනිමින් මීටර 10ක අරයක් සහිත වෘතයක් වටා, එය තුල අපිට ආදරේ කරන කෙනෙක් ඉන්නවානම් පෙන්නුම් කරනවා.. සරලවම කියනවනම්, මීටර 10ක පරාසෙක අපිට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම් මෙම ඇප් එකෙන් අපිට පවසනවා..
කිම් ජෝජෝ කියන්නේ දෙමාපියන්ගෙ මරණෙන් පස්සෙ නැන්දනියක් ගාව හැදෙන ගැහැණු ළමයෙක්. නැන්දටත් ජෝජෝ ගෙම වයසෙ දියණියක් ඉන්නවා.. නැන්දණිය ජෝජෝ ට නම් හොදට සලකන්නෙ නැහැ. ඉතිං හුගක් වැඩ, පාට් ටයිම් රස්සා කරලා තමයි ජෝජෝ පාසල් ගාස්තු පවා ගෙවා ගන්නේ..ජෝජෝ බාර්බකියු කඩේක පාට් ටයිම් කරනවා.
සුන්-ඕහ් කියන්නෙ ලොකූ සල්ලි කාර පවුලක පුතෙක්. නිකම්ම නෙවෙයි රටම දන්න මොඩ්ල් කෙනෙක්. ඉතිං ඔන්න මේ සුන්-ඕහ්’ත් අපෙ ජෝජෝ ගෙ පාසලටම ඇතුල් වෙනවා. ගැහැණු ළමයි ඉතිං වහ වැටිලා මෙයාට. විශේෂෙන් ජෝජෝ ගෙ නැන්දගෙ දුව ගුල්-මී… සුන්-ඕහ් ගෙ ලව් එලාම් එක නම් ඇලට් එන එක නතර කරන්නම බෑ..ඒ තමයි කෙල්ලො මෙයාට ලව්
හේ-යොංග් කියන්නේ, සුන්-ඕහ් ගෙ අතිජාත මිත්‍රයා. හේ යොංගෙ අම්මා සුන්-ඕහ් ලගෙ ගෙදර සේවිකාව. සේවිකාවගෙ පුතා කියලා නෑ හේ-යොංග් ට හොදට සලකනවා ඒ අය. කොටින්ම කියනවනම් එකට කෑම මේසෙ කෑමත් කනවා.. වෙන් කරන්න බැරි ජාතියේ මිත්‍රයෝ දෙන්නෙක්.. හේ-යොංග් වැඩ කරන්නේ උඩදි කිව්ව, ජොජෝ ඉන්න බාබකියු එකේමයි.. ජෝජෝව මුලින්ම හම්බවෙන්නෙ මේ හේ-යොංග්ට තමයි.. හේ යොංග් ගෙ ක්‍රෂ් එක තමයි ජෝජෝ..
චරිත තුන ගැනම කිව්වා ඕන්.. දැන් තමා කතාව.. කාලෙ ගතවෙද්දි සුන්-ඕහ්’ත් ජෝජෝට හිත යනවා. ඉතිං යාළුවෝ දෙන්නම එකම කෙල්ලට තමයි කැමති. කොහොමෙන් කොහොම හරි මේ දෙන්නා තීරණේ කරනවා “ආදර එලමය” අනුව ජෝජෝව තෝර ගන්න.. ජෝජෝ මේ දෙන්නගෙන් කාගෙ ආදර එලාමෙද නාද කරන්නේ කියලා තමා බලන්න වෙන්නේ. දැනට ජෝජෝ ට පෙම්වතෙක් ඉන්නවා ඕන්. ඌත් ලොකු කරාටි කාරයෙක්. මුන් දෙන්නා ලයින් කියලා දැනගත්තොත් ගමකට කෑමක් තමා. ඕන් එහෙනම් තුන් දෙනාම එකම තැනකදි හම්බ වුනා.. කවුරු කාගෙ ආදර එලාමේ නාද කරයිද? ජෝජෝ කාට කැමති වෙයිද? ඒකට උත්තරේ ආයෙ හම්බවුනාම දෙන්නම්.. ඔයාලා බලන්නකො..බොක්කෙන්ම ලව් කොල්ලො දෙන්න නම්.. තව කවුද මේ ඇප් එක හැදුවේ.. ඒකත් ලොකු කුතුහලයක් වෙයි.
ජෝජෝ කියන්නෙ කවුද? වෙන කවුරුත් නෙවෙයි අපෙ “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස්” අක්කා.. Kim So-Hyun තමයි.. සුන් ඕහ් ගෙ චරිතය Song Kang සහ හේ-යොංග් ගෙ චරිතයට G-Ram රංඟනයෙන් දායක වෙනවා. මේ තින් දෙනාම හෙට එන S02 එකටත් ඉන්නවා..
ලස්සන ලස්සන OST විමානයක් මැද්දෙන් දෙබස් ගලන “තුන් කොන්” ආදර කතාවක් තමයි මේක. මං ඉන්නකම් කොහෙද ඉතිං සිංදු නම් අතාරින්නේ.. ඔක්කොම OST ගහලා ඇත්තේ. රේඩියෝවෙ නිකන් යන සිංදුත් ගැහැව්වා ඕන්..වෙනදා කතා මාලාවලට වඩා අමාරු උපසිරැසි තමයි මේකෙනම් තිබුණේ.
ඔයාලට ඇප් එකට ආස හිතුණ නම් “ප්ලේ ස්ටෝර්” එකේ තියෙනවා ඕන්.. මේකෙ වෙන ඒවානම් ඒකෙ නෑ හොදේ. එහෙනම් ලස්සන අමුතු ලෝකයක් ඇතුළට තමයි ඔයාලට පියනගන්න වෙන්නේ. එහෙනම් අදට යනවා. ආදර එලාම් 2.0 වර්ශන් එකෙන් හිමින් සීරුවේ මුණගැහෙමු. 2.0 එකෙත් සෙල්ලම් ෆීචර් එකක් නෙවෙයි තියෙන්නෙ.
Link - https://cinesubz.co/tvshows/love-alarm-2019-tv-s01-s02-complete/