Living by love

Living by love

Kaveesha Perera

https://telegra.ph/Living-by-love-04-10-2

Episode 23

"තමුන්ට මතකද එදා car park එකේදී තමුන්ව හම්බවුණා. අන්න එදා ඉඳන් තමයි මං තමුන් ගැන හොයන්න ගත්තේ. ඊට පස්සේ හොස්පිටල් එකේදි දැන ගත්ත තමුන් මගේ දුවට ගොඩක් close කියල ඒත් මට එදා ඕනි වුනේ නෑ රෝස් ඉත්තෙක් කරගෙන තමුන්ගෙන් පලි ගන්න. "

"ඒත් අවසානෙට තීරණය කරා දුර ඉඳන් පලිගන්නවට වඩා ලේසිම දේ ළඟට අරන් පළිගන්න එක කියල. ඊට පස්සෙයි මං අපේ අම්මා ලවා තමුසෙලාගේ ගෙදරට මේ ගැන කියවල මේ කසාද වෙන තැනට වැඩ කරේ..... "

"ෂිට් මිනෙත් තමුසෙ මොන වගේ මනුස්සයෙක්ද?.... තමන්ගේ අම්මවත් රැවැට්ටුවනේ.... "

"මාව මේ තත්ත්වෙට පත් කරේ උඹ... "

"මං මොනාද කරේ ආ... "

"තමුසෙ අහස්නා එක්ක කරපු හැමදේම දැක්කට පස්සේ මං වෙන මොනා කරන්නද?"

"තමුසෙ දැක්කේ තමුන්ට පෙන්නපු දේ මිසක් ඇත්තටම වෙච්ච දේ නෙවෙයි. මේ හැමදේම කරේ අර අහස්න කියන ගෑනි.ඒකි රෝස්ගෙ අම්ම නොවෙන්න මං ඒකිව මරනවා "


"මොකක්ද එදා උනේ "

"උඹට දැන්ද ඕනි ඕක අහන්න ඕනි උනේ "

"එදා trip එක ගිහින් මන් ටිකක් drinks අරන් හිටියේ... ඒ වෙලාවේ අපි බීච් එකේ සින්දු කිය එකේ හිටියේ ඒ වෙලාවෙ තමයි උඹ මට කෝල් කරේ.... ඒත් කතා කරන්න බැරි උනානේ..... "

"ඒ වෙලාවේ අහස්නා ඇවිත් මට එන්න කිව්වා. ඒකී මායි ආපහු බිව්වා... ඒකිට හොඳටම වැඩි වෙච්ච නිසා මං ඒකිව අපි නැවතිලා හිටපු vila එකට එක්කන් ගියා. ඒත් මං බීපු ඩ්‍රින්ක් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා මට ටික ටික තේරුණා.... '

"මං ඒකිව vila එකට දාලා එන්න හදද්දී මාව වැටුනා. එතනින් එහාට මතක තිබ්බේ උදේ වෙච්ච දේවල් විතරයි.."

"මං උදේ නැගිටලා මගෙ පෝන් එක හෙව්වා. ඒත් ෆෝන් එක තිබ්බේ නෑ .මං පස්සෙ කාලෙක දැනගත්තා එදා මගේ පෝන් එක නැතිවෙලා නෙවෙයි. අර අහස්නා කියන ගෑණි එක නැති කරල කියලා "

"මං යාළුවොන්ගේ පෝන් වලින් උබට කතා කරා. ඒත් ෆෝන් එක වැඩ කරේ නෑ. "

"ඔව් මම පෝන් එක පොළොවේ ගැහුවනේ.... "

"ඊට පස්සේ අපි කොළඹ ආවට පස්සේ මං තමුසෙව හෙව්වා බෝඩිමේ හිටිය නෑ මං උඹලගෙ ගෙදර ගියා. උඹ ගෙදර හිටියෙත් නෑ. උඹේ යාළුවොන්ගෙන් ගෙදර අයගෙන් මං වැඳලා ඇහුවා උඹ කොහෙද කියල ඒත් එකෙක්වත් මට කිව්වේ නෑ. ඊට පස්සේ උඹ නුවර ඉන්නවා කියලා මං එහේ ගියා. ඒත් හම්බවුණේ නෑ."

"එහෙන් අහස්නා එදා මට නින්ද ගියාට පස්සේ ඒකිට ඕනි විදිහට මාත් එක්ක ෆොටෝ අරන් මං ඒකිට කරදර කරා කියලා හැමතැනම ප්‍රසිද්ධ කරලා. එදා වෙච්ච කිසි දෙයක් මට මතක තිබ්බේ නැති නිසා එහෙම දෙයක් මගේ අතින් අහස්නට වුනාද නැද්ද කියලවත් මට මතක තිබ්බේ නෑ..... ඩැඩිගේ හතුරෝ ඒක නිව්ස් එකක් කරගෙන එයාගේ බිස්නස් වට්ටන්නත් ඒක පාවිච්චි කරා. ඒකෙන් බේරෙන්න තිබ්බ එකම විසඳුම තමයි අහස්නනාව මැරි කරන එක..."

"මට ඒත් ඕනි උනා උඹ මාව මෙහෙම දාලා ගියපු හේතුව දැනගන්න. මොකද මං කවදාවත් හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. මං අවසානෙට කොහොම හරි ඇත්ත දැන ගත්ත තුෂීගෙන්... උඹට ෆොටෝ වගයක් එවලා උඹව රවට්ටලා කියලා.... "

"ඊට පස්සේ මේ හැමදේම දමල ගහලා උඹව හොයන් එන්න හැදුවා. එතකොට මම දැනගත්තේ උඹට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා..."

"අන්න එදායි මං හොයාගත්තේ උඹට ෆොටෝ එවලා මගේ ෆෝන් එක නැති කරලා මේ දේවල් මේ විදිහට කරේ අහස්නා කියලා... අවසානයට මං ඒකිව බැන්දා... ඒත් ඒකිගෙයි මගෙයි අවාසනාවට නොහිතපු වෙලාවක රෝස් අපි ළඟට ආවා. ඒකි රෝස්ව දාලා ගියේ මාස හයෙන් . මං හැමදේම අතෑරලා ජීවිතේ ආයි පටන් ගත්තෙ රෝස් නිසා..... "

"ඊළඟට මගේ ජීවිතය එපා කරවපු ගෑනි තමයි තමුසේ. දැන් උබේ වාරේ"

"ඒ කියන්නේ එහෙම දෙයක් එදා වුණේ නැද්ද "

මෙච්චර වෙලා කිසිම දෙයක් නොකිය හිටපු මං ඇහුව..

"පිස්සුද ඕයි... "

"ඒකි මට බොන්න දීපු ඒවගේ මොකක් හරි අවුලක් තිබ්බා.... ඒක බිව්වට පස්සේ සිහිය නැතිවුණා වගේ නින්ද ගියා. ඊට පස්සේ එකි එකිට ඕන විදිහට මාත් එක්ක ෆොටෝ වගයක් අරන් ඒව තමයි උඹට එවලා තියෙන්නේ... ඒකට ඕනි උනේ මට කොහොම හරි ලං වෙන්න මගේ සල්ලි කඩා ගන්න...

"ෂිට් ඔක්කොම එකයි.... "

එහෙම කියපු මිනෙත් කාමරේ දොරත් වහගෙන එළියට ගියා.

පස්සේ මාත් එළියට යන්න දොර අරින්න ට්‍රයි කරා... ඒත් එළියෙන් ඒක ලොක් කරලා ...

"මිනෙත්.... මිනෙත්..... දොර අරින්න.... "

සද්දයක් නෑ......

"නෝනා මහත්තයා යතුරු දෙකම අරන් ගිහින් දොර අරින්න බෑනේ.. "


ටිකකින් මිනෙත් ගෙන් මැසේජ් එකක්.....

අද හවස මං එනකල් ඔහොම්මම ඉන්නවා....

ර්ර්ර්.... දොරට ගහලා ගහලා වැඩක් නැති නිසා මං අඩ අඩ ඇඳට වෙලා හිටියා.

බඩගිනි වතුර තිබහයි හැමදේම... හවස් වෙනකල් මේකේ ඉන්නේ කොහොමද තාම එකොළහයි දෙයියනේ.... දැන්නම් මං එක්කො දොර කඩනවා....

එහෙම හිතලා ආයෙත් හයියෙන් දොරට ගහලා ගහලා ලොක් එක කැරකුවා මෙන්න දොර ඇරුනා... මේකේ ලොක් එක ඇරුනේ කොහොමද

"ආ නෝනා දොර ඇරගත්තද..."

"මහත්තයා දැන් ඇවිත් ලොක් එක ඇරලා ගියේ නෝනට කියන්න එපා කිව්ව නිසයි මං මහත්තයා යනකල් හිටියේ..."

"What......."

ඔන්න ළමයි ආයෙත් කාලෙකින් කතාව අරන් ආවා. අද නම් මාර බෝරින් ඇති කියවන කොටස් වැඩි නිසා... ම්ම් එහෙනම් කතාව කියවලා කැමතිනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න...

Report Page