KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭

❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️




Part 02




" සොරි මැඩම්... පාලම ලග ලමයෙක්ගේ මල සිරුරක් තියනවා..."




ඒක අහපු පායල්ගේ ඇස් නැවතුනේ තමන් දැන් කතා කර කර හිටපු අම්මා ලග... ඒ අම්මා ඒ කියපු දේ ඇත්ත කියන්න ඔලුව හොලවපු නිසා ඒ ගැන පායල් තහවුරු කරගත්තා...




" යමු එතෙන්ට...."





පායල් වගේම අනිත් පොලිස් නිලධාරීන් එතෙන්ට ගිහින් බලද්දි ඒ සිදුවීම සාමාන්‍ය මනුස්සයෙක්ට බලන්න පුලුවන් කමක තිබුනේ නෑ... ශරීරය කෑලිවලට කපලා ඇග ඇතුලේ තියන අවයව එලියට අරගෙන... ඒක හරිම අමානුෂික ඝාතනයක්....






මේ සිදුවෙලා තියෙන්නේ ඝාතනයක්ද නැතිනම් හදිසි අනතුරක්ද කියලා කියන්න බැරිවිදිහට තමයි මේ දරුවාගේ මලසිරුර තිබුනේ....





"මෑම් මොනවහරි හොයාගත්තද...."




"තවම නෑ... මේ කට්ටියව මෙතනින් අයින් කරන්න විනාඩි තුනක් ඇතුලත... "




පායල්ගේ අණට අකීකරු වෙන කිසිම කෙනෙක් නැති තරම්... ඒවගේම පායල් බාරගන්න වැඩවලත් බාග ඉතුරුවෙලා නෑ... හොදින් හෝ නරකින් අනිවාර්යයෙන්ම පායල් එයාට එන නඩු හැම එකක්ම විසදනවා... වැරදිකාරයාව වැරැද්දට කොටු කරගන්න බැරි උනොත් රහසින් හරි වැරදිකරුවන්ට දඩුවම් දෙනවා.... ඒ තමයි පායල්ගේ විදිහ... ඒ නිසා පායල්ට හැමෝම බයයි වගේම එයාට ගරු කරන එකත් හැමෝම කරනවා...




"මෑම් ඔක්කොම හරි කවුරුත් නෑ... ඒත් මේ දරුවගේ අම්මයි තාත්තයි ඈතින් ඉන්නවා...."





"දෙන්නෙක් ගිහින් එයාලා ගැන බලන්න...

ඉතිරු හැමෝම මෙතන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතිවෙන්න මොනවාහරි සාක්ෂියක් හොයා ගන්න...

මේ ලමයගේ මල සිරුර අරන් එන්න ඒක පරික්ෂා කරලා බලන්න ඕනි...."




"හරි මෑම්..."




නැති උන ලමයගේ මලසිරුර පරීක්‍ෂා කරන්න බාර උනේ ඩෝක්ටර් අනුජ් ට... අවුරුදු අටක ඉදලා මේ වගේ විමර්ශන වලදී සාක්ෂි ගැන නිවැරදිව තොරතුරු සපයන දක්ෂ ඩොක්ට කෙනෙක් තමයි ඩොක්ට අනුජ් කියන්නේ... ඉතින් මේ වතාවෙත් පායල් අර නැතිවුන දරුවාගේ මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගන්න ඩොක්ට අනුජ්ට මලසිරුර බාර දුන්නා...




ඩොක්ට අනුජ් අර දරුවගේ මල සිරුර පරීක්ෂා කරලා පැය විසිහතරක් යද්දි මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කලා... ඒ වාර්තාව ගන්න ගියේ පායල්....





"ඩොක්ට අනූජ්... විශේෂ දේවල් මොනවා හරි තියනවද...."




"විශේෂ දේවල් මොකුත් නෑ... ඒත් මට පොඩි දෙයක් හම්බුනා...."




"මොකක්ද...."




"මේ කෝට්එකයි මාස්ක් එකයි දාගෙන ඇතුලට එන්න...."



ඩොක්ට අනුජ් දුන්න කෝට් එකයි මාස්ක් එකයි දාගෙන පායල් මලසිරුර තැන්පත් කරලා තියන තැනට ගියා...




"මේ දරුවගේ දකුණු කකුලේ වලලුකර ලග බලන්න...."




"ඒ මොකක්ද.... "




"මටත් හිතාගන්න බෑ... ඒත් මට මේ ගැන කාරණා දෙකක් කියන්න පුලුවන්... අපි එලියට යමුකො...."




"හ්ම්...."




ඩොක්ටයි පායලුයි දෙන්නම අර කාමරයෙන් එළියට ඇවිත් ඩොක්ටගේ කැබින් එකට ආවා.....




"මේකයි පායල්.... මේ විදට මාක් එකක් ඇගේ තියන්න පුලුවන්වෙන්නේ මේ කාරණා දෙකට,

පලවෙනි එක තමයි මේක ඝාතනයක් නම් මේ ලමයව මරලා දාපු කෙනා එයාට ආවේනික කෝඩ් එකක් භාවිතා කරලා තියනවා.. ඒක නිසා තමයි ඔය විදිහ බින්දුවට සමාන තුවාලය කැලලක් තියෙන්නේ...


දෙවනි එක තමයි මේ දරුවාට මොකක්හරි අනතුරක් වගේ උනානම් බින්දුව හැඩේ තියන තැනක කකුල තදට වැදේලා ඒ පාරට තුවාල වෙලා තියනවා...."




"එකද දෙකද කියලා මේ රිපෝට්වලින් බලන්න බැරිද අපිට "




"ඒක කරන්න තමා අමාරුම... ඒත් 60% ක් වගේ මට හිතෙන්නේ මේක අමානුෂික ඝාතනයක් කියලා..."




"ඩොක්ට එහෙම හිතන්න හේතුව...."




"මෙච්චර කාලයක් ඔයවගේ දේවල් එක්ක ඉදලා පරීක්‍ෂණවලට වරදින්න පුලුවන් දේවලුත් හරියටම මට කියන්න පුලුවන්...."




"මේ කේස් එක ගැන මං බලන්නම් ඩොක්ට...."




" හොදයි එහෙනම්... මේ මල සිරුර වලදාමු අපි... එතකොට ආපහු හදිසි දෙයක් සිද්ද උනොත් අපිට පරීක්ෂණ කරන්න පුලුවන්..."




" හරි ඩොක්ට... මං අපේ නිලධාරින් එවන්නම්..."




පායල් ඩොක්ට අනුජ්ගෙන් රිපෝට් එක අරගෙන වාහනේට ඇවිත් ඒ රිපෝට්එක දිගෑරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා...



වයස අවුරුදු 15යි ගෑනු දරුවෙක්...


අක්මාවට දැඩි ලෙස හානිවෙලා.... ඒවගේම අසාමාන්‍ය තැලීමක් සිද්දවෙලා නිසා අවයව ඔක්කොම එලියට ඇවිත්.... හම පහුරුගාලුවගේ තුවාලවෙලා...


ඒ තුවාල වලින් බල්ලෙක්ගේ කෙල වගේම පඩි ලාවට ශරීරයට ඇතුල්වෙලා....



මේ දේවල් කියවපු පායල් වාහනේ ස්ටියරින්වීල්එකට ඔලුව තියාගත්තේ මේවගේ දේවල් මේ පොඩි ලමයින්ටත් වෙනවා නේද කියලා හිතන ගමන්.... ටිකක් වෙලා ඒ විදිහට හිටපු පායල් මරන පරීක්ෂණ වාර්තාව ආපහු බෑග්එකට දාලා පොලිසියට ගියා.

පොලීසියට යද්දි අර මැරුන දරුවගේ අම්මයි තාත්තයිත් ඇවිත් ලමයගේ අවසන්කටයතු කරන්න මල සුරුර ඉල්ල ඉල්ල ප්‍රශ්න ඇතිකරනවා...





" මොකක්ද මෙතන වෙන්නේ...."




"මෑම්,.....

මෙයාලට දරුවව ඕනිලු අවසන් කටයුතු කරන්න..."




" මෙයාලා දැන්නව මගේ කැබින්එකට එවන්න...

ආ මේක පොටෝකොපි දෙකක් අරගෙන ඔරිජිනල් එකයි තව කොපි එකකුයි මට දෙන්න... අනිත් එක ෆයිල්එකට දාන්න....."




"හරි මෑම්...."





පායල් එයාගේ කැබින්එකට ගිහින් ටිකවෙලුවකින් ර නැතී උන දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම ආවා... ඒ මූනවල් දැකාකාම පායල්ට එයාලගේ වේදනාව හොදට තේරෙනවා... ඇස් ඉදිමෙනකන් අඩලා.... අම්මෙක්ට තාත්තෙක්ට එයාලගේ දරුවා කොයිතරම් වටිනවද කියන දේ පායල්ට තේරුනා.....





" ඔයාලට තව දරුවො ඉන්නවද අම්මා...."




"අනේ නෑ නෝනා මේ දරුවා විතරයි ඉන්නේ.... අනේ අපිට එයාගේ අවසන්කටයුතු ටිකවත් කරන්න දරුවව දෙන්න නෝනා...."




"හරි... ඒ දේවල්වලට ඔයාලගෙන් අවසරයක් ඕනි.... "





පායල් පොටෝකොපි කරන්න කියපු කොල ටිකත් අරගෙන පොලිසියේ කෙනෙක් පායල්ගේ කැබින්එකට ආවා... එයා අර කොට ටික දාලා එලියට ගියා....




" අම්මා මේ තියෙන්නේ ඔයාලගේ දුවගේ මරණ පරීක්ෂණ වාර්තාව.... එයාව කවුරුත් මරලා දාලා නෙවේ... ස්වභාවික මරණයක් ඒක...."




" අනේ නෝනා....."




"දරුවව ඔයාලට භාරදෙනවා එයාගේ අවසන්කටයුතු කරන්න...."




" බොහොම පින් නෝනා...."




" ටිකක් ඉන්න... මේක ඔයාලගේ දුවලග තිබිලා හම්බවුනේ..."



ඩොක්ට අනුජ් පායල්ට දුන්නු පොඩි බෑග් එකක් නැතිවුන දරුවගේ අම්මට දුන්නා... ඒක පන්චායුදයක්.... ඒකත් අරගෙන ඒ අම්මයි තාත්තයි ඉදන්හිටපු තැනින් නැගිට්ටේ එතනින් එලියට යන්න...





අපි යන්නම් නෝනා..... බොහොම ස්තූතියි දුවගේ අවමගුල් චාරිත්‍ර කරන්න අපිට දුන්නට....




ඒකට ස්තූති ඕනි නෑ අම්මා.... ඔයාලත් පරිස්සමට ඉන්න....








❗️❗️❗️





දවස් තුන හතරක් ගෙවෙනකන් සාගා එයාගේ කාමරෙන් එලියට ආවේම නැති තරම්.... කවුරුහරි මරලා දාලා එහෙමත් නැත්තම් වෙඩි තියනවා වගේ දේවල් සාගා දැනගත්තොත් ඒ දවස්වලට සාගා ගෙදරින් එලියට එන්නේ නෑ...



වෙනදට මීරා සාගාට කෑම එකක් ගෙනත්දීලා යනවා... ඒත් මීරා ගමෙ ගිහින් නිසා සාගට අද එලියට යන්නම වෙනවා කෑම ගන්න....


වත්තේ තියන ටැප් එකෙන් මූන සෝදගෙන සාගා සීයේ කොල තුනකුයි පනහේ කොල දෙකකුයි අරගෙන එලියට ආවේ බොහෝ වෙලාවට කුකුල්මස් ගන්න කඩේට යන්න... මසෝයි බතුයි තමා සාගගේ ප්‍රධාන කෑමවෙලා තියෙන්නේ.....


ඉස්සරහා දොරෙන් එලියට බහිද්දිම වගේ සාගගේ කකුලට පැගුනේ ලියුමක්.... ඒ ලියුම දැකාකාම සාගගේ අත් වෙව්වලා ගියා....


කෑමගේන්න යන්න හදපු සාගා අර ලියුමත් අරගෙන දොරවහගත්තේ ගැහෙන පපුවට අර ලියුම තුරුල් කරගෙන.... ඒත් එක්කම වගේ සාගගේ ගෙදර දොරට කව්දෝ තට්ටු කරනවා... මේක මගේ අවසානයද නැත්තම් තවත් වැඩක්ද කියලා දන්නේ නැති උනත් ඕනිදේකට මූනදෙන්න හිතාගෙන සාගා දොර ඇරියා.....





" ඇයි ඔයා මාව බලන්න ආවේ නැත්තේ....."




දවස් හතරකට කලින් සාගා කඩචෝරු අරන් දුන්න පොඩි ලමයා ඒ ඇවිත් හිටියේ.....








Report Page