KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️




Part 07




ගායුල්ගේ ගෙදර අවටත් පරීක්‍ෂාකරලා තවමත් බාගෙට විවෘතව තියන දොර විවරකරලා ශුබම් ගේ ඇතුට ගියා...

කෙල්ලෙක් ඉන්න ගෙයක්ද කියලා ශුබම්ට හිතුනේ ඒ ගෙදර ඒ තරම් අපිරිසිදු නිසා... ඒත් ගායුල් මේ තරමටම අපිරිසිදු කෙනෙක් නෙවේ... ඉස්සර නම් පායල් බැන බැන අස්කරනවා... සමහරවිට දැන් එහෙම එයා වෙනුවෙන් දේවල් කරන්න කෙනෙක් නැති නිසා වෙන්න ඇති කියලා ශුබම් හිතුවා...


ගායුල්ගේ ගෙදර පලවෙනිපාරට පරීක්ෂා කලේ පොලීසියේ අය උනාට එයාලට මේ ගෙදරින් හෝ වටපිටාවෙන් කිසිම තොරතුරක් ලැබිලා නෑ...

කොහොමහරි පොඩිහරි දෙයක් හොයාගන්න ඕනි නිසා ශුබම් හරිම පරිස්සමට මුල ඉදලා හැමදෙයක්ම පරීක්ශා කලා... මුල ඉදලා මුලු ගේම පරීක්ශා කලත් ශුබම්ට මොකුත්ම හම්බවුනේ නෑ... ඒත් ශුබම්ගේ දක්ශතාවය කොච්චරද කියනවනම් ඕනිම කෙනෙක්ගේ අනන්‍යතාවය අදුරගන්න වගේම ඒ කෙනාව සැක කරන්න හෝ මොනයම් විදිහක දෙයක් මේ ගෙදර තියෙන්න ඕනි කියන දේ ශුබම්ට තේරුනා... හරිම ප්‍රවේශමෙන් සෑහෙන වෙලාවක් පරීක්‍ෂා කරපු ශුබම්ට හම්බවුනේ ලියුම් හතරක් වගේම ඩයරියක්....


ශුබම් මුලින්ම කලේ අර ලියුම් හතර කියවපු එක...




Letter 01

අම්මා තාත්තා අක්කා ශුබම් ජීවත්වෙනවා දකින්න ඕනිනම් උබේ ඔය නම වෙනස් කරගෙන මං කියන විදිහට ජීවත්වෙන්න ඕනි....


කුණු කන්ද පහල,
වතුවල.

ඔය එඩ්රස් එකේ තියන පොඩි ගෙදර ජීවත්වෙයන්... රස්සාව විදිහට කුලීවැඩ කරපන්...






Letter 02



උබ මැරුන එකියක්නේ ඒක ඒ විදිහටම තියාගනින්. තමුසෙගේ මරනෙට වග කියන්න ඕනි කව්ද කියන එක කියලා තිබෝනොත් උබේ ඇස් ඉස්සරහා හැමදෙයක්ම වෙයි..



Letter 03


මේ ලමයි දෙන්න එක්ක කතාකරලා හිටපන්.... උන් යන්නේ ටව්මේ ඉස්කෝල දෙකට



Letter 04


මගේ අරමුන ඉවරවෙනකන් මං කියනවිදිහට වැඩකරපන් පායල්






ඔව් අන්තිම ලියුමේ තිබුනේ පායල් කියලා... ශුබම් ආපහුසැරයක් ඒ ලියුම් අරගෙන මුල ඉදලා කියෙව්වා.... පායල්ට යන්න ඕනි ලියුමක් ගායුල් ලග තියෙන්නේ කොහොමද.... ඇත්තටම ගායුල් පායල්ව බ්ලැක්මේල් කරනවද.... එහෙමනැත්තම් පායල් කියලා රැවටිලා ගායුල්ට මේ ලියුම් ආවද....


ශුබම් ලියුම් හතරත් අරගෙන ඉක්මනට ගියේ ගායුල් ඉන්න තැනට... ශුබම් තවමත් අර ඩයරිඑක කියෙව්වේ නෑ... ඒ නිසා ඒ ඩයරිඑක වාහනේ හංගලා ලියුම්ටික විතරක් අරගෙන ගායුල් ඉන්නතැනට ගියා....





"ගායුල්... මේ ලියුම් මොනවද...."




"මිස්ටර් ශුබම්, මම ගායුල් නෙවේ මම සාගා...."




"හරි මට කියන්න මේ ලියුම් කොහොමද ඔයාගේ ගෙදර තිබුනේ කියලා...."




"ඔය ලියුම් ටික හොයාගත්තා කියන්නේ ඔයා දක්ශයෙක්නේ ශුබම්... ඉස්සරටත් වඩා වැඩියෙන් දක්ශයෙක්..."




"සාගා...."




"ඔයා කිසිම වැඩක් බාගෙට කරන්නේ නෑනේ භිස්ට ශුබම්... නේද... ඔය ලියෝම්ටිකත් එක්ක තිබුන ඩයරිඑක කෝ..... ඒක කියෙව්වනම් අද ඔයා මේ විදිහට නෙවේ මගේ ඉස්සරහ ඉන්නේ...."




"ඩයරිඑක මං ලග තියනවා... මේ ලියුමේ කොහොමද පායල්ගේ නමක් ගෑවුනේ...."




"මේ කේස්එක යටගහන්න ඕනි නිසා මං පායල්ව බ්ලැක්මේල් කලා...."




"මං එච්චර මෝඩ නෑ... මේ හැම ලියුමක්ම ආවේ ඔයාට... මැරුනා කියලා ප්‍රසිද්ධ උනේ ඔයාව එතකොට මොකක්ද මේ පායල්ගේ නම ගාවලා කරන්නේ...."




" මගේ අක්කා අද රෑ තනියමද ගංදර ඉන්නේ...."




"පායල්ට මොනවාහරි කරදරයක්ද කියන්න....."




"එහෙම මොකුත් නෑ.... මට ඔයාගෙන් කරන්න එක ඉල්ලීමක් තියනවා... ඔයාගේ හිත කියනවනම් ඝාතකයා මම නෙවේ කියලා අර ඩයරිඑක කියවන්න එපා... මහන්සිවෙලා ඝාතකයා හොයාගන්න ඊටපස්සේ ඒ ඩයරිඑකේ ලියපු දේවල්වලින් වැඩක්නැතුව යනවා....."




"හරි...."




සැකපිට ඕනිම කෙනෙක්ව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න පුලුවන් දවස් දෙකයි. ඒ දවස්දෙක ඇතුලත සාක්ශි හොයාගන්න බැරිඋනොත් අනිවාර්යයෙන්ම සැකකරුව නිදහස් කරන්න ඕනි... ඒත් ශුබම් කියන්නේ ප්‍රශ්න ඉක්මනටම විසදන්න පුලුවන් කෙනෙක්...


ශුබම් ගායුල් එක්ක කතාකරලා එලියට එද්දිම වගේ පොලිස් ජීප්එකකින් කට්ටියක් දුවගෙන ආවා තවත් මර්ඩර්එකක් සිද්දවෙලා කියන්න... ශුබම් ඒ මර්ඩර්එක ගැන බලන්න යන්න අඩියක් ඉස්සරහට තිබ්බත් ඒ අඩිය ආපහු ගත්තේ ගායුල්ව එයත්එක්ක එක්කගෙන යන්න ඕනි නිසා...


මර්ඩර් එක උන තැනට යන්න කලින් ශුබම් ගායුල්එක්ක ගියේ පායල්වත් එක්කගෙන යන්න...



තුන්දෙනාම ඉක්මනට මර්ඩර්එක වෙලාතියන තැනට ගියාම තේරුනේ ඝාතනය කරන කෙනා එකදිගට ඝාතන කරන ඝාතකයෙක් බව...




"සර් කලින් දරුවො දෙන්නගෙම විදිහට මේ ගෑනුලමයවත් මරලාදාලා තියෙන්නේ....



පොලිසියේ කෙනෙක ඒ දේ කිව්වාම පායල්වගේම ශුබමුත් ඒක අනුමත කලේ මේ ඝාතන තුනම බැලූ බැල්මට සමාන නිසා...




"මේ ඝාතන කරන්නේ මනෝවියාදික ඝාතකයෙක්"




ගායුල් එකපාරටම එහෙම දෙයක් කියපුවැම අනිත් නිලධාරින් කටකොනින් හිනාවුනේ දැනටමත් ඝාතකයා විදිහට ගායුල්ව අල්ලගෙන ඉන්න නිසා...




"ගායුල් ඝාතකයනම් මේ ඝාතනය වෙන්න බෑ... හරිම ඝාතකයා තවමත් එලියේ ඉන්නේ..."




" අපි තවත් හොදට පරීක්ෂණ කරමු සර්... කොහොමහරි මේ ඝාතන වල මහ මොලකාරයාව අල්ලගන්න ඕනි..."




"මේ බොඩි එකත් අධිකරණ වෛද්‍ය ඒකකයට යවන්න.... ගායුල්ව ඇරස්ට් කරන්න... සිකියුරිටිඑක ඩබල්කරන්න... "







Report Page