KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️




Part 03






"ඔයා.... ඔයා කොහොමද මෙහෙ ආවේ...."




"ඔයා මාව බලන්න ආවේ නැති නිසා මම ආවා ඔයාව බලන්න..."




"ඔයාලා වගේ වැදගත් අය මෙහෙ ඉන්න ඕනි නෑ... ඒ නිසා ඔයා මෙහෙන් යන්න...."




"හරි ඒනම්.... හැබැයි අඩුම සතියකට සැරයක්වත් මාව බලන්න එනවා කියලා පොරොන්දුවෙන්න...."




"මම.... ඒ ඇයි...."




"මට අම්මෙක් නෑනේ.... ඔයා ලග ඉද්දි මට අම්මා ලග ඉන්නවා වගේ දැනෙනවා...."




"ඇයි අම්මට මොකද උනේ...."




"එයා අපිව දාලා ගිහින්.... අපිව එපා කියලා... දැන් එයා සතුටින් ඉන්නවා..."




"මේ පුතේ.... ඔයා ටීවී එහෙම බලනවද...."




"ඔව්...."




"අර ලමයෙක් මැරුනා කියපු කතාව දන්නවද ඔයා...."




"අනිත් ඉස්කෝලේ මගේ වයස ලමයෙක් ඒ.... බල්ලෙක් හපපු නිසාලු එයා නැතිවෙලා තියෙන්නේ...."




"ඔයත් පරිස්සමට.... දැන් හොද ලමයාවගේ ගෙදර යන්න...."




"හරි... අනිවාර්යයෙන්ම මං ඉන්නවා ඔයා එනකන් හෙට...."




"මං එන්නම්...."




ඒ දරුවා සූගේ ගෙදරින් එලියට යනකන් ඉදලා සාගා ඉක්මනට ගෙදර දොර වහගත්තා... ගෙදරින් එලියට ගියේ කෑම ගන්න උනත් සූට ඒක කරන්න අවසර තියෙන්නේ දොර ලග බිම තිබුන ලියුම කියෙව්වට පස්සේ...


සුදුපාටින් තිබුන ලියුම්කවරය හීමීට ගලවලා ඒකේ තියන ලියුම කියවපුවාම සූගේ හිතට පුංචි සැනසීමක් ආවා....



ඒ ලියුමත් පැත්තකින් තියලා සාගා කෑම අරන් ඉක්මනට ඉන්න තැනට ආවා... සුපුරුදු විදිහටම ගේ ඇතුලට වෙලා සති දෙකක් වගේ සාගා එලියට යන්නේ නැතුව හිටියේ කොහොමත් සාගා ඇවිදින්න ආස නැති නිසා...


හැබැයි සාගා අමතක නොකර ටොෆි චොක්ලට් වගේ එක එක කෑම අරන් ඉස්කෝලෙ ඇරෙනවෙලාවට ගිහින් එදා ගෙදර ආපු ලමයට දීලා එයත් එක්ක ටික වෙලාවක් කතාකරලා ආවා...








----------------------------------------------------------







"පායල් ඔයාට ශුවර්ද අර අර නැතිවුන ලමයා ගැන....."




නිවාඩු දවස නිසා ගෙදර මල් වලට වතුරදාමින් හිටපු පායල්ගෙන් ශුබම් ඇහුවේ උණුම උණු තේ කෝප්පයක් පායල්ට දෙන ගමන්...




"ඕක ගැන මම වැඩිය හෙව්වෙත් නෑ... ඩොක්ට අනුජ් කියපු දේ නිසා...."




"ඒ ගැන හෙව්වොත් නරක නැද්ද...."




"හේතුව...."




"මීට අවුරුදු දහයකට කලින් මතකද පොඩි ලමයෙක්ව දූශනය කලා.... සේයා කියලා... මට හිතෙනවා ඒකවගේ දෙයක් වෙන්න ඇති කියලා...."




"මට මේ කේස් එක ආපහු අදින්න බෑ ශුබම්... ඔයාට මොනවද කේස්එක ගැන හිතෙන්නේ...."




"විශේෂයක් නෑ...."




ශුබම් එහෙම කියපුවාම පායල් ශුබම් දිහා ඇස් පුංචිකරගෙන බලාගෙන හිටියේ මේ වගේ උත්තරයක් දෙන්න හේතුවක් අනිවාර්යයෙන්ම ශුබම්ට තියෙන්න ඕනි නිසා....





"මොකද ඔහොම බලන්නේ..."




" මටත් වඩා දක්ශ මගෙත් සීනියර් අපරාධ නඩු ගැන හරියටම විසදන මගේ මහත්තයා කියනවා විශේෂයක් නෑ කියලා... ඒක වෙන්න බෑනේ.... "




" මේ ගෙදර අපරාධ නඩු විසදන තැනක් කරනවද එහෙම නැත්තම් පවුලක් ඉන්න තැනක් කරනවද.... ම්.... "



" ඒත් ශුබම් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අපි කතාකරනවනේ ඉස්සරත්...."




" ආපහු ඕනි නෑ පායල්.... මගේ ඔලුව රිදෙනවා දැන් හොදටම.... නිවාඩු දවස නිසා රෙස්ට් කරන්න ඕනි...."




" එහෙනම් ටිකක් නිදාගන්න ඔයා... "




"හ්ම්... මගේ කෝප්පයත් හෝදනවද එහෙනම්...."




ශුබම් එහෙම අහලා අන්තිම තේ ටිකත් බීලා මේසය උඩින් කෝප්පය තියලා ගේ ඇතුලට ගියා... පායල් තවමත් බලන් ඉන්නේ ශුබම්ගේ මේ වෙනස් වීම දිහා...


ශුබම් මට ආදරේ නැතිවෙලාද... එම නැත්තනම් එයාට වෙන ප්රශ්නයක්ද... ඔය වගේ සෑහෙන දේවල් හිත හිත කලුවර වැටෙනකන්ම එතෙන්ට වෙලා කල්පනා කර කර හිටියා....


එහෙම ඉන්න පායල්ගේ උරහිසින් කවුරුහරි අල්ලනවා වගේ දැනුන නිසා පායල් බයවෙලා වගේ එතනින් නැගිට්ටා....





"ශ්..ශු..බම්...."




"මොකද මේ.... පැය තුනක් විතර මෙතනම... මං එනවවත් දැක්කේ නෑ... අඩුම මම කතා කරපු එකවත් ඇහුනද... මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ...."




"මොකුත් නෑ.... "




පායල් එහෙම කියලා ඇස්වලට උනපු කදුලු හංගගෙන කෝප්පදෙක අරන් එතනින් දුවලා ගේ ඇතුලට ආවා....


ශුබම් එතනින් එන්න හදද්දිම වගේ පායල්ගේ පෝන් එකට කෝල්එකක් ආවා... ඒක අරන් කිචන්එකට යද්දි පායල් ශුබම්ව මගෑරලා වොශ්රූම්එකට ගියා.... ශුබම්ට තේරුනා කලින් එයා කියපු මොකක්හරි දෙයක් නිසා පායල් මූඩ් අවුල් කරන් ඉන්නේ කියලා....


එකදිගට කෝල් එන නිසා ශුබම් පායල්ගේ කෝල්එක ආන්සර් කලා...

නිවාඩු දවස උනත් පායල්ට වැඩට යන්න වෙනවා කියලා ඒ කෝල්එක නිසා ශුබම් තේරුම්ගත්තා....

පායල් වොශ් දාගෙන ආවාම එයාට ඇදගෙන යන්න ඇදුම් ලෑස්තිකරලා ශුබමුත් ඇදුමක් දාගෙන සැන්විච් වගයක් ලෑස්තිකලේ පායල්ට අද රෑට කෑමට එන්න බැරිවෙන නිසා....





"පායල් ඔයාට එන්න කියලා කෝල් එකක් ආවා... ලෑස්ති කරලා තියන ඇදුම් දාගෙන එන්න.... "




"ඇයි හදිස්සියේම..."




"මර්ඩර් එකක්...."




"හ්ම්...."




පායලුයි ශුබමුයි දෙන්නම මර්ඩර් එක උන තැනට ගියා.... යන්න ලොකු වෙලාවක් ගියේ නැත්තේ එවලා තියන ලොකේශන්එකට පායල්ගේ ගෙදර ඉදලා පොඩි දුරක් තිබුන නිසා....





" ශුබම් ඔයා එනවද...."




"වාහනේ පාක් කරලා එන්නම්... ඔයා යන්...."



පායල් මර්ඩර් එක වෙලා තියන තැනට යද්දි හිතුනේ තව පැයක් ඉස්සර උනානම් කියලා.... පායල් එන්න කලින් ඩොක්ට අනුජ් ඇවිත් ඒ දරුවව බේරගනන පුලුවන් හැමදේම කලත් ඒක අසාර්ථක උනා...






" ඩොක්ට දරුවා ජීවත් කරවන්න බැරිද...."




"බෑ පායල්... මේකත් අර සති කීපයකට කලින් සිදුවුන අනතුර වගේම එකක් ...."




"සතෙක් නිසාද...."




"ඔව්..."




ඒත් එක්කම එතෙන්ට ශුබම් ආපු නිසා මිය ගිහින් ඉන්න දරුවා ගැන ශුබම් හිමීට බැලුවා....




" ඩොක්ට මේක මොනවගේ සිදුවීමක් කියලද ඔයා හිතන්නේ...."




"සර් මේකත් සතෙක්ගේ පහරක් නිසා වෙලා තියෙන්නේ.... "




"මේක මර්ඩර් එකක්.... සතෙක්ගේ කිසිම සම්බන්ධකමක් නෑ... කවුරුහරි මේ දරුවව මරලා දාලා.... "




"ශුබම්.... මේක ඇත්තටම ඒ වගේ දෙයක්ද..."




"ඔව්.... මේ දරුව මරලා තියෙන්නේ පැය දෙකකට කලින්.... සතෙක්ගේ ප්‍රහාරයකට මේ වගේ දෙයක් සිද්දවෙන්නේ නෑ... මේ දරුවගේ අක්මාව ගැලවිලා බඩවැල් එලියට ඇදලා අබරලා දාලා... සියුම් කැපුම් පාරවල් තැනින් තැන තියනවා... මේක ස්වභාවික ඝාතනයක් කියලා ඔප්පුකරන්න ඝාතකයා සැලසුම් කරලා තියෙන්නේ.."




"මෑම් අපි මොකද කරන්නේ මේකට...."




පායල්ගෙන් අනිත් නිලධාරින් අහපුවාම පායල් බැලුවේ ශුබම් දිහා... පායල් ඇස්වලින් කියපු දේත් එක්ක ශුබම් එයාගේ තීරණය කිව්වා....




" මේ මර්ඩර් එක ගැන මං බලන්නම්... හැබැයි පායල් අනිවාර්යයෙන්ම ඔයා කලින් කරපු විදිහටම මේ කේස්එක ඇදගෙන යන්න...."




"හරි..."










Report Page