KDU

KDU

NO PMC

රාජ්‍ය වෛද්‍ය පීඨ පාගා දමමින් මිලිටරි බලය පෙන්වන KDU


මිලිටරි ඇකඩමියක් ලෙස ආරම්භ වූ කොතලාවල ආයතනය මේ වෙනකොට ලෝකෙ කොහේවත් නැති ආකාරයේ හමුදාවෙන් පාලනය වන උපාධි විකුණන ආයතනයක් වී අවසන්. මිලිටරි අධ්‍යාපනය ලබා දීමේ මූලික අරමුනෙන් බැහැර වෙලා හමුදාව හරහා අධ්‍යාපනය විකුණන්න පටන් අරන්


දූෂණයෙන් පිරුණු KDU - KDU ආයතනය තුල සහ KDU රෝහල තුල සිදුවූ කෝටි ගණන් මුදල් වංචා සහ දූෂණ පිලිබඳ සහ එහි හිටපු උපකුලපති මිලින්ද පීරිස් ට එරෙහිව තිබු චෝදනා කිසිවක් විභාග උනේ නෑ. අමාත්‍යාංශය උපකුලපතිට ලිපියක් යවා මේ චෝදනා පිලිබඳ විමසා තිබුනා පමණයි


රාජ්‍ය වෛද්‍ය පීඨ වල සම්පත් ආක්‍රමණය - මේ වනවිටත් කොතලාවල විසින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට වෙන් කෙරුණු ශික්ෂණ රෝහල් ආක්‍රමණය කිරීමට පටන් අරන්. ඒ ඔවුන්ටම කියා ශික්ෂණ රෝහලක් තිබියදී.

ඒ වගේම දැන් සැලසුම් සකස් වෙලා තියෙන්නේ වයඹ වෛද්‍ය පීඨයේ ප්‍රධාන සායනික පුහුණුව දෙන කුරුණෑගල රෝහල ,මොරටුව වෛද්‍ය පීඨයේ නාගොඩ රෝහල , රජරට වෛද්‍ය පීඨයේ පොලොන්නරුව රෝහල් ආක්‍රමණය කරන්න. 


Z score වලට අමතරව වෙනත් සුදුසුකම් - මේ වෙනත් සුදුසුකම් මොනවාද කියල දක්වලා නෑ. මේ වෙනත් සුදුසුකම් වෙන්නෙ නිලබලය ,දේශපාලන බලය. සයිටම් හරහා රත්තරන් ගෙ දුව , රාජිත ගේ ලේලි ,සුදර්ශනිගේ දුව , දිමු ජයරත්න ගෙ ලේලි , මොහාන් ලාල් ග්‍රේරුගෙ ලේලි ඇතුලු විශාල පිරිසක් MBBS මිලට ගත්තා. ඉතින් පාර්ලිමේන්තුවේ අනිත් පිරිසටත් මේක හොඳ අවස්ථාවක් වේවි.


විරෝධතා මැද හකුලාගත් කොතලාවල පනතේ තිබූ දේවල් හොර රහසේම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් අරන්.


මේ දූෂණ වංචා කිසිවක් පිලිබඳ තොරතුරු දැනගැනීමේ පනතින් වත් පුරවැසියාට දැනගන්න බෑ. 

ජාතික ආරක්ෂාවට මුවාවී අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂණය වපුරන්නට හදන මේ උත්සහය අනාගතයේ දී රටේ අධ්‍යාපනයට මරු පහරක් එල්ල කරාවි.


හයි කැපෑසිටි බයික් වලට අනුමැතිය දුන්නම පල්හොරෙක්ගෙ පස්සෙ දුවන උන් ඉන්න රටක මේවා මෙච්චර කාලයක් හරි නොවී තිබුන එක තමා පුදුමෙ

Report Page