Journaling 📝
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•📝 Self Love Tips 03 -

💭මංතාරා ගේ "Self Love Series" එකත් එක්ක self love වලට අදාලව journaling යොදා ගන්න එක ගැන ලියන්න කියලා 'මංතාරා' කියවන කෙනෙක්ගෙන් ආදරණීය ඇරයුමක් ආවා.
💭ඇත්තටම journaling කියන්නේ self love practice එකේ ගොඩක් සාර්ථක ප්‍රතිඵල තියෙන tip එකක්. දැන් අපි බලමු කොහොමද self love journaling කරන්නේ කියලා.
......................................................................
🧚🏻♀️ ඔයාට පුලුවන් පොඩි note book එකක් හරි hard cover diary එකක් හරි මේකට යොදාගන්න. ඒ වගේ එකක් ගන්න කිවුවේ journal එකක් කියන්නෙ ටිකක් ආකර්ෂණීය ඒ වගේම කල් පවතින නිමාවක් තියෙන එකක් වෙන්න ඕනා නිසයි. ඔයා පොඩි පොඩි doodle arts වලට දක්ශ කෙනෙක් නම් journal එක ගොඩක් ලස්සන කර ගන්න පුලුවන්.
🧚🏻♀️ මීට අමතරම journal apps තියෙනවා. මං පෞද්ගලිකව ගොඩක් use කරන්නේ මේ විදිහේ apps. ඒකට හේතුව මං නිතරම photos ගන්න කැමති කෙනෙක්. ඉතිං මං journal එක ලියද්දි ඊට අදාල photo එකකුත් ඒකට attach කරනවා. App එකෙන් මේ වැඩේ මට ලේසියි. ඒ වගේම back up කරන නිසා පොතක ලියනවා වගේම පරිස්සමක් තියෙනවා.
🧚🏻♀️ කොහොම හරි පොත හෝ phone එකේ හෝ අත පොවන මානයක මේ journal එක තියා ගන්න. ඔයාට පුලුවන් දවසේ වැඩ ඉවර කරලා නිදහසේ ඉන්න වෙලාවක මේ journaling වැඩේ කරන්න. මං එහෙම කිවුවේ ඔයාගේ ඔලුව දවස තිස්සෙම වෙහෙසිලා තියෙද්දි ඒ දවසේ වුණ දේවල් ගැන හොඳටම විග්‍රහ කරගන්න නම් මනස free වෙන්න ඕනා නිසයි. ඒ වගේම මේක daily routine එකක්ම වෙන්න ඕනත් නෑ. නිදහස තියෙද්දි කරන්න කිවුවෙත් ඒකයි. දවසක් දෙකක් මගහැරුනා කියලා ඒකට වද වෙන්න එපා.
🧚🏻♀️ දැන් මේ post එකේ මං photos ටිකකින් ප්‍රශ්න වගයක් දාලා තියෙනවා. මමත් pinterest එකෙන් මට ගැලපෙනවා කියලා හිතපු ප්‍රශ්නාවලින්ගෙන් guide එකක් අරං මටම questionnaire එකක් හදන් තියෙන්නෙ. ඔයාටත් පුලුවන් එහෙම questionnaire එකක් හදාගන්න.
🧚🏻♀️ ඊළඟට මේවා ගැන ඔයාට හිතෙන ඕනම දෙයක් journal කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් මං කරන්නේ මේ ප්‍රශ්න වලට එදා දවසේ සිදුවීම් වලින් උත්තර හොයන එක. හැම ප්‍රශ්නයකටම නැති වුනත් මං උත්සහ කරනවා ඒ දේවල් ගලපන්න.
👉🏻උදාහරණය විදිහට මට කෙනෙක් මං ඇඳන් ඉන්න සාරි එක ලස්සනයි කිවුවොත් ඒක මං මට ලැබුන අගය කිරීමක් විදිහට ගන්නවා.
👉🏻වෘත්තීය මට්ටමේ වැඩක් complete කරා නම් ඒක මගේ හීන මවපු වෘත්තීයේ සාර්ථකත්වයක් විදිහට බාර ගන්නවා.
👉🏻කරපු දෙයක් වැරදුනොත් ඒක මට ඒ දේ ගැන ඉගෙන ගන්න ලැබුණ අවස්ථාවක් විදිහට හිතනවා.
👉🏻කෙනෙක් මගේ හිත රිද්දන දෙයක් කිවුවොත් හෝ කරොත් ඊළඟ පාර එයා එක්ක මං deal කරන්න ඕනා විදිහ ගැන දැනගන්න ඒක යොදා ගන්නවා.
👉🏻ගහක මලක් පිපිලා තියෙන එක, week end එකේ ආදරණීය කෙනෙක් එක්ක ගත කරන්න ලැබුන එක, toxic කෙනෙක්ගෙන් ගැලවෙන්න පුලුවන් වුණ එක වගේ පුංචිම දේවල් වල ඉඳන් ජීවිතේ හැරවුම් ලක්ශ වුණ සිදුවීම් පවා ඔයාට self love journal වලට යොදා ගන්න පුලුවන්.
🧚🏻♀️ අද දවස ගැන ලියලා ඔයාට පුලුවන් කලින් දවස් වල ඔයා ලියපු දේවල් ගැන කියවන්න. ඔයාට හිතෙයි ජීවිතේ කොයි තරම් සුන්දර විදිහට ඔයා පිලිගෙන බාර අරං තියෙනවද කියලා.
🧚🏻♀️ අකමැති, දුක්බර සිදුවීම් වලට තවත් ඔයා වටිනාකමක් දීලා නෑ. ඔයාව වට්ටන්න, බිඳවන්න, හිත් රිදවන්න හදපු හදන අයට ඔයාගේ self love journal එකේ ඉඩක් නෑ. සැප දුක සමබර වීමේ නියතය තුළ ඔයා දුක වෙනුවට තෝරගෙන තියෙන්නේ සැප එහෙම නැත්නම් සතුට කියන එක ඔයාට දැනේවි.
🧚🏻♀️ ඒ වගේම මේක තමන්ටම අවංක වීමක්. වැරදීම් පවා පිලිගෙන ඒ තුළින් ඔයාට ගත යුත්ත පමණක් තෝරගන්න අවස්ථාවක්. තමන්ගේ ජීවිතේ ගැන විචාරයක්. තමන්ට තමන්ව තේරුම් ගන්න හොඳ පිළියමක්.
🧚🏻♀️ මං නිතරම කියන දෙයක් තමයි ඔයා ගැන අනිත් කෙනා හිතන දෙයට වඩා වැදගත් ඔයා ගැන ඔයා හිතන විදිහයි. ඒ නිසා තමන්ටම ආදරය කරන්න, තමන්ටම වටිනාකම් දෙන්න මේ journaling කරන එක පුද්ගලිකව මටත් හයියක් වුණා.
🧚🏻♀️ හිත රිදුණ දවසක, flat වෙලා ඉන්න දවසක ඒ journal එක බලන්න, කියවන්න. ඔයා තේරුම් ගනිවී ඔයාගේ ජීවිතේ මගදි අත් හරින්න බැරි, වෛර කරන්න බැරි, ආදරේ නොකර ඉන්න බැරි තරම් වටින ජීවිතයක් කියලා.
✍🏻 මංතාරා 💫 post no. 61
(කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න)


