Lingchi (Death By Thousand Cuts)

Lingchi (Death By Thousand Cuts)

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

#Lingchi (Death By Thousand Cuts)
ලින්ග්චී (කැපුම් දහසකින් මරණය)
Weird Facts - 12

ලින්ග්චී කියන්නේ පැරණි චීන දඬුවම් ක්‍රමයකටයි. සාමාන්‍යයෙන් අනෙක් දඬුවම් ක්‍රම වලින් වෙනස් ඊටම අනන්‍ය කුරිරු ඩහ බිහිසුණු ස්වභාවයකින් යුක්ත මේ දඬුවම් ක්‍රමය චීනයේ ටැන්ග් රාජවංශයේ පටන් ක්වින් රාජවංශයේ අවසාන කාළය දක්වාම චීනයේ ප්‍රධාන දඬුවම් ක්‍රමය වෙලා තිබ්බා. ඒ වගේම මේ දඬුවම් ක්‍රමය 1905 තරම් මෑතකාලය දක්වාම චීනය තුල භාවිතයට ගත්තා වගේම, මේ වෙනකොට නිල වශයෙන් තහනම් දඬුවම් ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා.

ලින්ග්චී කියන වචනය සරලව පරිවර්ථනය කළොත් "මන්දගාමීව පෙති ගැසීම, "කල් පවතින මරණය" , "කැපුම් දහසකින් මරණය වගේ අර්ථයන් කිහිපයක් ලබා ගන්න පුළුවන් ( ලස්සන තේරුම් ටිකක් නේ).

සාමාන්‍යයෙන් ලින්ග්චී කියන්නේ අතිශයින්ම වේදනාකාරී වුනත් ස්වභාවයෙන් ඉතාම සරල දඬුවමක්. මේකෙදි දඬුවමට ලක්වෙන පුද්ගලයාගේ ශරීර කොටස් කලබලයකින් තොරව නිවීසැනසිල්ලේ ක්පා ඉවත් කිරීම තමයි මූලිකවම වෙන්නේ. හැබැයි ඒ අත් පා වගේ විශාල කොටස් නෙමෙයි. මස් කොටස් මේ දඬුවමටම වෙන්වුණු පිහි වල ආධාරයෙන් කපා ඉවත් කිරීමක් තමයි වෙන්නේ.

දඬුවමට ලක්වෙන පුද්ගලයාව මුලින්ම දෑත් කණුවකට තබා බැඳ දැමීම සිද්ධ කරනවා. සමහර වෙලාවෙට දෑත් දෙපසට කරල බැඳ දැමීමත් සමහර වෙලාවට දෑත් දෙපසින් දෙන්නෙක් විසින් හොලවන්න බැරිවෙන්න අල්වා ගැනීමත් සිද්ද කරනවා.

ඉන් පස්සේ වධකයා විසින් පළමුවෙන්ම දඬුවමට ලක්වෙන්නාගේ පපුව සම සහ මස කුඩා කොටස බැගින් කපා ඉවත් කිරීම සිද්ද කරනවා. ඉල ඇට පේනකම්ම වගේ පියයුරු සහ පපුවේ මස් සහ සම් කොටස් කපා ඉවත් කිරීම සිද්ද කරනවා. ඉන් පස්සේ අත් වලින් විශාල මස් කොටස් කපා දැමීම ආරම්භ කරනවා.අත් වලින් පස්සේ කලව දක්වා උදරයේ කොටස් වගේම ඉන් පස්සේ කලවා වලින් කොටස් කපා දැමීමත් සිද්ද කරන්න පටන් ගන්නවා. දඬුවම අතරතුර සිහි නැතිවුනොත් නැවතත් සිහිය ලබාගෙන ඉන් පස්සේ ආයෙමත් කැපීම ආරම්භ කරන්න තරම් මේ දඬුවම අමානුශික බවත් කියවෙනවා.

ගොඩක් දුරට මේ වෙත්දී දඬුවමට ලක්වෙන තැනැත්තා මිය ගිහිනුයි ඉන්නේ. මරණයෙන් පස්සේ සිරුරේ හිස ගසා දැමීමත් අත් පා කඳෙන් වෙන්කර වෙනම කූඩවලට දැමීමත් සිද්ද කරනවා.

ඉතින් මේ දඬුවම මොන වගේ වේදනාකාරී දඬුවමක්ද කියන්න අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සාමාන්‍යයෙන් පිහියකට පොඩ්ඩක් කැපුනත් අඬන මිනිස්සු ඉන්න මේ ලෝකේ මේ වගේ දඬුවමක් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ😅.

ඒ වගේම මේ දඬුවමෙන් මරණයට පත්වෙන වෙලාව උනත් එකිනෙකාට වෙනස් . සාමාන්‍යයෙන් මේ දඬුවමට ලක්වුනු සමහර දෙනෙක් මිනිත්තු පහලවක් වගේ කෙටි කාළයකින් මරණයට පත්වෙලා තියෙනවා වගේම වඩාත්ම අවාසනාවන්තයෝ නම් පැය හතරක් වගේ කාළයක් දුක්විඳලා මරණයට පත්වෙලා තියෙනවා. ඒ කැපුම් තුන්දාහකටත් වඩා මුහුණ දීලා. ඇත්තටම ඒක නම් මොකක් හරි කරුමයක් පළදීමක්. මරණයට පත්වීම සඳහා ගතවෙන කාළය සාධක කීපයක් මතම පදනම් වෙනවා. මෙයින් ප්‍රධානම එක දඬුවමට ලක්වෙන්නාගේ ශක්තිය වගේම මීට අමතරව ප්‍රධානවම ඝාතකයාගේ කුසලතාවයත් මේ සඳහා පදනම් වෙනවා. ඒ ඇරෙන්න වරදේ බරපතලකම අඩුනම් නිලධාරීන් විසින් දඬුවමට ලක්වෙන්නා දුක්විඳින කාළය අඩුකරන්න කටයුතු කරනවා. ඒ කියන්නෙ ඉක්මනින් මරා දානවා. ඒ වගේම මේක ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියේ දෙන දඬුවමක් නිසා මේක නරඹන පිරිසට පුලුවන් කම ලැබුණා මුදල් දීම මඟින් දඬුවම දීර්ඝ කරන්න හෝ කෙටි කරන්න. ඒ වගේම කපා දමන මස් කොටසේ ප්‍රමාණය ස්ථානය වගේ දේවලුත් මුදල් මඟින් තීරණය කරන්න ඉඩකඩ තිබුණලු.

මරණයට පත්වීම බොහොම වෙලාවට අධික වේදනාව නිසා හටගන්නා කම්පනයෙන් වගේම අධික රුධිර වහනයෙන් සිද්ද වෙනවා.

කොහොම උනත් මේ දඬුවම ලබා දුන්නේ ඉතාමත්ම කලාතුරකින් යම් විශේෂ අපරාධ කරපු පුද්ගලයින්ට බව කියවෙනවා. කෙනෙකුගේ මව මැරූ පුද්ගලයෙකුට, කෙනෙකුගේ පියා මැරූ පුද්ගලයෙකුට, සමූල ඝාතන සිදුකළ පුද්ගලයෙකුට හෝ රාජද්‍රෝහී ක්‍රියා කළ පුද්ගලයින්ට තමයි මේ ලින්ග්චී මඟින් මරණය ලබා දෙන්න නියම කළේ.

ඉතින්, ලින්ග්චී ගැන එච්චරයි☝

💀කියෙව්වනම්,හොඳයිනම් ස්ටිකර් හත අටක් එක්ක ඔයාලගේ අදහසත් දාගෙන යන්න💀

එහෙනම්.. ආටිකල් එකකින් සෙට්වෙමු☝
තව මේ වගේ දේවල් කියවන්න කැමති කට්ටිය මට රික් එකකුත් දාලා අකවුන්ට් එකටත් ඇඩ් වෙන්න. දවස ගානෙ වගේ මොනවහරි දානවා මන්😅

#Weird _Facts
☣️ Lingchi
#සැම්පා(zampa- )

Report Page