Lasers...⚡⚡⚡

Lasers...⚡⚡⚡

Chatta💫💫(😌චතූ...😊)


Choose the Weapon for You, Me and... Her...


Previous laser beam⚡



Laser beam No.24⚡



  " හ්ම්... එතකොට විනෝදෙට කියලා දැන් දිගට ම ක්ලබ් එකේ බාර් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න ද ඉන්නේ? ආ... හොඳ රස්සාවක් කරන්න යන්නේ නැද්ද?"


 ස්කයිලර් ඇසුවේ කේන්තියෙන් මෙන් ය.


  " ඉතින් වෙන මොනා කරන්න ද මං? හොරකම් කරන්න ද? ඩොක්ටර් කෙනෙක් වෙලා බෙහෙත් දෙන්න ද? නැත්තම් උඹ වගේ coroner කෙනෙක් වෙන්න ද? උඹට වගේ ඒවගේ හැකියාවක් මගේ ලේවල නෑ."


  සොරොන් පෙරලා කිවුවේ කේන්තියෙන් ය. ස්කයිලර් ඔහුගේ හිස අතගෑවේ ය.


 " මයින්ඩ්, මගේ ලේවල ඒම මඟුලක් නෑ. මට තියෙන්නේ මගේ අත්දැකීම්වල හැකියාව. උඹත් උත්සහ කරපන්. එතකොට හම්බවෙයි උඹටත් එකක්."


 ඔහු කිවුවේ ය.


 " කියලා වැඩක් නෑ ඒක නම්.


මයින්ඩ්, සෝරොගෙන් අහන්න පොලීසිය ගැන. මට හරි ම ආසයි එයා පොලිස් යුනිෆෝම් එකෙන් ඉන්නවා බලන්න."


  ලිලී හැරී කිවුවේ ස්කයිලර්ට එබීගෙන ය. ඔහු සොරොන් දෙස බැලුවේ ඒ පාර ය.


 " කොහොම ද cop කෙනෙක් (පොලිස් නිළධාරියෙක්) වෙන්න ගියොත්?"


 " මං? කෝප් කෙනෙක් වෙන්න? පිස්සු ද?"


 සොරොන් කිවුවේ තමන්ට ම නක්කලේට හිනාවෙන ගමන් ය.


 " ඇයි බැරි?"


 " මට බෑ බ්‍රෝ. මට පිස්සෙක්. මට එච්චර ලොකු දෙයක් කරන්න බෑ."


  ඔහු කිවුවේ සමච්චල් හඬකින් ය. 


 " ඇයි බැරි?"


 ස්කයිලර් ආ කේන්තියට ම අල්ලගත්තේ ඔහුගේ ටී ෂර්ට් එකෙන් ය.


  " ඇයි බෑ කියන්නේ? උඹ ම නේ ද කිවුවේ කවදාහරි මං කෝප් කෙනෙක් වෙනවා, කරලා නරක අයගෙන් මේ ලෝකේ බේරගන්නවා කිය කියා. කෝ දැන් ඒ වීරයා?


 දැන් මේ ඉන්නේ සෙල්ලක්කාර බේබද්දෙක්නේ. කෝ ඌ ඇතුලේ හිටපු වීරයා?"


ස්කයිලර් සොරොන්ගේ මුවට එබීගෙන ඇසුවේ කේන්තියෙන් ය.


 " ඕ ඕ... එක්කෙනෙක්ට කේන්ති ගිහින් වගේ...."


  ලිලී නක්කලේට මෙන් කියද්දි ස්කයිලර්ගේ කේන්තිය වැඩිවිය.


 " කටවහනවා ලිලී..."


 එක්වර ම ලිලීගේ කටහඬ ඇහුණ ගමන් ම ස්කයිලර් ඇයගේ දෙසට හැරී කෑ ගැහුවේ කේන්තියෙන් ය. සොරොන් නැවත කෙලින් වෙන ගමන් බැලුවේ ඒ පාර ය.


 " වට් ලිලී? උඹට තාම පේනව ද ලිලීව?"


 සොරොන් ඇසුවේ පුදුම වුණ හඬකින් ය. තමන්ව අතේ මාට්ටු වුණ බවක් ස්කයිලර්ට දැනුනි.


 " උඹ කිවුවනේ දැන් එයාව පේන්නේ නෑ කියලා? උඹ බොරු ද කිවුවේ?"


සොරොන් ඇහුවේ තරමක් සද්දෙන් ය.


 " ඔව් බොරු තමා මං කිවුවේ. එයාව තාම මට පේනවා.


තනි වෙන්නේ කොයි වෙලාවෙ ද එයා හොල්මනක් වගේ මතුවෙනවා. ඒත් දැන් උඹ ඉද්දිත් මතුවෙනවා. ඊයේ උඹ සොහොනට යං ද අහද්දිත් ආවා. දැනුත් ඉන්නවා."


  ස්කයිලර් කිවුවේ ඇයට රවමින් ය. ඇය ද පෙරලා සිනාසෙමින් ඔහුට හායි කීමට මෙන් අත වැනුවේ නක්කලේට මෙන් ය. සොරොන් ඒ දෙස බැලුව ද ඔහුට කිසිවෙක් නොපෙනුනි.


 " මයින්ඩ්... උඹට ඉක්මනින් ම බෙහෙතක් ගන්න වෙනවා. උඹ හොඳාකාරව ම දන්නවා ලිලීව උඹට පේන්න විදිහක් නෑ කියලා. ඕක ලෙඩක් බ්‍රෝ.


  මං අපේ ඊවව උඹට කන්ටෑක්ට් කරලා දෙන්නම්. උඹ ඉක්මනින් ම එතනට පලයන්. නැත්තම් උඹටයි හොඳ නැත්තේ."


 " ඕනේ නෑ."


 ඔහු ඩිකියෙන් බැස්සේ බිවූ දේවල් හින්ද ම මඳක් වැනි වැනී ය.


 " ඒක උඹේ වැරැද්දක් නෙවෙයි මයින්ඩ්. ඒත් දැන් උඹට සිද්ධ වෙනවා උඹව ම පාලනය කරගන්න. නැත්තම් උඹ මැරෙන්නත් පුලුවන්.


  පේනවනේ උඹට වෙලාවකට කේන්ති යද්දි උඹව ම කන්ට්‍රෝල් නෑ."


 සොරොන් ද කිවුවේ ඩිකියෙන් බහින ගමන් ය. එහෙම්ම ම ඔහු එය වසා දැමුවේ ය.


  " තව සතියකින් යන්නම්. අනිවාර්යයෙන් ම යනවා. මං අපොයිමන්ට් එකක් දාලා තියෙන්නේ සතියකට පස්සේ. ඒත් දැන් ම බෑ."


 " ඒත්..."


 " කියන එක අහපන් බ්‍රෝ. සතියකින් යන්නම්. දැන් ම බෑ. ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ. ඔක්කොම කුණු කන්දල් ඔලුවට ගන්න බෑ එකපාරට."


 ස්කයිලර් කිවුවේ කේන්තියෙන් මෙන් ය. සොරොන් නිහඬ වුණේ ඒ පාර ය.


 " මේ... මට අද උඹේ ගෙදර නවතින්න වෙන්නේ. මෙහෙම බීලා ගියොත් නම් මාම් මාව හම ගහයි."


 ස්කයිලර් කිවුවේ කාරය දෙසට හැරී ගොස් නඟින ගමන් ය. සොරොන්ගේ මුහුණේ හිනාවක් තිබුණි.


 " යං."



⚡⚡⚡







 ලිලී, ඔයා දන්නව ද මට මේ ටිකේ හම්බුණ දේ? ඔයා විස්වාස කරන්නෙවත් නෑ. ඒත් ඒක ඇත්තක්.


 ඔයා දන්නවනේ මං පරීක්ෂණය කරපු දේ ගැන? ඒත් ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මට හම්බුණේ විසක්. ඒක හුඟක් මාරාන්තිකයි ලිලී.  


  හදිස්සියේ හරි එක ක්‍රිස්ටල් එකක් ශරීරගත වුණොත් විනාඩි 5ක් යන්න කලින් ඇඟේ අස්ථි පවා දියවෙන්න ගන්නවා. දත් සේරම බලන් ඉද්දි ගැලවිලා ලේ යන්න ගන්නවා. සිහිය විකෘති වෙලා එහෙම්ම ම ඒ කෙනා සිහිය නැතුව වැටෙනවා. හැබැයි මැරිලා වැටෙන්නේ. ඒකට ප්‍රතිකර්මයක් මට හොයාගන්න බැරිවුණා තාම.


  හැබැයි මට ඒක හම්බුණ එකේ එක කුරිරු සතුටක් තියෙනවා ලිලී. ඔයාගේ මරණෙට හේතු වෙච්චි එකා තාම එලියේ ඉන්නේ. කවදාහරි මට ඌව අහුවුණොත්, ඌට ඒ විස කවන්න හිතෙනවා ලිලී. 


 හරියට උඹව පණපිටින් පුච්චන්න කලින් උඹේ දතින් දත ඌ ගැලෙව්වා වගේ... මං ඌ මැරෙද්දි උගේ දතුත් ඒම ගැලවිලා, හැලෙන හැටි බලන්න ආසාවෙන් ඉන්නවා ලිලී. ආසාවෙන් ඉන්නවා...


  ඒ වෙනකම් මං ඒක ලැබ් එකේ ලොකර් එකට දාලා තියෙනවා ලිලී. ඒක වෙන එකෙක්ගේ අතට යන එක හොඳ නෑ. ඒ මිනිහට ඒක දෙනකම් ම ඒක රහසක් වෙන්න ඕනේ. ඒ තරම් ඒක හුඟක් භයානකයි ලිලී. හුඟක් භයානකයි. 


 කොහොම වුණත් ඒ මිනිහව හොයාගෙන, ඒ විෂ දීලා, ඒකා මැරුණ ගමන් ම මං ඒවා විනාස කරලා දානවා ලිලී. කාගෙවත් අතට යන්න දෙන්නෑ මං ඒක.


ඒ වෙනකම් ඒක මගේ ලොකර් එකේ තිබ්බදෙන්. තිබ්බදෙන් ලිලී. කවුරුත් ඒ ගැන දැනගන්න ඕනේ නෑ... 



⚡⚡⚡



At the morning of the next day...


  " චෙක්මේට්...."


 ස්කයිලර් ඇහැරුණේ ඒ හඬට ය. තමා සිටින්නේ කොහේදැයි හඳුනගන්න ස්කයිලර්ට මඳ වෙලාවක් ගියේ ය. ඔහු සොරොන්ව හෙවුවේ ඒ පාර ය. සොරොන් තමා සිටි ඇඳට එහා පැත්තේ ඇඳේ නිදා සිටින බව ස්කයිලර් දුටුවේ ය.


  " තව පාරක්. තව පාරක්."


 නැවත ඒ පිරිමි කටහඬ බෙරිහන් දෙන්න ගත් නිසා ස්කයිලර් ඇඳෙන් නැඟිට්ටේ ය. ඒ එක්ක ම ඔහු දුටුවේ කාමරේ කෙලවරක පඩිපෙළක් මෙන් තිබූ මේසයක පුරවා තිබූ බෝනික්කන් ගොඩකි. ඔහු සෙමින් සෙමින් එතනට ඇවිදගෙන ගියේ ය. 


 එතනින් එක බෝනික්කෙක් ගෙන ඇගේ කම්මුලක් ඔහු සෙමින් පිරිමැද්දේ ය. එහෙම්ම ම ඔහු සෙමින් බෝනික්කාගේ එක් ඇහැක් පිරිමැද්දේ ය. ඔහු ඒ බෝනික්කන් දෙස බලාගෙන කල්පනාවක වැටී හුන්නේ ය.


  " හරි හරි... රෙඩී? ගෝ..."


  තව ම එලියට වී කියවන ඒ කෙනා ගැන ස්කයිලර්ට නැවත මතක් වුණේ එසේ කියද්දි ය. ඔහු බෝනික්කාව නැවත තිබූ තැන තබා කාමරෙන් එලියට ගියේ ය.


  " හරි... ඔයාගෙ වාරේ."


 එක් තනි මහළු කෙනෙක් පහළ සාලයට වී තනිව ම චෙස් අදිමින් හුන්නේ ය. පෙනුමෙන් ම ඔහු කවුදැයි ස්කයිලර් හැඳිනගත්තේ ය.


 " ඕකේ...."


 " ග්‍රෑන්පා..."


 ස්කයිලර් එසේ කතා කරද්දියි ඒ කෙනා ස්කයිලර්ව දුටුවේ. ඔහු පුටුවෙන් නැඟිට්ටේ එවර ය.


 " ඔය ළමයා කවු ද? කොහොම ද ඇතුලට ආවේ?"


  කේන්තියකින් මෙන් ඔහු එසේ අසද්දියි ස්කයිලර්ට මතක් වුණෙ වෙරිපිට ම සොරොන්ගේ ගෙදරට ආව හැටි ය. එහෙම්ම ම ඔහු හිනාවක් මවාගත්තේ ය.


 " ආහ් ඔව්නේ. අන්කල් මාව දන්නේ නෑ.


මං ස්කයිලර්. ස්කයිලර් සිවෙන්. මං සොරොන්ගේ යාළුවෙක්. ඊයේ රෑ හදිස්සියේ ආවේ. අන්කල්ටවත් කියන්න බැරිවුණා."


 ඔහු එසේ කියාගෙන ම ඔහුට අත දිගු කළේ ය. ග්‍රෑන්පා ද ඔහුට අතට අත දුන්නේ ය.


 " ජෝසප්. ජෝසප් ස්විට්."


 " ඕහ්... නයිස් ටූ සී යූ. ඔයා... අර ඇමඩන් ස්විට්ට නෑ වෙන කෙනෙක් ද? සේම් සර්නේම්ස්. ඒකයි."


  ස්කයිලර් කිවුවේ ය. කණ්ණාඩි අස්සෙන් ම ඔහු බැලුවේ බැරෑරුම් බැල්මකින් ය.


  " වාඩිවෙන්නකෝ ඔතනින්."


 ඔහු එසේ කියද්දි චෙස් බෝර්ඩ් එක ඉස්සරහ පුටුවෙන් ස්කයිලර් ද වාඩිවුණි. ජෝසප් නැවත ඉත්තෝ ටික සකස් කරන්නට විය.


 " ඔව් දන්නවා. මගේ මුනුබුරා ගැන මං නොදන්නව ද?


  චෙස් අදින්න දන්නව ද ඔයා?"


 ජෝසප් ඇසුවේ එසේ ය.


 " ඔව් ටිකක්. හැබැයි අවුරුදු ගාණකින් ඇදලා නෑ. දැන් මතකත් නෑ වගේ."


 ස්කයිලර් කිවුවේ සාක්කුවට අතදාන ගමන් ය.


  " කමක් නෑ ඇදලා බලමු. කවුරුත් නෑ ඉතින් මෙහෙත් අදින්න. මගේ ලිලී කෙල්ල ඉද්දි නම් දවසකට එකපාරක් හරි ඇද්දා. දැන් ඒකත් නෑ."


  ග්‍රෑන්පා කිවුවේ දුකෙන් ය.


  " ආහ්... අන්කල් මං සිගරට් එකක් බිවුවට කමක් නැද්ද?


මං හිතන්නේ නම්.... අන්කල් බොන්නේ නෑ."


  ස්කයිලර් කිවුවේ සිගරට් එකකුත් අතට ගෙනම ය. ජෝසප් ඔහු දෙස බැලුවේ පුදුම වීය.


 " ඔයා කොහොම ද දන්නේ?"


 " ලිප්ස් වලින් කිවුවේ. පාවිච්චි කරලා තියෙන හින්දා යටිතොල වේලිලා. ඒත් දැන් නොකරන හින්දා රෝස පාටට තියෙනවා. අවපාට වෙලා නෑ.


  මං නම් චෙස් අදිද්දි එකක් ගන්නවා. පුරුද්දට වගේ. කමක් නෑ නේ ද?"


  " කමක් නෑ පුතා බොන්න. පුතා බ්ලැක් ද? වයිට් ද?"


 " අන්කල්ට කැමති එකක්. අපි බලමු."


  ස්කයිලර් සිගරට් එක පත්තු කරන අතරේ ම කිවුවේ ය. ජෝසප් මඳ හිනාවක් ගෙන සුදු පාට පැත්ත තමාගේ පැත්තට හරවා ඔහුට කළු පැත්ත දුන්නේ ය. එහෙම්ම ම ඔහු ඉත්තෙක් ඇද්දේ ය.


 " ඇමඩන් නැතිවුණානේ. මිනිහා ඉන්න සෙවන් ඔෆ් ද මැඩගස්කර් ෆිල්ම් එකට නම් මං කැමතියි. අන්කල් මිනිහව මැරෙන්න කලින් දැක්ක ද?"


  ඉත්තො අදින අතරෙ ම ස්කයිලර් කතාවට බැස්සේ ය.


 " හහ්.... මිනිහව මං අන්තිමට ඇහැට දැක්කේ දැන් අවුරුදු 10කටත් කලින්. ඒකත් අර අපේ කෙල්ලගේ ෆිල්ම් එකක රඟපාන්න ආවා ම.


  වෙනිල් ස්විට්ව දන්නවනේ? ඒ මගේ ලොකු දුව. එතකොට එයාගේ මල්ලි ඩොනවන් ස්විට්. එයාගේ පුතා තමා ඔය ඇමඩන්.


 එතකොට රොකී බ්ලූවත් දන්නවනේ? අපේ සෝරොගෙයි, ලිලීගෙයි තාත්තා. මිනිහගේ නංගිගේ නම ශෙරින් බ්ලූ. ඇත්තට ම ඩොනවන්ගෙයි, ශෙරින්ගෙයි පුතා තමා ඔය ඇමඩන්."


  ජෝසප් චෙස් අදින අතරේ ම කියාගෙන ගියේ ය. ඔහුගෙන් ප්‍රශ්නවලට පිලිතුරු ගැනීමට හොඳ ම විදිහ චෙස් අදින අතරේ කතා කිරීම බව ස්කයිලර්ට තේරුණි.


 " හ්ම්... ඇත්තට ම... රොකී & වෙනිල් ඩිවෝස් වුණා නේ ද? එතකොට සොරොන්ට වයස කීයක් විතර ද?"


  දුම් රැල්ලක් පිට කර ම ස්කයිලර් ඇසුවේ ය. ඔහු මේ වෙලාවේ දී හැසිරුණේ ඒ සිද්ධිය පිලිබඳ නොදන්නා කෙනෙක් මෙන් ය.


 " වැඩිය නෑ. අවුරුදු 14යි. මගේ බටර්ෆ්ලයිව මරලා එයාගෙ අවසන් කටයුතු කරලා මාස කීපෙකින් වෙනිල් රොකී එක්ක ඩිවෝස් වුණා."


ජෝසප් ඉත්තන් දෙස බලාගෙන එසේ කියද්දි ස්කයිලර් ඔහු දෙස බැලුවේ පුදුමයෙන් ය.


 " වට්? ලිලීව මරලා?"



⚡⚡⚡



අදට ඉවරායි....


මේ ටිකේ ටිකක් බිසී. ඒ හින්දා කතාව දෙන්න වෙන්නේ නැත්තේ. ඒ ම වුණොත් මං ටිකක් කල් අරන් ආයේ ලියන්න ගන්නම්...


නැත්තම් සැරෙන් සැරේ දෙද්දි ඔයාලට කතාව මතකත් නෑ. කමෙන්ට් එන්නෙත් නෑ. මට දෙන්න වෙන්නෙත් නෑ.


ඊළඟ ලේසර් කදම්භයෙන් එන්නම්කෝ. කමෙන්ට් එකක් දාගෙන යන්න....


Chatta💫💫💫

Report Page