KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️



Part 06




එතනින් පස්සේ පොලීසියේ කීපදෙනෙක් පායලුයි ගායුලුයි ඉන්න තැනට ආපු නිසා දෙන්නම නිශ්ශබ්දව හිටියා.... ටිකවෙලාවකින් ශුබම්ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට්ටියම ආවා... මේවෙලාවේ මීඩියා එකෙන් වටවෙලා නිසා මොකුත් කරන්න විදිහක් නෑ....




"සර් මීඩියා එක නිසා මෑම්වයි අනිත් කෙනාවයි ගෙනියන්න විදිහක් නෑනේ...."




"මං මීඩියා එකට කතාකරන්නම්... එතකන් මේ දෙන්නව වාහනේම තියන්න..."




"හරි සර්..."




වාහනෙන් බැහැපු ශුබම් කෙලින්ම ගියේ මීඩියා එක ඉස්සරහට... එතනට ගියපු ගමන්ම ශුබම් කතා කලෙඒ නම් නෑ... මුලින්ම කලේ ඇවිත් ඉන්න මාධ්‍යවේදීන් දිහා සහ ඒ අය නියෝජනය කරන නාලිකා ගැන අවධාරනය කරගන්න එක. ශුබම්ගෙන් එක එක විදිහේ ප්‍රශ්න ඇහුවත් ඒ හැම ප්‍රශ්නයක් ඉදිරියේම ශුබම් නිහඩයි...




" සර් සර්ගේ මේ නිහඩ බවට හේතුව මොකක්ද....ය"




"සර්ගේ වයෆ් නේද මාංචු දාලා ඉන්නේ..."



"සර් මේක දාමඝාතයකෙක්ගේ වැඩක්ද...."





ඔය විදිහේ ප්‍රශ්න සියල්ලම හමුවේ ශුබම් නේහඩයි... මාධ්‍යවේදීන්ගේ කිසිම ප්‍රශ්නයකට උත්තර නොදී හිටපු ශුබම් කතා කරන්න පටන්ගත්තේ මාධ්‍යවේදීන් යම්තාක් දුරට නිහඩ වු පසුවයි....




" මගේ පවුල තියෙන්නේ ගෙදර. මෙතන තියෙන්නේ මගේ රාජකාරිය... ඒකට කිසිම බැදීමක් නෑ... මේ සිදුවන සිදුවීම ගැන අපි තවම පරීක්ෂණ කරනවා. ඒ නිසා මාධ්‍යට කිසිම තොරතුරක් සැකපිට දෙන්නේ නෑ... සතියකට පස්සේ මේ ස්ථානයේදී මම සියලුම සාක්ෂි සමග ඔයාලා හැමෝටම මේ සිදුවීම ගැන දන්වන්නම්. එතකන් හැමෝම තමන්ගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න."





මේ විදිහේ ප්‍රකාශයක් කරලා ශුබම් මාධ්‍යවේදීන්ව පොලීසිය ලගින් අයින් කරලා දැම්මා... ඊටපස්සේ පායල්වගේම ගායුල්වත් පොලිසියේ ආරක්‍ෂාව එක්ක ප්‍රශ්න කරන කාමරයට එක්කගෙන ගියා....




" ආරක්‍ෂාව ඩබල්කරන්න... ඒවගේම කිසිම කෙනෙකුට පැයක් යනකන් එන්න දෙන්න එපා...."




"හරි සර්...."





එහෙම කියපු ශුබම් පායල් වගේම ගායුල්ව එක්කගෙන ගියපු කාමරයට ආවා... දෙන්නා දිහාම විනාඩි කීපයක් බලන්හිටපු ශුබම් ඒ දෙන්නා ඉස්සරහා තිබුන පුටුවෙන් ඉදගත්තා....





" මං ඔය දෙන්නගෙන් ප්‍රශ්න කරන්නේ මේ මර්ඩර් එක ගැන නෙවේ.... ඔයදෙන්නා ගැන....

පායල් ඔයාගේ නංගි කොහොමද ජීවත් වෙන්නේ. ..."





"ශුබම් මමත් අද තමයි දන්නේ.... මං හිතන්හිටියේ... ම..මගේ.. නංගි.. නැ... නැතිවුනා... කියලා...."




"ගායුල් ඔයාට මොකක්ද උනේ... "




"ඔයාලා දන්න ගායුල් දැන් නෑ ශුබම්... දැන් ඉන්නේ නගරයේ තට්ටුනිවාසවල ගඩොල් අදින සාගා.... "




" ඔයාට මොකක්ද උනේ... කැම්පස් හිටපුගමන් ඔයා අතුරුදහන් උනේ කොහොමද... "




" ආදරේ කරපු දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් ඇවිත් එයා මාව මරලා දැම්මා.... ඒත් මං මැරුනේ නෑ...."




" ඒ කව්ද...."




"ඒ කව්ද කියලා කිව්වොත් ඔයා පිලිගන්නවද ශුබම්.... ලෝකයට මං මැරුන මනුස්සයෙක් ඒවගේම මං ආදරේ කරපු කෙනාට බැරි උනා මට ආදරේ කරන්න ඒකනේ හරි ඉක්මනට එයත් වෙනස් උනේ...."





" කව්ද ගායුල් ඔයා ආදරේ කරපු කොල්ලා... අපි නොදැන ඉන්න විදිහක් නෑනේ..."




" ඔව්.... ඒක ඔයා පායල්ගෙන් අහන්න... මට වඩා හොදට එයා දන්නවා...."




" පායල්....."



"ම..මං දන්නේ නෑ ශුබම්... මං මොකුත් දන්නේ නෑ...."




"ශුබම් අයියේ.... මාව මෙතෙන්ට එක්කගෙන ආවේ අර නැතිවුන දරුවන්ගේ මීනිමරුවා මාව කියලා සැක කරලනේ.... සැක කරන්න ඕනි නෑ... ඒ ලමයි දෙන්නවම මැරුවේ මම... "




ඒවගේ උත්තරයක් කොහොමවත් ශුබම් බලාපොරොත්තු උනේ නෑ ගායුල්ගෙන්... ගායුල් කියන්නේ පායල්ගේ එක කුස උපන් නංගි.... ශුබම්වඛේම පායල් රිසර්ච්එකකට ගිහින් ඉන්න කාලයේ ගායුල් වසබීලා ජීවිතේ නැතිකරගත්තා කියලා හැමෝම දැනන් හිටියේ...


ඒත් දෙවනියට නැති උන පිරිමිදරුවගේ යාලුවා කියපු විදිහට ඒ නැතිවුන දරුවා ඇවිත් තිබුනේ ගායුල්ගේ ගෙදරට ... ශුබම් පුදුම උනේ මැරුනා කියපු කෙනා ජීවත්වෙනවා දැකපු නිසා... ශුබම්ට අනුව නීතිය නීතිය නිසා ඒ වෙලාවේ ගායුල්ව එක්කගෙන ආවේ පොලිසියට....


දෙන්නගේ අත්වල බැදලා තිබුන මාංචු ගලවලා ශුබම් පායල්වත් එකතුකරගෙන ප්‍රශ්න කරන කාමරයෙන් එලියට ආවා...





" ඇතුලේ ඉන්න කෙනාට තරමක් හොදින් සලකන්න... එලියට යන්න දෙන්න එපා... හෙට උදේට අනිත් වැඩ ගැන බලමු...."




එහෙම කියපු ශුබම් පායල් එක්ක ගෙදර එන්න පිටත් උනා....





" ශුබම් මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා...."




"මෙතන මොකකරි දෙයක් තියනවා පායල්... මං ඒක හිමීට හොයාගන්නම්..."




" හ්ම්... ඒත් ගායුල්ව බේරගෙන අපි මේ ෆයිල් එක ක්ලෝස්කරලා දාමුද...."




" බලමුකෝ.... අද රෑට මට නයිට් ඩියුටි තියනවා... ඒ නිසා ඔයා පරිස්සමට ඉන්න..."




" මේ ගමන්ම යනවද...."




"ඔව්... ඔයාව ගෙදර දාන්න ඕනි නිසා ආවේ.... හෙට උදේට මං එන්නම්..."




" හරි ශුබම් පරිස්සමට එහෙනම්...."





පායල්ව ගෙදර දාලා ශුබම් තනියම ආවේ පලවෙනියටම ඝාතනය උන ස්ථානයට.... ඒ හැම තැනක්ම හොදට පරීක්ෂාකරපු ශුබම් සමහර දේවල් ගැන හොදට අවධානය දුන්නා...

ඒ දේවල් එක්ක ශුබම්ට ගායුල්ව සැක කරන්න පුලුවන් කමක් තිබුනත් හිත ඒකට ශක්තිමත් නෑ....


ශුවම් දෙවනියට ගියේ පිරිමි දරුවාගේ ඝාතන ස්ථානයට... එතෙනත් හොද අවධානයෙන් අධ්‍යනය කරපු ශුබම් වාහනයට වෙලා කල්පනා කලේ ගායුල්ගේ ගෙදරට යනවද එහෙමත් නැත්නම් අධිකරණ වෛද්‍ය ඒකකයට යනවද කියලා... මොනවහරි තොරතුරක් බලාපොරොත්තුවෙන් ශුබම් ගියේ ගායුල්ගේ ගෙදරට...







Report Page