Look at the bright side ✨
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
මම ඔයාලට කලින් ලිපියෙන් කීවා. අපිට ඕන කරන දේවල් ලබාගන්නෙ කොහොමද කියලා මම කියලා දෙනවා කියලා.
දැන් මම කතා කරන්න යන්නෙ ඒ කොහොමද කියන එක ගැන.
මේ ලෝකෙ දියුනු වුන හැම කෙනෙක්ම සීමාවෙන් එහා හිතපු තමන්ව විශ්වාස කරලා ඒ රාමුවෙන් පිටතට ඇවිත් වැඩ කරපු අය.
ඉතින් මුලින්ම ඔයා අසීමිත හිතක් ඇති කරගන්න.සීමිත වෙන්න එපා.
දැන් බලමු මොකක්ද මේ කියන විශේෂ ක්‍රමය කියලා .
Low of attraction. / විශ්ව නීතිය.💫
ඉතින් මේ LOA follow කරන්න steps ටිකක් තියෙනවා.
මුලින්ම ඔයාට මේ කියන සංකල්පය ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනෙ.
ඔයා ලඟ මේ වෙනකොට කිසිම දෙයක් නැතිවෙන්න පුලුවන් .හරි අපි දැන් ඉඳලා ඔයාට ඕන දේවල් ලඟා කරගන්න පටන් ගමු.💪
විශ්වය කියන්නේ හරි පුදුමාකාර නිමැවුමක් .ඔයා දන්නවද ඔයා විශ්වයෙන් දේවල් ඉල්ලද්දි ඔයාට ඒ දේවල් ලබාදෙන්න විශ්වය බැඳිලා ඉන්නවා කියලා.
ටිකක් විතර පුදුමයි නේද? .ඒත් ඒ කතාව ඇත්ත.ඔය දෙවියන් ගාවට ගිහින් පහනක් තියලා " මට මේ දේ ලබාදෙන්න දෙන්න දෙවියනේ " කියලා. ඔයා ඉල්ලපු පමනින්ම්. ලැබෙන්නේ නෑ. ඒකටත් ක්‍රමයක් තියෙනවා..
එක තත්පරයක් ඇතුළත අපේ හිතට කොච්චරනම් සිතුවිලි ගලාගෙන එනවද නේද? .පිලිගන්න මේ සිතුවිලි වලට පුදුමාකාර බලයක් තියෙනවා.
අපි හැමවෙලේම කෙනෙක්ට ධනාත්මක සිතුවිලි හිතන්න කියන්නෙ අන්න ඒ නිසයි.ඔයා Negative වෙන තරමට ඔයාගෙ ජීවිතේ දුක් කරදර වලට යොමු වෙයි. " අනේ මට හැමදාම ප්‍රශ්න හැමදාම කරදර " මේ විදියට හිතුවා කියලා ඔයාට ලැබෙන දෙයක් නෑ.😕
ඔයා දැන් ලඟ තියෙන දේවල් වලට ඔයා විශ්වය ට ස්තූති වන්ත වෙන්න .
ඔයාට හිතෙයි මොනවාද මට තියෙන්නෙ කියලා ස්තුතිවන්ත වෙන්න තරම්
චුට්ටක් හිතන්න ඔයාගෙ life එක change කරන්න මේ පුංචි ලිපිය ට පුළුවන් වෙයි.ඉතින් මේ ලිපිය කියවන ඔයාට හොඳ පෙනීමක් තියෙන ඇස් දෙකක් තියෙනවා.ඔයා ගාව facebook එන්න තරම් smart phone එකක් තියෙනවා.😍
මේ කිසිම දෙයක් නැති අසරණ මිනිස්සු මේ ලෝකෙ කොයිතරම් නම් ඉන්නවද නේද? 😢ඉතින් ඔයා
ඒ අතින් හුඟක් lucky girl කෙනෙක් .🙃🥰
මේ ලැබුන දේවල් වලට ඔයාට තියෙන දේවල් වලට විශ්වයට ඔයා ස්තුතිවන්ත වෙන්න .
දැන් අපි steps follow කරන්නෙ කොහොමද කියලා බලමු.
1 st step -
ඔයා ඔයාට හරියට ම කරන්න ඕන දේ නිශ්චිත කරගන්න .
අපි හිතමු ඔයාට පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නෝනෙ කියලා .දැන් ඔයා තීරණය කරන්න මේ ව්‍යාපාරය මොනවගේද කියලා .ඔයාගෙ target එක ඔයාගෙ හිතට තදින් දෙන්න.clear image එකක් මනසට දෙන්න.
2 nd step -
ඔයා ඔයාට අවශ්‍ය දේවල් සිතින් මවාගන්න.ඔයාගෙ හීන visualize කරන්න. මම කලින් කීව ව්‍යාපාර ය අපි හිතමු රූපලාවණ්‍යයගාරයක් පටන් ගනනවා කියලා. 👰🏻💍✂️
ඉතින් ඔයා හිතින් හිතන්න ඔයාගෙ මේ saloon එක ඔයාගෙම ගෙදර හදනවද එහෙම නැත්නම් වෙන කොහෙද , තව මේකට අවශ්‍ය කරන උපකරණ ඔයා මිලදී ගන්න විදිය.මේ දෙවල් ඔයා ඔයාගෙ හිත එක්ක කතා කරන්න .
ඔයාට පුළුවන් ඔයා වැඩ කරන මේසෙ ඉස්සරහ Vision Board එකක් හදාගන්න .🎯ඔයාගෙ Dreams මේ Vision Board එකේ ඔයා ගහන්න.ඔයාට පුළුවන් ඒවල photos අරගෙන අලවන්න.
ඔයාගෙ Dream goals ඔයාට නිතරම පෙනෙන්න තියාගන්න මේ Vision Board එක use කරන්න පුළුවන් .
3 rd step-
ඔයාට ඔයාගෙ shop එක saloon එක තාම පටන් ගන්න බැරිවුනා වෙන්න පුළුවන් .
ඒත් මේ දේවල් ඔයාට ලැබුනා කියලා ඔයා හිතන්න ගන්න .
ඔයා හිතින් ඒ දේවල් මවාගන්න.
ඔයා Saloon එකේදී ඔයාගෙ customers ලට ඔයා සලකන විදිය, දවසින් දවස customers ලා වැඩි වෙන විදිය.ඔයා saloon එකට යන එන විදිය, අලුත් pattern අත්හදා බලන විදිය.
මේ දේවල් ඔයා Visualize කරන්න .
ඔයා විශ්වය ට කෑ ගහලා කියන්න ඕනි වෙන්නෙත් නෑ.ඔයාගෙ මේ සිතුවිලි මැජික් එකක් වගේ.✨🌏හරිම ප්‍රභල විදියට විශ්වය ට දැනෙනවා. ඔයා දැන් ඉන්න පසුබිම හුඟාක් වෙනස් වෙන්න ගනි.
ඔයා පාරෙ ඇවිදගෙන යද්දී special විදියට saloons පෙනෙන්න ගනී.ඔයා phone එක අරගෙන fb wall එක scroll කරද්දී ඔයාගෙ field එකට අදාළ දේවල් පෙනෙන්න ගනී.
ඔයා ගෙදරට වෙලා රූපවාහිනී යෙ කතා බලන කෙනෙක්නම් ඔයාට අදාළ Tv advertisement විශේෂ කරලා ඔයාටම පේන්න ගනී.වෙනදා ඔයා මගඇරපු දේවල් දැන් ඔයාට පේනවා .
දැන් ඔයා ඔයාගෙ field එකට නිකන්ම Attract වෙනවා.ඔයා හොයන්න පටන් ගන්නවා.
කිසිම දෙයක් copy කරන්න හදන්න එපා.අද ඕනි තරම් saloon තියෙනවා. ඒත් ඔයාට හිතෙනවනම් ඔයාගෙ saloon එක මේ හැමෝටම වඩා වෙනස් වෙන්න ඕනෙ කියල. ඔයා Dressing කරන bride ව මේ යන Pattern එකට වඩා වෙනස් වෙන්න ඕනෙ.
අලුත් දෙයක් field එකට දෙන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවනම් , ඔයාට ඒ සිතුවිල්ල එනවනම් ඔයා දැනටමත් දිනලා ඉවරයි.💪😍
ඔය ඔයාට Unique වෙන්න .තමන්ගෙම pattern එක හොයාගන්න .අලුත් දෙයක් කරන්න පොඩ්ඩක් වත් බය වෙන්න එපා.
විශ්වය ඔයාට යන්න ඕන කරන මාර්ගය පෙන්නාවි.හිතට දැනෙනවනම් මම මේ කරන්න යන දේ හරි කියලා.ඒ විශ්වය ඔයාට උදව් කරනවා කියන එක. 🍃🪐🌏
4 th step -
ඉතින් LOA වල අන්තිම step එක තමා මේ.මම කලින් කියපු steps විතරක් follow කරා කියලා ඔයාට මේ ක්‍රමය සාර්ථක කරගන්න බෑ.
ඉතින් මේ අත්‍යවශ්‍යම කාරණය තමා ඔයා ඔයාගෙ Dream එකට වැඩ කරන්න ඕනේ.
Saloon එකක් පටන් ගන්නවනම් ඔයාට මුදල් තියෙන්න ඕනෙ . Mirror එකක් ඕනිම කරන Tools ටික ඔයා ගන්න ඕනි.ඉතින් ඒකට ටිකක් ඔයා මහන්සියෙන් මුදල් ටිකක් හොයාගන්න ඕනෙ.
නිතරම ඔයා ඔයාහෙ knowledge එක polish කරගන්න ඕනෙ. You tube , google. ඔයා search කරන්න . අලුත් දේවල් ඉගෙනගන්න.
ඒ වගෙම ක්‍රියාවට නංවන්න.
ඔයාගෙ Target එක හුඟාක් ලොකු වෙන්න පුළුවන් .ඒත් පොඩි තැනකින් පටන්ගන්න. හොඳ අත්තිවාරම ක් දාගත්තොත් ඔයා මේ යන ගමන නවත්වන්න විශ්වය ටවත් බෑ.😎🤟
ඉතින් මේක තමා විශ්ව ආකර්ෂණ නීතිය.මම ඔයාට කෙටියෙන් පැහැදිලි කලේ.
මේ steps follow කරන්න පුලුවන් ඕනිම කෙනෙක්ට .ඔයාට ලබාගන්න බැරි කිසිම දෙයක් නෑ.
ඔයාගෙ business income improve කරගන්න💵💰 ,ඔයා study කරන කෙනෙක්නම් exam pass වෙන්න 👩🏻🎓👩🏻⚕️, job එකක් හොයාගන්න , ඔයාගෙ Dream car එක ගන්න 🚗, ලස්සන නිවසක් හදාගන්න .🏘මේ ඕනිම දෙයක් .
Follow කරන්න Low Of Attraction .✨
මම පහළින් මේ ගැන කියවෙන Film link එක දාල තියෙනවා. පුළුවන් කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ film එක බලන්න .මට විශ්වාසයි ඔයා ඔයාගෙ ජීවිතය ගැන අලුතින් හිතන්න ගන්නවා කියලා..
ඔයාගෙ Mind එක relax කරගන්න විදියක් මම ඊලඟ ලිපියෙන් ඔයාට කියලා දෙන්නම්.
ඉතින් තව කෙනෙක්ට මේ ලිපිය වැදගත් කියලා හිතෙනවනම් Page එකට like එකක් දාල share කරන්න.
සුබ දවසක් !!
film link
subtitle link
Copied
© goes to first owner 🙂