KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭


❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️



Part 01





" GOOD MORNING ලමයි "




" GOOD MORNING මෑම් "




" අද දවසේ අපරාධ ගැන මං ඔයාලට මගේ එක එක්ස්පීරියන්ස් එකක් ගැන කියලා දෙන්න හිතුවා. ඔයාලා ලෑස්තිද ඒ අපරාධය ගැන දැනගන්න. "




" යස් මෑම්..."




" අවුරුදු ගානකට කලින් මම අධීක්ෂණය කරපු පලවෙනි අපරාධය මේක.... "



පායල් සාගු කියන්නේ අපරාධ සම්බන්දව ඉගෙනගන්න විශ්ව විද්‍යාල ලමයින් වෙනුවෙන් දේශන පවත්වන දේශකවරියක්. ඒවගේම අවුරුදු දහ තුනක අපරාධ ගැන අධීක්ෂණය කරපු දක්ශ අපරාධ පොලිස් අධීක්කවරියක්.

පායලා සාගු අවුරුදු දහතුනකට කලින් එයා පලවෙනියටම අධීක්ෂණය කරපු අපරාධය ගැන මේ ශිෂ්‍යයින්ට කියන්න පටන් ගත්තා.






❗️අවුරුදු දහතුනකට පෙර❗️






අහට උසට හදන ගොඩනැගිලි සංකීර්ණ හරිම කාර්ය බහුලයි... කොයිතරම් කාර්ය බහුලද කියනවනම් අව්ව වැස්ස ඔය කිසිම දෙයක් ගැන සේවකයන්ට හිතන්න වෙලාවක් නෑ... දාඩියට පෙගුන ඇදුම්වලින් ඇස් පිල්ලම් අග වැටෙන්න පොරකන දාඩිය බින්දු පිහිදනවා...





" සාගා මාසේ නිවාඩුවට යනවද හෙටවත්..."




"බලමු..."




"උබ කැමති දෙයක් කරපන් මං යනවා හෙට... අදින් පස්සේ උබව හම්බවෙන්න වෙන්නේ මාසෙකින්නේ මට..."




"පරිස්සමට මිරා...."





සාගා.... ඒක ඇත්තම නම නම් නෙවේ... සාගරී කියන නම කෙටි කරලා හැදුන නමක්... දුශ්කර ගමක ඉදලා වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු සාගරීට උනේ හිතාගන්නවත් බැරි දේවල් ගොඩක්... හැගීම් එක්ක ආසාවල් එක්ක ගනුදෙනු කරන්න ගිහින් වෛද්‍ය හීනේ බොදකරගත්ත කෙල්ලෙක්...


නිවාස සංකීර්ණ හදන්න උදේ ඉදලා හවස්වෙනකන්ම මහන්සි උන සාගා ගෙදර යන්නේ නැතුව ඉස්කෝලේ ලමයි දිහා බලන් ඉන්නේ හරි ආසාවෙන්... සමහර වෙලාවට සමහර ලමයි එක්ක සුහද වෙලා ආදරෙන් කතා කරනවා...

රෑ හතට විතර ලැලිවලින් හදපු පුංචි ගේ ඇතුලට සාගා එන්නේ එලියේ තියන ලිදෙන් හොදට නාගෙන පිරිසිදු වෙලා... රෑට කෑම විදිහට ෆ්රිජ් එකේ දාලා තිබුන මස් ටික උයලා බතුත් එක්ක කනවා... සාගාගේ රෑ කෑම උනේ හැමදාටම මසුයි බතුයි...


කෑම ටිකත් හදාගෙන සාගා ටිවී එක දැම්මේ පුරුද්දක් විදිහට අනිවාර්යයෙන්ම ප්‍රවෘත්ති බලන නිසා...


දවස් තුන හතරකට කලින් ප්‍රවෘත්තිවල ගියේ අවුරුදු පහලවක ගෑනුලමයෙක් අතුරුදහන්වෙලා කියලා... මේවගේ ප්‍රවෘත්ති වලට සාගා හරිම බයයි... ඒ නිසා කෑම කනගමන්ම සාගා කෝල් කලේ මීරාට...





" කියන්න සාගා..."




" පොඩි ලමයෙක් මරලා දාලා... "




" හරි උබ ඒ ගැන හිතන්නේ නැතුව නිදාගනින්කෝ..."




" සතියක් යනකන් අර පිරිමි ඉස්කෝලේ ඉන්නේ පොඩි ලමයව බලන්න පුලුවන්ද...."




"හරි මං බලන්නම් එයා ගැන.. "




සාගා මීරගේ කෝල්එක කට් කරන්නේ නැතුව එදා උදේ වෙනකන්ම කෝල්එකේ හිටියා.. කොහොමත් අර මැරුණ ලමයා ගැන හොයන්න පොලිසියෙන් එන නිසා සාගා ඇතුලු හැමෝම හොරාට කරගෙන ගියපු මත්ද්‍රව්‍ය ජාවාරම ටික දවසකට නවත්තන්න වෙනවා...


නිවාඩු ලැබෙන මාසෙදි සාගා කරන්නේ එක එක කෑම හදලා විකුණන එක...










----------------------------------------------------------







" පායල්, ලමයෙක් අතුරුදන්වීමක් ගැන කියන්න ඇවිත්...."




"රාගව්ට කියලා පොතේ ලියන්න පැය විසිහතරක් ඇතුලත දරුවා ගෙදර නාවොත් ආපහු පොලීසියට එන්න කියන්න..."





පොලිසියේ නීතිය ඒකයි.... මනුස්සයෙක් අතුරුදහන්වීම් ගැන පොලිසියට දැනුම් දුන්නාම ඒ ගැන සලකලා බලන්න දවසක් ගන්නවා... සමහරවෙලාවට ඒකෙන් වෙන්නේ අනතුරක් සිද්දවෙන එක වෙන්නත් පුලුවන්...


ඒත් මේවගේ දෙයක් ගැන වැඩි අවදානයක් නොදෙන්න හේතුව වෙන්නෙත් මිනිස්සුම තමා... පොඩි ලමයි පැනලා යනවා... එහෙම නැත්තම් බීලා වෙරි හිදෙනකන් කෙහෙ හරි ඉන්නවා... ඔයවගේ දේවල් නිසා පොලිසියත් වැඩිපුර මේ දේවල් ගැන හොයන එක නවත්තලා තියෙන්නේ....



එදා දවසේ පොලිස්දෙපාර්ථමේන්තුවේ වැඩ ඉවරකරලා පායල් ගෙදර ආවා...

පායලා ගෙදර එද්දිම එයාගේ තිබුන නපුරු බයානක මූන අතුරුදහන්වෙලා හිනාඋන මූනෙන් තමයි ගේ ඇතුලට ආවේ.....





" අද වේලාසනින් ඇවිත්.... අනික මට කීවෙත් නෑ... ඔයා මගේ හොර අල්ලන්නද ශුබම් ආවේ.... "




" ඔයාගේ මොන හොරද පායල්... අද අභිරහස් දේවල් ගැන කලින්ම උගන්නලා මං ෆ්රී එකේ ඉන්න ආවේ..."




" ඒක හොදයි.... මං වොශ්එකක් දාගෙන එන්නම්... "





පායල් වොශ්එකක් දාගෙන එනකන් ශුබම් එයාලා දෙන්නට කන්න කෑම ලෑස්තිකලා... ශුබම් කියන්නේ පායල්ගේ ආදරවන්තයා... එකම කැම්පස්එකේ ෆැකල්ටි දෙකක හිටියට පායල් හදිස්සියේම එයාගේ හැමදේම මග දාලා අපරාධ පොලිස් පරීක්ෂක වරියක් වෙන්න තීරණය කලා... එහෙම තීරණය කරන්නත් පායල්ට ශුබම් ලොකු හේතුවක් උනා....





" මොනවද අද විස්තර..."




" අදනම් එහෙම මොකුත් නෑ ශුබම්... ඒත් මට හිතෙනවා මේ නීති සමහර ඒවා වැරදි කියලා..."




"ඕවා වෙනස් කරන්න යන්න එපා පායල්... ඒකනෙවේ ඔයාලගේ ගෙදර හුග දවසකින් ගියේ නෑනේ ගිහින් එමුද...."





"හ්ම්... යමු..."




" ඔයාට නංගිව මතක්වෙනවා නේද..."




"ඒත් අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉශ්ඨ කරන්න ඕනිනේ...."




"එයාලව මෙහෙ එක්කගෙන එමු... "




"හ්ම් එහෙම කරමු අපි... "







-------------------------------------------------------------





"මෑම් අර ඊයේ..."


"ඊයේ මොකක්ද රාගව්...."




"මෑම් අර දරුවෙක් නැති උනා කියලා කියපු දෙන්නා අද ඇවිත්...."





"යමු බලන්න..."




පායල් ගොඩක් වෙලාවට එයාගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන්න බලන කෙනෙක්... ඒ නිසා නැතිඋන දරුවා ගැන දාපු පැමිණිල්ල ගැන බලන්න ලෑස්ති උනේ....





" අම්මා කියන්න...."




"අනේ... අනේ නෝනා මගේ දරුවා පාලම ලග...."




"දරුවට මොකද වෙලා තියෙන්නේ...."




පායල් ඒ අම්මගෙන් අහද්දිම වගේ පොලිස් කණ්ඩායමක් එකපාරට පොලිසිය ඇතුලට කඩා පැන්නා...





" මොකද මේ හරක් රැල වගේ...."




" සොරි මැඩම්... පාලම ලග ලමයෙක්ගේ මල සිරුරක් තියනවා..."




ඒක අහපු පායල්ගේ ඇස් නැවතුනේ තමන් දැන් කතා කර කර හිටපු අම්මා ලග... ඒ අම්මා ඒ කියපු දේ ඇත්ත කියන්න ඔලුව හොලවපු නිසා ඒ ගැන පායල් තහවුරු කරගත්තා...




" යමු එතෙන්ට...."





පායල් වගේම අනිත් පොලිස් නිලධාරීන් එතෙන්ට ගිහින් බලද්දි ඒ සිදුවීම සාමාන්‍ය මනුස්සයෙක්ට බලන්න පුලුවන් කමක තිබුනේ නෑ... ශරීරය කෑලිවලට කපලා ඇග ඇතුලේ තියන අවයව එලියට අරගෙන... ඒක හරිම අමානුෂික ඝාතනයක්....







❗️❗️






දෙවනි කොටසින් හමුවෙමු...



● සාගා කියන්නේ කව්ද.....

● අර නැතිඋන ලමයා කව්ද.....



ඔයාලට හිතෙන දේ කියන්න.....




.

Report Page