KI॥ER 000
Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

Part 04
"ඩොක්ට කස්තුරිගේ ( කලින් ඝාතනය කරපු අවුරුදු 15 ගැහැණු දරුවා) බොඩි එක අපිට ඕනි වෙනවද....."
"ඔව් පායල්... මට හෙට දවස ඇතුලත ඒ බොඩි එක ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.... "
"හරි ඩොක්ට මං ටිම්එකට කියලා ඔක්කොම ලෑස්තිකරන්නම්..."
පායල් ඩොක්ට අනුජ්ගේ හොස්පිටල් එකෙන් එලියට ඇවිත් කස්තුරිගේ බොඩි එක ආපහු අධිකරණ වෛද්‍ය ඒකකයට භාරදෙන්න අවශ්‍ය වැඩ ඔක්කොම කලා.... ඊටපස්සේ කස්තුරි සම්බන්ධ රිපෝට්ස් හැමදෙයක්ම එකතුකරලා ඒක ෆයිල් කරලා ඒ ෆයිල් එක ශුබම්ට භාරදෙන්න පොලිස් නිලධාරියෙක් අතේ අපරාධ දූශන ප්‍රධාන මූලස්ථානයට යැව්වා
ඊටපස්සේ පායල් එයාගේ නිලධාරීන් එක්ක මේ ඝාතන ගැන මුල ඉදලා හොයන්න අවශ්‍ය සියලුම වැඩ ලෑස්තිකලා...
"ටීම් තුනක් රෙඩි කරන්න එක ටීම් එකකට හතර ගානේ ඉන්න ඕනි...."
"ටීම් හතර ලෑස්තී මැඩම්.... "
" ටීම් A සෙට් එක අධිකරණ වෛද්‍ය ඒකකයට යන්න... ඩොක්ට අනුජ් දෙන හැම තොරතුරක්ම මට වගේම ශුබම් සර්ටත් ලැබෙන්න සලස්වන්න...
ටීම් B මර්ඩර් දෙකම සිද්දවුන තැන් ගැන විමර්ශනය කරන්න...
ටීම් C මර්ඩර් දෙක ගැන සියලු විස්තර හොයන්න.....
ටීම් D ඒ දරුවෝ දෙන්නා හිටපුතැන්වල සීසීටීවී චෙක් කරන්න.... "
"හරි මෑම්...."
"මෑම්.... දෙවනි මර්ඩර් එකේ රිපෝට්ස් ටික ඩොක්ට අනුජ් එවලා තියනවා...."
" දෙන්න ඒ ටික මට...."
පායල් ඒ රිපෝට්ස් ටික අරන් එකින් එක හිමීට බැලුවා.... කලින් ඝාතනයයි මේ ඝාතනයයි දෙකේම සමානකම් තියනවා කියලා පයල්ට තේරුනා...
කස්තුරි ගේ වයසයි ගනේශ් ( දෙවනියට ඝාතනය වුන පිරිමි දරුවා) ගේ වයසයි සමානයි... දෙන්නටම වයස අවුරුදු 15 යි... එතකොට මේ ඝාතන වෙන්නේ එකම වයසේ දරුවන්ගෙද... කියන ප්රශ්නය පායල්ට ලොකුවටම තෝරුනා...
" විරේන්.... මේ රිපෝට්ස්ටික ශුබම්ට යවන්න.... "
"හරි මෑම්.... "
"මර්ඩර් ගැන හොයන ටීම් එකට ලෑස්තිවෙන්න කියන්න මාත් එක්ක යන්න....."
" හරි මෑම්...."
"මුලින්ම පායල් සහ එයාගේ ටීම් එක ගියේ කස්තුරිගේ ගෙදරට.... ඒ අතරේ විරේන් දෙවනියට ඝාතනය උන දරුවාගේ පවුලේ අයත් එක්ක කතාකරලා ඒ දෙමව්පියන්ව දැනුවත් කලා... ඊටපස්සේ ඒ කටයුතු සියල්ල විරේන් බලාගත්තා...
කස්තුරිගේ ගෙදරින් සැක කරන්න තරම් විශේශ දෙයක් හමුවුනේ සහ තොරතුරු ලැබුනේ නැති නිසා පායල් ගියේ කස්තුරිගේ පාසලට.... පාසලිනුත් කිසිම තොරතුරක් ලැබුනේ නෑ....
"ආන්ටි....."
පායල් පාසලෙන් එලියට යන්න හදද්දිම වගේ ගැහැනු දරුවෙක් පායල්ගේ අතින් අල්ලලා එයාට කතාකලා.....
"කියන්න පුතේ...."
"ඔයාට මාව මතක නැද්ද ආන්ටි...."
"මට ඔයාව මතක නෑනේ පුතේ.... ඔයාට මාව හම්බවෙලා තියනවද...."
"කස්තුරිත් එක්ක ඔයාව හම්බවෙන්න මං ආවා දවසක්.... හැබැයි එදාම කස්තුරි නැතිවුනානේ...."
" ඒ කොහෙදිද පුතේ....."
"ලොකු ගේට්ටුව එහාට වෙන්න තියන ලොකු මාර ගහ ලගදි...."
" මේ මම කියලා ඔයාට හොදටම විශ්වාසයිද පුතේ.."
"ඔව් ආන්ටි තමයි...."
"මෑම්... මොකක් හරි දෙයක් වෙලා තියනවා කියලා මට හිතෙනවා.... "
"පුතා දැන් ක්ලාස්එකට යන්නකෝ ඒනම්....."
පායල් ඒ දරුවව ක්ලාස් එකට යවලා ටිම්එකත් එකත් එක්ක එලියට ආවා..
"මොකක්ද මෑම් ඒ දරුවා ඒ කියන්නේ..."
" මටත් හිතාගන්න බෑ... මම ඒ දරුවව දැක්කෙත් අද....
ගනේශ්ගේ ඉස්කෝලෙටත් යමු...."
"හරි මෑම්.... මට දෙයක් හිතෙනවා මෑම්..."
" මොකක්ද...."
" කවුරුහරි අපි දන්න කෙනෙක් අපිත්එක්ක සෙල්ලම්කරනවා කියලා...."
" ඒක ඇත්ත.... මේ ගැන විස්තර හොයාගන්න ඕනි අද හෙට ඇතුලත.... සමහරවිට මට මෙතනින් එහාම මොකුත් කරගන්න බැරිවෙයි...."
" ඒ ඇයි මෑම්...."
" සැකපිට මාව අත්අඩංගුවට ගන්න වෙනවා.... නිතියනම් නීතියනේ...."
" අපි බලමු මෑම්.... ශුබම් සර් ඉන්නවනේ... සර් කොහොමහරි මෑම්ව බේරගනි..."
"බලමුකෝ...."
පායල් හිතේ ඇතිවුන ගැස්මනම් නැතිවුනේ නෑ... සැකපිට වරදකට අත්අඩංගුවට ගත්තා කියන්නේ පායල්ගේ ගොඩක්දේවල් නැතිවෙනවා... ඒක පායල් හොදටම දන්න නිසා....
" මෑම් අපි ආවා...."
"අහ්...හරි යමු..."
පායල් එයාගේ ටීම්එකත් එක්ක ශනේශ්ගේ ඉස්කෝලෙට ගියා... එතනිනුත් වැඩි විස්තරයක් හම්බවුනේ නැති උනත් පායල්ව බයකරන විදිහේ දෙයක් සිද්ද වුනා.....
" මෙන්න අපේ ගනේශ්ගේ මිනීමරුවා ඇවිල්ලා....."
ඒ විදිහට හයියෙන් එක ලමයෙක් කෑගහපුවාම හැමෝම බයවෙලා වගේ බලන් හිටියා..... පායල්ට වෙන දේවල් හිතාගන්න බෑ...එයාව ඇයි මිනීමරුවෙක් විදිහට කියන්නේ කියලා....
"පු...තේ...."
" ඔයා නේද ගනේශ්ව මැරැවේ.... ගනේශ්ව ඔයාගේ ගෙදරට ගෙන්නගෙන එක එක ඒවා කරලා ඔයා ලමයින්ව මරනවා...."
"මොනවද පුතේ ඔයා මේ කියන්නේ...."
"අපි කියන්නේ ඇත්ත...."
එහෙම කියලා ඉස්කෝලේ ඉන්න ලමයි කීපදෙනෙක් එකතුවෙලා පායල්ට ගල්ගහන්න පටන්ගත්තා...එතනින් බේරිලා පායල් කෙලින්ම ආවේ ශුබම්ගේ ඔෆිස්එකට....
"ශුබම් මම නෙවේ එහෙම කලේ...."
" පැය දෙකක් ඇතුලත හැමදේම විසදනවා ...... බය නොවී ඉන්න....."
එහෙම කියලා ශුබම් පායල්ව ගෙදරින් දාලා අර පාසලේ ලමයි දෙන්නගෙන් කටඋත්තර ගත්තා.... ඒ අතරේ ඒ හැම ප්‍රදේශයකම සීසීටීවී රෙකෝඩ්ස් ගත්තා... ඒ දේවල් ශුබම් හරි පරිස්සමට බලලා පායල්ව ගෙදරින් පොලීසියට අරන් එන්න කියලා පොලිස් නිලධාරියෙක්ව යැව්වා...
මේ දේවල් වෙන්නේ හරි ඉක්මනට.... පායල් පොලීසියට එනවත් එක්කම ශුබම් එයාගේ ටීම් එකත් ලෑස්තිකරගෙන පායල්වත් එකතුකරගෙන ආවේ අර ඉස්කෝල දෙක මැද්දේ තියන අතුරු පාරකට... ඒ අතුරුපාර ලගින් හැමෝම වාහන නවත්තලා ගියේ ලීවලින් හදලා තියන පොඩි ගෙදරකට.....
ටිම් එකේ දෙන්නෙක් ඒ ගෙදර පරීක්ශා කරන පටන්ගද්දි අනිත් අය උත්සහ කලේ ඒ ගෙදර දොර අරින්න