KI॥ER 000
|Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

Part 08
එහෙම කියලා පායලුයි ශුබමුයි දෙන්නම ගියේ ඩොක්ට අනුජ් ගාවට... මේ වෙද්දි ශුබම් තේරුම් අරන් ඉන්නේ ගායුල්ගේ උදව්වෙන් මේ ඝාතන හැම එකක්ම කරන කෙනා නිදහසේ ඉන්න බව... ඒ වගේම ශුබම් හැම කෙනෙක්ගැනම අවධානයෙන් ඉන්නේ මොනවිදිහක හරි ඉගි හොයාගන්න බලාපොරොත්තුවෙන්... ඩොක්ට අනුජ් දැන් ගෙනාපු ඩෙත් බොඩිඑක පරීක්ශා කරලා පායල්ටයි ශුබම්ටයි එන්න කිව්වේ මේ ඝාතන තුනේම තියන සමානකම් ගැන පෙන්වන්න...
ඒ ඩෙත් බොඩි තියන රූම්එකට ගියපුගමන් ශුබම් කලේ එයාගේ ගන් එක ඩොක්ට අනුජ් දිහාවට අල්ලන් හිටපු එක....
"ගායුල්ට යවන ලියුම් ටයිප් කරන්නේ ඔයා නේද අනුජ්...."
"මොන ලියුම්ද... ඔයාට වැරදිලා මිස්ට..."
"ශ්....ශ්.... වැරදිකරු නෙවෙයි නම් නිදහස් වෙන්න පුලුවන් මේක මගේ රාජකාරිය...."
එහෙම කියපු ශුබම් එයාගේ ටිම්එක ඩොක්ට අනූජ්ව බාරදීලා පායල්ව එතන තිබුන පුටුවකින් වාඩිකරලා ඩොක්ට අනූජ් කම්පියුටරයට පාවිච්චි කරපු මව්ස්එක පරිස්සමට බෑග්එකකට දාලා තිබ්බා... පොලිස් නිලධාරියෙක්ට කියලා ගෙන්නගත්ත මව්ස්එකක් භාවිතාකරලා මුලු කම්පියුටර්එකම පරීක්ශාකරලා බැලුවා...
ගායුල්ට යවපු හැම ලෙටර්එකක්ම මේ කම්පියුටර්එකේ තියන නිසා ඒ සාක්ෂි ඔක්කොම එකතුකරගෙන් පායල්එක්ක පොලිසියට ආවා...
" පායල් කොහොමහරි විස්තරයක් ගායුල්ගෙන් ගන්න බලන්න...."
"හරි...."
පායල් ගායුල්ගේ කාමරේට යද්දි ශුබම් ඩොක්ට අනුජ්ගේ කාමරේට ගිහින් ප්‍රශ්න කරන්න පටන්ගත්තා...
දෙන්නටම කිසිම තොරතුරක් ගන්න බැරි උනත් ශුබම්ට වටින නිව්ස්එකක් පොලිස් නිලධාරියෙක්ගෙන් හම්බුනා....
"සර් එකසමාන ඇගිලි කලකුණු වර්ග දෙකක් තියනවා... හරියටම ඒක තහවුරු කරගන්න අපිට හතරදෙනෙක්ගේ ඇගිලිසලකුණු ගන්නවෙනවා...."
" කාගෙද...."
" සර්ගෙ ඩොක්ට අනුජ්ගේ පායල් මෑම්මේ ගායුල්ගෙයි...."
"හරි...."
හතරදෙනාගෙන ඇගිලිසලකුණු අරගෙන ඒවා එකින්එක සංසන්දනය කරලා බලද්දි අන්තිමට ඉතුරුවුනේ ඩොක්ට අනුජ්ගේ සහ පායල්ගේ ඇගිලිසලකුණු.... ඒ ගැන තවත් පරීක්ෂණ කරලා බලද්දි ඝාතකයා කව්ද කියලා හදුනගන්න පුලුවන්න උනා... ඒ රිපෝට්එක කෙලින්ම ආවේ ශුබම් ලගට....
" පායල්...."
" ම්....... "
" ඔයාට මොනවහරි දෙයක් මේ කේස්එක ගැන කියන්න තියනවද..."
" මොනවා කියන්නද...."
"හ්ම්... "
" ඔයා මොකක්හරි අවුලකද ඉන්නේ ශුබම්...."
"ඔව්... රස්සාව අතින් මං සම්පූර්ණ මනුස්සයෙක්... ඒත් අනිත් හැම දෙයක් අතින්ම මම ෆේල්.... සොරි...."
එහෙම කියපු ශුබම් එකපාරටම පායල්ගේ අත්වලට මාංචුදාලාඑයාව ඇරෙස්ට් කලා.... ඔව් මේ ඝාතන තුනම කරලා තියෙන්නේ පායල්.... ඒකට සාක්ශි ඇති තරම් තියනවා... ඒ සාක්ෂිවලින් වැදගත්ම සාක්ෂිය උනේ ගායුල්ගේ දිනපොතේ තිබුන එක පිටුවක්... ඒ පිටුව ගායුල් ගලවලා ශුබමාගේ අතට දුන්නේ ඝාතකයා ගැන හරියටම හොයාගත්ත දවසක ඒක ඔප්පු කරන්න පුලුවන් මොදම සාක්ෂිය ඒ කොලේ තිබුන නිසා....
අවසාන වතාවට පායල්ගේ දඩුම තෝරන්න උනෙත් ශුබම්ට... ඒ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දීම හෝ ස්වභාවික මරනයක් ලෙස ඝාතනය කිරීම....
" ඝාතන සියල්ලම සිදුකරපු ඝාතකයාහට මා විසින් තෝරාදෙනු ලමන්නේ ස්වභාවික මරනයක් දෙස ඝාතනය කිරීමයි..."
අන්තිමට ශුබම් පායල්ගේ මරනය එයාගේ අතින්ම ලිව්වා....
"ශුබම්.... මේ ඩයරිඑක...."
"ඒක වැඩක් නෑ ගායුල්...."
" ඔයාට මේක කියවන්නම වෙනවා ශුබම්... එහෙම නැත්තම් මට ආපහු මගේ පරණ ජීවිතේට යන්න පුලුවන්...."
"ඒ ඇයි...."
"ඔයා නොදන්න ලොකු කතාවක් තියනවා...."
"ඩයරි එකේ තියන දේ කෙටියෙන් මට කියන්න...."
" ඩොක්ට කෙනෙක් වෙන ආසාවෙන් කැම්පස් ගියපු ඒ කෙල්ලට අවුරුදු හතර ඉවර වෙද්දි ලොකු ආසාවක් ඇතිඋනා පන තියන මිනිස්සුනේ අවයව ක්‍රියාකරන විදිහ පිහිටලා තියන විදිහ ගැන ඇස් දෙකින් බලාගන්න.... ඒත් ඒක නීතියට පටහැනි නිසා ඩොක්ට කෙනෙක් වෙන්න ඉගෙනගත්ත ගායුල්
අපරාධ පරීක්ෂණ ගැන ඉගෙනගත්ත අක්කව මරලා පායල් විදිහට ජීවත් උනා...."
" ඒ කියන්නේ...."
"මමයි පායල්...."
" එතකොට...."
"කාලයක් ඔයයි මමයි ආදරේ කලා... මම අතුරුදහන් උන දවසේ ඉදලා මේ වෙනකන් ඔයත් එක්ක හිටියේ මම නෙවේ ගායුල් හැබැයි පායල්ගේ,අනන්‍යතාවයෙන්...."
"......."
"ඔයාගේ ජීවිතේට මං ආපහු එන්නේ නෑ ශුබම්.... පුලුවන්නම් මට උදව් කරන්න ලෙක්චර් කෙනෙක් වෙන්න...."
"මං පොරොන්දුවෙනවා....."
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
වර්තමානයට......
ඔන්න ඔය විදිහට තමයි ඝාතනයක් ගැන මගේ පලවෙනි අත්දැකීම...... හැමවෙලේම හැමදෙයක් ගැන සැක කරලා බලන්න.... හැබැයි රස්සාවට විතරක්.....
ඒක තමා අද දවසේ මට ඔයාලට දෙන්න තියන උපදෙස... එහෙනම් අද ලෙක්චර්එක ඉවරයි... මේ කේස්එක ගැන ඔයාලට හිතෙන දේ ගැන මට කියන්න......
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
යම් කෙනෙකුගේ කැපවීමක් වෙනුවෙන් ඒ හදවත් සතුටුකරන්න උත්සහ කරන්න ❤️