Love Alarm 2.0 (2021) 

Love Alarm 2.0 (2021) 

CineSubz

Love Alarm කතාමාලාවේ දෙවන කතාවාරයේ උපසිරැසි තමයි මේ විදියට අද අරගෙන එන්නෙ. love alarm කියන්නෙ webtoon එකක් පාදක කරගෙන Netflix එකෙන් හදපු කතාමාලාවක්. මේකෙ Season 01 නිකුත් වුනේ 2019 දි, Season 2 එන්න තිබ්බෙ 2020 දි, ඒත් කොරෝනා වසංගතය නිසා 2020දි මේක නිකුත් කරන්න බැරි වුනා, අවසානයේ මේ විදියට 2021 මාර්තු මාසයෙ 12වන දා නිකුත් වුනා මේක. මේ ගැන කතාවෙන එක වැඩි වුනෙත් අලුත් කතාවාරයෙ දින නියම කරපු දා ඉඳන්. ඒ නිසාම අපෙ ලහිරු අයියා සහ අශේන් අයියා අපි කලින් දීලා නොතිබ්බ Season 01 සම්පූර්නයෙන් ලබාදුන්නා දෙයක් කරද්දි බාගෙට කරලා දාන්න බැරි නිසා. සීසන් 2 මට කරන්න දුන්නෙත් ඒ දෙන්නා නිසා එයාලව මුලින්ම මතක් කරන්න ඕන.

ආදර එලාමයේ දෙවන වර්ශන් එක ඒ කියන්නෙ Love Alarm 2.0 ඇප් එක තමයි මේකෙදි තියෙන්නෙ. මේකෙ කලින් එකට වඩා යෙදුම් තියනවා. බලාගන්න පුලුවන් දේවල් වැඩියි. Season 01 නොබලපු අය ඒකේ ලිපිය කියවලා ඒක බලලා ඇවිත් Season 2 අරගෙන බලන්න කියලා මතක් කරන්නම්. ඉතිං Season 2 ට ඇතුලත් වෙන්නෙ කොටස් 6යි. මෙහි තිර රචනයෙන් Lee Ah Yeon, Seo Bo Ra එකතු වෙන අතර අධ්‍යක්ෂනයෙන් Kim Jin Woo, Lee Na Jung මේකට දායක වෙනවා. සුපුරුදු පරිදි ප්‍රධාන චරිතවලින් දායක වෙන්නෙ, Kim So Hyun – Kim Jo Jo Song Kang – Hwang Sun Oh Jung Ga Ram – Lee Hye Young යන අයයි. පාසල් කාලයෙන් පටන් ගන්න තමන්ගෙ ආදර කතාව. යම් සිදුවීමක් නිසා එකිනෙකාට වෙනස් මාර්ගවල යන්න වෙනවා. මෙහෙම ගෙවෙන මොවුන්ගෙ ජීවිත, මේ තුන් කොන් පෙම, වර්තමානයේ තමන්ගෙ ආදරය සහ ආදරය කරන කෙනා රඳා පවතින්නෙ මොබයිල් ඇප් එකක් මත නම්? තාක්ෂණය සාමාන්‍ය ජීවිතවලට කොයි තාක් දුරකට බලපායිද? ජෝජෝගේ ආදර එලාමය සුන් ඔහ් සහ හේ යොන්ග් දෙදෙනාම අතින් නාද වුනත්, පළිහක් යොදලා තියන ජෝජෝට කාගෙවත් එලාමයක් නාද කරන්න බැ. පෙර කතාමාලාවෙන් ගලා එන මොවුන්ගෙ ඉරණම “ආදර එලාමයේ 2.0” සමඟ මොන වගේ අතකට ගලායයිද කියලා දැනගන්න එක ඔයාලටම බාරයි එහෙනම්.


Link - https://cinesubz.co/tvshows/love-alarm-2019-tv-s01-s02-complete/


Report Page